2011-10-05

"ITLK" පරිගණක පුවත් පලමු පෙර නිකුතුවෙන්.......


පරිගණක ලොව මවන්නේ අපූරු අවකාශයකි. කුඩා පරතරයන් (මිනිස් අපට සාපේක්ෂව) අනන්තයක එකතුවීමක් නිර්මානය කරන මෙම විසල් අවකාශය එකිනෙකට ඈදුනු පරිගණක ගොන්නක ආධාරයෙන් පෘතුවිය මත සදාතනිකයි සිතූ බොහෝ සීමාවන් බිද දමා ඇත්තේ හරිම අපූරු ආකාරයටය.කාලයක් මහා යෝධයෙකැයි සිතා සිටි භෞතික දුර පරතරය මේ සොදුරු අවකාශය තුලදී ශූන්ය කරදමා ඇත්තේ මහත් විහිලුවක් ලෙසය.

සියවස් ගනනකට පෙර නම් දෙවියන්ට පමනක් හිමියයි මිනිස් වර්ගයා කල්පනා කල බොහෝ දේ මේ අපූරු අවකාශය තුල සරල කාරනා වී ඇතුවා පමනක් නොව දිනෙන් දින තම අපමන හැකියා අවකාශයේ අනසකට යටත්කොට ගනිමින් සිටින්නේ හරිම විසිතුරු  ලෙසකයැයි අප සිතන්නෙමු.

එය මිනිස් මනස ප්රමුක සියලු අවයව වෙත දිගුවන් ගෙනවිත් දී ඇත. සමාන්ය මනසකට කිසිදිනක තේරුම්ගත නොහැකි තරමේ  විස්මිත බොහෝ දේ රැගෙන එමින්ද ඇත."කාලයකදී ගැබුරු දර්ශනය ලෙස සලකන සමහර දැ තවත් කාලයකදී සරල දැනුම බවට" පත්වනවා සේ ඉදිරි දශක කිහිපය ඇතුලත අද අපට සිතිය නොහැකි තරමේ වෙනසක් සරල භාවිතාවන් සේ මිනිස් ජීවිතවලට රැගෙන  එනු ඇත.

"සිග්නේචර්" පදනම් වුනු ආරක්ශක මෘදුකාංගවල විශ්වාසනීය භාවය


"සිග්නේචර්" පදනම් වුනු ආරක්ශක මෘදුකාංගවල විශ්වාසනීය භාවය  බොහෝ සෙයින් අඩුවෙමින් ඇත. වේගයෙන් දියුනු වෙමින් ඇති හානිකර මෘදුකාංග තාක්ශනයට සිග්නේචර් පදනම තවදුරටත් සාර්තක අභියෝගයක් නොවන බවට ඇති තරම් සාධක දෛනිකව බිහිවෙමින් ඇත. වෙබ් රූට් වෙතින් මේ සදහා  වෙනස් විසදුමක් සහිත ආරක්ශක මෘදුකාංගයක් හදුන්වා දී ඇති බවටයි  කරුනු පලවන්නේ. එහි ප්රකාශකයෙකි පවසන්නේ " අප 2009 වනවිට දිනකට  හානිකර මෘදුකාංග  කොටස් 40000 පමන හදුනා ගමින් සිටියා. නමුත් අදවන විට දිනකට 100,000 කට ආසන්න ප්රමානයක් හදුනා ගනිමින් ඉන්නවා. මේ නිසා තමයි අපතීර්නය කලේ සාම්ප්රධායික ආරක්ශක මෘදුකංගවල ක්රම වේද දෙකක්ම වෙනස කරන්නට".
                           ඔවුන් තව දුරටත් විශාල ප්රමානයේ මෘදුකාංගයක් භාවිතා කරන්නාගේ පරිගණකය වෙත ලබා නොදෙනු  ඇත. බොහෝවිට මෙගා බයිට් එකක ප්රමනයේ කුඩා ප්රමානයේ මෘදුකංග කොටසක් ලබා දෙන අතර එය වෙබ් රූට්  හානිකර මෘදුකාංග දත්ත ගබඩාව සමග කටයුතු කරනු ඇත.
                                       වැඩිදුරටත් ඔවුන් පවසා සිටින්නේ, හානිකරයැයි සැක කරන මෘදුකාංගයක් පරිගනකය වෙත පැමිනිය විට එය ක්‍රියාත්මක වීමට මෙම ආරක්ශක මෘදුකාංගය ඉඩ දෙනු ලබන්නේ පරිගනකය තුලම  නිර්මානය වන ව්‍යාජ  අවකාශයක වන අතර එම ධාවනය තුලදී එම මෘදු වැඩසටහනේ හැසිරීම් හදාරන මෙම ආරක්ශක මෘදුකාංගය තම දත්ත ගොනු සමග සසදා බලා හානිකර යැයි හැගෙන්නේ නම් වැඩසටහන ක්‍රියාත්මක වීම නවතා දමනු ලබන අතර පරිගනකයට හානියක් වීම වලකාලනු ලබයි. අන්තර්ජාලය සමග සජීවී සබදතාවයක් නොමැති මොහොතක  වෙනත් බාහිර මාධ්‍යකින් මෘදුකාංගයක් පැමිනිවිටනම් පෙර ආකාරයට මෘදුකාංගය ක්‍රියාත්මක වීමට ඉඩ හරින අතර අන්තර්ජාලය හා යලි සම්බන්ද වූ විගස තම දත්ත ගබඩාව හා සසදා බලා තීර්නය ගනු ඇත.

