2013-01-07

ඔබගේ වයි ෆයි සබදතාවය ආරක්ශිතද පික්සීමට මෘදුකාංගයක්.....



ඔබ වයි ෆයි සබදතාවයක් භාවිතාකරන අයෙකු නම් සාමන්‍යයෙන් මතුවිය හැකි ගැටලුවක් වන්නේ ඔබගේ වයි ෆයි සබදතාවය වෙත යමෙක් අනවසරයෙන් පිවිසී සිටින්නට හැකිවීමය. මෙම නොමිලේ ලැබෙන මෘදුකාංග ඔස්සේ ඔබට ඔබගේ වයි ෆයි ජාලයට සම්බන්දව ඇති උපකරන පිලිබදව විස්තරත් අවසාන වරට සිදුවූ ක්‍රියාකාරකම් පිලිබදව විස්තර පමනක් නොව නාදුනන උපකරනයක් එම ජාලය සමග සම්බන්දවී ඇත්නම් ඒ පිලිබදව අනතුරු ඇගවීමක්ද ලබා දෙනු ඇත.ඔබ විසින් පෙර සූදානම් කල කාල පරතරයකට යටත්ව මෙම පිරික්සීම සිදුකල හැකි වනු ඇත.
                                (මෙහි පලකරන සමහර මෘදුකාංග පෞද්ගලිකව අත්හදා බලන්නට නොහැකි වන අවස්ථාද යෙදෙන මුත් මෙහි පල කිරීම සදහා මෘදුකාංග තොරා ගන්නේ ලොව ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය පිලිබද ක්‍රියාත්මක වන ආයතනයන්ගේ නිර්දේශයන් ලද මෘදුකාංග වේ. මෙම මෘදුකාංග ස්ථාපනයේදී ඒවා සමග පරිගණකය මත ස්ථාපනය වන්නට ඉඩ ඇති අමතර මෘදුකාංග, එනම් ටූල් බාර් වැනි ක්ටස් මග හැරීම සදහා ස්ථාපන ක්‍රියා වලියේදී සියලු පියවරවල් පැහැදිලිව අවධනයෙන් පසුකරන්නට වග බලාගන්නා මෙන් ඉල්ලා සිටිමි. ගැටලු සහගත තත්වයක් ඇති වුවහොත් 077349191 වෙත දැනුම් දීමෙන් මා වෙත සහය වන මෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිමි.) 

https://docs.google.com/open?id=0B3GVZV_G6GcvSDMzMTVMVXNnMVk

NVIDIA උපකරන ඩ්‍රයිවර්ස් සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්වේ


ප්‍රකට පරිගණක ග්‍ර‍ෆික් උපාංග සමාගමන් වන NVIDIA විසින් තම උපාංග සදහා ඩ්‍රයිවර් යවත්කාලීනයක් නිකුත් කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම යාවත්කාලීනය උපකරනයේ ක්‍රියාකාලීත්වය වැඩි කිරීමට වඩා හදුනා ගෙන ඇති මෘදු දුර්වලතාවය ඉලක්ක කර ගනිමින් නිකුත්කර ඇති බවයි. පසුගිය නත්තල් දිනයේදී බ්‍රිතාන්‍ය හදාරන්නෙකු විසින් හෙලි කොට සිටි ඩිස්ප්ලේ ඩ්‍රයිවර්ස් දුර්වලතාවයක් පිලිසකර කරමින් මෙම යාවත්කාලීනය නිකුත් කර තිබෙන්නට ඉඩ ඇතැයි පැවසෙන අතර එය සංස්කරන අංක 310,90 ලෙසට නම් වන අතර පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ ලබාගත හැකිවනු ඇත.
                  හදුනාගෙන තිබූ එම දුර්වලතාවය ඔස්සේ පහරදෙන්නෙකුට අමතර තවත් යම් තොරතුරු කිහිපයක් ඔස්සේ වෙනත් පරිගණකයකට අනවසර පිවිසීමක් කරන්නට හැකියාව ලැබෙන අතර මෙම  යාවත්කාලීනය එම දුර්වලතාවය  සමනය කරන බවත් ඊට අමතරව පරිගණක ක්‍රිඩා කිහිපයක් සදහාම වැඩි දියුනු කිරීම් වලින්ද සමන් විත බවටයි එම ආයතනය පවසන්නේ.

http://www.geforce.com/drivers

2013-01-06

වින්ඩෝස් ෆෝන් සදහා වන ගූගල් මැප් ගැටලුව විසදෙමින් පවතී..



