2011-09-27

වින්8 සමග ඔබේ භාවිතාවන් ඔබේ පරිගණකයෙන් මිදෙනු ඇත

වින්8 තම භාවිතාකරන්නන් වෙත තම වින්ඩෝස් ලයිව් ගිනුම  වෙත පිවිසීම අවස්ථාවක් ලබා දිමෙන් ප්‍රධානකොට වන බලාපොරොත්තුවක් ලෙස පැවසෙන්නේ වෙනත් පරිගණකයකින් පවා අපහසුවකින් තොරව තම ගොනු නැවත භාවිතයට ඉඩ සැල සීම බවයි ඔවුන් පවසන්නේ.මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙකුට අනූව භාවිතාකරන්නන් මුහුන දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස තම එක් පරිගණකයකට සීමාවීම මෙමගින් අවසන් කරන්නට ආරම්භවනු ඇති බවට බලා පොරොත්තු තබා ඇති බවටයි කරුනු පලවෙන්නේ. ඔහු වැඩිදුරත් කියා සිටින්නේ වින්ඩෝස් ලයිව් ගිනුමට ඇතුලුවීම තුලින් තම ගොනු වල සමන්තර පිටපතක්  හා සැකසුම් වල පිටපතක් තන්පත් කිරීම තුලින් පසුව වෙනත් පරිගණකයකින්  තම ලයිව් ගිනුමට පිවිසීම තුලින් අපහසුවකින් තොරව තම කටයුතු ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව ලැබෙන බවයි. මෙම පහසුව ඔවුන් සරලව කරුනු තුනකට ගොනුකොට මෙසේ දක්වා තිබෙනවා.
 @ වඩත් පොදු වින්ඩෝස් සැකසුම්  ඔබේ ලයිව් ගිනුමේ සමාන්තරකරනය කල පිටපතක් ලෙස ‍රැදවීම තුලින් පසුව වෙනත් පරිගනකයකින් පිවිසීමේදී ලබා ගන්නට හැකිවන සුපුරුදු වින්ඩෝස් වට පිටාව ඔබ වඩාත් පහසු කරන බව,
@මෙට්‍රෝ ආකාරයේ මුනුනතක් භවිතයේදී අවසන් බාවිතාවේ අතරමගන සිට පවා ඉදිරියට යාමට පහසුව සැලසෙන බව,
@ නිවැරදිව අවසර ලබාදී ඇතිනම් ස්වංක්‍රීයව ඔබේ ක්‍රියාකාරකම් වල සමාන්තර පිටපතක්  එහි තැන්පත්වීම.
        කරුනු එසේමුත් මෙම සමාන්තර පිටපත් කරනය සම්පූර්නයෙන් පාලනය කිරීමේ අයිතිය භාවිතාකරන්නා සතුවන බවයි කියවෙන්නේ. සම්පූර්න හෝ ‍තෝරාගත් හෝ කිසිසේත්ම නැති ලෙස මෙම අවස්තා තොරා ගත හැකිවන බවටයි ඔවුන් පවසන්නේ.

ගූගල්+ අධිවේගයෙන් ඉදිරියට....

ගූගල්+ වෙත භාවිතා කරන්නන් කැදවා ගැනීමේ සීමා මායිම් මැතකදී ඉවත් කරනු ලැබීය. වෙබ් විස්ලේශන සමාගමක ගනනය කිරීමකට අනූව එම සීමා මායිම් ඉවත් කිරීමත් සමග ගූගල්+ වෙත භාවිතා කරන්නන් සපැමිනීමේ වේගයේ ඉහලයෑම  සියයට 1,269 ලෙස ඉහල ගොස් ඇති බවටයි පැවසෙන්නේ. සතියක් තුල මිලියන 15 පිවිසීම් සමග අඩවිය වෙත පිවිසීම අනූව ගනනය කරන විට 54 වන ස්ථානයේ පසුවූ ගූගල්+ 8වන ස්ථානයට සමාජ ජාලා අඩවි අතරින් තම ස්ථාවරය වර්ධනය කරගෙන ඇති බවටයි පැවසෙන්නේ.වැඩි දුරටත් එම ආයතනය පවසා සිටින්නේ මෙම ගනනයන් මීටත් වඩා වැඩිවීමට ඉඩ ඇති බවයි. ඔවුන් පවසනවා තම ගනනයන් සදහා උපයෝගී කරගත් දත්තයන් ප්‍රමානයට මොබයිල් ආකාරයේ උපකරන භාවිතයෙන් සිදුවූ පිවිසීම් ඇතුලත් නොවන බව.
                    තවත් කෙටිකාලීන ගනනයකට අනූව ගූගල්+ යනු ලොව සමාජ ජාලා අතරින් තෙවන තැන පසුවන බවත්  "MySpace" මිලියන 16.3 ක සැපැමිනීම් සංක්‍යාවක් ද " LinkedIn"  මිලියන 17.8 සංක්‍යාවක් ද හිමිකරගෙන පසුගිය 24 වෙනිදායි අවසන් වූ සතිය තුල ඉදිරියෙන් සිටිය බවටත් පැවසෙනවා.
    සමස්තයක් ලෙස සලකන විටදී  තවමත් ෆේස්බුක් අඩවිය සතිය කට බිලියන 1.7 සැපමිනීම් හිමි කරගෙන ප්‍රථම ස්ථානයටත් මිලියන 530 වාර්ථාකර ගනිමින් යු ටියුබ් ආයතනය දෙවන ස්ථානයටත් මිලියන 33 වාර්ථා කර ගනිමින් තෙවන තැනටත් තවම ‍රැදී සිටින්නට හැකිව ඇති බවටයි කියවෙන්නේ.

