2022-04-02

Windows / Android අතර වැඩි සුහද බවක් සදහා ...

මෙහෙයුම් පද්ධති අතර කලාපය තවදුරටත් භාවිතාකරන්නා දෙසින් මෙන්ම  ඒවායේ නිර්මාපකයන් දෙසින්ද මහත් බාදාවක්ව තිබේ. දෛනික ජීවිතය වඩා වන උපාංග බහුල වන විට මෙන්ම ඒවායේ විවිධ වන මෙහෙයුම් පද්ධති වන විට තත්වය සංකීර්නවීම හැම අතින්ම අභියෝගයක්වීම දැකිය හැකිය. Microsoft සමාගමද තම මෙහෙයුම් පද්ධතිය හා Android අතර අවකාශය වඩාත් සුහද වන විසඳුම් තලයක් සදහා නව team එකක් යොදවන්නට කටයුතු කරන බවට වාර්ථාවෙමින් තිබෙනවා. ඔවුන් විසින් Surface Duo software, Phone Link (Your Phone), Microsoft Launcher වැනි ව්‍යාපෘති සදහා අවධානය යොමුකරනු ඇති බවට කියවෙනවා. දැනටමත් Windows 11 වල සිට Phone Link app ඔස්සේ texts, notifications, calls වැනි හැකියාවන් භාවිතයට සහය දෙන අතර screen mirroring පමනක් නොව Android apps ධාවනයට සහය වීමට ද කටයුතු කෙරෙමින් පවතිනවා. Microsoft ආයතනය තම ව්‍යායාමය පැහැදිලි කරන්නේ iPhones / Macs වැනි ආකාරයේ සුහද බවක් Windows / Android අතරට ගෙන ඒම බවයි.
Pubudu Siriwansa


 

2022-04-01

පිලිසකර කිහිපයක් සමග iOS 15.4.1 පැමින ඇත.

Apple පවසන්නේ තමන් iOS 15.4.1 නම්ව minor update එකක් iPhone / iPad devices සදහා නිකුත් කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් වෙතින් පැමිනිලි වෙමින් තිබූ iPhone වල battery drain ගැටළුව සදහාද මෙම නිකුතුව පිලිසකර ‍රැගෙන එන බවයි. එසේම මෙම පැමිනීම  bug fixes කිහිපයක් මිස නවාංග ‍රැගෙන එන්නට කටයුතු නොකරන බවයි. වැඩි දුරටත් පෙර කී battery drain ගැටළුව පැහැදිලි කරන එම ආයතනය පවසන්නේ software update එකකින් පසුව battery drain තත්වය සාමාන්‍ය බවත් පැය 48ක් වන විට අදාල සුසරවීම් වලින් අනතුරුව ගැටළුව නොපවතින බවයි. මෙම iOS 15.4.1 / iPadOS 15.4.1 සංස්කරනයන් සියළුම අදාල eligible devices සදහා වන අතර ඒ සදහා පිවිසීමට Settings > General > Software Update. ඔස්සේ හැකිවනු ඇති බවයි.
Pubudu Siriwansa

 

2022-03-31

Microsoft Edge වලටද ආරක්ෂක උස්තල ගැන්වීමක්.

Google Chrome මෙන්ම Microsoft Edge වල  JavaScript engine බලගැන්වුම වන Chromium වන open-source codebase ඔස්සේ පැමිනෙන දුර්වලතාවයක් නිසා විය හැකි හානිකරමට තත්වය මග හරින්නට අවශ්‍ය Chromium security fixes කෙරෙහි තම අවධානය යොමුව ඇති බවට Microsoft ආයතනයද පවසනවා. Microsoft මෙන්ම Google යන ආයතනයන් දෙකම මෙම security hole පිලිබඳව වැඩිපුර තොරතුරු පැහැදිලි නොකරන මුත් urgent update ගැන අවධාරනය කරමින් සිටිනවා. Microsoft සමාගම පවසන්නේ edge://settings/help ඔස්සේ පිවිස(address bar / hit Enter)නව යාවත්කාලීනය වෙතට පැමිනෙන්නට හැකි බවයි. ලොව පවතින කලබලකාරී පරිසරය පහර දෙන්නන්ගේ වඩාත් ප්‍රිය පරිසරයක් ලබා දෙමින් ඇති අතර භාවිතාකරන්නන් වඩාත් අවධානයෙන් සිට Digital අනතුරුවලින් වැලකෙන්නට කටයුතු කිරීම වැදගත් බවට උපදෙස් දෙමින් පවතිනවා.
Pubudu Siriwansa


 

Chrome 100 සංස්කරනය නිකුත්ව ඇත.


