2012-07-04

ඔබ දත්ත ගොනුවක් පමනී.... -දත්ත මිනිසා-

ටීටාවෙන් නිකුත්වූ සියුම් වූ හඬ අපසියලු දෙනාගේම අවධානය තම තමන්ගේ ටීටා උපකරන වෙත ලබා ගැනීමට සමත් විය.පැලදගත් ටීටාව පලමුව පවසුවේ ඉදිරි විනාඩි පහ ඇතුලත ප්‍රතම දේශනය වෙත සූදානම් වන ලෙසටය. අනතුරුව සියුම් රිද්මයානුකුල හඩක් ටීටාව තුලින් ඇසෙන්නට විය.මනස එකගකරවන තාක්ශනයේ අපූරු ප්‍රථිපයක් ලෙස නිර්මානය වී ඇති මෙවන් අභ්‍යාස පාසැල්වියේදීම අපවෙත හුරුකරවා තිබිනි.මනස නොසන්සුන් වීම කාරුනික අවධානය ලැබ විසදා ගතයුතු ගැලුවක් ලෙස හදුනා ගනිමින් ප්‍රථිචාර දැක්විය යුතු කාරනාවක් ලෙස හදුනාගන්නට පෙර කාලයේ විසූ ගුරුවරුන් කලාතුරකින් අවස්තා වලදී සිසුන්ගේ කන් බෙරයට පවා හානිකරන්නට තරම් නොසංසුන් වූ කාලයයක් ගැන වරක් පියා මට පැවසූ දේ යලිත් මතකට නැගිනි. එම සංගීතය අතර තුල යලිත් ටීටාව පවසා සිටියේ දේශනය සදහා දේශන ශාලාවට හෝ සුවපහසු කැමති ස්ථානයක් ‍තෝරා ගත හැකි බවත් ඉදිරි තප්පර කිහිපය තුල ටීටාව මා සිටින පරිසරය හා මගේ මනසේ එකග බවේ ප්‍රමානය මැන බලන බවත් ටීටා පලදනාවේ දෙනෙත් තිර යුගල හෝ ඊ කියවනය සූදානම් කර ගන්නා ලෙසටත් පැවසිනි. ඊලග තප්පර  කිහිපය අවසන් වන විට මනස පූර්න අවධානය දේශනය දෙසට යොමු කරවා ගන්නට ටීටාව සමත්ව තිබිනි.
                                                          දේශනය ඇරබිනි. මැදි වයසේ වූ දේශකතුමන් සිත්ගන්නා හා ප්‍රානවත් අංග චලනයන් සමග තම දේශනය පවත්වන්නට පටන් ගත්තාය. "ඔබ කවුද යැයි මම ඇසුවොත්? ඔබට බොහෝ පිලිතුරු තිබේවි.ඔබ ඔබ ගැන දකින්න වඩාත් කැමති කෝනයන් ඔස්සේ ඔබ විවිධ දේ කියාවි. එහෙත් මටනම් ඔබ දත්ත ගොනුවක් පමනී.ඔබ අදහන හෝ විස්වාස කරන කිනම් ආකාරයකට නිර්මානය වී තිබුනද, කිනම් අරමුනකට නිර්මානය වී තිබුනද පසුකරමින් සිටින මේ මොහොත මත්තේදී ඔබ දත්ත ගොනුවක් පමනී...........

