2014-07-04

Android "L" සමග බැටරී ආයුකාලය 36%කින් ඉතිරි කරනවා...

  Android ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතියවේ. නොමිළේ භවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසට Google ආයතනය විසින් නඩත්තු කරමින් සිටින මෙහි නවතම සංස්කරනයේ පෙර නිකුතුවක් Android"L" ලෙසට මේ වන විට නිකුත් කොට ඇත. පසුගිය දිනවල සිදුවූ මෙම නිකුතුවේදී බව අංගයන් කිහිපයක් පිලිබදව Google ආයතනය නිවේදනය කල අතර 'Project Volta' ඒ අතරින් එකකි. මොබයිල් උපාංගයක් ලෙසට බැටරි බලය වැයවිම වැදගත් සාධකයක් වන බැවින් මෙම අංගය ඔස්සේ එම ආයතනය නිවේදනයකර සිටියේ මෙහෙයුම් පද්ධතියේම විධිමත්කිරීම කිහිපයක් ඔස්සේ බැටරි බල වැය අවමකරන්නට තමන් ක්‍රියාකර ඇති බවකි.
                  හදාරන්නන් පිරිසක තම අත්හදා බැලීම් ඇසුරින් නිකුත්කරන වාර්ථාවක් පවසන්නේ නව සංස්කරනය සමග උපාංගයේ බැටරි ආයුකාලය 36%කින් ඉහල ගොස් ඇති බවකි. ඔවුන් Wi-Fi  සමග  Nexus 5 උපාංගය තුල වෙබ් පි‍ටුවක් අඩංගු screenය තප්පර 15කට වරක්   refresh කරමින් ලබගත දත්තවලට අනූව (KitKat, 4.4.4 හා   Android L Developer Preview සංස්කරන දෙකට එරෙහිව ) මෙම වාර්ථාව නිකුත්කර තිබෙනවා. වැඩි දුරටත් මෙම ඉතිරිය සදහා සහයවන අංගයන් පැහැදිලි කරමින් Googal ආයතනය පවසා සිටියේ JobScheduler API  වල ක්‍රියාකාරීත්වය කාර්යක්ශම කිරීම ඔස්සේ maintenance සහ  house-keeping tasks ඔස්සේ මෙම ඉතිරිය සදහා සැලකිය යුතු දායකත්වයක් ලබා ගත් බවයි. එසේම පද්ධතිය විසින් ඉල්ලා සිටින සමහර කාර්යයන් උපකරනය වෙතට නැවත විදුලි සැපයුම ලැබෙන තෙක් කල් දැමීමේ ක්‍රම උපාංයන් ඔස්සේ මෙම දියුනුව ලබා ගත් බවට පැහැදිලි කෙරෙනවා. එසේම Network සබදතාවය බිඳී ඇති විටකදී ආයාසයෙන් තම Data refresh කිරීමට උත්සාහ කිරීම වැනි අධික බල වැයක් ගෙනෙන අංග පලනය කර දැමීමටද කටයුතු කර ඇති බවට පවසා සිටිනවා. දැනට බලාපොරොත්තු වෙමින් ඇත්තේ මෙම නිකුතුව  'Material Design' වැනි නව ආකර්ශනීය අංගද සමග මෙම වසර අවසාන භාගයේදී වෙළඳ පොලට එනු ඇති බවටයි.

2014-07-03

සැබවින්ම එය විසල් අවකාශයකි.

