ඔබගේ දත්ත ජීවිතය වඩාත් උත්කෂවත් කරන්නට නිෂ්පාදකයින් අතර ඇත්තේ ඉමහත් තරගයකි. වේගවත් , පහසු මෙන්ම වඩාත් ප්‍රායෝගික ලෙසට තොරතුරු ලෝකය වෙතට පිවිසීමේ දොරටුව තමන් සතු බව සනාත කරන්නට ඔවුන් නිරන්තරයෙන් මෘදුකාංග ආකාරයට මෙන්ම මෘදුකාංග ආකාරයට තරග වදිමින් සිටිනු දැකිය හැකිය. Android Ware එම තරගට මැතකදී එක්වූ නවතම සගයෙකි. ගූගල් ආයතනය ලගදී නිකුත්කල වීඩියෝවක් ඔස්සේ තම ඉදිරිපත්කිරීම ගැන විස්තර කරමින් පවසන්නේ ස්මාර්ට් දුරකථනයකට වඩා තම Android Ware සමග එන ස්මාර්ට් ඔරලෝසුව භාවිතාකරන්නා වෙතට හැම අතින්ම ඉදිරියෙන් බව. තොරතුරු අවශ්‍යතාවයකදී භාවිතාකරන්නෙකු තම ස්මාර්ට් දුරකතනය වෙතට පිවිසීමග හා එය හැසිරවීමට ගන්නා කාලය සැලකීමේදී Android Ware සමග භාවිතාකරන්නෙකුට වාචිකව එය මෙහෙයවීමේ හැකියාව , ශ්‍රව්‍ය ආකාරයට එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව , ඇප් අයිකනයන් රාශියක් ඇති දුරකථන උහුනත මෙන් නොව වෙන් වෙන්ව ඇප්ලිකේෂනයන් සදහාවන මුහුනත් සමග කටයුතු කිරීමේ හැකියාව ආදිය සමග මෙන්ම Notifications සමග පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාවත් දක්ව සිටිනවා. මීට අමතරව වන බොහෝ පහසුකම් සමග පැමිනෙන Android Ware පිලිබදව වැඩි දුර තොරතුරු Google I/O 2014 වලදී හෙලිවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2014-06-20
iwatch පැමිනීම ඔක්තොබරයේ සිදුවේවි...
ඇපල් ඇතින් පැමිනෙන්නට නියමිත iWatch පිලිබදව මෑත කාලාන්තරයක සිට කථාබහට ලක් වෙමින් තිබේ. පලවන නවතම තොරතුරු හෙලි කරසිටින්නේ 2.5 inchක දර්ශන මුහුනතක් සමග wireless charging පහසුව මෙන්ම touch friendly නිමැවුමකින් එය මෙම වසරේ ඔක්තෝබරය වන විට නිකුත්වන්නට සැලසුම් වෙමින් ඇති බවකි. තායිවාන Quanta Computer ආයතනයේදී ජූලිමාසය වන විට නිෂ්පාදනය ඇරබීමට සැලසුම්ව ඇති මෙහි පලමු වසර සදහා මිලියන 50ක් නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවකි. LG වෙතින් නිමවන screenය මද හැඩැති බවකින් හා සංවේදක කිහිපයකින් සමන්විතව පැමිනෙන මෙම උපකරනය සමග භාවිතාකරන්නාගේ pulse මිනිය හැකි සංවේදකයකින්ද සම්න්විත වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
iOS සංස්කරනයකින් ක්‍රියාත්මක වන මෙය iPhones හා iPads සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙන අතර පෙර නිකුත්ව ඇති ස්මාර්ට් watch සමග සැලකීමේදී වඩාත් අපූරු අත්දැකීමක් මෙන්ම භාවිතාකරන්නන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා නිකුතුවක් වීමේ බලාපොරොත්තුව ආයතනය දෙසින් මේ වන විටත් පලව ඇති බවයි දැක්වෙන්නේ.
physical keyboards සමග එන BlackBerry ස්මාර්ට් දුරකථන දෙකක්...