අප ජාතිය ආගම වැනි සංකල්ප සමහර තැන්වලදී ඉක්මවා යා යුත්තේ.. -දත්ත මිනිසා-


ප්‍රධාන මාවතේ දෙපසට විහිදෙන අතුරු මාවත් වැටී තිබුනේ තැනින් තැන පිහිටි විශාල තුරු ගොමු සෙවනේ ඉදිකොට තිබූ දැවමය කවාකාර මේසයන් හා ඒවායෙන්ම නිමකර තිබූ අසුන් වෙතටය.ආගිය තොරතුරු වලින් පිරුනු උනුසුන් හදුනා ගැනීම් වලින් යුත් අඩ හොරාවක් පමන ගතව යන්නට ඇත.මේ වන විට විවිධ ජාතීන් අතර අගන්තුකයන් හමුවකදී පවා පෙර කල මෙන් මුල්ම හමුවකදී වුවත් මහත් අපහසුවක් දැනෙන ආගන්තුක බවකින් තොර වූවාය. ලොකය මත මීට පෙර යුගයේ මහත් වලංගුව පැවති  දුර හා කාලය පිලිබද සීමාවන් ටීටාවට  පෙර පරම්පරාව සාර්තක ලෙස අවසන්කර තිබිනි. ලොව අන්කෙරවලේ සිටි අයෙකු පවා සජීවීව ත්‍රිමානව තමන් ලගට කැදවාගන්නට අවශ්‍ය වූවේ  සරල හා සුලු වටිනා කමක් ඇති තාක්ශනයක් පමන වීම සාමාන්‍ය දෙයක් විය.කොටින්ම දරුවෙකු තම පෙර පාසැල් වියේදීම තමන් මූලිකව ලෝක පුර වැසියෙකු බවත් දෙවනුව තෙවනුව රට ජාතිය වැනි සංකල්ප වැදගත්වන බවත් තේරුම් ගන්නට අවශ්‍ය පරිසරය නිර්මානයවී තිබිනි.
                                   ඉන්දියානු මිතුරිය තම වසර දස දහසක් පැරනි  අතීත උරුමයේ වූ වටිනාකම් ලෝක ප්‍රවනතා සමග ගලපා ගනිමින් වර්ථාමානයට ගැලපෙන ලෙසට සාර්ථකව නිර්මානය කරගෙන ඇති අයුරු විස්තර කලාය.විවිධ වූ ආගමික සම්ප්‍රදයාන් පසු පස තිබූ සර්ව මිනිස් සත්‍යයන් හොදින් හදුනා ගමින් විද්‍යත්මක මානයන්ගෙන් යලිත් මැන බලමින් සාම්ප්‍රධායික ඉන්දියානුවා සාර්තක පෘතුවි වැසියෙකු ලෙසට දියුනු වූ ආකාරය පැහැදිලි කරන විට ඉතිරි අප සියල්ලෝ දැහැනකට සමවැදී මෙන් සවන්දෙනට වූවාය . රුසියානු තරුනිය අපූරු වදන් පෙලකින් තම මතය හකුලවා දැක්වූවාය. අප ජාතිය ආගම වැනි සංකල්ප සමහර තැන්වලදී ඉක්මවා යා යුත්තේ තම සමාජය තුල තවත් අතරමං වන්නට නොව වඩාත් යහපත් දියුනු භාවිතාවන් ජීවිතය තුලට කැදවා ගැනීම සදහයි. පාසැලේ දැන්වීම් පුවරුවක සටහන් කර තිබූ පාථයක් ඇය මෙලෙස පැවසුවාය.ලෝක පුරවැසියෙකු වන්නට ඔබ සූදානම් විය යුතුය.වසර දසදහසක් පුරා එකම තලය වූ මිනිස් වර්ගයා එකි නෙකා ගෙන් වෙන් කරන්නට සමත්වූ මහත් බාදකයන්වූ, පසුකරන්නට මහත් කාලයක් ගත වන විශාල සාගර බිහිසුනු කදුහෙල්  තවදුරටත් අප එකි නෙකාට බාදා කරන යථාර්තයන් නොවේ.......

නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්....

පරිගණකය වෙත ඔබ බාහිර උපකරනයක් සම්බන්ද කරන හැම විටකම පාහේ පරිගණකය මතට එම උපකරනය විසින් යම් දත්ත ගොනු ප්‍රමානයක් තැන්පත් කරනු ලබයි.එහෙත් පසුව එම උපකරනයන් පරිගණකයෙන් ඉවත්කලද ඉහතකී මෘදුකාංග හෝ රෙජිස්ට්‍රි වල වෙනස් කම් එලෙසම පවතී. කාලයත් සමග නෙක ආකාරයේ විශාල උපකරන ප්‍රමානයක් පරිගණකය සමග මෙලෙස ගනුදෙනු කරමින් ඉවත්ව යන විට සිදුවන තදබදය සැලකිය යුතු තත්වයකට පැමිනේ.මෙම මෘදුකාංගය විසින් එලෙස එකතුවන අනවශ්‍ය ගොනු ඉවත්කරමින් පරිගණකය වෙත සැහැල්ලුවක් ‍රැගෙන එන්නට සමත්වන බවටයි ඔවුන් පවසන්නේ.මෙම මෘදුකාංගය පිලිබද වැඩිදුර විස්තර හා බාගත කරගැනීමේ හැකියාව පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලැබෙනු ඇත.
http://ghostbuster.codeplex.com/downloads/get/380982