2011-10-04

අවිරා 12 නිකුත්වේ.....

අවිරා ආරක්ශක මෘදුකාංග ආයතනය තම මීලග ආරක්ශක මෘදුකාංග සංස්කරනයන් නිකුත්කල බවට ප්‍රකාශ වෙනවා. ඔවුන් පවසන්නේ නව දියුනු කල අංග කිහිපයක් සමගින් නව සංස්කරනයන් නොමිලේ හා මිලදී ගතහැකි ලෙස නිකුත් කර ඇති බවයි. නව මුහුනතක් සමග දියුනු කල පිරික්සන යන්ත්‍රයක් හා පහසු ස්ථාපන හැකියාව නව සංස්කරන වල කැපීපෙනෙන අංග වනු ඇති බවයි. භාවිතාකරන්නාගේ ප්‍රතිචාර දෙකකින් සම්පූර්න ස්ථාපන ක්‍රියාවලිය අවසන් වනසේ නව සංස්කරනය සකස් කර ඇති  බවයි ඔවුන් පවසා සිටින්නේ.
මෙම ලිපිනය ඔස්සේ පිවිස නොමිලේ සංස්කරනය ලබා ගත හැක.

2011-10-03

ෆේස්බුක් ආරක්ශාවට තවත් පියවරක්.......


වෙබ් ආරක්ශාව ගැන හදාරන්නන්ගේ මතයක් වී ඇත්තේ ෆේස්බුක් යනු  සයිබර් අවකාශය මත අහිතකර මෘදුකාංග පතුරවන්නන්ගේ නිරන්තර අවධානය ලබා ගන්නා අඩවියක් ලෙසය. වෙබ් අඩවිය දෙසින් භාවිතාකරන්නන් සුරකින්නට නොයෙකුත් පියවර ගත්තද මද කලකින්ම එම බාදකයන් මග හැරයන්නට මෙම සයිබ අපරාධකරුවන් සමත්වීම් අතිතය තුල නැවත නැවත දක්නට ලැබුනි.
              මෙම අපරාධ කරුවන්ගේ වැඩිම භාවිත උපංක්‍රමය වූවේ හානිකර වෙබ් පි‍ටු මතට යොමු කරන වෙබ් ලිපිනයන්ගේ සබදතා භාවිතා කරන්නන් ලවා අවදිකරවා ගැනීමය. කලකට ඉහතදී ෆේස්බුක් ආයතනය මේසදහා විසදුමක් ලෙස මෙම අහිතකර වෙබ් ලිපින හදුනාගෙන නැවත ඒවෙතට යොමුවීම වලකාලන ක්‍රමවේදයක් සකස් කලමුත් හානි කරන්නන්වඩාත් වේගයෙන් තම වෙබ් ලිපිනයන් වෙනස් කරමින් භාවිතාකරන්නන් අනතුරට හෙලීමේ උත්සාහයන් දිගටම පත්වා ගෙන යන්නට සමත්විනි.
      ඉතාමැතක සිට ෆේස්බුක් ආයතන වඩාත් නවීන ආරක්ශක උපංක්‍රමයකට  "වෙබ්සෙන්ස්" නම් සයිබර් ආරක්ශාව ගැන ක්‍රියාත්මක ආයතනයක් සමග යොමුව ඇති බවයි පැවසෙන්නේ. නව ක්‍රමවේදය යටතේ පෙර සකස් කරන ලද හානිකර වෙබ් අඩවි ලිපිනයන්  ඇතුලත්  දත්ත ගොනුවකට අනූව නොව  ක්ලවුඩ් මූලික "රියල් ටයිම්" වෙබ් ලිපිනයන් පිරික්සනයක ආධාරයෙන් ඒ මොහොතේ දීම අදාල වෙබ් ලිපිනය යොමුකරන වෙබ් අඩවිය ගැන සොයා බලනු ඇත.