ආයතනයේ වාර්ෂික හමුවකදී BlackBerry CEO වරයා පැමිනෙන්නට නියමිත ස්මාර්ට් දුරකථන දෙකක් මාධ්‍ය වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ඉදිරිපත්කිරීමේ විශේෂත්වය වන්නේ ඒවා සාම්ප්‍රධායික කීබෝඩ්ස් වලින් සමන්විතව තිබීමය. ගෙවී ගිය මෑතකාලය සැලකීමේදී BlackBerry ආයතනය ස්මාර්ට් දුරකථන වෙළඳ පොලතුල දැඩි අර්බුදයකට මුහුන දෙමින් ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් මූලික දුරකථන රැල්ලට මෙන්ම iPhone ඉදිරියේ තම කීර්තිමත් අතීතය රැක ගන්නට ප්‍රබල සටනක නිරත වන්නට සිදුව තිබෙනවා. ආයතනයේ CEO වරයා වන John Chen මහත එහිදී පවසා සිටියේ තවමත් භාවිතාකරන්නන් අතර ස්මාර්ට් දුරකථනය සමග පැමිනෙන physical keyboards සදහා කැමැත්තක් ඇති බවට තමන් විස්වාස කරන බවටයි. BlackBerry Passport හා Classic ලෙසට නම්ව පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් 2015ට පමන සැලසුම්ව ඇති බවටයි දැනට ප්‍රකාශ වන්නේ.
2014-06-19
ජංගම දුරකථනය charge කර දෙන ට්රවුසරයක(trousers) පැමිනීම
එලබෙන අනාගතයේ වයර්ලස් ආකාරයට ඔබගේ ජංගම දුරකථනය charge කර දෙන ට්රවුසරයක(trousers) පැමිනීම මේ වන විට Micrasoft ප්‍රමුකව අවධානය යොමු වෙමින් ඇති කාරනාවක් ලෙසට සඳහන් වනවා. බ්‍රිතාන්‍ය සැලසුම් කරුවෙකු වන Adrien Sauvage සමග එම ආයතනය මේ වන විට එහි මුල් සැලසුම් පිලිබදව සලකා බලමින් ඇති බවටයි වාර්ථා වන්නේ. පලවන නවතම වාර්ථා පවසන්නේ මෙහි පලමු නිකුතුවක් එලබෙන London fashion show වලදී ඉදිරිපත්වීමට නියමිත බවයි. ඉදිරි පස pocketටුවක රදවනු ලබන DC-50 wireless charging plate ඔස්සේ මෙම බලගැන්වීම සිදුවන පරිද්දෙන් මෙය නිර්මානය වී ඇති අතර එම උපාංග සහය දක්වන උපකරනයක් මෙම pocketටුව තුල රදෑවූ විට ස්වංක්‍රීයව charge කිරීම ඇරබෙනු ඇති බවයි. එම DC-50 charging plate වෙතට බලය ලබා දීම(recharged) සදහා standard microUSB කෙබලයක් ආශ්‍රිතව කල හැකි වන ලෙසට සැකසෙනු ඇති බවයි. මොස්තර කලාව හා තොරතුරු තාක්ශනය එකි නෙක මුසුවීමේ මෙම නව ප්රවනතාවය වඩාත් ධනාත්මක ලෙසට දකින විචාරකයින් පවසන්නේ එල බෙන අනාගතයේ තොරතුරු ලෝකය වඩවඩාත් දෛනික ජීවිතය මතට තුනීවීම පිලිබද තවත් අපූර්ව පෙර නිමිත්තක් බවයි.
XP තවමත් සැලකිය යුතු භාවිතාවක. Bitdefender පවසයි.
