2013-10-02

වින්95 සමග පැමිනි "Hover" ක්‍රීඩාව නව බ්‍රවුසර සදහා නැවත පැමිනීම!!!!!

  ඒ වර්ෂ 1995 යි. වින්ඩොස් සමාගම වින්ඩෝස් 95 නමින් තීර්නාත්මක වෙනසක් සමග නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියන් හදුනවා දෙන්නට කටයුතු කල වර්ෂයයි.මෙම හදුන්වාදීමත් සමග එම ආයතනය "Hover" නමින් පරිගණක ක්‍රීඩාවක්ද ඔවුන් නිකුත් කල CD-ROM සමග ලබා දෙන්නට කටයුතු කරනු ලදී. විදයාතම පදනමක් මත ගොඩ නගන ලද පරිගණක ක්‍රීඩාවක් වූ එය තමන් ගේ නවතම බ්‍රවුසරය වූ  ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 බ්‍රවුසරය සමග ක්‍රියාකල හැකි ආකාරයේ දියුනු කිරීම් සමග නැවත ගෙනෙන්නට මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම ක්‍රියා කරමින් සිටින බවට නවතම පුවතක් පවසන්නේ. එම දියුනු කිරීම් අතර ත්‍රිමානීය බව, එකවර කිහිපදෙනෙකුට ක්‍රිඩා කරන්නට හැකිබව  මෙන්ම ස්පර්ශක තිර මිත්‍ර නවීනතම ටැබ්ලට් උපකරන සමග ක්‍රියාත්මක කරන්නට හැකිවීම ඇතුලු ලත්ව පැමිනෙන මෙම නව සංස්කරනය සමග පැරනි ක්‍රිඩාව එලසම අත්විදින්නට භාවිතාකරන්නා හට හැකි වනු ඇති බවටයි එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ.
http://hover.ie/

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 භාවිතය ඉහලට....

  වෙබ් බ්‍රවුසරයන් වල සැප්තැම්බර මාසයේ භාවිතාව ගැන පලවන වාර්ථාවක් පවසන්නේ Internet Explorer 10 සංස්කරනය භාවිතාව තුල  වේගවත් වර්ධයක් අත්පත් කරගනිමින් ප්‍රථ ස්ථනයට ආසන්නයට පැමිනෙමින් ඇති බවකි. පසුගිය අගෝස්තු වල භාවිතාව සටහන් වූවේ 18.65% ලෙසට වන අතර සැප්තැම්බරය වන විට  19.43% ලෙසිනි. කෙසේ වෙතත් IE8 වල භාවිතාවේ ප්‍රමුක බ්‍රවුසරය ලෙසට වන ස්ථාවරය තවමත් එලසම පවතින අතර එය අගෝස්තු මාසයේ සටහන් වූවේ 21.65% ලෙසට වන අතර එය සැප්තැම්බර මාසයේදී 21.41% ලෙසට වන භාවිතයේ පසු බැසීමක් සටහන් වන බවටයි එම වාර්ථාව පවසන්නේ. ක්‍රෝම් 29 සංස්කරනය 12.97% ලෙසට සටහන් වෙමින් තෙවන තැනත් 11.55% වාර්ථා වෙමින් ෆයර් ෆොක්ස් 23 හතරවන තැනට පත්ව ඇති අතර  IE9 පස්වන මට්ටමේ භාවිතාවක් ඇති බ්‍රවුසරය ලෙසට පැමිනෙන්නේ 9.44% භාවිතාවක් ලබමිනි.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 තවමත් පෙර සංස්කරන මට්ටමේ නිකුතුවක් ලෙසට වින්ඩෝස් 8.1 සමග හා වින්ඩෝස් 7 සමග භාවිතයට පැමින ඇති අතර එය 0.91% ක සුලු භාවිතාවක් ලෙසට සටහන් වන මුත් ඔක්තෝබර  18 සිදුවන වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග වේගයෙන් භාවිතාවට පුලුසෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

වින්ඩෝස් 8.1 පෙර අලවිය ඇරබේ......

