2011-05-23

සමහර විට ඔබට නොවැටහෙනු ඇත, සමහර විටක සිත මතට අමනාපයක්ද පැමිනිය හැක....

සමහර විට ඔබට නොවැටහෙනු ඇත, සමහර විටක සිත මතට අමනාපයක්ද පැමිනිය හැක. එහෙත් මෙම කරුන කිවයුතු යැයි මම සිතමි. මා මෙහි ගත කාලය මුලුල්ලේ විවිධ ජාතීන්ට හා ආගම් වලට අයත් අපමන පිරිසක් මෙහි යනු එනු දැක ඇත්තෙමි. සැදෑ සමාලොචන හමුවේදී බොහෝ කරුනු හුවමරු වන තැනකි. සමහරුන් තම ආගම දහම ගැන මහත් කලකිරීමකින් කතා කරනු මම අසා දැක ඇත්තෙමි. මේ කිසිදු විටක ලොකු ස්වාමීන්වහන්සේ තම දහම වෙත එන්නයැයි යෝජනා නොකරයි. වරක් මේ ගැනම කරුනු හුවමාරුවකදී උන් වහන්සේ පැවසුවේ අනෙකුත් බොහෝ දහම් වලට වඩා මෙම දහම විවෘතය. ඔබ මෙහි පැමිනීම සමාජීය සංකේත රාශියක් මැදින් කල යුතු නැත. ඔබ කොතැන සිට හෝ  යහපත් යමක් කරන විටකදීම ඔබ මට මහත් මිතුරෙකි. මගේ සගයෙකි. මට තවකෙකුට දහම පහදා දිය හැක මෙහි එන්නයැයි කීම මහත් ලැජ්ජාවක් උපදවන කරුනකි. දහම් ශාලාවේ සටහන් කර තිබූ වැකියක් නම් "මෙහි එන්න, ඔබ මොබ ඇවිදින්න. ඔබේ දහමට වඩා මෙම දහම හොදයැයි මම නොකියමි. කැමතිනම් පමනක් මෙහි නවතින්න."

2011-05-22

ගම් වැසියන් කිසිවෙකු මස් මාංශ අනුභව නොකරයි. එසේ කරන්නේ ඇයි දැයි කිසිවෙකු නොදනී

මෙහි ගම් වැසියන් කිසිවෙකු මස් මාංශ අනුභව නොකරයි. එසේ කරන්නේ ඇයි දැයි කිසිවෙකු නොදනී. කොටින්ම කිසියම් කටයුත්තකට නගරයට ගිය ගම් වැසියෙකු නගරයේ ආපන ශාලාවකදී  මස් මාංශ අලවිය සදහා තිබෙනු දු‍ටු විට, ගමට විත් ඒ ගැන පවසන්නේ, නගරයේ වෙසෙන අවසනාවන්ත මිනිසුන් ගැන මහත් කම්පාවෙන් බව ගබඩා භාරකරු වරක් මට පැවසුවේය.
    මීට බොහෝ කලකට පෙර මා සේවය කල විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට  පැමිනි  මහාචාර්ය වරයෙකු පැවසූ කරුනක් මතකයට නැගේ. " පෘතුවි තලයේ සමහර භූමිභාගයන්ගේ  විසූ සමහර ජන කොටස් වල සුවිශේෂී ලක්ෂන දැකිය හැකියි.මෙවා ක්‍රමයෙන් දියුනුවූ ලක්ෂන හැටියට හදුනා ගත නොහැක්කේ, ඊට පෙර විසූ කිසිදු ආශ්‍රිත සමාජයක  මෙම ලක්ෂන දැකිය නොහැකි නිසායි. මේවා ගැන විවිද විද්වතුන් විවිධ ලෙස අර්ත නිරූපනය කර තිබෙන බව හැදැරීමේදී අපට වටහා ගත හැකියි. කෙසේ නමුත් මම මෙම කරුන ඔබ ඉදිරියේ විවෘතව තබනවා..." ගම් වාසීන් තරග නොකරයි. ඉතාම කලාතුරකින්  තාවකාලිකව නොහික්මුනු තරුනයෙක් ඉස්මතු වුවද දවසක දෙකක කාලය ඔහු නැවත යතාතත්වය කරා ගෙන යයි.එහෙත් ඔබ සිතන ආකාරයත් නිවැරදි නොවේ මෙම ගම්මානය මහත් අලස ගම්මානයක් නොවේ. ප්‍රබෝධය සතුට ඔවුන් ලග බොහෝ ඇත.