Windows XP වෙතට Microsoft සමාගම නිල ලෙසට සමුදී දෙමසක් ගත වෙමින් තිබුනද හදාරන්නන් පවසන්නේ තවමත් සුලු හා මධ්‍ය පරිමානයේ ව්‍යාපාර තුල XP භාවිතය 19% ක තරම් ඉහල අගයක තිබෙන බව නව හෑදෑරීම් වාර්ථා වලින් හෙලි වෙමින් ඇති බවයි. 2001 දී සිදුවූ නිකුතුවක් වන XP සදහා සමු දෙන විටත් තිබූ අධික භාවිතාව සලකමින් සතියකට පසුවත් හඳුනා ගෙන තිබූ දුර්වලතාවයක් සදහා පිලිසකර යාවත්කාලීන නිකුතුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. Bitdefender වෙතින් නිකුත් වන මෙම වාර්ථාවට අනූව එම පෙර සැකසුම් දුර්වලතාවය (zero-day vulnerability) ඉලක්ක කොට ගෙන කල පිලිසකර නිකුතුව තවදුරටත් XP භාවිතාවට බලාපොරොත්තුවක් බවට පත්ව ඇති මුත් මයික්‍රසොෆ්ට් වෙතින් ඉදිරියේදී එවැනි බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවටයි නිවේදනය වන්නේ. පසුගිය දිනවල ජනංප්‍රිය පුවතක් වූ XP වල registry මත කරන Tweak කිරීමක් ඔස්සේ තව දුරටත් XP වෙතට යාවත්කාලීන ලබා ගන්නට හැකිවන බවට වූ මතයද ඔවුන් එහිදී සදහන් කර සිටිනවා. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් වෙති පලවූ නිවේදනයක් පැහැදිලි කොට තිබුනේ මෙම පියවර අනතුරුදායක විය හැකි බවයි. එම ආයතනය මෙම හැදෑරීම සදහා ලොව පුරා ආයතන 5000ක් යොද ගෙන තිබූ අතර ඉන් 18.7% කම XP භාවිතාවෙමින් ඇති බවට හදුනාගත් අතර 53.4%ක 7 Professional සංස්කරනය භාවිතාවෙමින් ඇති බවට හදුනාගෙන තිබුනා. මෙම සංස්කරනය සදහා 2020 දක්වා මයික්‍රසොෆ්ට් වෙතින් යාවත්කාලීන ලැබීමට නියමිත අතර ඉතා සුලු ආයතන සංක්‍යාවක් පමනක් Windows 8.1 භාවිතාවට පැමින ඇති බවට හෙලිකර ගෙන තිබෙනවා. Bitdefende ආයතනය තම ආරක්ශක මෘදුකාංග ඔස්සෙ windows XP වෙතට සහය දැක්වීම 2016 දක්වා සිදුකරන්නට නියමිත බවටයි මේ වන විට නිවේදනය වන්නේ.
2014-06-17
පරිසර හිතැති ප්‍රතිචක්‍රීය කල හැකි පරිපත පුවරු....
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැටලුව කෙමෙන් තීව්ර වෙමින් පවතින්නකි. වේගයෙන් වැඩි වෙමින් ඇති නව මෝස්තරයන්ගේ උපාංග පැමිනීම මෙන්ම එක් පුද්ගලයෙකු උපකරන එකකට වඩා භාවිතාවට පිවිසීම මෙන්ම පුද්ගල මැදිහත්වීමෙන් තොර අන්යඔන්යව කටයුතු කරන තොරතුරු සබදතා භාවිතාවන් සමග වෙගයෙන් දෙගුන තෙගුන වීමට නියමිත උපාංග සමග මෙම ගැටලුව තවදුරටත් කිසිසේත්ම පරිසරයට දරා ගත නොහැකිවීමේ අවධානම මේ වන විට හදාරන්නන්ගේ දැඩි කථා බහකට ලක්ව තිබේ. බ්‍රිත්‍යාන ආයතනයන් කිහිපයක් එකව පවසන්නේ තමන් මෙම ගැටලුවට තරමක විසදුමක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. එනම් මෙම ඉලෙක්ට්‍රොනික කසල ගැටලුවේ ප්‍රධාන සාධකය වන පරිපත පුවරු සදහා 90%ක්ම ප්රථිචක්ක්රීය කල හැකි පුවරු විසදුමක් සදහා තමන් සූදානම් බවකි. Re USE ලෙසට නම් වන මෙම තාක්ශනික විසදුම ඔස්සේ නිපද වන පුවරුවක් පහසුවෙන් දැඩි උනුසුම් ජලය ඔස්සේ එහි මතුපිට ගල්වා ඇති ආරක්ශිත ආවරනය ඉවත්වීමත් සමග ප්‍රතිචක්‍රීය හිතැති thermoplastic කොටස නිරාවරනය කර ගත හැකි බවටයි එහි නිපැයුම් කරුවන් පහදා දෙන්නේ. තවමත් ප්‍රධාන පෙලේ නිපැවුම් කරුවන්ගේ අවධානයට යොමු නොවී තිබුනද මෙම තාක්ශනය නුදුරු අනාගතයේදීම භාවිතවට පැමිනීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවටයි වාර්ථා වන්නේ.
windows 7 සමග IE11 භාවිතාවේදී අප්‍රේල් යාවත්කාලීනය අනිවාර්යය..
