2014-05-30

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(6)

  රාත්‍රිය පුරාවට ඇද හැලුනු  පිනිපොද තවමත් පාර දෙපස  තන බිස්ස මත දිදුලමින් ඇත. ප්‍රානය ලත් තුරු ගොනු ගෙනෙන්නේ මහත් ප්‍රබෝධයකි. උදෑසන පිබිදුනු සියතුන් පවා මහත් ප්‍රානයකින් හඬ තලන විට දැන්නේ මහත් නැවුම් බවකි. ලෝකය අපූරු තැනකි. තම තම වර්ගයා අනූව මෙන්ම ගෙනැවිත් ඇති කාලය අනූව යන්නට පැමිනි අමුත්තන්ගෙන් එය පිරී ඇත. ඉන් අයෙක් හඬති තවකෙක්  සිනාසෙති. මෙහෙ ඇත්තේ අපූරුතම අත්දැකීමකි.  බලන බලන අත විසිතුරු දෑය.  සිත් ප්‍රබෝද කරවන  දෑය, සිත හඬාවටවන සුලු දෑය.  විමතිය ගෙනෙන , බිය උපදවන දෑද අඩුවක් නොමැත්තේය. විශාල කොටසක් තමන් ‍රැගෙන ආ ජිව විද්‍යාත්මක සීමාවල් වලට කො‍ටුව මෙහි කාලය ගතකර යති.තව කොටසක් දියුනු කරගත් මානස් හැසිරවීමක් ඔස්සේ සංස්කෘතියක් තනා ගෙන ඒ මත ජීවත්ව ආපසු යති. පොලෝ තලයේ විවිධ දිසාවල වසනා කොටස් තම පරිසරයන් ආශ්‍රිතව විවිධ සංකෘතීන් නිර්මානය කොට ගෙන ඒ මත වෙසෙති. සමහර ඒවා විස්මිතය. සාමන්‍ය මනසකට තේරුම් ගත නොහැකි තරමට සංකීර්නය. හදාරන්නන් ඒවා තේරුම් ගන්නටම බැඉවන විට පිට සක්වලට වැනි තම හැකියා සීමාවෙන් ඔබ්බෙන් වන බුද්ධි තලයන්ට ඒවා සම්බද කොට නිදහස් වෙයි. සමහර විටක ඒවා සත්‍යවන්නටද ඉඩ ඇත. 
           මෙහි මා පැමින මිනිස් වයසින් සැලකීමේදී සැහෙන කාලයකි. මෙහි වන විවිධ අවකාශයන් ඔස්සේ මම ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. විටක සමහර ප්‍රදේශ භෞතිකය. තවතිට බුද්ධිතලයට අයත් ඒවාය. තොරතුරු තක්ශනය ඒවා අතර වඩාත්ම මා සිත්ගත් එකකි. කවදත් මිනිසා වටා තිබූ තොරතුරු හැසිරවීම සදහා ඉලෙක්ට්‍රොනික මැදිහත් වීමක් එහිදී සිදුවෙයි. වේගය මෙන්ම නිවැරදි බව හමුවේ මිනිසුන් ඉන් මහත් ඵල ලබනයුරු අපූරුය. තවකෙක් වීමාවක් නැති විස්මයට පත්වන යුරුද  සිත්ගන්නා සුලුය. 
   අශ්‍රමය මෙන්ම ටිබෙටියානු මිතුරාද සමහර  සංකල්ප අනූව ජීවිතය විග්‍රහ කරන හමුවන සංස්සාරයේ තව බොහෝ කාලයක් යන තුරු අමතකව නොවනු ඇත. ඒ ඒසේ වූවත් කම් නැතැයි සිතෙන්නේ ඒ මතක සටහන් මහත් බරක් ගෙනෙන නැතිනම් තව තවත් බැදීම් වලට යොමුකරවන ඒව නොවන නිසා වෙනි. සමහර සබඳ තාවයන් වඩ වඩාහ් සිත සැහැල්ලු කරනු සුලු වන අතරම තවත් ඒවා මහත් පීඩා කාරී වෙමින් නැවත නැවත නැවතත් බැදීම් ඇතිකරන ඒවා වෙයි. පේර කී විග්‍රහට අනූව ඒවා ගෙවා දමන්නට තවත්කාලයක් අවශ්‍ය වනු ඇත.
          ක්‍රමයෙන් වගාබිම් නිමවෙමින් ආශ්‍රම භූමියට ඇතුලු වන සීමාව ඇස් මනයට හසුවෙන තරම් නුදුරුවෙමින් ඇත. දැඩි දැවයෙන් නිමවා ඇති ප්‍රධාන පිවිසුම ක්‍රමයෙන් පැහැදිලි වෙමින් ඇත. ලොකු ස්වාමීන් වහන්සේ සිත තුල සටහන්ව ඇත්තේ ජීවිතකාලයේ හමුවූ අපූරු හැගීම් රටාවක් පරිද්දෙනි. එය වෙනම අත්දැකීමකි. දෛනික විවහාරය තුල පැහැදිලි කර ගැනීමට අපහසු  භාවයක් වැනි යමකි.