භාවනා කරන්නේ කෙසේද? වැනි පොත්පත් වලින් පිරුනු පොත් ගුල් මෙහි නොමැත

මෙහි එන සමහරුන්ට කොතෙක් කල් ගතවුනද ආශ්‍රමය දරා ගත නොහැකි තරම් ආගන්තුක තැනක් ලෙස හැසිරෙනු දැකිය හැකිය. ලොකු ස්වාමීන් වහන්සේගේ හැසිරීම් රටවන් වලට සිනාසෙනවාද නැතිනම් හඩනවාදැයි සිතාගත නොහැකිව අසරනවන බවක් පෙන්වයි. විටක වැරයොදා භාවනාව සදහා සුදානම්වේ. හොරාවකින් දෙකකින් පෙර සිටියාටත් වඩා අපහසුවට පත්ව සිටිනු අයුරු දැකිය හැකිවේ.
        භාවනා කරන්නේ කෙසේද? වැනි පොත්පත් වලින් පිරුනු පොත් ගුල් මෙහි නොමැත. ඔබ මෙහිවිත් දින දෙකක් හෝ තුනකින් ලොකු ස්වාමීන් වහන්සේ පෞද්ගලික හමුවක් තුල කරුනු කාරනා කිහිපයක් පහදා දෙනු ඇත.ඒ අනූව ඔබට ඔබගේ උත්සාහයේ යෙදිය හැකිය. යම් ගැටලුවක් ඇත්නම් මෙහි සිටින ඔනැම අයෙක්  උදවු කරනු ඇත. මේ භූමියට අදාල මාවතට එන්නට ඔබ නොහැකි වන්නේ නම් හා උත්සාහය හැර දමන්නේ නම් ඔබට මෙතැනින් පිට වෙන ලෙස පවසන්න කිසිවෙකු මෙහි නොමැත. දැරිය නොහැකිම තැන සිය කැමැත්තෙන්ම පිටව යන කිහිප දෙනෙකුම, මම මෙහි ගතකල වසර කිහිපය තුල දැක ඇත්තෙමි.

2011-05-18

සද එලිය විසිරුනු කදුමුදුනතට ආසන්නයේ පිහිටි මගේ කුටියේ සක්මන් මලුව...

සද එලිය විසිරුනු කදුමුදුනතට ආසන්නයේ පිහිටි මගේ කුටියේ සක්මන් මලුව නිර්වානය නැතිනම් සියල්ල විසිරයන මොහොත දක්වා මගේ මතකයෙන් මැකී නොයනු ඇත.ඈතින් ගලා එන සිහින් පිරිත් හඩ සසර පුරා පුරුදු කල පහන් බවක් සිත තුල අවදිකරනවා දැයි මට සිතේ. ලොකු ස්වාමීන්වහන්සේ ඇත්තෙන්ම මිනිසෙක් වියහැකිදැයි මගෙම සිත මගෙන්ම විමසයි. ‍රැස්වුනු ආහාර පාන ස්වාමීන්වහන්සේලාට දෙවනුව ගිහි සිල් ඇත්තන්ට තෙවනුව නිරන්තරයෙන්සහය සදා මෙහි ‍රැදී සිටින සියල්ලන්ටම සපයා අවසානයේ දානකුටිය අසබටවිත්  සිටින සතෙකු සිව්පාවෙකැ ඇත්නම් ඔහුගේ කුසද සනහාලීමෙන් පසුව පසකට වී සතුටින් ඉතිරිවන යමකින් තම කුස සනහා ගන්නේ අපමන පහන් සතුටකින් සැහැල්ලුවකිනි.

2011-05-17

......... බහු චලනයන් හා බුද්ධිමය ලක්ෂනයන් සහිත තොරතුරු ජීවියෙකු ලෙස .......

….. මෙම පියවර තවත් කෝනය කින් විමසන විට අපට හැගෙනුයේ සයිබර් අවකාශය වඩාත් සත්‍ය සමාජය හා අනුගත වීම කෙරෙහි වැදගත් වන බවයි.මූලික මිනිස් සමාජ ස්වභාවයන් වැඩිවැඩියෙන් සයිබර් අවකාශයට පිවිසීම යනු යාන්ත්‍රික තොරතුරු සපයන්නෙකු නම් මූලික ස්වරූපයේ සිට සජීවී සහයකයෙකු බවට පත්වීමට තරම් තමන් හැදී වැඩී ඇති බවට සමාජයට කරන ඉගියක් ලෙසද අපට වටහා ගත හැකි වනු ඇත. අවසාන ලෙසින් කිව හැක්කේ එක්දිසාවකට පමනක් චලනය වන තොරතුරුමය ජීවියෙකු ලෙස ඇරබි තම ජීවය බහු චලනයන් හා බුද්ධිමය ලක්ෂනයන් සහිත තොරතුරු ජීවියෙකු ලෙස හැදී වැඩෙන්නට අවැසි සක්‍යතාවය තමන් සතු බවට පැහැදිලි ඉගියක් මේ තුල සැගැව ඇති බවය