  මයික්‍රසොෆ්ට් සමාගමේ නිකුත්ව ඇති අවසාන සංස්කරනය සදහා නිකුත්වන මෙගා මට්ටමේ යාවත්කාලීන සංස්කරනය වින්ඩෝස් 8.1 මේ වන විට පෙර සංස්කරනයක් ලෙසට නිකුත්ව තිබෙනවා. වින්ඩෝස් 8 සමග භාවිතාකරන්නන්ගෙන් නැගුන ප්‍රධන තම චෝදනා දෙකක් වන Start බටනය හා පරිගණකය ආරම්භයේදී කෙලින්ම සුපුරුදු ඩෙස් ටොප් app එකවෙත පැමිනීමේ හැකියාව ඇතුලු හඳුනාගත් දුර්ව්ලතා බොහොමයක් සදහා දියුනු කිරීම් සහිතව පැමිනෙන නව සංස්කරනයේ අවසන නිකුතුව ඔක්තෝබර් 18 දිනට මේ වන විට නියමිතව තිබෙනවා.
                                Steve Ballmer මූලිකත්වයෙන් සිදුවූ " refined blend" ලෙසින් නම් කෙරෙන මෙම නිකුතුව මයික්‍රසොෆ්ට් සමාගමේ නව සම්ප්‍රධායක් වනු ඇති බවට සැලවෙන වාර්ෂිකව මෙගා මට්ටමේ යාවත්කාලීන නිකුතුවේ පලමු වැන්න වනවා. මෙම නව සම්ප්‍රධාය  වින්ඩෝස් වලට මෙන්ම වින්ඩෝස් phone මෙහෙයුම් පද්ධතිසදහාද අදාල වනු ඇති බවටයි පැවසෙන්නේ.අද මයික්‍රසොෆ්ට් සමාගම  තම අඩවිය ඔස්සේ වින්ඩෝස් 8.1 සදහා පෙර ඇනවුම් ගැනීම අරබා තිබෙනවා. දැනට වින්ඩෝස් 8  භාවිතාකරන්නන් සදහා ඔක්තෝබර 17 දායින් පසුව නොමිලේ ලබාගන්නට හැකිවම මෙම නව සංස්කරනය නව භාවිතාකරන්නන් (core)  සදහා ඩොලර් 119.99 ක් හා ප්‍රෝ සංස්කරනයඩොලර් 199.19 වන ලෙසට මිලැතිව මයික්‍රසොෆ්ට් වෙබ් අඩවිය ඔස්සේ පෙර අලවිය සදහා සූදානම්ව තිබෙනවා.