Chrome 100 සංස්කරනය මේ වන විට නිකුත්ව ඇත. Google Chrome වල පලමු සංස්කරනය සමග සැලකීමේදී වසර 13කට පසුව පැමිනෙන මෙම නව සංස්කරනය සමග "high severity" මට්ටමේ  bug එකක් සදහා වන පිලිසකරයක්ද වන බවට පවසන අතර ඉක්මනින් නව සංස්කරනය සදහා තම බ්‍රවුසර මෘදුකාංගය උස්තල්ක ගන්වා ගැනීම වැදගත් බවට පැහැදිලි කරනවා. එසේම නවසංකරනය සමග Chrome logo එකේ සිටම වන නව වෙනස්කම් ගැනද පැහැදිලි කරන අතර mute tabs සදහා single click හැකියාවක්, දියුනු කල Data Saver mode හැකියාව,  Android සංකරනය සදහා නව පහසුකිරීම් රාශියක් ගැනද පැහැදිලි කරනවා. Google Chrome වල ලොවපුරා භාවිතාව බිලියන 3.2 ලෙසට ගැනෙනවා.ආයතනය උපදෙස් දෙන්නේ PC, Mac, Android වැනි කිනම් සංස්කරනයක් භාවිතාකලද නව සංස්කරනය සදහා පැමිනීම hack attacks සදහා විවරවීමෙන් ගැලවී සිටින්නට උපකාරී වනු ඇති බවයි.
Pubudu Siriwansa

2022-03-22

5G විසින් 4G ඉක්මවීම පසුගිය ජනවාරියේ සටහන්වී අවසන්.

5G smartphones එලබෙන යුගයේ බහුල වන්නට නියමිත භවිතාව වෙමින් ඇති බවට අනාවකි පලකරමින් පසුගිය ජනවාරියේ  4G modem inside උපාංග අලවිය පරයමින් 5G modem inside ඉදිරියට පැමිනෙමින් තිබෙන බවට වාර්ථා වෙමින් තිබෙනවා. 2019 හඳුන්වාදුන් 5G-capable models වල ඉල්ලුම ප්‍රථම වතාවට 4G-capable models ඉක්මවා යන්නට සමත්ව තිබෙනවා. පෙර කී  January 2022 වාර්ථාවට අනූව 5G modem inside handsets වල අලවිය සමස්ථ වෙළඳ පොලෙන් 51% ලෙසට වාර්ථාවන අතර China වලදී මෙම පැමිනීමේ වැඩිම ප්‍රවනතාවයක් පෙන්ව අතර Western Europe හා North America වල ද ඉදිරියෙන් වන බවට වාර්ථාවේ.  5G adoption සදහා වන ප්‍රවනතාවය China වලදී 84% ලෙසට සටහන් වන අතර චයිනාවල base stations මිලියන 1.4ක් වන අතර Western Europe වලදීද වෙගයෙන් base stations වෙතට පැමිනෙමින් සිටින බවට හා භාවිතාකරන්නන් මේ වෙත පැමිනීම 73% ලෙසට වාර්ථා වෙමින් තිබෙනවා. නව ප්‍රවනතාවය සදහා 5G-enabled Apple iPhone devices මෙන්ම Samsung වලින් එකහා සමාන දායකත්වයක් පෙන්වමින් ඇති අතර වඩාත් ජනංප්‍රිය උපාංග සැලකීමේදී $250 - $400 අතරද budget මට්ටමේදී $150 - $200 මිල මට්ටමකින් මේවා ලබා ගන්නට හැකි බව දක්නට ලැබෙනවා. නව ප්‍රවනතා සැලකීමේදී එලබෙන වසර පහතුල 5G handsets වෙත පැමිනීම ආසන්නව 4.4 billion ලෙසට පුරෝකතනය වෙමින් තිබෙන අතර 4G සමග high-speed digital pathways නිර්මාණය වූ අතර 5G සමග මේ බව ඉදිරියට විත් phone calls / text messages සදහාද නව උදානයක් බලාපොරොත්තුවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Internet Explorer විශ්‍රාමයාම June වලදී.