Microsoft වෙතින් එන Smartwatch නිම වෙමින් ඇති බවට!!!!

   පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව මෑත කාලීනව මහත් උනන්දුවක් දක්නට ලැබිනි. Google Glass එම උනන්දුවේ තීරනාත්මක සාධකයක්ව ඉස්මතුව පෙනිනි. Samsung වෙතින් පැමිනි  Galaxy Gear watche නැවත වරක් එම උනන්දුව අවදිකරවන්නට කාරනයක් වූ අතර Apple ආයතනයද තම ඉදිරි සැලසුම් වල smart ආකාරයේ ඔරලෝසුවක නිකුතුවක් පිලිබදව හෙලි කර සිටියාය. නොනිලව පැවසෙන නවතම පුවතක් පවසන්නේ Microsoft සමාගමද තම smart මට්ටමේ පලඳින ඔරලෝසුව පිලිබදව මහත් අවදානයකින් කටයුතු කරන බවකි. ආයතනය තුල වන වැඩි අවධානයකින් මෙම උපාංගය සංවර්ධනය කරමින් සිටින බවකි. සියලුම පාහේ ප්‍රධාන ස්මාර්ට් ෆෝන් platforms සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වනු ඇති බවට පැවසෙන මෙම උපාංගය භාවිතාකරන්නාගේ හඳ ගැස්ම පිලිබදව නිරන්තරයෙන් සිටීම ප්‍රමුක අංගයන් රාශියක් සමග පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. දෙදිනක බැටරි ආයුකාලයක් සමග එන්නට නියමිත මෙම උපාංගය සදහා වසර ගනනාවක සිට සිට ආයතනය තුල සංවර්ධනය වෙමින් පැවති SPOT (smart personal object technology) මෘදුකාංග වඩාත් සිත්ගන්නා සුලු පෙනුමක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පෙර දී බලාපොරොත්තුවූ පරිදි මෙම summer වලදී මෙම නිකුතුව සිදුවීමට ඉඩ ඇතිබවට බලාපොරොත්තුවුවද තවමත් මේ පිලිබදව ස්තීර කාල වකවානු ප්‍රකාශයට පත්ව නොමැත.

2014-05-28

අන්තර්ජාලයම සොයනවා වෙනුවට ලගැති උපාංග සමග ජාලගත වන්නට වැඩි කැමැත්තක් ඇති යුගයක්!!!!