බිල් ගේට්ස් නැවත පැමිනිය යුතුය.-මයික්‍රසොෆ්ට් ප්‍රධාන පෙලේ ආයෝජකයන් තිදෙනෙක්-

  බිල් ගේට්ස් යනු මයික්‍රසොෆ්ට් ආයතනයේ ආරම්භක ප්‍රමුකයෙකි. මේ වන විට මෙතුමා මාසිකව දින එකක් හෝ දෙකක් පමනක් මයික්‍රසොෆ්ට් ආයතනය හා ගැවසෙන ආයතනයේ දෛනික  කටයුතුවලින් බැහැරව සිටින්නෙකි. තම බිරිඳ හා එකව ක්‍රියාත්මක වන සුබසාධක කටයුතු සදහා ප්‍රමුකතාවය දී ඇති මෙතුමා 2008 වසරේ සිට එම කටයුතු වල නිරතව සිටී.  තමන් සතු මයික්‍රසොෆ්ට් ආයතනයේ කොටස් මිලියන 80ක් බැගින් අලවිකරන මෙතුමා 2018 වන විට තමන් සතු මයික්‍රසොෆ්ට් සියලුම කොටස් අවසන් කොට එම ආයතනය හා සම්බන්දයන් නැති අයෙකු බවට පත්වීමේ සැලසුමක සිටින බවත් වාර්ථා පවසයි.
                  ආයතනයේ මීලග CEO තනතුර පිලිබදව  අවධානය දැඩි ලෙස ඉස්මතුව ඇති මෙම අවදියෙහි ආයතනයේ ප්‍රධාන පෙලේ කොටස් හිමියන් තිදෙනෙකුගේ යෝජනාවක් වන්නේ යලිත් බිල් ගේට්ස් මහතා එම තනතුරට පැමිනිය යුතු බවකි. දැනට ආයතනයේ ප්‍රධාන විධායක ධූරය දරන Steve Ballme මහතාගේ සමුගැනීම සදහා පසුගිය කාලයේ සිට වසරක තුලට දින නියමව තිබියදී ඉස්මතුවෙමින් ඇති මෙම අදහස පසු පස සිටින ප්‍රධාන ආයෝජකයන් පිලිබදව තවමත් තොරතුරු හෙලිව නැති බවටයි වාර්ථා වන්නේ.කෙසේ වෙතත් තවමත් මෙම පුවත පසුවන්නේ තහවුරු නොවුනු මට්ටමේය.




ගූගල් ක්‍රෝම් වල 30 වන සංස්කරනය නිකුත්වේ!!!!

ඔබේ පරිගණකයේ භාවිතාවන බ්‍රවුසරය යනු වැදගත්ම මෘදුකාංග වලින් එකක් වන්නේ බොහෝ විට වැඩි කාලයක් විවෘතව තිබෙන මෘදුකාංගයක් වන්නා සේම  chat, email, shop, bank,  news,   videos ආදී වන බොහෝ දෑ සමග එය භාවිතාවන බැවිනි. භාවිතාකරන්නෙකුගේ දෙසින් බැලීමේදී IE ආර්බුදකාරී භවිතාවක් ඇති පසුබිමක වඩාත් ආරක්ශාකාරී බ්‍රවුසරයක් තොරා ගැනීම වැදගත්වේ. ගූගල් ආයතනය පවසන්නේ තම ක්‍රෝම් බ්‍රවුසරයේ 30 වන සංස්කරනය මේ වන විට නිකුත්ව ඇති බවයි.එම ආයතනය පවස්න්නේ වඩාත් වේගවත් , ආරක්ශිත මෙන්ම පහසු අන්තර්ජාල සැරියකට තම බ්‍රවුසරය වඩාත් සූදානම්ව පැමින ඇති බවයි.වඩාත්ම නවීනතම javascript engine (V8) පැමින ඇති නව සංස්කරනය automatic full-page translation  මෙන්ම දහස් ගනනක් වන  apps, extensions, and themes සමග භාවිතාකරන්නාට වඩාත් නම්‍යව තම අවශ්‍යතවයට ගැලපෙන ආකාරයට භාවිතයට අවස්ථාව ස්ගෙනෙන බවටයි පවසන්නේ.හදුනා ගෙන තිබූ දුරවලතා 50කට අධිකව  පිලිසකරව පැමින ඇති මෙම නව සංස්කරනය සමග ඡායාරුවක් ඔස්සේ සෙවීමේ පහසුව ක්‍රියාකාරීත්ව යේ ස්තාවර භාවය ඇතුලු අංග කිහිපයක්ම වඩාත් දියුනු කර ඇති බවටයි පැවසෙන්නේ.online ස්ථාපන සංස්කරනය offline ස්ථාපන සංස්කරනය මෙන්ම portable සංස්කරනයන් යන සියලු සංස්කරන සදහා ලිපිනයන් පහත පිලිවලින් දැක්වේ.

http://dl.google.com/chrome/win/30.0.1599.66_chrome_installer.exe
http://clients2.google.com/service/update2/crx?response=redirect&x=id%3D{8A69D345-D564-463C-AFF1-A69D9E530F96}%26uc
http://portableapps.com/apps/internet/google_chrome_portable

IE භාවිතය වඩ වඩාත් අනතුරුදායක විය හැක!!!!