ගූගල් ආයතනය පවසා සිටිනවා තමන් මේ වන විට වින්ඩෝස් ෆෝන් සදහා තම ගූගල් පහසුව භවිතයේදී පසුගිය සිකුරාදා සිට අත්විදිමින් සිටින අපහසුව විසදාලමින් සිටින බවයි.එම දින කිහිපය තුලදී යමෙක් තම වින්ඩෝස් දුරකථනයකින් ගූගල් මැප් සදහා පිවිසෙන්නට සූදානම් වන විට ඔහුව ගූගල් ප්‍රධාන පි‍ටුව වෙත යොමු කිරීම සිදුවුනි.ගූගල් ආයතනය පවසන්නේ මෙම ගැටලුව සදහා පදනම් වූවේ මොබයිල් මෙහෙයුම්පද්ධතියක් තුල වඩාත් සාර්තක ගූගල් මැප් අත්දැකීමක් සදහා මෘදුකාංග කොටසක් සදහා වඩාත් ගැලපෙන ලෙසට  දියුනු කර ඇති අතර එම මෘදුකොටසට වින්ඩෝස් මොබයිල් මෙහෙයුම් පද්ධතිය සහය නොදක්වීම බවයි.
                 මෑතකාලයේදී ගූගල් හා මයික්‍රසොෆ්ට් අතර ගැටලුකාරී සිදුවිම් කිහිපයක් වාර්ථා වූ අතර යු ටියුබ් අඩවිය සදහා තවමත් ගූගල් ආයතනය වින්ඩෝස්8 ඇප් එකක් නිකුත්නොකිරීම කැපී පෙනෙන කරුනක් වූවා.

මයික්‍රසොෆ්ට් ආයතනයකින් ඇපල් උපකරන කිහිපයක් සොරකම් කිරීමක්

වෙබ් අවකාශයේ පැතිර යමින් පවතින පුවතකින් පැවසෙන්නේ පසුගිය මාසයේ 19 හා 26 දින අතරේදී මවුන්ට් වීව් කැම්පස් ආයතනය තුලින් ඩෝල්ර්3000 වටිනා අයි පෑඩයන් පහක් කිහිවෙකු විසින් සොරකම් කර ඇති බවයි. වඩාත් වටිනා තවත් බොහෝ දේ එහි තිබුනද මෙම සොරකම්කරන්නා ‍රැගෙන ගෝස් ඇත්තේ ඇපල් නිෂ්පාදනයන් වන අයි පෑඩ් හතරක් හා ඇපල් ටැබ්ලටයක් වීම අපූරු පුවත් ලෙසට එරට පුවත්පත් කිහිපයකම වාර්ථාකර තිබෙනවා. විචාරකයින් පවසන්නේ මෙම පුවත ව්‍යාජයක් වියහැකි මුත් එය මනා ලෙස නිර්මානය කරන ලද්දක් ලෙස දක්නට ලැබෙන බවයි.

ස්කයිප් සාමාන්‍ය සංවාදය අතරතුර රහස් සංවාදයක්ද කලහැකි වනු ඇත.....



පෝලන්ඩ් හදාරන්නන් පිරිසක් පවසන්නේ ස්කයිප් තුල වනසංවාදයක් අතරේ ඇති නිහඩ ඉඩකඩ තුල රහස් පනිවිඩයක් සගවා යැවීමේ ක්‍රමවේදයක් තමන් සොයාගෙන ඇති බවයි.ඔවුන් පවසන්නේ තප්පරයකට කිලෝබයිට එකක වේගයෙන් බිට් 70වක මට්ටමේ පැකට්‍ටු ලෙසට මෙම අතර මැදි රහස් තොරතුරු සගවා යැවීම කලහැකි වනු ඇති බවත්ය.ඔවුන් පවසන්නේ එලබෙන ජුනියේ ප්‍රංශයේදී පැවත්වීමට නියමිත සමුලුවකදී  මේ පිලිබදව වැඩි තොරතුරු හෙලිකරන්නට තමන් සූදානමින් සිටින බවයි.ඔවුන් වැඩිදුරටත් පැවසුවේ මෙම ක්‍රමවේදය ඔස්සේ ඔඩියෝ වීඩියෝ මෙන්ම ටෙක්ස්ට් ආකාරයේ තොරතුරු යැවීමකට හැකිවනු ඇති බවයි.