Microsoft සමාගම නිවේදනය කර සිටියේ තම වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය ස,අග Internet Explorer 11 (IE11) භාවිතාකරන්නන් සදහා ඉදිරි යාවත්කාලීන නොකඩව ලබා ගන්නට නම් April update ලබා ගෙන තිබීම අනිවාර්ය වනු ඇති බවකි. මෙය Microsoft ආයතනය මීට පෙර නිවේදනය කල පරිදි windows 8 සදහා ඉදිරි යාවත්කාලීන ලබා ගන්නට නම් june 10 සිට මාසයක් තුල Windows 8.1 වෙතට යාවත්කාලීන වීම අනිවාර්ය වීමට සමාන කාරනාවක් ලෙසටයි දැක්වෙන්නේ. එසේ යාවත්කාලීන නොවීම තුල අහිමිවන යාවත්කාලීන අතර security මෙන්ම non-security updates ද වනු ඇති බවටයි නිවේදනය කෙරෙන්නේ. මේ අනූව windows 7 සදහා අප්‍රේල් මාසයේ නිකුත්වූ MS14-018 යාවත්කාලීනය ලබා ගැනීම ඉන් පසුව වන සියලු ආකාරයේ යාවත්කාලින සදහා තීරනාත්මක වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
පහදෙන්නන්ගේ බහුල ඉලක්කයක් වන බ්‍රවුසර මෘදුකාංගය නිතරම වඩාත් යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වන අතර එසේ කිරීම බ්‍රවුසර මෘදුකාංගය ඔස්සේ මෙන්ම වෙබ් අඩවි ඔස්සේ පරිගණකය වෙතට පැමිනිය හැකි මෘදු අනතුරු වලකා ගැනිම සදහා ඉතා වැදගත්වනු ඇති බවටයි පිලි ගැනෙන්නේ.
2014-06-10
තොරතුරු තාක්ශනය හා අපි....
තොරතුරු තාක්ශනය කියන්නේ තවත් එක් තාක්ශනයක් අපේ ජීවිත වටා තියෙන කියලා කෙනෙක් කියන එකට අපට විරුද්ද වෙන්න බැහැ තමයි. හැබැයි අමතක කරන්න එපා අප වටා තියෙන බොහෝ තාක්ශනයන් එක්ක සැලකීමේදී තොරතුරු අවකාශය අපේ ජීවිතවල විශාල වපසරියක ක්‍රියාත්මක වීමේ හැකියාව රැගෙන විත් තියෙන බව. ඒක ඔබගේ වෘතීය ජීවිතය ඉක්මවා ගිහින් බොහෝ දුරක් පැමින තියෙන බව අපට පිලිගන්නට වෙනවා. ඔබගේ විනෝද ජීවිතය සමාජ ජීවිතය විතරක් නෙමේ සෞකය ජීවිතයත් සමග බොහෝ සමීපව කටයුතු කරන්නට ඒකට අවශ්‍ය වෙලා තියෙනවා විතරක් නෙමේ ඒසේ හැකිබවට ඔප්පු කරමින්ද සිටිනවා. මම හිතනවා මේ ලංකාවේදී කෙනෙකුට අපහාස කරන්නට නැතිනම් කාන්තාවකගේ ඇදුමක් හුලගට යන්තම් එහෙමෙහෙ වෙනකන් බලා ඉදල ගන්න ඡායාරුවක් පල කරන්න වගේ නැතිනම් ලෝකයේ බහුල භාවිතාවක් වගේම බහුල ප්‍රයෝජන ගැනීමක් තියෙන සමාජ ජාලා වගේ ඒවා අඩු වටිනාකම් තියෙන ඒවාට පාවිච්චිකරලා පස්සේ බැන බැන ඉන්නවට වඩා දේවල් වලට වඩා බොහෝම අඩුවෙන් පාවිච්චි වෙන්නේ මේ තාක්ශනයේ වරදකට වඩා ලාංකික ජීවිත වල වරදක් නිසා කියලා. ගනනින් දෙදහස් පන්සීය තුන්දාහ වගේ ගනන් කිව්වට...