$$$$$$$ අසීමිත තොරතුරු අවකාශයට ඔවුන් බියවනේය. මක්නිසාදයත් ඔවුන්ගේ සහනශීලී සීමිත බව එය විසින් බිය ගන්වන නිසාය.$$$$$$$
                                                 www.siriwansa.wordpress.com

2011-05-16

"දහම බොහෝ අයට නොවැටහේ, හේතුව ඉතා සරලය , බොහෝ අයට දහම ඉතා සරල වැඩිය"


"දහම බොහෝ අයට නොවැටහේ, හේතුව ඉතා සරලය , බොහෝ අයට දහම ඉතා සරල වැඩිය" මට හමුවූ ආදරනීයතම දහම් මිතුරා සැදැසමාලෝචන ‍රැස්වීමකදී තම දහම ගැන දැක්ම පැහැදිලිකලේ එලසය.ලොකු ස්වාමීන්වහන්සේ මද සිනාවක් සමග විමසා සිටියේ " ඔබේ සමීපතම මිතුරා වූ වස් දඩුව ගැන දැන් සිත්න්නේ කුමක්ද කියායි?" ඇත්තෙන්ම මම සිතා ගෙන සිටියේ එය නැතිව එක දවසක්වත් මට සිටින්නට නොහැකි වේයයි සිතා ගෙනයි. එය මගෙන් සමුගත් දිනයක මමද මිය යනු ඇතැයි සිතුවා. ඇත්තෙන්ම අහිමිවීම සමුගැනීම ජීවිතය සැහැල්ලුවක් කැදවන බව දහම් කරුනක් ලෙස මාතුල වූ අවබෝදයට ඉහලින්  සැගවී එය පිලිබදව වූ මගේ බැදීම පැවතුන බව අද මට වැටහෙනවා.

2011-05-14

විදුලි බුබුලු කොඩි වැල්වලින් ඔබතුමන්ලා වසාගන්නට තැත්කරන්නේ ජීවිතයේ අධර්මී......

ඔහු ඉතා ධනවත් මහතෙකු වියයුතුය.අපත් සමග මෙහි ගතකරන 5 වන දවස වූවාය. භාවනාව පිලිබද එතරම් සැලකිල්ලක් නොදැක්වූ මුත් භාහිර ජීවිතය ගැන නම් මහත් කල්පනාකාරී බව හැසිරීමතුලින් අපහට මනාව වැටහී තුබුනේය. පෙර දිනයේ සැදැ සමාලෝචන හමුවේදී හදිස්සියේම නැගී සිටියාය. "ඔබ වහන්සේ අවසර දෙනවානම් මේ මුලු ආශ්‍රමය පුරාවටම  කොඩිවලින් අලංකාර කරන්නට තමන් සූදානම් බව පැවසුවාය.බෞද්ධයන් වන සියල්ලන්ටම උතුම්මවන දිනයක් උදා වමින් පවතින බවත් කොඩිවැල් අලංකර පහන් නොදැල් වීම දහමට කරන අගෞරවයක් නොවේදැයි විමසා සිටියාය.(දින ගනනක සිට අඛන්ඩව ඇසෙන පිරිත් හඩ ඔහුටනම්  නෑසෙනවා විය යුතුය) ලොකු ස්වාමීන් වහන්සේ පිලිතුරු දුන්නාය, මහත්මයානනි නෙක දිලිසෙන විදුලි බුබුලු කොඩි වැල්වලින් ඔබ තුමන්ලා වසාගන්නට තැත්කරන්නේ ජීවිතයේ අධර්මී භාවය විය නොහැකිද?

2011-05-12

මිනිසෙකු ලෙස ඉපදීම පිලිබදව සතු‍ටු වීමේ සතිය උදාවී ඇත........