2011-09-25

අන්තර්ජාල භාවිතය මූලික අවශ්‍යතාවයක් වෙමින් පවතින බවට

ප්‍රකට ආයතනයක් පසුගිය කාලයේ පවත්වන ලද කරුනු විමසීමකින් හෙලිවී ඇත්තේ ලෝකයේ අන්තර්ජාල භාවිතය මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වෙමින් ඇති බවය. පුද්ගලයන් 2853කගේ සහභාගීත්වයෙන් පැවති මෙම කරුනු විමසීමේදී පාසැල් සිසුන්ගෙන්සියයට 55 ප්‍රකාශකර සිට ඇත්තේ අන්තර්ජාල භාවිතයෙන් තොරව තමන්ට පැවතිය නොහැකි  බව වන අතර මැතකදී ‍රැකියාවට යොමුවූ පිරිස් අතරින් සියයට 62 මෙම තත්වය අනුමත කර ඇත. මෙම දෙපිරිස අත්‍රින් සියයට 30 මතය වී ඇත්තේ  අන්තර්ජාල ඇසුරින් තොරව විසිය හැකි වුවද එය අභියෝගාත්මක උත්සාහයක් වනු ඇති බවයි.
               සහභාගීවූ පාසැල් සිසුන්ගෙන් සියයට 77 ප්‍රකාශකර තිබුනේ තමන් පුවත් හා අනෙකුත් තොරතුරු ලබා ගන්නා ප්‍රධාන මාද්‍ය ලෙස භාවිතාකරන්නේ අන්තර්ජාලය බවයි. රූපවාහිනිය හා පුවත්පත් වලින් තොරතුරු ලබා ගැනීම ප්‍රමුක කොට සලකන්නන්ගේ ප්‍රතිශතය සියයට 7 තරම් වූ අඩු අගයක් ගෙන තිබුනා. මැතකදී ‍රැකියාවලට යොමුවූ කොටස අතරින් සියයට 81 දෛනිකව ෆේස්බුක් පරිහරනය කරන බවටත් ‍ටුවිටර් දෛනික භාවිතය සියයට 42 අගයක් ගෙන තිබූ අතර සිසුන් අතරින් සංගීතයට සවන්දීම සියයට 10 ක්, මිතුරියක්  හෝ මිතුරෙකු හමුවීම සියයට 13ක් , විනෝද අවස්තාවලට සහභාගී වීම සියයට 25 ප්‍රමුකතාවය දී තිබූ අතර සියයට 40 ප්‍රකාශ කර තිබුනේ අන්තර්ජාලය ඇසුර ප්‍රධාන බවයි.

2011-09-24

වින්8 සමග අත්දැකීමක්.......

