2011-06-09

පරිගනක ක්‍රීඩා භාවිතාකරන්නන් ගැන මත කිහිපයක් බිද දමන්නට......

පරිගනක ක්‍රීඩා භාවිතාකරන්නන් ගැන පසුගියදාක ඇමරිකාවේදී කල සොයා බැලීමක ප්‍රතිපල මෙතෙක් කල් පැවති මත කිහිපයක් බිද දමන්නට සමත් වූවා. එම සටහන් වලට අනූව එරට වෙසෙන්නන්ගෙන් 72% වීඩියෝ ගේම් භාවිතා කරන අතර ඉන් 82% වැඩිහිටියන් බවයි සටහන් වන්නේ.එයිනුත් 42%  කාන්තාවන් වීමත් සටහන්ව තිබුනා.මෙම පිරිසෙන්1/3 වයස 18 හෝ ඊට වැඩි අය ලෙසයි කියවෙන්නේ. සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා භාවිතා කරන්නා 37  වයස් කාන්ඩයට අයිති ලෙසද  මිලදී ගන්නා 41 වියැති වයස් කාන්ඩයට අයිති බවයි පැවසෙන්නේ.
       68% දෙමාපියන් කියාසිට ඇත්තේ තම දරුවන් පරිගනක ක්‍රිඩාවල යෙදීම මානසික වර්ධනයට ධනත්මකව බලපන බවත්  57% පමන කියා ඇත්තේ පරිගනක ක්‍රිඩාවල යෙදීම පවුලේ එකමුතුබට ධනාත්මකව බලපාන බවයි.

"ඩිස්ක් කීපර්" වෙතින් "ඩිස්කීපර් එක්ස්ප්‍රෙස්කෑෂ්"

ඉන්ටෙල් ආයතනය පසුගියදාක පරිගනකයක බූට්වීමේ  වේගය සැලකියයුතු  ප්‍රමානයකින් ඉහල දමන්නට සමත් තාක්ෂනයක් හදුන්වා දෙනු ලැබුවා. මෙය නිශ්චිත දෘඩාංග මත සීමා වීමේ තත්වය ගැටලුවක් බවයි මතය වී තිබුනේ. මෙයට විසදුමක් ‍රැගෙන එන්නට "ඩිස්ක් කීපර්" සමත්ව ඇති බවට පුවතක් නිකුත්වී තිබෙනවා. "ඩිස්කීපර් එක්ස්ප්‍රෙස්කෑෂ්" නමින් නම් කර ඇති මෙම තාක්ශනය හදුන්වාදීමේ පටය කට අනූවනම් සාමාන්‍ය පරිගනකයට බූට්වීමේ වේගය භාගයකින් අඩු කරන්නට සමත්වී ඇති බවයි දැක්වුනේ.ගිගා බයිට් 4ක සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව්"  එකක්  ඉහතකී ඩිස්ක් කීපර් එක්ස්ප්‍රශන් තාක්ශනය සහිත පරිගනකයට යොදාගෙන තිබුනු අතර , ෆොටෝෂොප් මෘදුකාංගය වෙත පිවිසීමේදීද සාමාන්‍ය පරිගනකයක් අතර කාලයේ පරතරයේ වෙනස භාගයක් ලෙස සටහන්ව තිබෙනු හදුන්වාදීමේ පටයේ සටහන්ව තිබුනා. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම තාක්ශනය කෙලින්ම  පරිගණක උපාංග නිෂ්පාදකයින් ඔස්සේ කර්මාන්තශාලා මට්ටමේදී පරිගණක වෙත එකතු කරන්නට තමන් බලාපොරොත්තුවන බව "ඩිස්ක් කීපර්"  පැවසූ බවයි

2011-06-08

ගූගල් ක්‍රෝම්වෙබ් පිරික්සනය 12 වන සංස්කරනයට.....

ගූගල් ක්‍රෝම්වෙබ් පිරික්සනය 12 වන සංස්කරනයට  පිවිසුන ලද අතර, භාහිර හදාරන්නන් හට ඩොලර් 10000 අධික  වැයකිරීමක් සමගින් ‍රැස්කරගෙන තිබූ දුර්වලතා  15 සදහා යාවත්කාලීනයන් නිකුත්කල බවත් සටහන් වෙනවා. නව සංස්කරනය සමග මෘදු ආරක්ශිත අංගයක්ද එක් කල බවට සටහන් වන අතර, එය විසින් භාවිතාකරන්නෙකු විසින් භාගත කිරීමකට සැරසීමකදී අදාල වෙබ් අඩවියේ විස්වාසනීය භාවය ගැන අනතුරු අගවන්නට සමත් වනු ඇති බවයි පැවසෙන්නේ.මෙම අනතුරු ඇගවීමට අදාල දත්තසපයා ගනු ලබන්නේ භාවිතා කරන්නන්ම ලබා දෙන දත්ත ගොනුවක් ගූගල් ආයතනයම පවත්වාගෙන යාමෙන් බවයි සටහන් වන්නේ.
                                                                          ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හා ගූගල් ක්‍රෝම් අලුතින් හදුන්වාදෙනු ලැබූ මෙම නව ආරක්ශක අංග නිසා සයිබර් පහර දෙන්නන් කෙරෙහි දැඩි පාලනයක් ඇතිවී ඇතිබව සයිබ ආරක්ෂාව ගැන හදාරන්නන් කරුනු පල කරමින් සිටින බවයි සටහන් වන්නේ.