ගූගල්+ සමාජ ජාලාවක්ම නොවේ -ගූගල් පවසයි

ගූගල් ආයතනයේ විධායක මට්ටමේ ප්‍රකාශකයෙකු පසුගියදා පවසා සිටියේ ගූගල් + යනු සමාජ ජාලවක් නොවන බවයි. මාසිකව මිලියන 150 පමන සංක්‍රීය භාවිතා කරන්නන් පිරිසක් ඇරබී පලමු වසරතුලදී තමන් වෙත ඇද බැද තබාගන්නට සමත්ව ඇති මෙම අඩවිය පිලිබදව වැඩි දුරටත් පවසා සිටියේ ගූගල් ආයතනයේ සේවා ගොනුවේ මූලිකයා ලෙසින් එම අඩවිය හදුනා ගැනීම වඩාත් නිවරදි වන බවයි. ඔහු පවසන්නේ සමාජ ජාලාවක ලක්ෂන තිබුනද මූලිකව ගූගල් වෙත එන භාවිතාකරන්නන්ගේ ප්‍රධාන දොර‍ටුව ලෙසට ගූගල්+ සැලකීම වඩාත් සුදුසු බවටයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

යල්පැන ගිය අඩුභාවිතාවක් ඇති ගූගල් සේවා කිහිපයක් අවසන් කෙරේ.....

ගූගල් ආයතනය පවසනවා තම සේවාවන් අතරින් භාවිතාකරන්නන් ගෙන් අඩුම ප්‍රතිචාරයක් ලබමින් සිටින සේවාවන් පහක් පමන ඉදිරියේදී අවසන් කරදමන්නට තමන් තීර්නය කර ඇති බව.පසුගිය කාලයේද මෙලෙස සේවාවන් 30 පමන අවසන් කර දමන්නට ගූගල් අයතනය කටයුතු කරනලදී.
                                   "අයි ගූගල්" එලෙස අත්හැර දමන්නට තීර්නය කර ඇති සේවාවන් වලින් ඒකක් වනන් අතර  ආයතනය පවසන්නේ 2005 වසර වන විට අයි ගූගල් සේවාව අරබන විට එලෙස භාවිතාකරන්නන්ගේ කැමැත්ත පරිදි පහසුවෙන් "රියල් ටයිම්" ආකාරයට තොරතුරු රාශියක් පරිගණක මුහුන මතට ගෙන ඒම අපූරු අත්දැකීමක් වූ මුත් අදවන විට ඇප්ස් භාවිතයත් සමග සරල කාරනාවක් වී ඇති බවය.ගූගල් වීඩියෝ සේවාව අවසන් කිරීමේදී යු ටියුබ් වෙත තම වීඩියෝ ගෙනයන්නට හෝ අගෝස්තු 20ට පෙර මකාදම්මට නැති නම් බාගත කරගන්නට භාවිතාකරන්නන් වෙත කාලය ලබාදී ඇති බවටයි ආයතනය පවසන්නේ මෙලෙස අත්හැර දමන්නට තීර්නය කර ඇති අනෙකුත් සේවාවන් අතර Symbian Search App, Google Talk Chatback, Google Mini යන සේවාවන් ඔවුන් දක්වා සිටිනවා.

2012-07-03

සමස්ත ඔ.එස් භාවිතයෙන් 50.2% ක් වින්7 හිමිකරගනී...

වින්ඩෝස් 7 හදුන්වාදී තෙවසරක් ගතව යමින් පවතින වර්ථමානය වන විට  එක්ස්.පී හි භාවිත පරාක්‍රමයට යාන්තමින්  අභියෝග කරන්නට සමත් වෙමින් සිටින බවයි සටහන් වන්නේ. ප්‍රකට ගනනය කරන සමාගමක වාර්තාවලට අනූව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රමයෙන් ආරම්භවෙමින් තිබූ ලොව වඩාත්ම භාවිතවන මෙහෙයුම් පද්ධතියේ ස්ථාවරය වින්ඩෝස් 7 වෙත හිමිකර ගැනීමේ මෙහෙයුම මේවන විට අවසන් වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. එනම් මේ වන විට ලොව සමස්ත මෙහෙයුම් පද්ධති භාවිතයෙන් සියයට 52.2 ක ස්ථාවරයක් වින්ඩෝස් 7 හිමිකරගෙන සිටින බවටයි එම ආයතනය පවසන්නේ.වින්ඩෝස් එක්ස්.පී තවමත් සියයට 30කට ආසන්න භාවිතාවක සිටින අතර විස්ටා සියයට අටක් හා මැක් ඔ.එස් හතක් ලෙසට  පැවසෙනවා.

