සමහරුන්ට නිතරම පාහේ අවැසිවන්නේ අතීතය සගවා තබන්නටය. තවත් අයවලුන් වඩාත් කැමතිවන්නේ නිතරම පාහේ තම අතීතය තුල ජීවත්වන්නටය. ඔබ මේ කොතැනක සිටියද ෆේස්බුක්හි නවතම හදුන්වාදීම වන ටයිම් ලයිනය සමග නම් අතීතය සගවා තැබිය නොහැකිවනු ඇත. ඔබගෙ ෆේස්බුක් ගනුදෙනුව ඇරබුනු දා සිටම කලකී සියල්ල තුල පහසුවෙන් තනි පිටුවක සිට සරන්නට මෙම ටයිම් ලයිනය උදවු වනු ඇත. වරක විචාරකයින් පවසා සිටියේ අනවසර පිවිසෙන්නන් හට ඔබේ පෞද්ගලිකත්වයට අනවසරයෙන් එබී බලන්නට අවැසි දත්ත සපයා ගන්නට මෙම නවාංගය මහත් පහසුවක් වනු ඇති බවකි. තවමත් ක්‍රමානුකූලව භාවිතා කරන්නන්හට මුදා හරිමින් පවතින මෙම නවාංගය ඔබේ ගිනුම තුල සංක්‍රිය වීමෙන් අනතුරුව සතියක කාලයක් ඔබට උවමනා ආකාරයට සංශෝදනය කරන්නට හැකිවන අතර ඉන් අනතුරුව භාහිර අයට දැක බලා ගන්නට හැකිවන ලෙස එය ඔබේ ෆේස්බුක් මුල් පිටුව වෙත මුදා හැරෙන්නට නියමිත බවයි ඔවුන් පවසා සිටින්නේ.
මෙම අතීත ෆේස්බුක් සිදුවීම් පෙල ඔබට අවැසි ලෙස පාලනය කිරීමේ හැකියාවද සැකසුම් සමග ලබා දෙන්නට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බවටයි සටහන් වන්නේ . ඒ අනූව "අතීත පලකිරීම් සීමිත පිරිසක් සදහා පමනක් සීමා කිරීමේ" තෝරා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම තොරා ගැනීමේ අවස්තාව "ප්‍රයිවසි සෙටින්" පිටුවේ අවසාන කොටසේ අඩංගු වන බවට කියවෙනවා. මෙම විධානය ක්‍රියාත්මක් කිරීමත් සමග එම පසුගිය පලකිරීම් ඒ අවස්ථාවන් වලදී මොන තත්වයේ තිබුනද "මිතුරන්ට පමනක් සීමාවීම" ඇරබෙන බවයි පැවසෙන්නේ.ටැග් කිරීමකට ලක් කොට තිබුන හොත් පමනක් ඔවුනට හා ඔවුන්ගේ මිතුරන්ට මෙම පලකිරීම් විවෘතවන බවත් ඔවුන් පවසනවා.
ඔබගේ පෙර පලකිරීම් "ටයිම් ලයිනයත්" සමග අනවශ්‍ය අයවෙත දිස් වීම වැලක්වීමට ගත හැකි තවත් පියවරක් ලෙස ඔවුන් හදුන්වා දෙන්නේ මිතුරන් හෝ වෙන අයවලුන් විසින් ඔබේ පිටුවෙහි කර ඇති පලකිරීම් නවත දිස්වීමේ හැකියාව සීමා කිරීමය. මේ සදහා "එඩිට් සෙටින්" තුලින් දිග හැරෙන කවුලුවෙහි අවසාන තේරීම ඔස්සේ පිවිස "කස්ටම්" තුලින් සකසා ගත හැකිවනු ඇති බවය.අවසාන පියවර ලේස ඔවුන් පවසන්නේ එම පලකිරීම් නෑවත සංශෝදනය කිරීමය. අවසානයේ ඔබගේ සංශෝදනයන් සාර්තකදැයි විමසා බැලීම සදහා "වීව් ප්‍රොෆයිල් ඈස්" බටනය සහයවනු ඇති බවයි සටහන්වන්නේ
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...