ගූගල් "කැලැන්ඩර්" භාවිතා කරන්නන් හට "ඇපොයිමන්ට් ස්ලොට්"

ගූගල් "කැලැන්ඩර්" භාවිතා කරන්නන් හට නව අංගයක් හදුන්වා දී ඇති බව පැවසෙනවා. එය නමින් "ඇපොයිමන්ට් ස්ලොට්" ලෙස හදුන්වා දී තිබෙනවා.ඔවුන් පවසන්නේ ඔබගේ පෞද්ගලික කාලය වෙන්කරදීමේ පහසුකම ගූගල් තුලින් නියමිත පරිදි ක්‍රියාත්මක කරගත් පසුව වෙබ් අඩවියක හෝ ඊමේලයක "වෙබ් ලිපිනයක්" ලෙස අවශ්‍ය අයෙකු අතට පත්කල හැකි බවයි. අමුත්තෙකු තම ගිනුම තුලින් පිවිස කාලයවෙන්කර ගැනීමක් කලවිට එය ඔබගේ හා ඔහුගේ ගිනුම් වල එකවර සටහන් වන බවයි කියවෙන්නේ. වැඩිදුරටත් ගූගල් ආයතනය පවසන්නේ මේ වන විට මෙම පහසුකම ක්‍රමයෙන් ගිනුම්වෙත මුදා හරිමින් පවතින බවයි.

‍ටුවිටර්හි වෙබ් ලිපිනයන් අද දින සිට ස්වංක්‍රීයව කෙටි කිරීමේ...........

‍ටුවිටර් යමෙක්  සටහන් කරන ඔනෑම ප්‍රමානයක වෙබ් ලිපිනයක් අද දින සිට ස්වංක්‍රීයව කෙටි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බව සටහන් වෙනවා. එසේම අදාල වෙබ් අඩවිය හානිකර තත්වයේ එකකැයි  සටහනක් ඇත්නම් අදාල සබැදියාව අවදිකරන සැනින් පලමුව අදාල අනතුරු ඇගවීම කරා භාවිතා යොමු කරවන බවත් එහි කියවෙනවා. භාවිතාකරන්නන්ගේ ආරක්ශාව වඩාත් තහවුරු කරන්නටද මෙම පියවර උපකාරීවනු ඇති බව ඔවුන් පවසා සිටිනවා.

නිරෝගී පරිගණකයකට පියවර 5ක්.