 සැමට අන්තර්ජාලය යනු කලකට ඉහත බොහෝ විද්වතුගේ මෙන්ම තොරතුරු ලෝකය ආශ්‍රිත ආයතනයන්ගේ අවධානය ලබා ගත් මාතෘකාවක්ව තිබිනි. එක් දෙසකින් වඩාත් වේගවත් අන්තර්ජාල සේවාවක් පිලිබදව නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදුවන අතරම තවත් දෙසකින් දුරබැහැර දුශ්කර ප්‍රදේශ සදහා විකල්ප ක්‍රම ඔස්සේ අන්තර්ජාලය ගෙන යන්නට ක්‍රමවේද සොයන්නට කටයුතු කරමින් සිටීනු දක්නට ලැබින.
         මේ අතර පැමිනෙමින් ඇති නව ප්‍රවනතාවයක් යෝජනා කරමින් සිටින්නේ offline ආකාරයට වඩ වඩාත් තම දත්ත උපාංග භාවිතට පෙලබ වන ආකාරයේ app ක්‍රියාකාරීත්වයක් ආයතන කිහිපයකම තම මීලග නිකුතූන් වල නිමිත්තක් බවට පත්වෙමින් ඇති බවයි. Google map වැනි බහුල භාවිතාවක් මෙන්ම දුෂ්කර වටපිටාවකදී පවා ක්ශනික අවශ්‍යතාවයක් වන විටදී මෙසේ offline ලෙසට සහයට පැමිනෙන්නට හැකිවීම අත්‍ය අවශ්‍ය බවටයි යෝජනා වන්නේ.එසේම උපාංග අන්තර්ජලය ඔස්සේම තම ජාල ගතවීම සෙවීම වෙනුවට තමා අවට ඇති හිතවතුන්ගේ උපාංග සමග Wi-Fi වැනි ක්‍රම ඔස්සේ සම්බන්ද වීමට හැකිවීම කෙරෙහි වැඩි අවධානයක් නිපදවන්නන්ගෙන් පල වෙමින් ඇති බවටත් වාර්ථා වනවා. අඩු ශක්ති වැයක් ඔස්සේ තමන් අවට ඇති උපාංග සමග ජාලගතවීම ඔස්සේ වඩාත් ප්‍රාදේශීය හා නිවැරදි තොරතුරු වලට ලගා වීමේ හැකියාව ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. මෙහිදී සමාජ ජාලා වැනි සබදතා වැඩි වශයෙන් ලැබෙන සේවා සම්බන්දිත app සදහා එවැනි යෝජනා වඩාත් ගැලපෙන බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.

2014-05-23

Facebook භාවිතාකරන්නන්ගේ privacy බව වැඩි තහවුරුකරන ටූලයක් හදුන්වා දෙයි!!!!

  Facebook නිවේදනය කරන්නේ තම භාවිතාකරන්නන් විසින් තම පලකිරීම් තම ෆේස්බුක් සබදතා අතර Share වීමේදී වඩාත් නම්‍යව හැරවීමට සහය වන මෘදු ටූලයක් එලබෙන කාලය තුලදී නිකුත්කරන්නට කටයුතු කර මින් සිටින බවකි. ආයතන පැහැදිලි කර සිටින්නේ භාවිතාකරන්නෙකුට තම පලකිරීමක්(post) default ලෙසට පැමිනෙන්නේ Public මට්ටමේ share කිරීමක් ලෙසට උවත් නව හදුන්වා දීමත් සමග පෞද්ගලිකව එක් මිත්‍රයෙක් සමග සිට සියලුම මිතුරන් අතර දක්වා පමනක් නොව සමාන කන්ඩායම් අතර මෙන්ම අවසානයේ Public මට්ටම දක්වාම තොරා බෙරා ගැනීමේ හැකියාව පවතින බවය. එසේම ඔවුන් පැහැදිලි කරනවා මෙම හැකියාවන් දැනට පලකර ඇති ඒවා සදහාද වලංගු ලෙසට වන බවයි. සමස්තයක් ලෙසට අත පසුවීමකින් අනවශ්‍ය ෆේස්බුක් සබදතා අතට පෞද්ගලික තොරතුරු පත්වීම පාලනය කරන ලෙසට සැකසෙන මෙම නව ටූලය සමග භාවිතාකරන්නන්ගේ privacy බව වඩාත් පැහැදිලිව සුරකින්න්ට අවශ්‍ය සහය ලැබෙනු  ඇති බවකි. ඉදිරි සති කිහිපය තුලදී මෙම පහසුව ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙතට මුදා හැරෙන්නට නියමිත බවටයි පැවසෙන්නේ.