2014-06-04
ආසාධිත පරිගණක පාලනය සදහා ISP වෙත අවධාරනය කෙරේ!!!
ආසාධිත පරිගණකයක් ජාල ගතවීම අදාල පරිගණකය පිලිබදව ගැටලුවක් පමනක්ම නොවේය යන්න පිලිගැනීමකි. එය ඔස්සේ එම ආසාධනය විවිධ වූ ආකාරයට අනෙකුත් පරිගණක කරා ගමන් කිරීම ඉන් අනතුරුව ඇරබෙන්නට ඇත්තේ මහත් ඉඩ කඩකි. විටක දැනුවත්ව හෝ තවත් විටක ඔවුන් නොදැනුවත්ව එසේම විටක එම හිමි කරුවන්ගේ නොසැලකිල්ල ඔස්සේ පහසුවෙන් එම පරිගණකය සම්බන්ද වන අනෙකුත් පරිගණක කරා එම ආසාධනයන් පැතිරීම තවදුරටත් සාමන්‍ය ලෙසට නොසලකා හැරිය හැකි කටයුත්තක් නොවේය යන්න හදාරන්නන්ගේ යෝජනාවක් වෙමින් තිබෙනවා. එහිදී ඔවුන් යෝජනා කර සිටින්නේ ISP වරුන් හරහා එම ආසාධිත පරිගණක සීමිත අන්තර්ජාල භාවිතාවකට සීමා කර අදාල ISP සමග සම්බන්දවී එම ආසාධිත බවින් ගැල වෙන්නට කටයුතු කරන්නට පෙලබවීම අත්‍යවශ්‍ය වෙමින් ඇති බවකි. බහුල වෙමින් ඇති botnets ඔස්සේ ලොව පුරා විශාල පරිගණක සංක්‍යාවක් ආසාධනය වී ඇති අතර එවා ඔස්සේ මෙම සයිබර් අපරාධ කරුවන්ට පහසුවෙන් තවත් පරිගණක ගොදුරුකර ගන්නට අවස්ථාව ලැබීම පාලනය කිරීම සදහා මෙවන් පියවරක අවශ්‍යතාවය ඔවුන් අවදාරනය කර සිටිනවා.
2014-06-02
Apple හි WWDC 2014 ඇරබීමට සූදානම්. iPhone සදහා නව intelligent case එකක් නිකුතුවට තව සමාගමක් සූදානමින්!!!
ලොව තොරතුරු තක්ශනය හා කටයුතු කරන ප්‍රධානතම ආයතනයක් ලෙසට ගැනෙන Apple ආයතනයේ 2014 වාර්ෂික සංවර්ධකයන්ගේ හමුව මේ වන විට ඇර බෙන්නට ඇත්තේ සුලු කාලයක් පමනී. මෙවර Apple හි WWDC 2014 හමුව දෙසට හදාරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති අතර ඔවුන්ගේ වැඩි බලාපොරොත්තුවක් තබා ඇත්තේ මෘදුකාංගමය වෙනස්කම් අතින් මෙම මෙවර හමුව වඩාත් කැපී පෙනෙනු ඇති බවයි. බොහෝ නව යාවත්කාලීන ප්‍රමානයක් සමග Apple ආයතනය OS X සමග මෙන්ම iOS තුලට වඩාත් සිත්ගන්නා සුලු වෙනස් කම් රාශියක් රැගෙන එනු ඇති බවටයි අනාවැකි පල වෙමින් ඇත්තේ.