2013-01-05

වින්ඩෝස් ෆොන් භාවිතාව පසුබෑමක........



මයික්‍රසොෆ්ට් ආයතනය  පසුගිය නොවැම්බරයේදී නොකියා හා තවත් ආයතයක් සමග වින්ඩෝස් ෆෝන් 8 නිකුත් කරනු ලබුවා.එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ ලෙසට වින්ඩෝස් ෆොන් සදහා ලෝක දුරකථනභාවිතාව තුල ස්ථාවරය ‍රැක ගැනීමට නොහැකි වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. හැදෑරීම් වාර්ථා පවසන්නේ පසුගිය අගෝස්තු වන විට ලොව භාවිතාවෙන් සියයට 3.6ක් ව පැවති වින්ඩෝස් ෆෝන් භාවිතාව පසුගිය වසරේ අවසන් මාස තුන තුල සියයට 3ක් දක්ව පහත වැටී තෙනු දක්නට ඇති බවයි.
                 බ්ලැක්බෙරි දුරකතන වලද පහත වැටීමක් දක්නට ලැබෙන බව පවසන එම වාර්ථා අගෝස්තුමාසය වන විට සියයට 7.3ක් පැවති භාවිතාව නොවැම්බරය වන විට සියයට 1ක පහත වැටීමක් දක්වන බවටයි සටහන් වන්නේ. වර්ථමානයේ සියයට 53.7ක භාවිතාවක් දක්වන ඇන්ඩ්‍රොයිඩ් දුරකථය පසුගිය මාස තුල තුල සියයට 1.1ක වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බවටයි සටහන් වන්නේ. ඇපල් හි මොබයිල් මෙහෙයුම් පද්ධතිය සලකන විට වර්ථමානය භාවිතය වන සියයට 35ක භාවිතය පසුගිය මාස තුන තුල .7 කින් ඉහල යාමක් වාර්ථාකරමින් සිටින බවටයි සටහන් වන්නේ.

නම්‍ය තිර දුරකථනය මෙම වසරේ වෙළඳ පොලට......



සැම්සොන් ආයතනයන් ප්‍රථම වරට නම්‍ය තිරයක් සහිත දුරකථනය වෙළඳ පොලට නිකුත්වීමට නියමිත බවටයි  තොරතුරු පවසන්නේ. ක්වාර්ඩ්කෝර් මට්ටමේ ප්‍රොසසරයක් සහිතව අධි සුපැහැදිලි තිරයකින් හා මෙගා පික්සල 13ක ප්‍රබලතාවයෙන් යුත් කැමරාවක්ද සමග මෙම දුරකථනය නිමවී තිබෙන ඇති බවටයි නිල නොවන ලෙසට සටහන් වන්නේ. නම්‍ය තිරයන් සහිත මෙම දුරකථන තිරය රෝල් කල හැකි තරමේ නම්‍යතාවයකින් යුක්තවනු ඇති බවට පැවසෙන අතර නොකියා හා සෝනි වැනි දුරකථන සමාගම් වලට ප්‍රථම තම නිෂ්පාදනය ඉදිරිපත්කරන්නට බලාපොරොත්තු වන බවටයි එම ආයතනය පවසා සිටින්නේ. පූර්න දුරකථනයම නම්‍ය වන නිපැයුමක් යනු තවමත් දුෂ්කර කාරනාවක්ව ඇත්තේ නිපැදවීමේදී සිදුවන අධික වියදම බවට පැවසෙන අතර එය මීලග යුගයේ දුරකථන සමාගම් වල අභියෝගය වනු ඇති බවටයි සැලකෙන්නේ.

සෙයුම් යන්ත්‍ර සමහර වචන තේරුම් ගන්නේ වෙනත් වචන ලෙසටය.....