1) ඔබේ මෙහෙයුම් පද්ධතිය සමග පරිගනකයට ඇතුලුවන කුඩා ක්‍රියාකාරකම් මෘදුකාංග බොහොමයක් ඇත්තෙන්ම  ප්‍රයෝජනයට නොගන්නා ඒවාය. බොහොමයක් මේවා පරිගණකය තුල නිහඩවම නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. මෘදුකාංග පහරදෙන්නන් මෙවැනි අවස්තාගැන ඉතා විමසිලිමත් බව පලවෙන කරුනු අනූව වටහා ගත හැක. හොදම පියවරක් නම් මෙම අනවශ්‍ය මෘදුකාංග කොටස් පරිගනකයෙන් ඉවත් කර දැමීමය.
2)නිදහස් හා නොමිලේ ලැබෙන මෘදුකාංග වලට භාවිතා කරන්නන් බොහෝ විට පෙලබේ. සමහර විටක ඉතා අඩුමිලට ලබා දෙන මෘදුකාංගද මෙම ගනයට වැටේ.වැඩි ප්‍රමානයක මෙම මෘදුකාංග සමග ඔබේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ලබා ගැනීමේ සිට කඩාවදින දැන්වීම ඔබ කරා ගෙන ඒම සදහා ඔවුන් භාවිතා කරමින් සිටිනවා වීමට ඉඩ ඇත.
3)ඔබ මෙහෙයුම් පද්ධතියට පිවිසීම සදහා භාවිතා කර ඇත්තේ "ඇඩ්මිනිස්ට්‍රේටර්" පිවිසුම් මාර්ගයනම්  වඩත් කල්පනා කාරීවන්න. ඔබගේ දුර්වලතාවයක් ඔස්සේ පරිගනකයට ඇතුලිවන මැල්වෙයාර් මෘදුකාංගයකට ඔබ එම මොහොතේ භාවිතාකරමින් සිටි ගිනුමට අදාල බලතල භාවිතා කරන්නට අවස්තාව උදා වෙනු ඇත. මෙයට හොදම පිලියමනම් ඔබත් මෙහෙයුම් පද්ධතියට පිවිසීමේදී සාමාන්‍ය ගිනුමක් භාවිතා කිරීමය.
4)තවත් දෙසකින් පැවසෙන්නේ "ඇඩ්මිනිස්ට්‍රේටර්"  ගිනුම් දෙකක් භාවිතයට පෙලබීම වඩාත් හොද පියවරක් විය හැකි බවයි. ආයතනයක නම් මේ තුලින් අර්බුදකාරී තීරනයට වගකිව යුත්තාව පහසුවෙන් හදුනා ගත හැකිවනු ඇත.
5) නිසි කලට යාවත්කාලීනයන් ලබා ගැනීම ඉතාම වැදගත්වේ.වෙනත් අයුරකින් පවසන්න්නේ නම් ඔබදැන් භාවිතා කරමින් සිටින්නේ එහි අවසාන හෝ අංග සම්පූර්න සංස්කරනය නොවේ. නිරන්තරයෙන් ඔවුන් අඩුපාඩු සොයා බලමින් නිවැරදි කරන්නට කටයුතු කරයි.

2011-06-07

"එක්ස්බොක්ස්" සේවාව තුලට සජීවීදාරා ක්‍රමයට රූපාවහිනී සේවා ලගදීම

අද නිකුත්වූ පුවතකින් මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර තිබුනේ තම "එක්ස්බොක්ස්" සේවාව තුලට ලගදීම සජීවීදාරා ක්‍රමයට රූපාවහිනී සේවා  කිහිපයක්ම එකතුකරන්නට සූදානම් බවයි. නිශ්චිත සේවාවන් පිලිබදව කරුනු පල නොවුනද විවිධත්වයෙන් යුතු සේවා කිහිපයක් ලෙස සදහන් කර තිබුනා. විනෝදාස්වාදය මූලික කරගත් මෙම සේවාව තුලදී ලගදීම යුටියුබ් සබදතාවයද මේ තුලට එකතුකරගැනීමට කටයුතු කරමින් සිටින බවට කරුනු පලවෙමින් තිබෙනවා. ඔවුන් මීට පෙර ප්‍රකාශකර සිටියා තම සෙයුම් යන්ත්‍රයද මෙම සේවාව තුලට සම්බන්ද කරන්නට තමන් සූදානම් වන බව.

අද පුවත්

රුසියානු ප්‍රධාන පෙලේ පුවත්පත් දෙකකම පුරා දින 30 කාලයක් පි‍ටු කාලක පමන ප්‍රමානයක දැන්වීමක් පලකරමින් මෙම බොට්නෙට් වර්ගයේ සමාජ දූෂක ජාලවේ සාමාජිකයන් වෙත අනතුරු  අගවන ලදී. ඔවුන්ගේ "අයි පී" ලිපිනයන් පමනක් නොව ඩොමේන පිලිබදවද සටහන් කරමිනි. අවසානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ ඉහතකි බොට්නෙට් ජාලයේ සාමාජිකයන් අඩපන කිරීමතුල ජාලය බිද දමන්නට තමන් සමත් වූ බවයි.

ධනාත්මක පරිගණක ක්‍රිඩා ඔබ සහනය කරා ‍රැගෙන යනු ඇත.