මිනිසෙකු ලෙස ඉපදීම පිලිබදව සතු‍ටු වීමේ සතිය උදාවී ඇත. ගබඩා භාරකරු මෙම සතිය හැදින්වූයේ එලෙසයි. ඈත වනයෙන් සිල් ඇත්තන් තෙදෙනෙක්ම අප සමග  මෙම සතිය ගත කරන්නට මෙහි පැමින තිබීම මෙහි වෙසෙන කාගෙත් සිත් සතන් මහත් ප්‍රබෝදයට පත් කර ඇත.නොකඩවා සතියක් මුලුල්ලේ ගැයෙන පිරිත් ගායනය ඇරබී ඇත.උදා හා දහවල සදහා පිඬුසිගා වැඩීම ආරම්භවී ඇත. අඛන්ඩව පිරිත් දේශනය පවත්වා ගැනීම සදහා නතරවන කිහිප නමක් හැරුන විට සියල්ලන්ම පහල පිහිටි ගම්මාන සිසාරා වැඩම කරයි. කාලය ඉතිවන ප්‍රමානය අනූව ගම් වාසීන් සමග දහම ගැන කරුනු බෙදා හදා ගනියී. අවසනයේ ආශ්‍රමයේ දානශාලා භාර කරුට තමන් ‍රැගෙන ආ සියල්ල භාර දෙයි.ගබඩා භාරකරු සියලු ආහාර තමන්ට රිසි පරිදි ලබා ගත හැකිවන පරිදි එක් තැනකට සකස් කරයි. පූජා කරනු ලබන සියල්ලම ගබඩාකරු භාරයට පත් වෙයි. ඉන් පසු තමන්ට අවැසි පරිදි එම සම්පත් මෙහි වෙසෙන ඇත්තන්ට බෙදා ගතහැකි පරිදි තැන් පත් කරයි.

2011-05-05

පිනි කැට විසිරුනු සක්මන් මලුව ශාන්තිමත් දවසකට පිවිසීම් දොර‍ටුව බදුය

පිනි කැට විසිරුනු සක්මන් මලුව ශාන්තිමත් දවසකට  පිවිසීම් දොර‍ටුව බදුය. හිමිදිරි උදයේ සක්මන් භාවනාව යනු අසීමිත ලෙස දවස ප්‍රබෝදමත් කරන ක්‍රියාවකි.සංසාරය පුරාවට ‍රැස්කරගෙන ඇති බොහෝ දැ නිවා දමන්නට මේ සක්මන් මලුව මාහට පිහිට වී ඇති ප්‍රමානය අප්‍රමානයෙයි මට සිතේ.මා මිත්‍ර ටිබෙට් ජාතික මහත අප සමග තවත් මාසයක කාලයක් ‍රැදෙන්නට තීර්නය කිරීම මට මහත් සතුටකි. කදුමුදුනත ඔස්සේ දකුනතට හෝරා තුන හතරක ගමනකින් පසුව මුන ගැසෙන ගම්මනයේ අසිරිය ඈතින් සිට නරබන්නට යන්නට ඔහුට මා කල ආරාධනය ඔහු සතුටින් භාර ගත්තාය.උදැසන අහරින් පසුව ගමන අරබන්නට අපි කතිකා කරගත්තාය.

2011-05-03

සොදුරුතම මිතුරා සමුගෙන ගොස් තිබිනි

සොදුරුතම මිතුරා සමුගෙන ගොස් තිබිනි. මාගේ  අපූරුතම මිතුරා වූ ටිබෙට් ජාතික මහතාගේ ජීවිතයේ දුක සැප දෙකෙහිදීම ලගම සිටි මිතුරා වූ අලංකාර ලෙස කැටයම කල  බටනලාව පෙරදා ඇදවටුනු කුටියේ වහලයේ යමකට යටවී පතුරු ගැසී විනාශ වී තිබුනි. යාන්තමින් එලිය වැටීගෙන එනවිටම පහල ගම් වාසීන් කිහිප දෙනෙකු පැමින කුටියේ ප්රතිසංස්කරනය ආරම්භකරන ලදී.
කුටියේ ආසන්නයේ වූ සක්මන් මලුවට ඔබ්බෙන් බිම වාඩිවී දුක්මුසු ලෙස අනන්ත නැගෙන හිර අහස් දෙස නෙත් යොමාන සිටින මිතුරා දකිද්දීම යමක් වැරදී ඇති බව මට වැටහුනි. නිහඩවම මම ඔහු අසලම වාඩිවෙත්ම කොටසක් සම්පූර්නයෙන්ම දුහුල්ව ගොස් ඇති බට නලාව මා වෙත යොමු කලාය. ඔහුට වුවමනාවී තිබුනේ බටහිර බැවුමෙන් ගලා බසින ගංගාව වෙත සමුගත් මිතුරා පුදකරන්නය. බටහිර බෑවුමේ ගං ඉවුර වෙත අපදෙදෙනාට ලගා වෙන්නට ගතවූ හෝරා දෙකකට අදික කාලය තුල අප අතර වචන තුන හතරකට වඩා හුවමාරු නොවිනි.
වෙර යොදා ගංගාවේ මැද දෙසට ඔහු තම ආදරනීය මිතුරාට සමුදුන් ඔහු නිහඩවම  කදු බෑවුමේ අඩක් පමන පසු කලාය. මගදී හමුවන විශාල ගල් තලාවේ මැදහරියේදී ගිමන් නිවන්නට මෙන් නැවතුනු ඔහු ආපසු හැරී මාහට කීවේ " ඒක සමහර විට තවත් අයෙකුට කිසිම තේරුමක් නැති බැදීමක් ලෙස දැනෙන්නට පුලුවන්. බරපතල බැදීම් වලින් සමුගත්තහම තමයි තේරෙන්නේ බැදීම් කොයි තරම් බර පතල විදිහට  අපේ ජීවිත වලට බලපාලා තිබුනද කියලා."