ෆේස්බුක් ටයිම් ලයිනය

සමහරුන්ට නිතරම පාහේ අවැසිවන්නේ අතීතය සගවා තබන්නටය. තවත් අයවලුන් වඩාත් කැමතිවන්නේ නිතරම පාහේ තම අතීතය තුල ජීවත්වන්නටය. ඔබ මේ කොතැනක සිටියද ෆේස්බුක්හි නවතම හදුන්වාදීම වන ටයිම් ලයිනය සමග නම් අතීතය සගවා තැබිය නොහැකිවනු ඇත. ඔබගෙ ෆේස්බුක් ගනුදෙනුව ඇරබුනු දා සිටම කලකී සියල්ල තුල පහසුවෙන් තනි පි‍ටුවක සිට සරන්නට මෙම ටයිම් ලයිනය උදවු වනු ඇත. වරක විචාරකයින් පවසා සිටියේ අනවසර පිවිසෙන්නන් හට ඔබේ පෞද්ගලිකත්වයට අනවසරයෙන් එබී බලන්නට අවැසි දත්ත සපයා ගන්නට මෙම නවාංගය මහත් පහසුවක් වනු ඇති බවකි. තවමත් ක්‍රමානුකූලව භාවිතා කරන්නන්හට මුදා හරිමින් පවතින මෙම නවාංගය ඔබේ ගිනුම තුල සංක්‍රිය වීමෙන් අනතුරුව සතියක කාලයක් ඔබට උවමනා ආකාරයට සංශෝදනය කරන්නට හැකිවන අතර ඉන් අනතුරුව භාහිර අයට දැක බලා ගන්නට හැකිවන ලෙස එය ඔබේ ෆේස්බුක් මුල් පි‍ටුව වෙත මුදා හැරෙන්නට නියමිත බවයි ඔවුන් පවසා සිටින්නේ.
           මෙම අතීත ෆේස්බුක් සිදුවීම් පෙල  ඔබට අවැසි ලෙස පාලනය කිරීමේ හැකියාවද සැකසුම් සමග ලබා දෙන්නට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බවටයි සටහන් වන්නේ . ඒ අනූව "අතීත පලකිරීම් සීමිත පිරිසක් සදහා පමනක් සීමා කිරීමේ" ‍තෝරා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම තොරා ගැනීමේ අවස්තාව "ප්‍රයිවසි සෙටින්" පි‍ටුවේ අවසාන කොටසේ අඩංගු වන බවට කියවෙනවා. මෙම විධානය ක්‍රියාත්මක් කිරීමත් සමග එම පසුගිය පලකිරීම් ඒ අවස්ථාවන් වලදී මොන තත්වයේ තිබුනද "මිතුරන්ට පමනක් සීමාවීම" ඇරබෙන බවයි පැවසෙන්නේ.ටැග් කිරීමකට ලක් කොට තිබුන හොත් පමනක් ඔවුනට හා ඔවුන්ගේ මිතුරන්ට මෙම පලකිරීම් විවෘතවන බවත් ඔවුන් පවසනවා.
                    ඔබගේ පෙර පලකිරීම් "ටයිම් ලයිනයත්" සමග අනවශ්‍ය අයවෙත දිස් වීම වැලක්වීමට ගත හැකි තවත් පියවරක් ලෙස ඔවුන් හදුන්වා දෙන්නේ මිතුරන් හෝ වෙන අයවලුන් විසින් ඔබේ පි‍ටුවෙහි කර ඇති පලකිරීම් නවත දිස්වීමේ හැකියාව සීමා කිරීමය. මේ සදහා "එඩිට් සෙටින්" තුලින් දිග හැරෙන කවුලුවෙහි  අවසාන තේරීම ඔස්සේ පිවිස "කස්ටම්" තුලින් සකසා ගත හැකිවනු ඇති බවය.අවසාන පියවර ලේස ඔවුන් පවසන්නේ එම පලකිරීම් නෑවත සංශෝදනය කිරීමය. අවසානයේ ඔබගේ සංශෝදනයන් සාර්තකදැයි විමසා බැලීම සදහා "වීව් ප්‍රොෆයිල් ඈස්" බටනය සහයවනු ඇති බවයි සටහන්වන්නේ

