2013-10-02

බිල් ගේට්ස් නැවත පැමිනිය යුතුය.-මයික්‍රසොෆ්ට් ප්‍රධාන පෙලේ ආයෝජකයන් තිදෙනෙක්-

  බිල් ගේට්ස් යනු මයික්‍රසොෆ්ට් ආයතනයේ ආරම්භක ප්‍රමුකයෙකි. මේ වන විට මෙතුමා මාසිකව දින එකක් හෝ දෙකක් පමනක් මයික්‍රසොෆ්ට් ආයතනය හා ගැවසෙන ආයතනයේ දෛනික  කටයුතුවලින් බැහැරව සිටින්නෙකි. තම බිරිඳ හා එකව ක්‍රියාත්මක වන සුබසාධක කටයුතු සදහා ප්‍රමුකතාවය දී ඇති මෙතුමා 2008 වසරේ සිට එම කටයුතු වල නිරතව සිටී.  තමන් සතු මයික්‍රසොෆ්ට් ආයතනයේ කොටස් මිලියන 80ක් බැගින් අලවිකරන මෙතුමා 2018 වන විට තමන් සතු මයික්‍රසොෆ්ට් සියලුම කොටස් අවසන් කොට එම ආයතනය හා සම්බන්දයන් නැති අයෙකු බවට පත්වීමේ සැලසුමක සිටින බවත් වාර්ථා පවසයි.
                  ආයතනයේ මීලග CEO තනතුර පිලිබදව  අවධානය දැඩි ලෙස ඉස්මතුව ඇති මෙම අවදියෙහි ආයතනයේ ප්‍රධාන පෙලේ කොටස් හිමියන් තිදෙනෙකුගේ යෝජනාවක් වන්නේ යලිත් බිල් ගේට්ස් මහතා එම තනතුරට පැමිනිය යුතු බවකි. දැනට ආයතනයේ ප්‍රධාන විධායක ධූරය දරන Steve Ballme මහතාගේ සමුගැනීම සදහා පසුගිය කාලයේ සිට වසරක තුලට දින නියමව තිබියදී ඉස්මතුවෙමින් ඇති මෙම අදහස පසු පස සිටින ප්‍රධාන ආයෝජකයන් පිලිබදව තවමත් තොරතුරු හෙලිව නැති බවටයි වාර්ථා වන්නේ.කෙසේ වෙතත් තවමත් මෙම පුවත පසුවන්නේ තහවුරු නොවුනු මට්ටමේය.




Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...