 පරිගණක ක්‍රිඩා පිලිබදව කරුනු සොයා බැලීමේදී බොහෝ විට අපට හමුවෙනුයේ ආක්‍රමනශීලී හා ප්‍රචන්ඩකාරීත්වය මුල්තැනක් ගත් ඉදිරිපත් කිරීම්ය. ඔවුන් පවසන පරිදි මුල් කාලයතුලදී නම් මෙම ස්වභාවයෙන් තොර පරිගණක ක්‍රිඩා ගැන කතාකරන්නටවත් ඉඩ කඩක් නොතිබුනේ වෙලදපොල තුල එවැනි අවස්තා නැතිවූ තරම් නිසාය.බොහෝ විට ඔබ තොරා ගන්නේ ප්‍රචන්ඩකාරී ක්‍රීඩා නම් ,ඒවා අවසානය තුලදී ඔබට හිමිවන්නේ රිනාත්මක ප්‍රතිපල බවයි කියවෙන්නේ.ඔබ ජයක්ග්‍රහනය කලද අධික්‍රියාශීලී ආක්‍රමනශීලීත්වය වටිනා දෙයක් ලෙස ඒත්තු ගන්වන මානසික ස්වභාවයක් ඔබට උරුම වන අතර පරාජයක් තුලදීනම්  අපහසුකාරී පරාජිත බවක් මනස කරා ‍රැගෙන එන බවයි සටහන් වන්නේ.  තුලදී පසුගියදා ‍තෝරාගත් පාසැල් සිසුන් පිරිසක් යොදා සිදුකල සොයා බැලීමකදී, විනාඩි 20ක ක්‍රිඩා කලය අවසානයේ ඔවුන්ගේ මානසික ස්වභාවය විග්‍රහවන පරේක්ෂනයකට භාජනය කල අතර ධනාත්මක ක්‍රිඩාවල යෙදුනු  කොටසේ මානුෂික හා කාරුනික ස්වභාවයන් අනෙත් කොටසට වඩාසැලකිය යුතුමට්ටමකින් ඉහල තිබුනු බවයි සටහන් වන්නේ.

2011-06-06

වින්ඩෝස් වල 64 බිට් සංස්කරනයන් ඉලක්ක කරගත් හානිකර මෘදුකාංගයක්.......

වින්ඩෝස් වල 64 බිට් සංස්කරනයන් ඉලක්ක කරගත් හානිකර මෘදුකාංගයක් පැතිරෙමින් පවතින බවට කියවෙනවා. කැස්පර්ස්කි අයතනය නිවේදනය කරන ආකාරයට රූට්කිට්  ආකරයේ මෙම පහරදීම තුලදී පරිගනකයවෙත ලබා ගන්නා යවත්කාලීනවල නිවැරදි බව නිර්නයකිරිම සදහා යොදා ඇති මෘදුකාංගමය යාන්ත්‍රනය අඩපන කරන අතර දැනට පරිගනකයේ ක්‍රියාත්මක ආරක්ශක මෘදුකාංගය අඩපන කර ව්‍යාජ මෘදුකාංගයක් පරිගනකය වෙත තැන්පත් කිරීමට ක්‍රියා කරනු ඇත. ජාවා හෝ ඇඩෝබි රීඩර්  වැනි මෘදුකාංග මෙම පහරදෙන්නාව පැතිරවීම සදහා  පහර දෙන්නන් යොදා ගනිමින් සිටින බවයි වැඩිදුරටත් සටහන් වෙන්නේ.

ස්කයිප් ඔස්සේ මෘදුකාංග පහරදෙන්නන් තම ගොදුරු සෙවීම අරබා ඇති බවට........


ස්කයිප් ඔස්සේ මෘදුකාංග පහරදෙන්නන්  තම ගොදුරු සෙවීම අරබා ඇති බවට තොරතුරු කියවෙනවා. "ඔන් ලයින්  හෙල්ප්" නම් ස්කයිප් ගිනුමක් යටතේ ලැබීතිබුනු හඩ පනිවිඩයකින් කියවී තිබුනේ "ඔබේ පරිගනකය මෘදුකාංග පහරදීමකට ගොදුරුව ඇති බවත් පහත දැක්වෙන වෙබ් ලිපිනය ඔස්සේ පිවිස මෘදුකාංගයක්  ලබාගෙන එය නැවත පිලිසකර කර ගන්නා ලෙසයි. තවත් වැදගත් කාරනවක් වන්නේ මෙහි කටහඩ ස්වංක්‍රීය යන්ත්‍රයකින් නිර්මානය වී ඇති බවට හැගෙන සුලු වීමයි.
      මෙම පනිවිඩය ලත් අය වහා මෙම ඇමතූම ලැබුනු සබදතාවය අසුරා "ඔන් ලයින් හෙල්ප්"  ස්කයිප් ගිනුම් ගැන සොයා බලන ලද අතර , ගිනුම් 100 කට අදික ප්‍රමානයක් දැක ගත හැකිවූ බවට තොරතුරු පලවෙනවා. වැඩිදුරටත් සොයා බලන විට වැටහී ඇත්තේ මින් බහුතරයක් ගිනුම්  සැබැලෙසම පවතින ඒවා වන අතර කිහිපයක්ම ඉහතකී ආකාරයේ යාන්ත්‍රිකව නිර්මානය කර ඇති  සයිබර් දූෂක ගිනුම් බවයි. පසුව වැඩිදුරටත් කරුනු සෙවීමේදී දැනගත හැකිවූවේ  "සිකියුරිටි සොෆ්ට්වෙයර්" නම් හානිකර මෘදුකාංගයක් ඉහත සදහන්වූ වෙබ් අඩවියෙන් පතුරවන බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...