වින්8 පෙර බීටා සංස්කරනයක් ලෙස ඉතා මෑතකදී එලිදැක්විනි. ඩෙස්ටොප් යන්ත්‍රයක් සමග වින්8 අත්දැකීම  කෙසේවේදැයි අත්හදා බැලීම අපගේ අරමුන විය. මෙම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වින්7 හා බෙහෙවින් සමාන බව මුලින්ම අප පැවසිය යුතුය. කල්පනාකාරී විය යුතු තැන නම් වින්ඩෝස් ලයිව් ගිනුමක් ඔබ සතුවිය යුතු බවයි.එහෙත් එසේත් නැතිව පෞද්ගලික මගේ පරිගණකයට සිමා වූ ගිනුමක් ලෙසද එය භාවිතා කල හැකි වුවද මෙට්‍රෝ යුසර් ඉන්ටර්පේස් ඇපය හෝ වින්8 ඇප් ස්ටෝර් භාවිතය සදහානම් වින්ඩෝස් ලයිව්  ගිනුමක් අවශ්‍ය වනු ඇත. මෙට්‍රෝ ආකාරයේ මුහුනත ස්පර්ශක තිර භාවිතය ඉලක්ක කරගෙන නිර්මානය වී ඇත. කීබෝඩය හා මවුසය ආධාරයෙන් එය සමග ගනුදෙනු කල හැකි වුවද පැරනි ස්ටාර්ට් මෙනුව සමහර විට පහසු බවක් ගෙනෙනු ඇත. එනමුත් පැරනි ස්ටාර්ට් මෙනුවේ අංග බහුලවීම තුල දෘශ්‍ය භාවය මදක් අපහසු වීමට ඉඩ ඇත.
      කලාතුරකින් මතුවූ අපහසුතාවයක් හැරුනු විට වින්ඩෝස් ඔෆ්ෆීස් 2010 සාර්ථකව ධාවනය කල හැකිවිය. වර්ඩ් මෘදුකාංගයෙන් ඉවතට පැමිනෙන්නට තැත්කරන විටනම් එය නව මෙහෙයුම් පද්ධතියත් සමග නොගැලපීමේ නිවේදනයක් සහිත සටහනක් තිරය මතට පැමිනිනි. එසේමුත් මෘදුකාංග ධාවනය බිදවැටීම නිසා දත්ත හානියක් නම් සිදු නොවිනි. ඇඩොබි පොටෝෂොප් වල සී.එස්5 සංස්කරනය සමග නම් සංකීරනතා රාශියක් ඇතිවිය. ඇඩොබේ මාර්ස්ටර් සී.එස් ස්ථපනයේ සිටම මෙම ගැටලුව දැකිය හැකි විය. කෙසේ මුත් වැඩි ඇප්ස් ප්‍රමානයක් භාවිතයේදීනම් "සර්ච්" උපාංගය දෘශ්‍ය අපහසුවක් ගෙනෙන බව දැකිය හැකිවනු ඇත.
        වින්8 පෙර බීට සංස්කරනය පරිගණක ක්‍රීඩා කිහිපයකින් සමන්විතය.
     

චලන පටවල ද්විමාන බව ත්‍රිමාන කිරීමේ පහසුව යු ටියුබ් වෙතින්......

යු ටියුබ් වෙත නව පහසුකම් කීපයක් එක් කර ඇති බවට තොරතුරු පලවෙනවා. මේවා අතරට ද්විමාන වීඩියෝ වක් ත්‍රිමාන වීඩියෝවක් බවට පත්කරගන්නට භාවිතා කල හැකි මෘදුකාංග පහසුකමක බීටා සංස්කරනයක් මෙන්ම තම අඩවිය තුල රදවන වීඩියෝවක ධවන කාලය විනාඩි 15 කටවූ  සීමාව ඉවත් කිරීම ඔවුන් පෙන්වා දෙනවා. තවමත් බොහෝ උපකරන තුලින් ත්‍රිමාන වීඩියෝ දර්ශන නැරබීමේදී ත්‍රිමන නෙත් පලදනාවක අවශ්‍යතාවය පවතින බවටත් වැඩි දුරටත් පැවසෙනවා.
                     ධාවන කලය වින්න 15කට සීමා කිරීම තුලින් නිර්මාන අයිතිය පැහැර ගැනීම් සීමා කරන්නට  හැකිවූ බවත් නව සීමා ඉවත්කිරීම තුලදී "කන්ටෙන්ට් අයි.ඩි." ක්‍රමවේදය තුලින්  නිර්මාන අයිතිය සුරකීම සාර්තකව කරන්නට හැකිවන බවට තමන් බලාපොරොත්තු වන බවයි පවසා සිටින්නේ. පසුගිය දා හදුන්වා දුන් වීඩියෝ සංස්කරන නවාංගය සර්තකව භාවිතා කරන්නන් අතරට ගොස් ඇති බවටයි වැඩිදුරටත් සටහන් වන්නේ.