Microsoft සමාගම නැවත මතක් කර සිටින්නේ June 15, 2022 වන විට Internet Explorer (IE) විශ්‍රාම ගැන්වීමට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ nternet Explorer 11 (IE11) නම් desktop application එක සදහා සහය දැක්වීම අවසන් වන අතර Microsoft Edge එම ස්ථානය ගැනීමට නියමිත බවයි. ඉන් ඉදිරියට IE11 desktop application භාවිතයට උත්සාහ කරන විට භාවිතාකරන්නා Microsoft Edge වෙතට redirect  වීමට නියමිත බවයි. ඉතා සීමිත විශේෂිත සංස්කරන සදහා පමනක් මෙම සංස්කරනය ඉන් ඉදිරියට සහය ලබන්නට නියමිත බවටත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa 


 

Windows key verifier tool එකක් ලෙසට පැමින Defender ආක්‍රමනය කරන BitRAT ගොනුව.

ASEC පවසන්නේ BitRAT නැතිනම් මෙම remote access trojan එක download කරනු ලබන zip file එකක් වන "W10DigitalActivation.exe" තුල පැමිනෙන්න "W10DigitalActivation" msi ගොනුවක් සමග "W10DigitalActivation_Temp" ලෙසට නම් වන  file එකක් ලෙසින් බවයි. ඉන් අනතුරුව මෙම  malware එක තවත් malicious files බාගත කරවීමකට කටයුතු කරන අතර අවසානයේ මෙම BitRAT එක  Windows Defender වල %temp% folder යේ "Software_Reporter_Tool.exe" නමින් තැන්පත් වන බවට පැහැදිලි කර සිටිනවා. Korea ආශ්‍රිතව ක්‍රියාත්මක වන online file sharing services එකක් වන Webhards හරහා පැතිරෙමින් ඇති බවට පැහැදිලි කරන අතර cracked හා pirated software එකක් ලෙසට කටයුතු කරමින් ලොව පුරා භාවිතාකරන්නන් ගේ පරිගණක ආසාධිත තත්වයට පත් කරන්නට කටයුතු කරන බවට පැහැදිලි කරනවා.
Pubudu Siriwansa


 

2022-03-09

iPhone SE 2022 නිවේදනය වේ.

Apple ආයතනය තම iPhone SE නැතිනම් budget iPhone පෙලෙහි තෙවන සංස්කරනය මේ වන විට නිළ ලෙසට නිවේදනය කර තිබෙනවා. iPhone 6 වලට සමාන දෘශ්‍ය නිමැවුමක් සමග A15 CPU හා ආයතනය පවසන පරිදි 1.8x වැඩි වේගයක් ‍රැගෙන 12-megapixel sensor එකක හා f/1.8 aperture හැකියාවක්ද සමග Smart HDR 4, Photographic Styles, Deep Fusion, සහ Portrait Mode සමග single-lens camera system සමන්විතව iPhone SE 2022 පැමිනෙන ඇති අතර expensive models සමග Wide / telephoto හැකියාවන් වන බවට පවසනවා. CPU සහrefreshed camera හැරුනු විට  iPhone SE 2020 මොඩලයට සමාන (4.7-inch diagonal / 1334x750 resolution) වන නව නිකුතුව වැඩි බැටරි කාර්යක්ෂමතාවයක් ගෙනෙන බවට පොරොන්ඳු වෙමින් සිටිනවා. මීට අමතරව තොරා ගැනීම සදහා Starlight, Black, Product Red වර්ණ හා  64 GB, 128 GB, / 256 GB ලෙසට storage හැකියාවකින් නව නිකුතුව පැමිනෙන බවට පවසනවා.
Pubudu Siriwansa


 

‘App Archiving’ සමග storageය වැඩිකරදෙනු ඇත.