  සැබවින්ම එය විසල් අවකාශයකි. ගෙවෙන මේ නිමේශය සැලකුවද  එය ලොවපුරා දහස් ගනනක් වන ආයතන තුල ලක්ෂ ගනනක් වන මිනිස් සහභාගීත්වය සමග ඩොලර් අපමන ප්‍රමානයක ආයෝජනයෙන් ඔස්සේ මිනිස් බුද්ධියේ තාර්කික හැකියා හා ගනන රටා හැකියා මුසු කරමින් ඉදිරියට දිවෙන්නකි. එයට ඔබගේ ජීවිතයට පිවිසිය හැකි අවකාශයන් අනෙකුත් බොහෝ විෂයන් වලට වඩා ඉමහත්ය. විටක ඔබගේ විනෝද ජීවිතය වඩාත් උත්කර්ෂවත් කරන එය තවත් විටක වෘතීය ජීවිතයේ නැතුවම බැරි සගයෙකු බවට පත්වේ. මේ බව සමාජ ජීවිතය මෙන්ම සෞක්‍ය ජීවිතය වෙතටද නො අඩුව බලා පාමින් සිටී.
                                                                 තොරතුරු තාක්ශනලෝකය වෙතට චෝදනාද අපමනය. එය විශ්ව භාශාවක් වීම අයෙකුට අපහසුවක් වෙයි. මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම ඔවුන් අතර සිට ගත් විසල් අකාරුනික සාධකයක් එය විසින් අභියෝගයට ලක් කර ඇත. විසල් සමුදුර මෙන්ම  ගිරිදුර්ග නොසල කමින් එය මිනිසා එකි නෙකා යාකරන්නට කටයුතු කරයි. විවිධ ආගමික දේශපාලනික ස්වරූපයන් ශත වර්ශ ගනනක් තිස්සේ හැදී වැඩුනු සමහර සාධක එය විසින් නොසලකා හැරීම අයෙකුට අපහසුවක් ‍රැගෙන ඒමක් වීම නොසලකා හැරිය නොහැක. එහෙත් එය ජය ගතයුතු අභියෝගයක් වනවා විනා මගහැරිය යුතු කාරනයක් කර ගැනීම ප්‍රශ්නය කල් දැමීමකි. සැබෑ ඩිජිටල් පුරවැසියා තවමත් පාසැලේය. ලොව අපූර්ව කරන තම සංස්කෘතික අනන්‍යතා ‍රැකගනිමින් ඉදිවෙමින් ඇති නව ලෝකයට ගැලපෙන අනන්‍යතාවයන් ගොඩ නගා ගැනීමේ පෘතුවි වැසියාගේ මීලග අභියෝගය ඔවුන් මනා ලෙස හසුරවා ගනු ඇති බවට බලපොරොත්තුවිය හැක.

පරිගණකයේ මෙහෙයුම් පද්ධතියතුල වන ඔබගේ ගිණුමද වැදගත් සාධකයකි....

  ඔබට මුලින්ම හමුවන්නේ ඔබ ඉදිරියේ ඇති පරිගණකයයි. එය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව හමුවන්නේ මෙහෙයුම් පද්ධතිය හා අනතුරුව ඔබ එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය තුල භාවිතාකරන ගිනුමයි. සාමාන්‍ය මට්ටමේ භාවිතාවේදී මෙම ගිනුම පිලිබදව එතරම් සංවේදී නොවීම දක්නට හැක. එහෙත් එය ඔබගේ එම පරිගණක භාවිතාව පිලිබදව ඔබ සිතනවාට වඩා කල්පනා කාරීවීම වැදගත් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. හුදු වෙබ් අඩවියකට ගොඩවීම තොරතුරක් සොයා යාමට වඩා යමක් එම පරිගණකයත් සමග ඔබ කරන්නේනම් වඩාත් කලපනාකාරී හැසිරීමත් සමග එබගේ පරිගණකයේ තැන්පත්ව ඇති ඔබගේ තොරතුරු වලට නිසි ආරක්ශාව ලබා ගැනීමේදී මෙන්ම අනවශ්‍ය ලෙසට ඒවා අස්ථාන ගත වීමට මෙන්ම වෙනත් භාවිතකරන්නෙකුට විවෘත වීමට අවස්ථාව ලැබීම වලකා ගන්නට හැකි වනු ඇත.
                                සාමන්‍යයෙන් ඔබගේ පරිගණකය භාවිතාකරන්නේ ඔබම පමනක් විය හැක. එහෙත් අත්වැරදීමකින් එය කාලතුරකින් හෝ විවෘතවීම වැලකීම ඔබට වැදගත් වනු ඇත. සමහර විටක ඔබ මනස යෝජනා කරනු ඇත්තේ නීති විරෝධී හෝ සංස්කෘතික විරෝධී දේ සදහා ඔබගේ පරිගණකය භාවිතානොකරන බැවින් ඉන් අනතුරක් නොවිය හැකි බවකි. එහෙත් බ්‍රවුසරය තුල තැන්පත්ව ඇති ඔබ නෑවත නැවත යාමට ප්‍රියකරන වෙබ් අඩවි ලිපිනයන් මැකීයාම , විවෘතව ඇති ඔබගේ ඊමේල් ලිපිනය ඔස්සේ ඔබගේ හිතවතෙකුට විසුලු සහගත ඊමේලයක් යැවීම , සමහර විටක පරිගණකයට හානිවන ආකාරයේ යෝ ඔබට කරදරයක් වන ආකරයේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීම වැනි බොහෝ දේ අනවසරයෙන් එය වෙත පිවිසෙන වෙනත් භාවිතාකරන්නෙකු අතින් සිදුවිය හැක. මෙම ස්වභාවය මෙසේ වන සරල අවස්ථාවල සිට පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රේටර් බලය භාවිතාවෙමින් ආසාධිත මෘදුකොටසකට එය මත ස්ථාපනයට අවස්ථාව ලැබීම දක්වා විවිධ ආකරයෙන් විය හැක.එසේම එසේ ස්ථපනය වී ඇති හානිකරයකට මෙහෙයුම් පද්ධතිය මතට අනවශ්‍ය වෙනසක් කිරීමේ හැකියවද මෙම ගිනුම් කල්පනාකාරීව හැසිරවීම තුල වලකා ගන්නට ඔබට හැකි වනු ඇත,
                 මෙසේම භාවිතාකරමින් සිටින පරිගණකයෙන් සීමිත කාලයකට ඉවතට යන විට නිශ්චිත කාලයකින් ස්වංක්‍රීයව එය ලොක් වීමට සැකසුම් සකස් කර තිබීම මෙන්ම අවශ්‍ය නම් මැනුවලි එය ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම ඔබගේ කාර්යාල යේදී හෝ වෙනත් ස්ථනයකදී පවා වැදගත් වනු ඇත. හදාරන්නන් යෝජනා කරන්නේ අන්තර්ජාලයට සම්බන්දිතව භාවිතාවකින් තොරව පරිගණකය නිදහස්ව මුත් ක්‍රියාත්මකව තැබීම කලාතුරකින් මුත් පහරදෙන්නෙකුට ඉලක්ක වීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. 