යු.එස්.බී 3.0 "ඩේටා ගාඩියන්"

වඩා වේගවත් ආරක්ශිත මෙන්ම හානිකර මෘදුකාංග ප්‍රතිරෝධී යු.එස්.බී 3.0 "ඩේටා ගාඩියන්" උපකරනය එලබෙන මාසයේ සිට වෙළද පොල වෙතින් ලබා ගන්නට හැකිවනු ඇති බවටයි සටහන් වන්නේ. ගිගා බයිට් 8 ක දාරිතාවක් සහිත ඩ්‍රයිව් එකක් ඩොලර් 24 ලෙස මිල කරන්නට නියමිත බවටයි තොරතුරු සටහන් වන්නේ.
                    යු.එස්.බී 3.0 සබදතාවයක් තුලදී   තප්පරයකට මෙගා බයිට් 85  දක්වා කියවන  වේගයක් ගත හැකි හා  තප්පරයකට මෙගා බයිට් 40ක ලියන වේගයක් ගත හැකි වෙතැයි පවසන මෙම ඩ්‍රයිව් උපකරනය යු.එස්.බි 2.0 සබද තාවයකට සම්බන්ද කල විට තප්පරයකට මෙගා බයිට් 37 හා 27 ක වේගයක් ගනු ඇති බවටයි පැවසෙන්නේ.
                        අවසර පදයක භාවිතයකින් පමනක් විවෘත කලහැකි මෙම උපකරනය "ඔටෝ රන්" ආකාරයේ අහිතකර මෘදුකාංග සදහා සාර්තක පිලිතුරක් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.

2011-09-23

F8 ඇරබේ, ෆේස්බුක් ඉතිහාසයේ දැවැන්තම වෙනස්කම්......

 තරගකාර සගයා ෆේස්බුක්  හොදින්ම අවදිකරව ඇති සේය. F8 අමතමින් එහි නිර්මාතෘ නවතම හදුන්වා දීම් දෙකක් ගැන සදහන් කර සිටියේය. "ටයිම් ලයින්" ඔබේ ෆේස්බුක් ජීවිතය කතාවක් ලෙස විදහාලනු ඇත."සියල්ල.. ඔබේ සියලු ඇප් භාවිතාවන් ඔබේ පලකිරීම් සියල්ල සමග සකස්වන මෙම නවතම හදුන්වාදීම ඔබ පිලිබදව පැහැදිලි හදුන්වා දීමක් වනු ඇත" ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය. ටයිම් ලයින් නවාංගය බීටා සංස්කරනයක් ලෙස භාවිතාකරනන් වෙත මුදා හැරීම අරබා ඇති බවටයි එහිදී පැවසුනේ.
     ටයිම් ලයිනය තුල මූලිකව හිත මිතුරන්ගේ බෙදා හැනීම් දැක්වෙන අතර වසර මාසය සතිය ආදී ලෙස අතීතය තුලට ගමන් කරමින් ෆේස්බුක් ජිවිතය පැහැදිලි කරගන්නට හැකිවනු ඇත. අමතරව "බිං" මැප් තුලින් මෙම ගොනුකීරීම දෘශ්‍ය දැක්මකට පෙරලා දෙනු ඇත.(සවිස්තර සංස්කරනයක් බලාපොරොත්තු වන්න)

2011-09-21

වින්8 ටැබ් යන්ත්‍ර eBay වල අලවිය සදහා...

පසුගිය දිනවල මයික්‍රොසොෆ්ට් ආයතනය වින්8 සංවර්ධකයන්ගේ ‍රැස්වීමේදී බෙදා හරිනු ලැබු වින් 8 (සංවර්ධක) සංස්කරනය සහිත ටැබ් යන්ත්‍රයන් කිහිපයක්  ප්‍රසිද්ධ අලවි වෙබ් අඩවියක වෙන්දේසිය සදහා ඉදිරිපත් කර ඇති බවට තොරතුරු පලවෙනවා. සහභාගිවූවන් 5000 අතර නොමිලේ බෙදා හරිනු ලැබූ මෙම සැම්සොන් වර්ගයට අයත් මෙම ටැබයන් මූලික වටිනා කම ලෙස මිල කොට ඇත්තේ ඩොලර් දෙදහත් - දෙදහස් තුන්සීයත් අතර බවයි පලවන්නේ.

අඩොබේ ප්ලැෂ් 11 සමග යලි කරලියට.....