2014-05-22

IE-8 සදහා මාස 7ක් පිලිසකර නොවූ පෙර සැකසුම් දුර්වලතාවයක්!!!

  IE-8 වල හදුනාගෙන තිබූ zero-day exploit නැතිනම් පෙර සැකසුම් දුර්වලතාවයක්න් සදහා මේ වන විට පිලිසකර යාවත්කාලීන නිකුත් නොවී මාස් අ7ක් පමන ගතව ඇති බවටයි වාර්ථා වන්නේ.  මෙම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට අසාධිත වෙබ් අඩවියක් කරා එන භාවිතාකරන්නෙකුගේ පරිගණකයකට දුරස්ථව හැසිරවීමේ හැකියාවක් ලබා ගන්නට හැකිවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 2013 ඔක්තෝබරයේ මෙම දුර්වලතාවය පලමුව අවධානයට ලක්වූ නමුත් මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ එම ආකාරයේ දුර්වලතාවයක් ඔස්සේ පහර දීම් තමන් වෙතට වාර්ථා නොවූ බවකි. එසේම එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ සමහර දුර්වලතාවන් සදහා පිලිසකර නිකුත්කිරීමට වැඩි කාලයක් ගතවන්නේ වඩාත් සංකීර්න තත්වයන් හමුවේ නැවත නැවතත් අත්හදා බලමින් වඩාත් පූර්න  පිලිසකරයක් සදහා විශාල කාලයක් ගතවන නිසා බවයි.

2014-05-20

"Blackshades" හානිකරයට සම්බන්දිත 90කට ආසන්න පිරිසක් අත්වඩංගුවේ!!!!

  "Blackshades" යනු ලොව පුරා PC පරිගණක 500000කට අධික ප්‍රමානයක් ආසාධනයට ලක් කරමින් භාවිතාකරන්නාට නොහැගෙන පරිදි ඔහුගේ පරිගණකය දුරස්ථව මෙහෙයවමින් එහි වන තොරතුරු සොරා ගන්නට එයට සම්බන්දිත වෙබ් කැමරා වෙනි උපකරන මෙහෙයවන්නට හැකියාව ලබා දෙන හානිකර මෘදු කාංගයක් ලෙසටයි පිලිගැනෙන්නේ. මෙම හානිකරය නිපදවීමේලා ප්‍රධාන දායකත්වයක් දුන් බවට සැල කෙරෙන Michael Hogue නම් 23 හැවිරිදි අයෙකු 2012දී අත්වඩංගුවට පත්වූ නමුත් එම හානිකරය අකංඩව රටවල් සියයකට අධික ප්‍රමානයක මිනිසුන් දහස් ගනනක් අතට අලවි වෙමින් පැවතින.  මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ නීතිය විසින් රටවල් 18ක් ඔස්සේ මෙම හානිකරය පතුරුවාලූ පුද්ගලයින් 90කට වඩා අත්වඩංගුවට ගෙන ඇති බවකි. FBI වෙතින් මෙසේ ආසාධිත තත්වයට පත්ව ඇතැයි සැක කෙරෙන පරිගණක හඳුනා ගැනීම සදහා ඉඟි නිකුත් කොට ඇති අතර තම පරිගණකය අසමන්‍ය ලෙසට Restart වීම webcam වැනි සම්බන්දතිත උපකරන අනවසරව ක්‍රියාත්මක වීම පරිගණකය ඔස්සේ විවෘත කෙරෙන අවසර පද සහිත වෙබ් ගිනුම් වලට පිවිසීමට නොහැකි වීම වැනි කාරනා ඒ අතර වන බවටයි දැක් වෙන්නේ. FBIවෙතින් මෙ අපිලිබදව කර ඇති දැනුවත්කිරීමේ සටහනට පහත දැක්වෙන Link ඔස්සේ පිවිසෙන්නට හැකි වනු ඇත.
http://www.fbi.gov/news/stories/2014/may/international-blackshades-malware-takedown/could-your-computer-be-infected-by-blackshades

2014-05-17

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(5)