Russian භාවිතාකරන්නන්ගේ තොරතුරු එරට පිහිටවන servers වෙතට පමනක් සීමාකිරීමකට....

  තම භාවිතාකරන්නන්ගේ තොරතුරු සමග කටයුතු කරන ආකාරය පිලිබදව online services වෙතට බලපෑම්විම් මේ වන විට ක්‍රමයෙන් රටවල අවධානය වැඩි වැඩි යෙන් ගනිමින් තිබෙන කරුනක් බවට පත්වෙමින් තිබෙනු දැකිය හැකිය. Russian රජය විසින් පනවන්නට යන නව නීතියක අනූව එරට වැසියන් පිලිබදව තොරතුරු එරට පිහිටවන servers වෙතට පමනක් සීමාකිරීමකට ඔනැම online සේවාවකට සිදුවෙනු ඇති බවටයි දැක්වෙන්නේ. දැනට සැලසුම්ව ඇති ආකාරයට සැලකීමේදී 2016දී ක්‍රියාත්මක වීමට නොයමිත මෙම නව නීතිය අනූව Google, Paypal, Skype  වැනි ඔනෑම සේවාවක් සදහා රුසියානු වැසියන් පිලිබදව තොරතුරු රඳවා තැබීමේදී මෙම පියවර අනුගමනය කරන්නට සිදුවන අතර අධික වැයක් වන මෙම පියවර සදහා දෑ වසරක කාලයක් ලබා දී තිබෙනවා. ගතව ගිය කාලය තුල ක්‍රම කිහිපයක් ඔස්සේ අන්තර්ජාල භාවිතාකරන්නන්ගේ තොරතුරු අයුතු ලෙසට ‍රැස්කිරීම් පිලිබදව තොරතුරු හෙලිවූ අතර තොරතුරු ආයතනික මට්ටමින්ද විවිධ ආකාරයේ පියවර ගන්නට කටයුතු කරනු ලැබුවා. මෙවැනි පියවර ඔස්සේ ක්‍රමයෙන් අන්තර්ජාලය පාලනයවීමේ ස්වභාවයකට රටවල් පිවිසීම පිලිබදව අනතුරක්ද හදාරන්නන් මේ අතර පෙන්වාදෙමින් සිටිනවා.