සෙයුම් යන්ත්‍රය ආශ්‍රිත ක්‍රියාවලිය මහත් සංකීර්නය. ඔබ නිවැරදිව සටහන් කරන දේ සොයාදීම පමනක් නොව වැරදි සහිතව සටහන් කරන වචනයක් හෝ වචන කිහිපයක් ඉදිරියේදී පවා සාර්ථකව ඔබ අදහස් කරන දෑ හදුනා ගෙන තොරතුරුලබා දීම එයට අයිතිවන කාර්ය භාරයකි.ඔවුන් උදා හරනයක් හැටියට පෙන්වන්නේ "how can you sea if money is reel" ලෙසට සෙයුම් යන්තර මත සටහන් කරන වචන පෙලක see හා  reel යන වචන හදුනා ගන්නේ sea හා real ලෙසට වීම හා අනතුරුව ඔබව යොමු කරන්නේ මසුන් ආශ්‍රිත තොරතුරු සහිත වෙබ් අඩවියකට විය හැකි බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තමන්ගේ අවධානය මෙම ගැටලුව වෙත යොමුව ඇති බවත් වඩාත් සාර්ථක ව භාවිතකරන්නා ගේ අදහස හදුනා ගනිමින් වැඩි නිවැරදි තාවයකින් ප්‍රථිපල ලබාදීමේ ක්‍රමවේද සොයා බලමින් සිටින බවකි.

එක්ස්ප්ලොරා 6,7,8, සදහා නිකුත්කල යාවත්කාලීනයන් දුර්වලය.....



ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් පවසන්නේ පසුගිය දිනයකදී මයික්‍රසොෆ්ට් සමාගම විසින් තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8  බ්‍රවුසරයන්හි හදුන ගෙන තිබූ දුර්වලතා ඉලක්ක කරගනිමින් නිකුත්කර තිබූ තාවකාලික පිලිසකර යාවත්කාලිනයන් සාර්ථාක නොවන බවයි. ඔවුන් පවසන්නේ ඉතා පහසුවෙන් එම යාවත්කාලීනයන් මගහරිමින් බ්‍රවුසරයන් වෙත අනවසර පිවිසුම් කරන්නට තමන් සමත්ව ඇති බවයි.ඔවුන් පවසන්නේ දිනයකටත් අඩු කාලයකදී තමන් මෙම හදුනා ගැනීම කරන්නට සමත්වූ බවත් ඉදිරියේදී මයික්‍රසොෆ්ට් සමාගමට මේ පිලිබදව දැනුම් දීමට්තමන් කටයුතු කරමින් සිටින බවකි. අසාධිත වෙබ් අඩවියක ප්ලෑෂ් ගොනු හරහා "පෙර සැකසුම්" දුර්වලතවයක් ඔසේ මෙම පහරදීම කිරීමට අනවසර පිවිසෙන්නන් සමත්ව ඇති අතර මෙම හානිකර බව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9, 10 සදහා බලනොපාන බවටයි සැලකෙන්නේ.

ස්ටාර්ට් හා ලොගින් ස්ක්‍රීන් පසුබිම් මනා ලෙස සැලසුම් කල යුතු ඒවාය.....



මෙහෙට්යුම් පද්ධතියේ වොල්පෙපරය ඉතා කල්පනවෙන් සැලසුම් කල යුත්තකි. ලොවපුරා බිලියන ගනනකගේ දැස් මතට සෑම උදෑසනකම හමුවන මෙම දර්ශනය මනා ලෙස සැලසුම් කොට නොතිබීම මහත් අහිතකර විය හැක.වින්ඩෝස් එක්ස් පී සමග වූ  වෝල්පෙපරය මේ සදහා කදිම උදාහරනයකි. පහත දැක්වෙන්නේ වින්ඩෝස්8 හි ස්ටාර්ට් ස්ක්‍රීනය හා ලොගින් ස්ක්‍රීනය සදහා නිර්මානය කර ඇති මූලික රූසටහන් කිහිපයකි.

 
 
 

2013-01-04

සර්ෆේස් ප්‍රො ජනවාරි 29 නිකුත්වීමට ඉඩ ඇති බවට....

පලවන තොරතුරු පවසන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් නිකුත්වීමට නියමිත මීලග සර්ෆේස් උපකරනය වන සර්ෆේස් ප්‍රො උපකරනය මෙම මස 29 වනිදා වන විට බොහෝදුරට වෙළඳපොල වෙත නිකුත්වීමට ඉඩ ඇති බවයි. එ අනූව මෙම මස 30 සිට එය මිලදී ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. තවමත් වැඩි දුර තොරතුරු හෙලි නොවී තිබුනද පසුගිය කාලයේ ප්‍රකාශ වී තිබුනේ සර්ෆේස් ප්‍රො ගිගා බයිට 64 සංස්කරනය  ඩොලර් 899 කටත් ගිගා බයිට 128 උපකරනය ඩොලර් 999 කටත් මිල වනු ඇති බවටයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...