2022-03-09

‘App Archiving’ සමග storageය වැඩිකරදෙනු ඇත.

Android smartphone  භාවිතාකරන්නන් අතර වන එක් බහුල ගැටළුවක් වන්නේ සීමිත storage හැකියාවක් සමග වැඩි වන තැන්පත්වීම් කලමනාකරනයට අවශ්‍යවීමයි. විශේෂයෙන් 3GB RAM / 32GB  හැකියාවක් සහිත devices භාවිතාකරන්නන් හට ඉක්මනින්ම හමුවන්නට හැකි මෙම ගැටලුව පිලිබඳව අවධානය යොමුකරන Google පවසන්නේ ‘App Archiving’ නම්  feature එක විසඳුමක් වන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට භාවිතා නොවන හෝ අනවශ්‍ය apps කොටස් ඉවත්කරමින් වැඩි space එකක් ලබා දෙන්නට මෙම හැකියාව කටයුතු කරන බවයි. ලොවපුරා භාවිතාවන මිලියන ගනනාවක් වන budget-friendly devices සදහා සහනයක් වන්නට නියමිත මෙම අංගය එසේ ඉවත්කරන දත්ත කොටස් සමග නැවත අවශ්‍ය වුටක ඉක්මනින්ම අදාල Apps නැවත සංක්‍රියකර දෙන්නටද සූදානම් මට්ටමින් සිටින බවටද ඔවුන් පැහැදිලි කරනවා. වැඩිදුරටත් පැහැදිලි කරන Google පවසන්නේ මෙම App Archiving හැකියාව activated මට්ටමේදී  60% තරම් ඉඩක් පවා කිසිදු user data අහිමිවීමකින් තොරව ලබා දෙන්නට සූදානම්බවයි. මෙම වසර අවසාන භාගයේ මෙම අංගය සාමාන්‍ය භාවිතාව සදහා මුදා හරින්නට නියමිත බවටයිGoogle පවසන්නේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...