Microsoft වෙතින් එන wearable deviceය smartwatch එකකට වඩා 'wristband' දෙසට වඩාත් සමීප වේවි!!!!

  තොරතුරු ලෝකයේ අවධානය wearable device දෙසට වැඩියෙන් යොමුව ඇති අතර මෙම ප්‍රවනතාවය සදහා Microsoft වෙතින් පලවන  සහය පිලිබදව ඇත්තේ කුකුසකි. ක්‍රමයෙන් ඔවුනයේ නිකුතුවක් පිලිබදව තොරතුරු බිදෙන් බිද හෙලි වෙමින් ඇති අතර තවමත් ඒවා නිල ලෙස තහවුරුවූ  ඒවා නොවීම අඩුපාඩුවක වූවද තොරතුරු ‍රැස්කරන්නන්ගේ අකංඩ අවධානයෙන් සැගවෙන්නට එය හේතුවක් නොවී ඇති සැටියකි. පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ Microsoft වෙතින් පැමිනෙන wearable උපංගය smartwatch එකක් ලෙසට හඳුනාගන්නවාට වඩා 'wristband' දෙසට වඩාත් සමීප බවක් ගන්නා බවටයි පැවසෙන්නේ. එහි වේලාව දැක්වීම සිදු වුවද උපාංගයේ වැඩි අවධානය health හා  fitness දෙසට වැඩියෙන් වන බවටයි හෙලි වන්නේ. එසේම දැනට නිකුත්ව ඇති අනෙකුත් සමාන උපාංග වලින් වෙනස් ස්වරූපයක් ගන්නා එය ඔනෑම smartphone එකක සමග කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. Windows Phone, Android හෝ  iOS සදහා විවෘතව පැමිනෙන මෙම උපාංගය third-party apps සදහාද විවෘතව පැමිනෙනු ඇති බවට තොරතුරු හෙලි වනවා. Samsung's Gear නිකුතුවේ මිළ ගනන් හා සෑසදෙන ලෙසට පැමිනෙනු ඇති බවට බලපොරොත්තුවන මෙය මෙම වසරේ හතරවන කාරුතුවේ නිකුත්වනු ඇති බවට බලපොරොත්තු පලවෙමින් තිබෙනවා.

2014-07-02

චීනය තුල Office මෘදුකාංගයද තහනම් වීමේ පුවතක් පසුව Microsoft වෙතින් ප්‍රතික්ශේපවේ...

  චීනය තුල Windows 8 භාවිතාව තහනම් කෙරෙන පියවර සදහා ඔවුන් හේතු දක්වා සිටියේ එම මෙහෙයුම් පද්ධතිය සමග පහසුවෙන් භාවිතකරන්නාගේ තොරතුරු ලබා ගන්නට හැකි බවක් පවසමිනි. ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශකර සිටින්නේ මෙම මෙහෙයුම් පද්ධතිය සමග spyware පැමිනීමක් සිදුවනු ඇති බවට තමන් විස්වාස කරන බවකි. එම මෙහෙයුම් පද්ධතියේ කේත සටහන් හොදින් හදාරන්නට තම බලධාරීන් වෙතට නිසි ලෙස කාලවේලා ලබා නොදුන් බවටත් ඒ නිසා තම සැකය වඩාත් තහවුරුව ඇති බවටත් ඔවුන් එහිදී ප්‍රකාශකර සිටි බවට වාර්ථා පලවෙනු ලැබුවා. 
                       පලවන නවතම වාර්ථා පවසන්නේ චීන රජය මේ වන විට Office මෘදුකාංගයද එරට තුල භාවිතය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බවකි. චීනය තුල භාවිතාව සදහා මෙම ජනංප්‍රිය මෘදුකාංග වෙනුවට ඔවුන් විසින්ම නිර්මානය කරගත් විකල්ප මෘදුකාංග භාවිතය සදහා කටයුතු කරමින් සිටින බවටත් එම වාර්ථා වැඩි දුරටත් පවසනවා. පසුගියදා windows XP සදහා සහය දක්වන කාලය දීර්ගකරන ලෙසට චීන රජය Microsoft වෙතින් ඉල්ලා සිටින බවට තොරතුරු හෙලිවූ මුත් ඒ සදහා  Microsoft ආයතනය සහය පලනොවිමත් මෙම ප්‍රතික්ශේප කිරීම පසුපස තිබෙන්නට හැකි බවටයි විචාරනය වන්නේ. Microsoft හිටපු CEO වරයා වරක් ඕවසා සිටියේ චීනය තුල භාවිතාවන මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වලින් දහයෙන් නමයක්ම  ව්‍යාජ ආකාරයට සංක්‍රීය කරගත් ඒවා වන බවටයි. පසුව පලවූ Microsoft නිවේදනයකින් මෙම Office මෘදුකාංගය සම්බන්ද පුවත ප්‍රතික්ශේප කර සිටියා.