2011-05-02

සොබා දහම ආශ්‍රමයට කියා වෙනසක් නැතිවම සිදුවීම් ගෙන එන්නේ......

සොබා දහම ආශ්‍රමයට කියා වෙනසක් නැතිවම සිදුවීම් ගෙන එන්නේ භාහිර ලෝකයේදීමෙන් හඩා වැටෙන්නට සුසුම්ලන්නට නොව අවබොදය ගෙන එන්නට යැයි මම සිතමි. ගතවූ රාත්‍රියේ අදික සුලග විසල් රුක්ෂයන් අබරමින්  මහ හඩින් ආශ්‍රම භූමිය හරහා ගලා ගියාය. එකවරම නැගුනු මහත් හඩ නිසා  සාමාන්‍ය ආශ්‍රම කුටි භාවිතාවේදී අපහට තහනම් කර ඇති කටයුත්තක් මා හටත් කරන්නට සිදුවිය. කුටියේ ප්‍රධාන දොර‍ටුව විවෘත කොට සක්මලුවට ඔබ්බෙන් පිහිටි කුඩා ගල්තලාවට ගොඩවී අවට ගැන විමසන්නට වූයෙමි. ගමානය දෙසින් ආශ්‍රම දෙසට වේගයෙන් චලනයවන පන්දම් එලි ක්‍රමයෙන් කදුමුදුනත දෙසට ගමන් කරනු දු‍ටු මාහට යමක් වැරදී ඇති බවට වූ සැකය නැවත තහවුරු විය. කුටියේ තිබූ කුඩා පන්දමක් දල්වාගෙන අසලතම කුටියේ වෙසෙන හෙට දිනයේ අපගෙන් සමුගෙන යන්නට  නියමිත ටිබෙට් ජාතික මහතා වෙසෙන කුටිය දෙසෙට වහ වහා යන්නට වුනෙමි. දු‍ටු දෙයින් මා සිත මහත් කැලබිල්ලකට පත්විය. එතුමාගේ කුටියේ ඉදිරිපස කොටසේ වහලය සම්පූර්නයෙන් සුලග විසින් ඉවත් කර තිබිනි. මොහොතකින් ගබඩා බාරකරු ලොකුස්වාමීන් වහන්සේ පෙර‍ටු කරගෙන එතැනට පැමිනියාය. ගම් වැසියන්ද දහ දොලොස් දෙනෙක්ද ඔවුන් සමග පැමිනියාය.ලොකුස්වාමීන් වහන්සේ කුටියේ දොර‍ටුවට තට්‍ටු කොට බැලූ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැති තැන ගම්වාසී තරුනයකුට කීවේ  දොර විවෘත කරන ලෙසයි.
            ඔබට එය විස්වාසකරන්නට බැරුවීම මගේ වරදක් නොවන බව මුලින්ම පැවසිය යුතුය. අප දු‍ටුවේ කුටියේ ඉදිරිපස  මහ වරුසාවේ තෙමෙමින් මේ කිසිදු  හිරිහැරයකින් බිද නොවැටී තම දැහැනට සමවැදී සිටින ටිබෙට්  ජාතික මහතාය. ඔබට කරුනු දෙකක් හෙලි කල යුතුය.   ඒ මොහොත ගැන ඔබ සිතන  හැටි වැරදි බවයි. ඔහු අපට වඩා සුරක්ෂිතය. සමහර විට ඔබ දෙවන වරත් සිතූ ආකාරය  නිවැරදි නොවන බව කිව යුතුය. එවන් ගැබුරු සමාධියක් ඉදිරියේ මහ වැස්සක් ගිගුරුම් හඩක් යනු ඉතාම අල්ප දේවල් පමනී.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...