  ලොව නිවැරදිම හා ස්වභාවිකම එලාම් ඔරලෝසුව ඔවුන් සතුය. එනම් පෙර අලුයම අවදිවන සියතුන්ගේ හඬය. යාන්ත්‍රික හෝ ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මෙන් නොව පරිසර තත්වයන් අනූව එය ස්වංක්‍රීයවම සුසර වේ. වරක් අප අධ්‍යාපන ආයතනය වෙතට පැමිනි  විද්වතෙකු යෝජනා කලේ ඔරලෝසුව ඔස්සේ ඔබ කාලය පාලනය කරනවා වෙනුවට හරිම යාන්ත්‍රික විදිහට කාලයේ වහලෙකු වී ඇති බවයි. "ඔබට ඇත්තටම කාලය පාලනය කරන්නට අවශ්‍ය නම් හිරු පාලනය කල යුතුයි. තවමත් පෘතුවිය මතුපිට වන විනාශකාරී බල වේග ඉදිරියේ පවා අසරන වන අප ශිස්ඨාචාරයට එතරම් දියුනුවක් ලබන්න තව වසර සිය දහස් ගනනක් වත් යාවි. අඩු තරමින් ස්වභාවික පරිසරයෙන්  මහ ඈතක නොවන අපේ මිනිස් සිරුරට වඩාත් ගැලපෙන කාල මිනුම් රටාවක් වත් අපට දියුනු කර ගන්නට බැරි වෙලා තියෙනවා කියන එක අප පිලිගන්නට ඔනේ.සමහර විටක ඒ බව අප ලබා ගන්නට අවශ්‍ය වන තාක්ශනයේ ලදරු තත්වයට වත් අප පිවිස නැතිව ඇති." එය අපූරු දේශනයක් විය.
              ප්‍රබෝධමත් දිනක් ‍රැගෙන නැගෙනහිර කඳු වලලෙන් හිරු එබී බලන්නට පටන් ගෙන ඇත. නෑවත වතාවක් ජීවිතයේ හමුවූ අපූරුතම විවේකය, නැතිනම් ප්‍රබෝධමත්ම අධ්‍යාත්මික අවකාශයේ නෙත්මානයට පැමින සිටින්නෙමි. හැකි ඉක්මනින් ගමන් මල්ල සකසා ගෙන ගේ හිමියා හමුව ස්තූති කොට ආශ්‍රම කඳු පෙල දෙසට දිවෙන මාවතට පිවිසුනෙමි.මාවත දෙපස වන රුක් ගොමු ප්‍රබෝධමත් කුරුලු හඬ සමග නෙතට පමනක් නොව සිතටද ගෙනෙන්නේ මහත් අවදියකි. ටිබෙටියානු මිතුරා සිහියට නැගේ. සකසා ගත් අඟුරු කැබැල්ලකින්  පවා මේවන් දසුන් ගොරහැඬි මතුපිටක පවා ශාන්තිමත් බව නොසැගවන පරිදි සටහන් කරන්නට ඔහු සමතෙකි. ඔහු වරක් පවසා සිටියේ නෙතින් උරා ගන්නා දැක්ම වඩාත් සැහැල්ලු ලෙසට මාධ්‍ය මතට ගෙනෙනවා හැරෙන්නට වෙනත් කිසිවක් කෙරෙහි ඔහු අවධානය නොදක්වන බවකි.
              ගැමියන් එකා දෙන්නා තම ගොවිබිම් වෙතට යන්නට මාවතට පිවිසෙමින් ඇත. ඔවුන් අතරින් ඉද හිටක පෙර දන්නා හඳුනන අයෙකුද වේ. සෞම්‍ය සිනාවක් ඔස්සෙ තම සුහදතාවය පල කිරීම ඔවුන්ගේ සිරිතය. බොහෝ විට දෙබසකට පිවිසෙන්නට ඔවුන් අකමැතිය. මාවතට යොමු කරගත් දෙනෙතින් යුතුව යුහුසුලුව තම දවස අරබන්නට ක්‍රියාකරයි. විශාල ගොවි බිම්  අස්වද්දන්නට ඔවුන් යාන්තික සහය නොලබයි. ඔවුන්විස්වාස කරනුයේ තම ශ්‍රමය ගොවි බිම වෙතට පිදෙන විට නිරෝගීකම මානසික සහනය බිම් ඔස්සේ තමන් වේතට පැමිනෙන බවකි. ඔවුන් අතර පූර්න සුදුසුකම් ලත් වෛද්‍ය වරුන් , ඉන්ජිනේරුවන් පවා සිටිති. මේ අපූරු මිනිසුන් ලොව සම්මත දැනුම තම වඩාන් දියුනු සාම්ප්‍රධායික දැනුම දියුනු කරන්නට භාවිතා කරනා විනා එහි වහලුන් නොවීම ස්වභාවයයි.