Outlook.com හා OneDrive දත්ත හුවමාරුවන් වඩාත් සුරක්ශිත කෙරේ.....

   NSA පිලිබදව වූ හෙලි දරව්වෙන් පසුව ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය හා සම්බන්ද ආයතනන් සියල්ලම තම භාවිතාකරන්නන්ගේ තොරතුරුවල සුරක්ශිතභාවය පිලිබදව නෙක ආකාරයේ පියවරයන් පිලිබදව අවධානය යොමු කරන්නට පටන්ගති. ඒවා අතර එම රජය වෙත විරෝධය පල කිරීමේ සිට තම සර්වරයන්  අතර තොරතුරු හුවමාරුවේදී ඒවා  encrypting කිරීම දක්වා වූ විවිධ ස්වරූපයන් ගනු ලැබින.  මයික්‍රසොෆ්ට් ආයතනයද මේ වන විට නිවේදනය කර සිටින්නේ තම outlook ඊමේල සේවාව තුල inbound හා outbound දෙදිසාවටම හා Onedrive සේවාව තුලදීද අභ්‍යන්තර සර්වරයන් අතර මෙන්ම බාහිර සර්වරයන් අතරද  දත්ත හුවමාරුවේදී මෙම ආරක්ශිත පියවර සමග බහිර පාර්ශවයකට ඒවා මතට එබි බැලීමේ හැකියාව අවම වනු ඇති බවටයි. 
                            OneDrive සමග කටයුතු කිරීමේදී PFS (perfect forward secrecy) encryption සමග කටයුතු කිරීමේදී OneDrive හා  local client අතරද හුවමාරුවන දත්ත ගොනු සුරක්ශිත බවටයි එම ආයතනය පැහැදිලි කරන්නේ. බාහිර පාර්ශවයට එම දත්ත decrypt කිරීමට අපහසුවන නිසා මෙම සුරක්ශිත බව පැමිනෙන බවටයි එහිදී ඔවුන් පැහැදිලි කර සිටින්නේ.
                 භාවිතාකරන්නන්ගේ දත්ත රහසිගතව් ‍රැස්කරන බවට සිදුවූ හෙලි දරව්වෙන් පසුව සියලුම පාහේ ආයතනයන් මෙලෙස තම දත්ත සුරක්ශිත බව තහවුරුවට කටයුතු කරන්නට පියවර ගනිමින් සිටින අතර එම රජය ද ප්‍රකාශකර සිටියේ එලෙස තොරතුරු අයුතු ලෙස ‍රැස්වීමක් සිදුවන්නේ නම් ඒය නවතාලන්නට තමන් කටයුතු කරන බවකි.

2014-07-01

එය අපූර්ව නම්‍යතාවයකින් එන ජිවිත මිත්‍රයෙකි....