වින් 8 සමග එන රිබනය සහිත මුහුනතට නොසතුට

මයික්‍රසොෆ්ට් ආයතන තම මීලග මෙහෙයුම් පද්ධතිය සමග ඔෆ්‍ෆිස් 2007 වලදී හදුන්වා දෙනු ලැබූ "රිබන්" ආකාරයේ මුහුනත නැවත ‍රැගෙන එන්නට තීර්නය කර ඇති බවට පලවූ පුවතට භාවිත කරන්නන් අතරින් නොසතුටක් පලවෙමින් ඇති බවටයි තොරතුරු පලවෙන්නේ. ඔවුන් පවසා සිටින්නේ ඔෆ්ෆීස් 2007 සමග සපැමිනි  රිබනය ගැන භාවිතාකරන්නන්ගෙන් ඇතිවූ නොසතුට නොසලකමින් ඔෆ්ෆීස් 2010 වලද අඩංගු කල මුත් වින්ඩෝස් 8 හි වින්ඩෝස් එක්ස්ප්ලොරා සමග එය නැවත සම්බන්දකිරිම තමන්ව නොසලකා හැරීමක් සේ හැගෙන බවටයි.
                     මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ නව මෙහෙයුම්පද්ධතියත් සමග රිබන් මුහුනත එක කර ඇත්තේ වැඩි පහසුවක් භාවිතා කරන්නාහට සැලකීමට බවයි. වැඩි පහසුකම් රාශියක් රිබනය තුල අඩංගු කරන්නට තමන්ට හැකිවන බවටයි ඔවුන් පවසා සිටින්නේ. ඔහු වැඩිදුරත් පවසා සිටියේ  වින්ඩෝස් එක්ස්ප්ලොරා සමග "ක්මාන්ඩ්ස්" 200 පමන  පවතින මුත් සාමාන්‍ය භාවිතයේදී සියයට 82ක්ම භාවිතා කරනුයේ "ක්මාන්ඩ්ස්" 10 පමනක් බවයි.

2011-10-02

ගූගල් ක්‍රොම් ට්‍රෝජනයකි. මීට මයික්‍රොසොෆ්ට්........