එලබෙන දෙසතිය තුලදී ඇඩොබී ප්ලැෂ් තම නව සංස්කරනයත් සමග වෙබ් අවකාශයතුල තම ස්ථාවරය ‍රැක ගැනීමේ සටනට පිවිසෙන්නට නියමිත බවටයි තොරතුරු පලවෙන්නේ.ද්විමාන හා ත්‍රිමාන කරනයේදී මෙන්ම දෘඩාංග තීවරත්වය වැඩි කිරීමේ නවාංග සමග තම නව සංස්කරනය සූදානමින් ඇති බවයි ඔවුන් පවසන්නේ. ඇපල් හා මයික්‍රසොෆ්ට් ආයතන තම වෙබ්බ්‍රවුසරයන් සමග අමතර එකතුකරනයන් අවම කිරීමේ තීර්නය තුලදී අභියෝගයකට ලක්වී සිටින ප්ලැෂ් ප්ලේයරය සදහා තම ආයතනයේ  අවධානය තවමත් පවතින බවටත් එය දියුනු කිරීම සදහා ආයෝජනයන් තමන් සිදු කරමින් පවතින බවටත් මෙම නව සංස්කරනය සමග කරුනු තහවුරු වන බවටයි ඔවුන් කරුනු දක්වා සිටින්නේ.
         "ග්‍රැ‍ෆික් යුනිට්" එක තුලට කෙලින්ම පරිහරනයට ලක්කිරීම තුලින් පැරනි සංස්කරන හා සාපේක්ශව දහස් ගුනයක වේගයේ දියුනුවක් අත්පත් කරගන්නට නව සංස්කරනය සමත්ව ඇති බවයි සටහන්වන්නේ.

ගූගල්+ සීමාසහිත භාවිතය ඉවතට.....


ගූග්ල්+ සීමිත භාවිතාකරනන් සදහා වූ කාලය අවසන්ව ඇති බවයි සටහන් වන්නේ. ඒ අනූව මේ වන විට තවත් භාවිතා කරන්නෙකුගේ ආරාධනවකින් තොරව ගූගලෙ+ ඔබේ ගිනුම විවෘත කරගන්නට අවස්ථාව ලැබී ඇති බවටයි සටහන් වන්නේ. එසේම එය බීටා සංස්කරනයක් ලෙසටද උස්තත්ව ගතකිරීමක් කර ඇති බවත් සටහන් වනවා.
           ෆේස්බුක් හි එෆ්8 සම්මන්ත්‍රනයට දින දෙකකට පෙර සිදුවූ මෙම වෙනස් කම සමග නවාංග කිහිපයක් හදුන්වාදීමේ සැලසුම් ඇති බවටයි විචාරකයින් පවසන්නේ. සමහර විටක එයි එක් අංගයක් ෆේස්බුක් මගෙහි යමින් නව සංගීත රසවිදීමේ අවස්ථාවකින්ද සමන් විත වන්නට ඇති බවටයි හදාරනන් පවසන්නේ.නව තත්වයන් යටතේ අනරොයිඩ් මෙන්ම ඇපල් ජංගම මෙහෙයුම් පද්ධති යටතේ ගූග්ලෙ+ භාවිතය සදහා මින් ඉදිරියට හැකිවන බවයි පැවසෙන්නේ.

2011-09-19

හානිකර මෘදුකාංග අඩංගු ඊමේල් වරකට විශාල ප්‍රමානවල් වලින් මුදා හැරීම්

හානිකර මෘදුකාංග අඩංගු ඊමේල් වරකට විශාල ප්‍රමානවල් වලින් මුදා හැරීම්  අවස්ථා කිහිපයක් පසුගිය මාසයේ සිට වාර්ථාවෙමින් තිබෙන බවට තොරතුරු පලවෙනවා. වරකට මිලියන ගනනක ඊමේලයන්  වෙබ් අවකාශයට මුදා හරිමින් ගොඩ නගන්නට තැත් කරන බොට් ආකාරයේ පරිගනක  හමුදාව ඔවුන් යොදවන්නට තැත්කරන්නේ මොන ආකාරයේ අරමුනක් සදහාදැයි අපැහැදිලි නමුත් බිලියන 25 ක පමන ඊමේල් මුදාහැරීම් අගෝස්තු මාසයතුල පමනක් පස් වතාවකින් වාර්ථාවන  බවත් සාර්තකවීමේ ප්‍රවනතාවය ඉහල මට්ටමක ඇති මෙම ඊමේල පහරදීම් වලදී  "යුපීඑස්" නතිනම් "ෆෙඩෙක්ස්" ආදී සම්බන්දිත ඊමේලයන් ද තවත් විටකදී "මැප් ඔෆ් ලවු" නමින් කල පීඩීඑෆ් ෆයිලයක් සහිත ඒවා වූ අතර තවකක් සමන් විතවුයේ හෝටල් කඹර වෙන් කිරීමක් සම්බන්දයෙන් බවයි සදහන් වන්නේ. වරක් ආසාදිත වූවිට තවත් හානිකර මෘදුකාංග වලට ඇතුලුවීමට පහසුකම් සලසන මෙම ආකාරයේ ඊමේල ප්‍රහාරයන් ගැන වැලකිලි මත්වන ලෙසයි හදාරන්නන් පවසන්නේ

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...