  පසුගිය සැප්තැම්බර් මසයේ මැද භාගයේ Fix-it ආකාරයේ විසදුමක් සියලුම internet explorer සංස්කර සදහා නිකුත් කලද  හදාරන් පවසන්නේ සියලුම IE සංස්කරන තවමත් තීරනාත්මකව පහර දෙන්නන් සදහා විවෘතව පවතින බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය තවමත් සම්පූර්න පිලිසකර යාවත්කාලීනයක් මේ සදහා නිකුත්කරන්නට කටයුතු නොකර ඇති අතර  ගෙවී ගිය සතියේ මෙම දුර්වලතාවයට අදාලව මෘදුකාංග කොටසක් අන්තර්ජාලය වෙත මුදා හැරීමත් සමගම පහර දෙන්නන් සදහාද එම දුර්වලතාවයන් ඉලක්ක කරගනිමින් වඩාත් සාර්ථක පහරදීම් ක්‍රම උපායන් සදහා අවස්ථාව සැලසී ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.මයික්‍රසොෆ්ට් ආයතනය දැනට නිකුත් කොට ඇති මෘදුකාංග විසදුම බොහෝ භාවිතාකරන්නන් සදහා තවමත් අවධනය නොලැබී ඇති බව පවසන ඔවුන් එය manual download මට්ටමේ එකක් වීම එයට ප්‍රධාන හේතුවක් ලෙසට පවසාසිටිනවා. මයික්‍රසොෆ්ට් සාමන්‍ය මාසික යාවත්කාලීන ගොනුව මෙමස 8 දා නිකුත් වන්නට නියමිත මුත් එහි දීද මෙම දුර්වලතාවය පිලිබද අවසාන යාවත්කාලීනයක් පැමිනෙන බවක් තවමත් පවසා නොමැත.

John McAfee ගෙන් ජංගම උපාංගවලින් තොරතුරු සොරාගැනීම වලකන උපකරනයක්!!!!


  මෘදුකාංග ලෝකයේ ප්‍රකට චරිතයක් වන John McAfee පවසන්නේ පසුගොය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කල රාජ්‍ය මට්ටමින් තොරතුරු අනවසරයෙන් ලබා ගැනීමේ සිදුවීම් සදහා විසදුමක් ගෙන එන්නට තමන් සූදානම් බවයි. විශේෂයෙන් NSA ඇතුලු ආයතන කිහිපයකට පසුගිය කාලයේ සිට මෙසේ චෝදනා එල්ල වන්නට පටන් ගැනීමත් සමගම ආයතනික මට්ටමෙන් මෙන්ම පෞද්ගල මට්ටමෙන්ද මෙසේ බියක් පලවන්නට පටන් ගත් අතර ඔහු විසින් පවසන්නේ මේ සදහා “Decentral” උපාංගයක් හදුන්වා දෙන්නට තමන් සූදානම් බවකි. තරමින් කුඩා උපාංගයක් වන මෙම උපකරනයේ භාවිතයත් සමග තොරතුරු අනවසර ‍රැස් කරන්නෙකුට ඔබගේ ජංගම දත්ත උපාංග ඇසුරින් ඔබ සිටින තැන හෝ ඔබගේ උපාංගයේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව නැතිකර දමන්නට සමත්වනු ඇති බවටයි පවසන්නේ.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ඇමරිකානු රජය මෙම උපකරනය තහනම් කරන්නට කටයුතු කලද තමන් එහි අලවිය එංගලන්තය ජපානය ප්‍රමුක තුවන් ලෝකයේ රටවලින් අරබන්නට කටයුතු කරන බවත්ය.