භාවිතාකරන් පිලිබද තොරතුරු ඉල්ලීම් ඉහලයයි. -‍ටුවිටර්

‍ටුවිටර් ආයතනය දිනකිහිපයකට උඩදී නිකුත් කල  නිවේදනයකින් පැවසුනේ මෙම වසරේ ලොකයේ විවිධ රජයන් විසින් ඔවුන්ගේ භාවිතාකරන්නන් පිලිබදව ඉල්ලා සිටි තොරතුරු හා ‍ටුවිටර් ආයතනය ඒවාට දැක්වූ ප්‍රතිචාරයන් පිලිබදවයි.එම වාර්ථාවට අනූව මෙම වසරේ පලමු මාසය තුල වැඩිම තොරතුරු ඉල්ලීම් ප්‍රමානයක් යොමුකල රජය වන්නේ ඇමරිකා  රජයයි. මෙම කාලය තුලදී මෙම රජය ඉල්ලීම් 679 තුල භාවිතාකරන්නන් 948 පිලිබදව තොරතුරු ඉල්ලා සිටි බවටයි සටහන් වන්නේ.එම ගනනයට අනූව දෙවැනි තැනට සටහන් වන්නේ ජපන් රජය පිලිබදව වන අතර ඉල්ලීම් 98 සමග භාවිතාකරන්නන් 147 පිලිබදව තොරතුරු  ඉල්ලා සිටි බවටයි කියවෙන්නේ. ‍ටුවිටර් පවසන්නේ තමන් විසින් ඇමරිකානු රජයේ ඉල්ලීම් වලින් සියයට 75 කට පමන තොරතුරු සැපයූ බවයි. නෙදර්ලන්තය විසින් කල ඉල්ලීම් වලින් භාගයකට පමන ද ජපානයෙන් හා ඔස්ට්‍රේලියානු ඉල්ලීම් වලින් තුනෙන් එකකට පමන තොරතුරු ලබා දෙන්නට හැකිවූ බවයි වැඩි දුරටත් පවසා සිටින්නේ. මින් වැඩිම ප්‍රමානයක් අපරාධ හා සම්බන්දව කෙරුනු ඉල්ලීම්වූ බවටයි එම ආයතනය පවසා සිටින්නේ.
              පසුගිය වසර හා සසදන විට වැඩි ඉල්ලීම් ප්‍රමානයක් තමන් වෙත ලැබුනු බවත් භාවිතාකරන්නන් සිටි ස්ථානයන් සමාජීය හා දේශපාලනික සබදතා එම තොරතුරු අතර වූ බවත් ඔවුන් පවසනවා.මෙම තොරතුරු චලනයන් පිලිබද විචාරක මතවාද සමබර තත්වයක පවතින බවයි වැඩිදුරටත් සටහන් කල හැකිව ඇත්තේ.

වින්8 උස්තල ගැන්වීමේදී සීමිත කාලයකට වට්ටමක්.....

මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ සීමිත කාලයක් සදහා තම නව මෙහෙයුම් පද්ධතිය වෙත එක්ස්.පී ,විස්ටා හා වින්ඩෝස් 7 වල සිට උස්තල ගැන්වීමේ අවස්ථාව වට්ටම් සහිතව ලබා දීමට කටයුතු කරන බවයි.එය ඩොලර් 39.99 වැනි මුදලකට ඩිජිටල් බාගත කිරීමකදී ලබාගත හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.එහිදී වැඩිදුරටත් පවසා සිටින්නේ දැනට ප්‍රකාශවී ඇති පරිදි  සමාන්‍ය වින්ඩෝස්8 සමග නොපැමිනෙන්නේට නියමිත වොන්ඩෝස් මීඩියා සෙන්ටර් මෘදුකාංගයද ලබාගතැගෙන යාමට හැකි වනු ඇති බවයි.ඔවුන් පවසනවා මෙම උස්තල ගැන්වීම තුලදී වින් 7 භාවිතකරුවන්ට සැහෙන මට්ටමක පෙර භාවිතාවන් පිලිබද තොරතුරු වින් 8 වෙත ‍රැගෙන යාහැකිවනු ඇති මුත් එක්ස්පීභාවිතාකරනන් සදහා නම් තම පෞද්ගලික ගොනුවලට පමනක් එය සීමා වනු ඇති බවයි.මෙම කාලයතුල වින්ඩෝස්8 සංස්කරනය සමාන්‍ය තැටි ආකාරයේ මිලදී ගැනීමකදී ඩොලර් 69.99 වනු ඇති බවටයි පැවසෙන්නේ.