  එය චිත්‍ර ශිල්පියෙකු ඉදිරියේ මනාලෙස සැකසූ කැන්වසයක් මෙනි. සංගීත ශිල්පියෙකු හමුවේ අපමන ස්වර පරාසයක දිවෙන නෙක හඬ රටා මවන්නට සූදානමින් සිටින කී බෝඩයකි. ගෘහනිර්මාන ශිල්පියෙකු ඉදිරියේ ඩ්‍රෝවිං බෝඩයක් වන්නට සූදානම් එය ග්‍රැ‍ෆික් නිර්මාන ශිල්පියෙකු ඉදිරියේ මනසේ මැවෙන නිශ්චල , චලන රූරටා නිමවා දෙන්නට සූදානමින් සිටින ත්‍රිමානිය පමනක් නොව චලන හැකියාවෙන්ද යුත් සටහන් පොතකි. එහි හැකියා අවකාශය අපමනය.මද දැනුවත්වීමකින් අනතුරුව පහසුවෙන් වෘතීය අවශ්‍යතාවය සමග එක්වන්නට එය දිනෙන් දින වඩ වඩාත් සූදානම් වෙමින් සිටිනු දැකිය හැකිය.
               එහි භෞතික තලයේ වන ලොහමය හා ප්ලස්ටික් ස්වභාවයන් තවදුරටත් අදාල නොවේ. ඊලග තලයේ දී හමුවන ඉලොක්ට්‍රොනික බව අමතක කරන්නට පහසුය. ක්‍රියාත්මක කල සැනින් ඔබගේ අවැසි තලයක සහය සපයන ක්‍රියාකාරීත්වයක් අපහසුවකින් තොරව අත්විඳින්නට හැකිවන ලෙසට නිමවෙමින් වෙළඳ පොලවෙත පිවිසෙන්නට එය සමත්ව ඇත. තවදුරටත් එහි වන දෘඩාංග මට්ටම හෝ ඉලෙක්ට්‍රොනික බව විටින් විට ඉස්මතුවෙමින් ඔබව අපහසුතාවයට පත්කරන්නට එයට අවශ්‍යව නැත.

Threshold හෝ Update 2 සමග Windows මෙහෙයුම් පද්ධතිය යලිත් දැනෙන වෙනසක් ගෙන ඒවි!!!

  Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග යාවත්කාලීනය නිකුතුවට සූදානම් වෙමින් සිටින බවටයි නොනිලව මුත් හෙලි වෙමින් ඇත්තේ. එය Threshold හෝ Update 2 ලෙසට නම් වෙමින් පැමිනේවි යැයි විස්වාස කරන අතර Desktop භවිතාකරන්නන් ගෙන් වින්ඩෝස් 8 සමගින් සිදුවූ දුරස්ථවීම මෙම සංස්කරනය සමග යලි සංසිඳවන්නට එම ආයතනය කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එ අනූව වින්ඩොව්ස් 8 සමග පැමිනි Modern UI කවුලුව default වීම මෙම සංස්කරනය සමග යලි සැකසෙනු ඇති  අතර නව සංස්කරනය Desktop භාවිතාවකට ස්ථාපනය වන විට default UI මුහුනත ලෙසට හුරු පුරුදු Desktop පරිසරය පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එසේම Modern app ධාවනයේදී Destop පරිසරයේදී තිබූ බාදක බවත් නිමවා පැමිනෙන Start මෙනුවේ සිට පහසුවෙන් ස්ථාපිතව ඇති Modern app එකක් ධාවනයට අවස්ථාව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ. එ අනූව  modern environment එක Desktop භාවිතාවෙන් සම්පූර්නයෙන්ම අනවශ්‍ය වන අතර එය සම්පූර්නයෙන් shut off කිරීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තුවනවා. තවමත් එය සංවර්ධනය වීමේ මුල් අවස්ථාවේ තිබන මෙම සංස්කරනය දෘශ්‍යව සැලකීමේදී Windows 8.1 වලින් සම්පූර්නයෙන් වෙනස් මුහුනුවරක් ගන්නා ඇති බවට හෙලිවෙමින් තිබනවා.
                          එම තොරතුරු වැඩි දුරටත් හෙලි කර සිටින්නේ Microsoft හි  ARM-based operating systems  ධාවනය වන Windows Phone හා  Windows RT එකිනෙක යාවීම මෙම සංස්කරනය සමග සිදුවනු ඇති බවට බලාපොරොත්තු වන අතර surface pro වලදී Modern UI මෙන්ම  Desktop UI ද්විත්වයම පැමි නෙනු ඇති බවට බලාපොරොත්තුවනවා. Microsoft සමාගම windows 8 නිකුතුවේ සිටම  unified OS නිකුතුවක් පිලිබදව අවධානයෙන් සිටි අතර පසුගිය කාලයේ එ සදහා පහසුවන ලෙසට Universal app නිකුතුවක් සදහාද කටයුතු කරනු ලැබුවා.

UK වලදීද Google Glass වෙතට කෙනෙහිලිවීම් ඇරබේ!!!!