පසුගිය දිනකදී මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් භාවිතාවන පරිගණක වෙතින් ගූගල් ක්‍රොම් වෙබ් බ්‍රවුසරය හානිකර මෘදුකාංගයක් ලෙස හදුනා ගැනීම සිදුවීමක් වාර්ථාවෙනවා. ධාවනය නවතාලීමේ හෝ පරිගණකයෙන් ඉවත්කිරීමේ ‍තෝරා ගැනීමේ අවස්ථාවන් සමග මෙම ආරක්ශිත මෘදුකාංගය බාවිතාකරනන් වෙත අනතුරු අගවා සිටිය බවයි කියවෙන්නේ.
                    භාවිතාකරන්නා විසින් ලබාගත යුතු යාවත්කාලීනයක් සමග මෙම ට්‍රොජන් ආකාරයේ හානිකර මෘදුකාංගයක් ලෙස ගූගල් ක්‍රොම් හදුනා ගැනීමේ වරද නිවැරදි කරගත හැකි බවත්, දැනට 3000 ආසන්න භාවිතාකරන්නන් පිරිසක් මෙමගැටලුවට නුහුනපා ඇතිබවට තමන් හදුනා ගෙන ඇති බවටත් ප්‍රකාශකරන මයික්‍රසොෆ්ට් ආයතනය නැවතවරක් ගූගල් ක්‍රොම් ස්ථාපනය කරගැනීමෙන් අනතුරුව සුපුරුදු ලෙස භාවිතා කල හැකිබවටත් නිවේදනය කර සිටිනවා.

ගූගල් ඉහලින්ම දිදුලමින් සිටින බවට.......

ව්‍යාපාරික ලෙස මෙන්ම තාක්ශනික ලෙස සලකන විටද ලොව වැඩිම ‍රැකියා අවස්ථා ආකර්ශනයක් ලබාගෙන ඇති ව්‍යාපාරය ලෙස සටහන් වන්නේ ගූගල් ආයතනය බවයි ඊයේ නිකුත්කල වාර්ථාවකින් කියවෙන්නේ.ලොව ප්‍රධාන පෙලේ ආර්ථිකයක් ඇති රටවල් 12කින් ව්‍යාපාරික හා ඉන්ජිනේරුමය පදනමකින් වෘතියන් සොයන කොටස් ඇසුරින් කරන ලද මෙම ගනනයේදී  160,000ක පිරිසකගෙන් වැඩිම කැමැත්ත පලවී ඇත්තේ ගූගල් ආයතනය බවයි සටහන් වන්නේ. ගත්වූ වසර 3ක් කාලය තුල වඩාත් ක්‍රියශීලී පරිසරයක් තුල වෙනස් ‍රැකියා සංස්කෘතියක් හදුන්වා දෙමින් ඉහලින්ම සිටින්නට මෙම ආයතනය සමත්වී ඇති බවටයි ඔවුන් පවසන්නේ.
                ඉන්ජිනේරුමය පදනමකින් ‍රැකියා සොයන්නන් වැඩිම පිරිසකගේ ආකර්ශනය ලබන දෙවන හා තෙවන ස්ථානය ලෙස සටහන්වීඇත්තේ අයි.බී.එම් හා මයික්‍රොසොෆ්ට් ආයතන ලෙස නම් වන අතර ව්‍යාපාරික පදනමකින් ‍රැකියා සොයන්නන්ගේ ආකර්ශනය සලකන විට මයික්‍රසොෆ්ට් ආයතනය හයවන තැනටත් ඇපල් ආයතනය නමවන තැනටත් පත්ව ඇතිබවටයි එහි වැඩිදුරටත් සටහන් වන්නේ.

2011-10-01

ගූගල් මැප් මත ගුවන් සවාරියකට....

අද සිට ගූගල් මැප් මත ත්‍රිමාන දැක්මත් සහිත ගුවන් සවාරිය කට ඉඩ සැලසෙන බවයි ප්‍රකාශ වන්නේ. මෙම භාවිතාව සංක්‍රිය කර ගන්නට ගූගල් මැප් හි "ගෙට් ඩිරෙක්ශන්" බටනය අවදිකරවා අනතුරුව "සිට" ... "තැන " දක්වා වූ කවුලු දෙක සදහා ස්ථාන දත්ත දෙකක් ලබාදී  අනතුරුව ඉහත සටහනේ දැක්වෙන ලෙස 3  බටනය අවදිකල යුතු බවටයි පැවසෙන්නේ.
   පලමුව ද්විමන චලනයක් සටහන් වන අතර ඉන් අනතුරුව ත්‍රිමාන චලනයන් ක්‍රියාත්මක වන බවයි කියවෙන්නේ. මෙම චලනය තාවකාලික නතර කරන්නට මෙන්ම උවමනා විටකදී ඡායාරූපයක් පවා ලබාගන්නට හැකිවන බවටයි ඔවුන් පවසා සිටින්නේ

මිනිසුන්ගේ සමාජශීලී බවේ ඉලෙක්ට්‍රොනික සංස්කරනය නොහොත් සමාජ ජලා.....

