2013-10-02

වින්ඩෝස් 8.1 පෙර අලවිය ඇරබේ......

  මයික්‍රසොෆ්ට් සමාගමේ නිකුත්ව ඇති අවසාන සංස්කරනය සදහා නිකුත්වන මෙගා මට්ටමේ යාවත්කාලීන සංස්කරනය වින්ඩෝස් 8.1 මේ වන විට පෙර සංස්කරනයක් ලෙසට නිකුත්ව තිබෙනවා. වින්ඩෝස් 8 සමග භාවිතාකරන්නන්ගෙන් නැගුන ප්‍රධන තම චෝදනා දෙකක් වන Start බටනය හා පරිගණකය ආරම්භයේදී කෙලින්ම සුපුරුදු ඩෙස් ටොප් app එකවෙත පැමිනීමේ හැකියාව ඇතුලු හඳුනාගත් දුර්ව්ලතා බොහොමයක් සදහා දියුනු කිරීම් සහිතව පැමිනෙන නව සංස්කරනයේ අවසන නිකුතුව ඔක්තෝබර් 18 දිනට මේ වන විට නියමිතව තිබෙනවා.
                                Steve Ballmer මූලිකත්වයෙන් සිදුවූ " refined blend" ලෙසින් නම් කෙරෙන මෙම නිකුතුව මයික්‍රසොෆ්ට් සමාගමේ නව සම්ප්‍රධායක් වනු ඇති බවට සැලවෙන වාර්ෂිකව මෙගා මට්ටමේ යාවත්කාලීන නිකුතුවේ පලමු වැන්න වනවා. මෙම නව සම්ප්‍රධාය  වින්ඩෝස් වලට මෙන්ම වින්ඩෝස් phone මෙහෙයුම් පද්ධතිසදහාද අදාල වනු ඇති බවටයි පැවසෙන්නේ.අද මයික්‍රසොෆ්ට් සමාගම  තම අඩවිය ඔස්සේ වින්ඩෝස් 8.1 සදහා පෙර ඇනවුම් ගැනීම අරබා තිබෙනවා. දැනට වින්ඩෝස් 8  භාවිතාකරන්නන් සදහා ඔක්තෝබර 17 දායින් පසුව නොමිලේ ලබාගන්නට හැකිවම මෙම නව සංස්කරනය නව භාවිතාකරන්නන් (core)  සදහා ඩොලර් 119.99 ක් හා ප්‍රෝ සංස්කරනයඩොලර් 199.19 වන ලෙසට මිලැතිව මයික්‍රසොෆ්ට් වෙබ් අඩවිය ඔස්සේ පෙර අලවිය සදහා සූදානම්ව තිබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...