2011-10-05

"සිග්නේචර්" පදනම් වුනු ආරක්ශක මෘදුකාංගවල විශ්වාසනීය භාවය


"සිග්නේචර්" පදනම් වුනු ආරක්ශක මෘදුකාංගවල විශ්වාසනීය භාවය  බොහෝ සෙයින් අඩුවෙමින් ඇත. වේගයෙන් දියුනු වෙමින් ඇති හානිකර මෘදුකාංග තාක්ශනයට සිග්නේචර් පදනම තවදුරටත් සාර්තක අභියෝගයක් නොවන බවට ඇති තරම් සාධක දෛනිකව බිහිවෙමින් ඇත. වෙබ් රූට් වෙතින් මේ සදහා  වෙනස් විසදුමක් සහිත ආරක්ශක මෘදුකාංගයක් හදුන්වා දී ඇති බවටයි  කරුනු පලවන්නේ. එහි ප්රකාශකයෙකි පවසන්නේ " අප 2009 වනවිට දිනකට  හානිකර මෘදුකාංග  කොටස් 40000 පමන හදුනා ගමින් සිටියා. නමුත් අදවන විට දිනකට 100,000 කට ආසන්න ප්රමානයක් හදුනා ගනිමින් ඉන්නවා. මේ නිසා තමයි අපතීර්නය කලේ සාම්ප්රධායික ආරක්ශක මෘදුකංගවල ක්රම වේද දෙකක්ම වෙනස කරන්නට".
                           ඔවුන් තව දුරටත් විශාල ප්රමානයේ මෘදුකාංගයක් භාවිතා කරන්නාගේ පරිගණකය වෙත ලබා නොදෙනු  ඇත. බොහෝවිට මෙගා බයිට් එකක ප්රමනයේ කුඩා ප්රමානයේ මෘදුකංග කොටසක් ලබා දෙන අතර එය වෙබ් රූට්  හානිකර මෘදුකාංග දත්ත ගබඩාව සමග කටයුතු කරනු ඇත.
                                       වැඩිදුරටත් ඔවුන් පවසා සිටින්නේ, හානිකරයැයි සැක කරන මෘදුකාංගයක් පරිගනකය වෙත පැමිනිය විට එය ක්‍රියාත්මක වීමට මෙම ආරක්ශක මෘදුකාංගය ඉඩ දෙනු ලබන්නේ පරිගනකය තුලම  නිර්මානය වන ව්‍යාජ  අවකාශයක වන අතර එම ධාවනය තුලදී එම මෘදු වැඩසටහනේ හැසිරීම් හදාරන මෙම ආරක්ශක මෘදුකාංගය තම දත්ත ගොනු සමග සසදා බලා හානිකර යැයි හැගෙන්නේ නම් වැඩසටහන ක්‍රියාත්මක වීම නවතා දමනු ලබන අතර පරිගනකයට හානියක් වීම වලකාලනු ලබයි. අන්තර්ජාලය සමග සජීවී සබදතාවයක් නොමැති මොහොතක  වෙනත් බාහිර මාධ්‍යකින් මෘදුකාංගයක් පැමිනිවිටනම් පෙර ආකාරයට මෘදුකාංගය ක්‍රියාත්මක වීමට ඉඩ හරින අතර අන්තර්ජාලය හා යලි සම්බන්ද වූ විගස තම දත්ත ගබඩාව හා සසදා බලා තීර්නය ගනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...