2013-10-01

xp භාවිතය සැප්තැම්බරයේ 2%කින් පහතට, වින්. 7 තවමත් ඉදිරියෙන්...

  මයික්‍රසොෆ්ට් සමාගම මහත් ආයාසයක් ගන්න කාරන අතර එලබෙන වසරේ අප්‍රේල් 8දාට පෙර ලොව  පුරා XPභාවිතාව හැකිතාක් අවම කරගන්නට උත්සාහය ඉහලින්ම සදහන් වේ. ගනන හැදෑරීම් වාර්ථාවක් පවසන්නේ ගෙවීගිය සැප්තැම්බර් මාසය සැලකීමේදී ලොව Xp භාවිතාව සියයට දෙකකින් පහත වැටී ඇති බවකි.එම වාර්ථාව පවසන්නේ මේ වන විට ලොව XP භාවිතාව  31.41% ලෙසට සටහන් වෙමින් සිටින්නේ වින්ඩෝස් 7වල භාවිතාව වන 46.43% වන ලොව වින්ඩෝස් භාවිතාවේ දේවන තැනට සටහන් වෙමිනි. වින්ඩෝස් 8 භාවිතාව 8.02%ක් ලෙසට සටහන් වෙමින් ලොව තෙවන තැනට භාවිතාවන මෙහෙයුම් පද්ධතිය බවට පත්ව ඇත්තේ වින්ඩෝස් විස්ටා හි භාවිතාව වන 3.98%  හතරවන තැනට පත් කරමින්ය. එම වාර්ථාවට අනූව වින්ඩෝස් 7 හි අගෝස්තු මාසයට සපේක්ශව දශන ප්‍රමානයකින් භාවිතය පහලටද වින්ඩෝස් 8 භාවිතාව අගෝස්තු මාසයට සාපේක්ශව දශම  ගනනක ඉහලයාමද පෙන්වන බව පැවසෙනවා.

ZeroAccess නම් botnet ජාලයේ පරිගණක දහස් ගනනක් මුදාගනී...-Symantec-

  Symantec ආයතනය පවසන්නේ තමන් විශාලතම botnets එකකවන  ZeroAccess හි පාලනය යටතේ වූ ආසාධිත පරිගනක ප්‍රමානයෙන් හතරෙන් එකක් පමන ඔවුන්ගේ පාලනයෙන් මුදවා ගන්නට සමත්ව ඇති බවකි.එම ආයතනය පවසන්නේ ලොව පුරා ඇති පරිගණක මිලියන1.9 පමන මෙම ජාලය යටතේ පාලනවෙමින්  fraud හා Bitcoin mining සදා යෙදවෙන අතර දෛනිකව ඩොලර් මිලියන ගනනාවක් අයතා ලෙස උපයා ගන්නට භාවිතාවෙමින් ඇති බවකි.peer-to-peerආකාරයට ක්‍රියාත්මක වන සේ ගොඩ නැගී ඇති මෙම ජාලය ඔස්සේ පරිගණකයෙන් පරිගණකයට උපදෙස් ලබාදීමේ හැකියාව ඔස්සේ එහි මෙහෙයවන්නන් තම ඉලක්ක සපුරා ගන්නා බවටයි දැක්වෙන්නේ.ඉහත කී ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගම ZeroAccess හි ගෙඩැනැගීමේ වන දුර්වලතාවයක් ඔස්සේ මෙම මුදවා ගැනීම සිදුකොට ඇති බවටයි ප්‍රකාශ කොට තිබෙන්නේ. විමසිල්ලෙන් සිටි එම ආයතනය පසිගිය ජූනි මාසයේදී මෙම පහර දෙන්නන් තම ජාලාව වෙතට හානිකරයන්ගේ නව සංස්කරනයක් මුදා හරින්නට කටයුතු කරනවාත් සමග ක්‍රියාත්මක වෙමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කල බවටයි එම ආයතනය වැඩි දුරටත් පවසා සිටින්නේ.