නොනිල ලෙසට දැනට පලවන තොරතුරු හෙලිකර සිටින්නේ Mac OS X සදහා නව flat ආකාරයේ පෙනුමක් පැමිනෙන්නට නියමිත අතර නව OS X හා iOS අතර පෙනුමෙහි වඩාත් සමාන බවක් ගන්නා බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. එහිදී OS X සදහ නව dock, Control Centre හා notifications pane එකක් පැමිනීම බලාපොරොත්තු වෙනවා.මේ අතර යූක්ක්‍රේනය මූලික සමාගමක් විසින් i phone සදහා intelligent case එකක් නිකුතුවට සුදානම් බවට ප්රකාශවන අතර එහිදී දුරකථනය වෙතට ඇමතුමක් හෝ Text පනිවිඬයක් පැමිනෙන්නට පෙරම ඒ පිලිබදව භාවිතාකරන්නා වෙතට දැනුම්දීමක් සිදුවන ආකාරයට එය ක්‍රියාත්මක බවටයි සදහන් කරන්නේ. මෙම දුරකථන කවරයේ පිටුපස මුහුනත ඔස්සේ සිදුවන මෙම icon lights දැල්වීමෙන් කෙරෙන දැනුම් දීම සදහා දුරකථනය තම ජාලය සමග වන සබදතාවය ඔස්සේ වන excess energy වලින් මෙම ක්‍රියාත්මක වීමට හැකිවන ලෙසට එය නිමා ඇති බවටයි එම ආයතනය පවසන්නේ. තවමත් මෙම පහසුව iPhone 5, 5S හා 5C සදහා පමනක් සූදානම්ව පැමිනෙන්නට නියමිත මුත් ඉදිරියේදී වැඩි පහසුකම් සමග වැඩි සංස්කරන ප්‍රමානයක් සමග ක්‍රියාත්මක වන්නට සූදානම්ව නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවටයි එම ආයතනය පවසන්නේ.
සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(7)
ලොකු ස්වාමීන්වහන්සේ ඒ ප්‍රදේශයට පමනක් නොවේ සබදතා ඇති සියල්ලන්ටම ජීවිතයේ වැදගත්ම අවස්ථාවලදී සහයට එන සර්වරයක් වගේ.. ප්‍රථම ගමනින් පසු වරක් සරසවි මිතුරෙකු සමග සුහද කථා බහකදී මාහට කියවූවේ අහම්බෙනි. නිදහස් මනසක් ඇත්තෙක්වු ඔහු එයට සිනාසුනේ වත් එකගවුවේවත් නැත. තොරතුරු සකසන්නට හා සංනිවේදනයට තවමත් සිලිකන් මූලික ප්‍රාථමික තාක්ශනයක් භාවිතාකරන අපිට ඒක විහිලුවක් වගේ දැනුනට ද්වාකාර අර්ථ සහිත බිට්ටුවක් මත සීමිත සංනිවේදනයක් මත යැපෙන අපිට සිහිනයක් වගේ දැනුනට දියුනු කරන මනසකට තවත් මනසක් සමග පහසුවෙන් සම්බන්ද වන්න වගේම එක් නිමේශයකින් අපමන තොරතුරු සංක්‍යාවක් යවන්න පුලුවන් බව මම ඔහු වෙතට යෝජනා කර සිටියෙමි. සමහර විට... තවමත් තම මධ්‍යස්ත බව රැකෙන ආකාරයට ඔහු පිලිතුරු දුන්නාය. කොහොමටත් ඔබගේ ඉලග නිවාඩුවට යොදාගෙන තියෙන ආශ්‍රම ගමනින් පසුව ලොකයේ කෙහේ හිටියත් මාව අමතන්න අමතක කරන්න එපා.. කියමින් ඔහුකල සමු ගැනීම ආශ්‍රමය වෙතට නැවත ඉක්මනින් පැමිනෙන්නට කවදත් වන සියුම් බැදීම වඩාත් දැඩි කලාය..
ක්රමානුකූල ස්වවාභාවික වර්ධනය ඔස්සේ හෝ කිසියම් බාහිර සහයක් ඔස්සේ දියුනුවුනු මිනිස් මනස සතු අපමන ශක්ති හැකියා වෙන් ඉතාම අල්ප ප්‍රමානයක් පමනක් අප දෛනික ජීවිත්යේ භාවිතාකරමින් සිටින බව වසර ගනනාවක් තිස්සේ විද්වතුන් යෝජනා කරමින් සිටින බව හා ඒ මතයන් ඔවුන් ගෙනෙන්නේ හුදු හිතලූන් මතම නොව බොහෝ ආකාරයට ඔප්පු වී ඇති සාධක මත බවට වරක් ඔහු කල ප්‍රසිද්ධ සටහනක් මගේ මතකයට නැගේ. විද්‍යාත්මකව පමනක් නොව සංස්කෘතිකව මෙන්ම ආගමිකව පලව ඇති කාරනා බොහොමයක් ඔස්සේ එහිදී තම මතය ඔප්පු කරන්නට ඔහු උත්සාහ කර තිබිනි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...