  උපාංගයේ Ram බලය දෙගුන කරමින් Google Glass ප්‍රථම වතාවට ඇමරිකාවෙන් පිටතදී ලබා ගැනීමේ අවස්ථාව UK වලට  පැමිනුමේ පසුගිය සතියේය. ඇමරිකාව තුලදීම මෙම භාවිතාවට බාදක එල්ල වන්නට පටන් ගත් අතර වරක් සිනමා හලකදී නරබන්නෙකුට බාදාකරමින් ඔහුව සිනමා ශාලාවෙන් පිටතට කැදවන්නට කටයුතු කරන ලද්දේ Google Glass යොදා ගනිමින් එම සිනමා පටය  පටිගත කරගන්නට කටයුතු කරනවා යන චෝදනාව මුල් කර ගනිමිනි. තවත් විටක මහමගදී එය පැලඳ වාහනයක් පදවා ගෙන ගිය කාන්තාවක වෙතට දඩ කොලයක් නිකුත්වූ අතර තවත් විටක ප්‍රකට ආපනශාලා සමූහයකට එය පැලඳ පිවිසීම තහනම් කරන්නට ඒවායේ බලධාරීන් කටයුතු කෙරින.
                  පලවන නවතම UK වාර්තාවකට අනූව හෙලි වන්නේ එහිදීද සිනමා ශාලා හිමිත්වය මෙම උපංගය පැලඳ සිටීම  lights dim නිමේශයෙන් පසු නොකල යුතු බවට ප්‍රේක්ශකයින් වෙතට දැනුම් දෙන්නට කටයුතු කරමින් සිටින බවකි.Google ආයතනය ප්‍රථමයෙන් පවසා සිටියේ එකදිගට වීඩියෝවක් අටිගත කිරීමේ හැකියාව මෙම උපකරනය සමග විනාඩි 45කට පමන සීමා වන බවයි.එහි වන බැටරි බලය හා තොරතුරු ගබඩා හැකියාව අනූව එය එසේ සීමා වන බවටයි දක්වා සිටියේ. එසේම මෙම උපකරනය ඒ ආකාරයේ පටිගත කිරීමකට සූදානව පැමින නැති බවටයි පැහැදිලි කර සිටියේ

දත්ත උපාංගයට ඔබේ අනන්‍යතා තහවුරුවට Digital Tattooවක් !!

  ඔබ කිනම් ආකාරයක අවශ්‍යතාවයක් සදහා ඔබගේ දත්ත උපාංගය භාවිතාකලද පසුකල යුතු අනිවාර්ය අංගයක් වන්නේ එම උපකරනය සමග කටයුතු අරබන හැම විටම අනන්‍යතාවය තහවුරු කරන්නට සිදුවීමය. වර්ථමානය වැනි එම උපාංග භාවිතය බහුල කාලයක දිනකට සමහර විටක සිය වතාවක් සිදුවන එම භාවිතාවකදී යොදා ඇති අවසර පදයක් වැන්නක් නැවත නැවත ලබා දෙන්නට යාමෙන් සිදුවන කාලය වැය සැලකිය යුතු මට්ටමක වීම පාලනය සදහා විවිධ නිෂ්පාදකයින් විසින් විවිධ ආකාරයේ විසදුම් යෝජනා කරනු දක්නට හැක. VivaLnk ආයතනය මේ සදහා ගෙනෙන යෝජනාවක් වන්නේ NFC ආකාරයට උපාංගය සමග සම්බන්දව භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරුකර දෙන Digital Tattoo වකි. සාමන්‍ය තත්වය යටතේ දින පහක් පමන සේවයට සූදානම්ව පැමිනෙන මෙය දෛනික ජීවිතයේ කටයුතු සමග එනම් showers, swims, workouts වැනි ඔනෑම අවස්ථාවකදී සේවයට සූදානම්ව සිටින බවටයි නිවේදනය කරන්නේ. සමන්‍ය NFC tag ඒකක් ලෙසට ක්‍රියාත්මක වන මෙය පෙර සැකසුමකින් අනතුරුව සෙවයට සූදනම්ව පැමිනෙන අතර ඒවා 10 ක් අඩංගු බහාලනයක් ඩොලර් 10ක් වැනි මුදලකට ලබා ගන්නට හැකිවන බවටත් දැක්වෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...