skydrive වල ඇති ඡායාරුවක වන Text ඔස්සේ Bing සෙවුමකටද හැක!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම මීට මසයකට පමන ප්‍රකාශ කර සිටියේ තමන් තම skydrive සදහා  optical character හදුනා ගැනීමේ පහසුව එක්කරන්නට කටයුතු කල බවකි. ඒත් සමග  භාවිතාකරන්නෙකු තම ක්ලවුඩ් මූලික  skydrive ගිනුම වෙත රදවන ලද ඡායාරුවක වන  text  එම ඡායාරුවට දකුනතින් වන තීරුවක දැක ගැනීමේ පහසුව ලැබී තිබුනා. මයික්‍රසොෆ්ට් සමාගම අද පවසා සිටින්නේ එම පහසුව ඉදිරියේදී තම bing සෙයුම් යන්ත්‍ර සේවාව සමග built-in ආකාරයට භාවිතාකරන්නන් වෙත ගෙන එන්නට තිර්නය කර ඇති බවකි. වින්ඩෝස් 8.1 භාවිතාකරන්නෙකුට තම skydrive වල රදවා ඇති ඡායාරුවක වන Text භාවිතාකරමින් Bing ඔස්සේ තොරතුරු සොයා යාමේ පහසුව මේ අනූව ලැබෙනු ඇතිබවටයි නිවේදනය වන්නේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම පහසුව  "online-only" මට්ටමේ ඡායාරූ සදහාද වලංගුවනු ඇති බවයි.

නව Kinect සමග දෙදෙනෙකුගේ අනකිරීම් එකවර හදුනා ගන්නට හැක!!!!

  පැමිනෙන්නට නියමිත Xbox One console සමග  Kinect hardware පැමිනෙන්නට නියමිත බවට දැනටමත් පවසා තිබෙනවා. භාවිතාකරන්නෙකුට තම භාවිතව  "Xbox On"ලෙසින් වන වාචික අනකිරීමකින් අරබන්නට හැකිවන ලෙස පැමිනෙන Kinect add-on ඔස්සේ එකවර පුද්ගලයන් දෙදෙනෙකුගේ අනකිරීම වෙන වෙනම හදුනා ගැනීමේ හැකියාවෙන් යුත්ත වන බවටයි අලුත්ම තොරතුරු පවසන්නේ.මයික්‍රසොෆ් හි ප්‍රකාශකයෙකු පවසන පරිදි නව Xbox One සමග අදුරු කාබරයක සිටින අයෙකුගේ දෙතොලෙහි හැසිරවීම හදුනාගන්නට සමත් වනවා මෙන්ම භාවිතාකරන්නාගේ මුහුනේ ස්ථාන 1400ක් ඔස්සේ ඔහුගේ ප්‍රකාශනයන් හදුනා ගැනීමට භාවිතකල හැකි අයුරින් පැමිනෙන බවටයි පවසා සිටින්නේ.මෙලෙස කාබරයක සිටින පුද්ගලයන් හයක් දක්වා වෙන වෙනම හදුනා ගැනීමේ හැකියාවෙන්ද එය සම්න්විත වනු ඇති බවටයි පවසා සිටින්නේ.
                  කට හඬ දෙකක් වෙන වෙනම හදුනා ගන්නට සමත් මෙම නව පැනිමීමත් සමග ක්‍රිඩාවකදී පමනක් නොව Skype , TV වැනි පහසුකම් වලදීද පහසුවෙන් දෙදෙනෙකුගේ වෙන වෙනම අනකිරීම් එය හදුනා ගන්නට සමත්ව පැමිනෙනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. මෙම නව Kinec නොවැම්බර් 22 නිකුත්වීමට නියමිත බවටයි නිවේදනය වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...