2022-03-06

Mozilla Firefox සදහා “Critical” මට්ටමේ update එකක්.

 

Mozilla වෙතින් Firefox වල v97.0.2 සංස්කරනය මේ වන විට නිකුත් කර තිබෙනවා. නව සංස්කරනය සමග නවාංග කිසිවක් පැමින නැතිමුත් “Critical” මට්ටමේ දුර්වලතා දෙකක් සදහා patch කිරීම් එහි අඩංගු බවට නිවේදනය වනවා. zero-day bugs වර්ගයේ මෙම දුර්වලතා දෙක programming මිත්‍ර පරිසරයකදී පැහැදිලි කෙරෙන්නේ  “Use-after-free” නැතිනම්  system memory ය අත්පත්කරගෙන සිටින නොහොත් “freeing it up” වලට බදා කරමින් programs crashing තත්වයක් ඇති කරවන හානිකරයක් ලෙසට ක්‍රියාත්මක වන බවට පැහැදිලි කෙරෙනවා. එසේම මේ ඔස්සේ පහර දෙන්නන්හට untrusted code සංක්‍රියකරවන්නටද මේ අවස්ථාව ලබා ගත හැකි වනවා. Mozilla Firefox භාවිතාකරන්නෙකුට Application Menu,  Help > About Firefox ඔස්සේ පිවිස මෙම යාවත්කාලීනය ලබා ගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa


Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...