වින්8 පෙර බීටා සංස්කරනයක් ලෙස ඉතා මෑතකදී එලිදැක්විනි. ඩෙස්ටොප් යන්ත්‍රයක් සමග වින්8 අත්දැකීම කෙසේවේදැයි අත්හදා බැලීම අපගේ අරමුන විය. මෙම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වින්7 හා බෙහෙවින් සමාන බව මුලින්ම අප පැවසිය යුතුය. කල්පනාකාරී විය යුතු තැන නම් වින්ඩෝස් ලයිව් ගිනුමක් ඔබ සතුවිය යුතු බවයි.එහෙත් එසේත් නැතිව පෞද්ගලික මගේ පරිගණකයට සිමා වූ ගිනුමක් ලෙසද එය භාවිතා කල හැකි වුවද මෙට්‍රෝ යුසර් ඉන්ටර්පේස් ඇපය හෝ වින්8 ඇප් ස්ටෝර් භාවිතය සදහානම් වින්ඩෝස් ලයිව් ගිනුමක් අවශ්‍ය වනු ඇත. මෙට්‍රෝ ආකාරයේ මුහුනත ස්පර්ශක තිර භාවිතය ඉලක්ක කරගෙන නිර්මානය වී ඇත. කීබෝඩය හා මවුසය ආධාරයෙන් එය සමග ගනුදෙනු කල හැකි වුවද පැරනි ස්ටාර්ට් මෙනුව සමහර විට පහසු බවක් ගෙනෙනු ඇත. එනමුත් පැරනි ස්ටාර්ට් මෙනුවේ අංග බහුලවීම තුල දෘශ්‍ය භාවය මදක් අපහසු වීමට ඉඩ ඇත.
කලාතුරකින් මතුවූ අපහසුතාවයක් හැරුනු විට වින්ඩෝස් ඔෆ්ෆීස් 2010 සාර්ථකව ධාවනය කල හැකිවිය. වර්ඩ් මෘදුකාංගයෙන් ඉවතට පැමිනෙන්නට තැත්කරන විටනම් එය නව මෙහෙයුම් පද්ධතියත් සමග නොගැලපීමේ නිවේදනයක් සහිත සටහනක් තිරය මතට පැමිනිනි. එසේමුත් මෘදුකාංග ධාවනය බිදවැටීම නිසා දත්ත හානියක් නම් සිදු නොවිනි. ඇඩොබි පොටෝෂොප් වල සී.එස්5 සංස්කරනය සමග නම් සංකීරනතා රාශියක් ඇතිවිය. ඇඩොබේ මාර්ස්ටර් සී.එස් ස්ථපනයේ සිටම මෙම ගැටලුව දැකිය හැකි විය. කෙසේ මුත් වැඩි ඇප්ස් ප්‍රමානයක් භාවිතයේදීනම් "සර්ච්" උපාංගය දෘශ්‍ය අපහසුවක් ගෙනෙන බව දැකිය හැකිවනු ඇත.
වින්8 පෙර බීට සංස්කරනය පරිගණක ක්‍රීඩා කිහිපයකින් සමන්විතය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...