1) ඔබේ මෙහෙයුම් පද්ධතිය සමග පරිගනකයට ඇතුලුවන කුඩා ක්‍රියාකාරකම් මෘදුකාංග බොහොමයක් ඇත්තෙන්ම ප්‍රයෝජනයට නොගන්නා ඒවාය. බොහොමයක් මේවා පරිගණකය තුල නිහඩවම නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. මෘදුකාංග පහරදෙන්නන් මෙවැනි අවස්තාගැන ඉතා විමසිලිමත් බව පලවෙන කරුනු අනූව වටහා ගත හැක. හොදම පියවරක් නම් මෙම අනවශ්‍ය මෘදුකාංග කොටස් පරිගනකයෙන් ඉවත් කර දැමීමය.
2)නිදහස් හා නොමිලේ ලැබෙන මෘදුකාංග වලට භාවිතා කරන්නන් බොහෝ විට පෙලබේ. සමහර විටක ඉතා අඩුමිලට ලබා දෙන මෘදුකාංගද මෙම ගනයට වැටේ.වැඩි ප්‍රමානයක මෙම මෘදුකාංග සමග ඔබේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ලබා ගැනීමේ සිට කඩාවදින දැන්වීම ඔබ කරා ගෙන ඒම සදහා ඔවුන් භාවිතා කරමින් සිටිනවා වීමට ඉඩ ඇත.
3)ඔබ මෙහෙයුම් පද්ධතියට පිවිසීම සදහා භාවිතා කර ඇත්තේ "ඇඩ්මිනිස්ට්රේටර්" පිවිසුම් මාර්ගයනම් වඩත් කල්පනා කාරීවන්න. ඔබගේ දුර්වලතාවයක් ඔස්සේ පරිගනකයට ඇතුලිවන මැල්වෙයාර් මෘදුකාංගයකට ඔබ එම මොහොතේ භාවිතාකරමින් සිටි ගිනුමට අදාල බලතල භාවිතා කරන්නට අවස්තාව උදා වෙනු ඇත. මෙයට හොදම පිලියමනම් ඔබත් මෙහෙයුම් පද්ධතියට පිවිසීමේදී සාමාන්‍ය ගිනුමක් භාවිතා කිරීමය.
4)තවත් දෙසකින් පැවසෙන්නේ "ඇඩ්මිනිස්ට්රේටර්" ගිනුම් දෙකක් භාවිතයට පෙලබීම වඩාත් හොද පියවරක් විය හැකි බවයි. ආයතනයක නම් මේ තුලින් අර්බුදකාරී තීරනයට වගකිව යුත්තාව පහසුවෙන් හදුනා ගත හැකිවනු ඇත.
5) නිසි කලට යාවත්කාලීනයන් ලබා ගැනීම ඉතාම වැදගත්වේ.වෙනත් අයුරකින් පවසන්න්නේ නම් ඔබදැන් භාවිතා කරමින් සිටින්නේ එහි අවසාන හෝ අංග සම්පූර්න සංස්කරනය නොවේ. නිරන්තරයෙන් ඔවුන් අඩුපාඩු සොයා බලමින් නිවැරදි කරන්නට කටයුතු කරයි.