ෆයර්ෆොක්ස් වෙතින් මොබයිල් මෙහෙයුම් පද්ධතියක්......

ෆයර්ෆොක්ස් වෙතින් මොබයිල් මෙහෙයුම් පද්ධතියක්  එලබෙන වසරේ මුල්භාගයේ නිකුත්වනු ඇති බවටයි පැවසෙන්නේ.වෙබ් මූලික ආකාරයේ එච්.ටි.එම්.එල් 5 මිත්‍ර ෆයර් ෆොක්ස් සෙයුම් යන්ත්‍ර තාක්ශනය පදනම් කරගන්නා මෙම නව නිකුතුව පදනම් කරගෙන නිර්මානය වන උපකරනයන් සදහා දැනටමත් නිෂ්පාදකයින් කිහිපදෙනෙක් ඉදිරිපත්වී ඇති බවටත් එලබෙන වසරේ මුල්භාගයේ බ්‍රසීලයේදී අඩු වියදම්, ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සහිත උපකරන එලිදක්වනු ඇති බවටත් පැවසෙනවා.

2012-07-02

වී.එල්.සී ප්ලේයරයේ බීටාවක් ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත්වේ....

ඇන්ඩ්‍රොයිඩ් උපකරන භාවිතාකරන්නන් වෙත නිකුත්වන අලුත්ම පුවතකට අනූව කියවෙන්නේ ලොව ප්‍රකට මීඩියා ප්ලේයරයක් වන වී.එල්.සී වෙතින් ඇන්ඩ්‍රොයිඩ් මිත්‍ර සංස්කරනයක බීටාව මේ වනවිට නිකුත්ව ඇතිබවයි.මෙම සංස්කරනයේ සීමිත බව අවසන් සංස්කරනයේදී ඉවත්වෙනු ඇති බවට බලාපොරොත්තු පලවන අතර  උපකරන කිහිපයක් අතර චලනපට හුවමාරුව , දෘඩාංග තීව්‍රකරනය වැනි ගුනාංග කිහිපයකින් එය සමන්විත වනු ඇති බවටයි පැවසෙන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි වනු ඇත.
https://play.google.com/store/apps/details?id=org.videolan.vlc.betav7neon&feature=search_result#?t=W251bGwsMSwyLDEsIm9yZy52aWRlb2xhbi52bGMuYmV0YXY3bmVvbiJd

ඔෆීෆ් 2013 ප්‍රථම බීටාව එලබෙන සතියේ.........

පලවන නවතම වාර්ථා පවසන්නේ බොහෝ විට ඔෆීස් 2013 හි ප්‍රථම බීටා නිකුතුව එලබෙන සතිය තුල නිකුත්වීමට ඉඩ ඇති බවයි.ඔෆීස් 2013 සමග පැමිනෙන්නට නියමිත නවාංග අතරට පී.ඩී.එෆ් ගොනු විවෘත කිරීම හා එඩිට් කිරීමේ හැකියාවද ඔෆීස් මෘදුකාංග කට්ටලයේ වර්ඩ්  සමග වනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.ඔෆීස් 2010 සමග ප්‍රථම වරට වර්ඩ් සමග ගොනුවක් පීඩීඑෆ් ලෙසට ලබාගැනීමේ හැකියාව ලබා දෙනු ලැබුවා.
                    දැනට පිඩීඑෆ් ගොනුවක් විවෘත කිරීමේදී අමතර මෘදුකාංගයක් ලබාගෙන එය පවත්වාගෙන යාමේ අපහසුව මේ සමග අවසන් වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. එසේම වින්ඩෝස් 8 සමගද පීඩීඑෆ් කියවනයක් පැමිනීමේ පොරොන්දුව වින්8 අවසන් බීටාව සමගද තහවුරුවී තිබුනා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...