මිනිසා සමාජීය සත්වයෙකු බව සමජ ජලාවෙත   දිනෙන් දින එක් ‍රැස්වන පිරිස වෙතින් යලි යලිත් ඔප්පුවෙමින් ඇතැයි විචාරකයින් පවසයි.පලවන නවතම වාර්ථාවලට අනූව සමජ ජලා වෙත ප්‍රියකරන්නන්ගේ සංක්‍යාව සිලිකන් නිම්නයටත් වඩා බාහිර රටවලින් වාර්ථාවෙමින් ඇති බවයි පැවසෙන්නේ.
    ගෙවී ගිය අගෝස්තු මාසය සලකන විට ෆේස්බුක් භාවිතාකරන්නන්ගෙන් වැඩිම කාල ප්‍රතිශතයක් එක් භාවිතාකරන්නෙකුගෙන්   වාර්ථා වෙන්නේ සිංගප්පූරුවෙනි. ඒය විනාඩි 38 ලෙස සටහන් වනවා.නවසීලන්තය තුලින් වාර්ථාවන්නේ විනාඩි 30 තප්පර 31 ලෙසට වන අතර ඕස්ට්‍රේලියාවෙන් එය විනාඩි 25 තප්පර 33 ලෙසත් එක්සත් රාජධානියෙන් එය විනාඩි 25කුත් තප්පර33 ලෙසයි සටහන්වන්නේ. පස්වෙනි තැනට ස්ථාන ගතවෙමින් එක්සත් ජනපදය විනාඩි 20 තප්පර46 ලෙස වාර්ථාකරනවා. ප්‍රංශය ඉන්දියාව බ්‍රසිලය මීලගට සිටින බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ.
   අන්තර්ජාල භාවිතාකරන්නන්ගෙන් වැඩිම සමාජ ජලාවලට පිවිසෙන්නන්ගේ ප්‍රතිශතය වාර්ථා කරන්නේ බ්‍රසීලය වන අතර එය සියයට 18.9 ලෙස වාර්ථාවන අතර ඇමරිකානුවන්ගෙන් සියයට 91 සමාජ ජලා අඩවිය ලෙස  තවමත් භාවිතාකරන්නේ ෆේස්බුක් බවත් කියවෙනවා.

ෆේස්බුක් ඔබේ පෞද්ගලිකත්වය ආක්‍රමනය කරමින් සිටිනවාද??

ෆේස්බුක් වෙත එල්ලවන චෝදනා දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. පසුගිය දිනක බ්ලොග්කරුවෙකුගේ සටහනක් සමග යලිත් මෙම මාතෘකාව මතු පිටට පැමින ඇත. ඔහු සටහන් කර සිටින්නේ මා ෆේස්බුක් ගිනුමෙන් බැහැර වුනද ඔවුන් මගේ වෙබ් හැසීරීම හදාරමින් සිටින බවට තමන් සතුව තොරතුරු ඇති බවටයි.ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ෆේස්බුක් ආයතනය මේ සදහා යොදා ගන්නේ පරිගණකය තුල ඉතිරිවන "කුකීස්" බවයි.
        වසරකට පමන පෙර ඔස්ට්‍රේලියානුබ්ලොග්කරුවෙකු මුලිම මේගැන කරුනු පලකරමින් නීතියේ අවධානය යොමුකල අතර කලිෆෝනියානු අධිකරනයක තවමත් මෙම කරුනු ගැන නීතිමය විමසීම් සිදුවෙමින් පවතින බවටයි කරුනු පලවෙන්නේ.ෆේස්බුක් ටයිම් ලයිනය ගැනද බොහෝ විරෝදතා එල්ලවී ඇති අතර නීතිමය ආයතන කිහිපයකම අවධානය මේ ගැන එල්ලවී ඇති බවටයි පැවසෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...