Android smartphone  භාවිතාකරන්නන් අතර වන එක් බහුල ගැටළුවක් වන්නේ සීමිත storage හැකියාවක් සමග වැඩි වන තැන්පත්වීම් කලමනාකරනයට අවශ්‍යවීමයි. විශේෂයෙන් 3GB RAM / 32GB  හැකියාවක් සහිත devices භාවිතාකරන්නන් හට ඉක්මනින්ම හමුවන්නට හැකි මෙම ගැටලුව පිලිබඳව අවධානය යොමුකරන Google පවසන්නේ ‘App Archiving’ නම්  feature එක විසඳුමක් වන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට භාවිතා නොවන හෝ අනවශ්‍ය apps කොටස් ඉවත්කරමින් වැඩි space එකක් ලබා දෙන්නට මෙම හැකියාව කටයුතු කරන බවයි. ලොවපුරා භාවිතාවන මිලියන ගනනාවක් වන budget-friendly devices සදහා සහනයක් වන්නට නියමිත මෙම අංගය එසේ ඉවත්කරන දත්ත කොටස් සමග නැවත අවශ්‍ය වුටක ඉක්මනින්ම අදාල Apps නැවත සංක්‍රියකර දෙන්නටද සූදානම් මට්ටමින් සිටින බවටද ඔවුන් පැහැදිලි කරනවා. වැඩිදුරටත් පැහැදිලි කරන Google පවසන්නේ මෙම App Archiving හැකියාව activated මට්ටමේදී  60% තරම් ඉඩක් පවා කිසිදු user data අහිමිවීමකින් තොරව ලබා දෙන්නට සූදානම්බවයි. මෙම වසර අවසාන භාගයේ මෙම අංගය සාමාන්‍ය භාවිතාව සදහා මුදා හරින්නට නියමිත බවටයිGoogle පවසන්නේ.
Pubudu Siriwansa


 

2022-03-08

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි.

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි.  Apple ආයතනය දත්ත උපකරන ලෝකයේ ඉදිකර ඇති ඉහල අනන්‍යතාවය මෙන්ම Android සමග වන බහුල භාවිතය අතර වන නොනවතින අරගලය පිලිබඳව නවතම හැදෑරුම් වාර්ථා පවසන්නේ පසුගිය කාලය තෙක් භාවිතය අතින් අඩුමට්ටමක් වාර්ථා කරමින් සිටි බහුල භාවිතය නම් සාධකය මේ වන විට වෙනස් වෙමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ U.S., UK, Canada, Australia, and New Zealand) as well as in Japan, Nordics, France, Saudi Arabia වැනි රටවල් සැලකීමේදී වඩාත් ජනංප්‍රිය භාවිතාව iPhones දිනා ගැන ඇති බවයි. එපමනක් නොව Russia වලද ජනංප්‍රියම භාවිතාව බවට iPhone එක දිනා ගනිමින් සිටින බවකි. 
   ඔවුන් පැහැදිලි කරන්නේ  global scale වලින් සැලකීමේදී iOS වල භාවිතාව 28.27% ලෙසටද Android  වල භාවිතාව 70.97% තරම් ඉහලින් සිටින්නට තවමත් සමත්  බවයි. තවත් අතකින් පැහැදිලි කරන්නේ United States වල  iOS වල භාවිතය 57.8% වන විට Android වල භාවිතය 41.91% ලෙසට වන බවයි. මෙම ගනනය UK වලදී 53.6% හා 45.89% ලෙසට වන බවයි. 
Siriwansa


 

2022-03-06

Mozilla Firefox සදහා “Critical” මට්ටමේ update එකක්.

 

Mozilla වෙතින් Firefox වල v97.0.2 සංස්කරනය මේ වන විට නිකුත් කර තිබෙනවා. නව සංස්කරනය සමග නවාංග කිසිවක් පැමින නැතිමුත් “Critical” මට්ටමේ දුර්වලතා දෙකක් සදහා patch කිරීම් එහි අඩංගු බවට නිවේදනය වනවා. zero-day bugs වර්ගයේ මෙම දුර්වලතා දෙක programming මිත්‍ර පරිසරයකදී පැහැදිලි කෙරෙන්නේ  “Use-after-free” නැතිනම්  system memory ය අත්පත්කරගෙන සිටින නොහොත් “freeing it up” වලට බදා කරමින් programs crashing තත්වයක් ඇති කරවන හානිකරයක් ලෙසට ක්‍රියාත්මක වන බවට පැහැදිලි කෙරෙනවා. එසේම මේ ඔස්සේ පහර දෙන්නන්හට untrusted code සංක්‍රියකරවන්නටද මේ අවස්ථාව ලබා ගත හැකි වනවා. Mozilla Firefox භාවිතාකරන්නෙකුට Application Menu,  Help > About Firefox ඔස්සේ පිවිස මෙම යාවත්කාලීනය ලබා ගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa


Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...