2014-05-15

Google Glass දෙවන පරම්පරාව නිර්මානය වෙමින් තිබේ!!!!

  Google ආයතනය මේ වන විට තම Google Glass වල අත් දැකීමට එක් වන්නට සාමන්‍යය භාවිතාකරන්නන් හට විවෘත කොට තිබෙනවා. ඇමරිකානු ඩොලර් 1500කට මිල කොට ඇති මෙම උපාංගය මෙසේ උනන්දුවන්නන් සදහා විවෘත වෙද්දී ආයතනය දෙවන පරම්පරාවේ Google Glass උපාංගය සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති බවටයි වාර්ථා වන්නේ. තවමත් එම ආයතනය තම උපාංගයේ දෙවන සංස්කරනය සමග පැමිනෙන විශේෂතා නිල ලෙසට නිවේදනය කර නැති මුත් ආයතනයේ R&D කන්ඩායම භාවිතාකරමින් සිටින (optical coatings) වැනි අමතර තාක්ශනයන් කිහිපයක්ම එම උපාංගය වෙතට මුසු කරමින් සිටින බවටයි නොනිලව පලවන තොරතුරු හෙලි කරන්නේ. දැනට වන බලාපොරොත්තුව වන්නේ එලබෙන මාසයට නියමිත ගූගල් හි  I/O developers conference වලදී මේ පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි වනු ඇති බවටයි . එසේම මේ වන විට හෙලිවන තොරතුරු පවසන්නේ Google Glass වලට විකල්ප විය හැකි සමහර විටක අඩු පහසුකම් ඇති උපාංග අඩු මිලැතිව වෙළඳ පොලට පැමිනීමේ ඉඩකඩ පිලිබදව ආයතනයන් කිහිපයකින්ම අවධානය යොමු කරමින් සිටින බවයි.

2014-05-14

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(4)

  සමහර විටක වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබෙන්නට ඇත. අප පිලිසඳර අවසන් බව හගවමින් නිවැසේ ප්‍රධානියා තම අසුනින් නැගී සිටියාය.ඔවුනටම ආවේනික වූ අපූරු සංස්කෘතික රටාවන් පිලිබදව අපූර්ව තොරතුරු වලින් පිරී තිබූ එම සංවාදය මාතුල ඇති කර තිබුනේ මහත් තෘප්තිකර බවකි. බුද්ධිමය ප්‍රබෝධයකි. තීව්‍ර මට්ටමක චෙස් ක්‍රීඩාවකදී හදිස්සියේ මනස හඳුනා ගන්නා නව රටාවක් ඔස්සේ සිතට දැනෙන ආකාරයේ අපූර්ව රසයකි. තවත් විටක සංකීර්න පරිගණක පද්ධතියක් වෙනුවෙන් සැකසෙන ඇල්ගොරිතමයක් සදහා වඩාත් නම්‍ය නව රටාවක් සිත හඳුනාගත්විට ඇති වන ආකාරයේ සතුටකි. වඩාත්ම සරලව එක කාරනයක් අවධාරනයෙන් පැවසිය යුතුය. ඔවුනගේ සංස්කෘතික රටාවල අමුතුම අස්වාභාවික ලෙසට දැනෙන දෑ වලින් සමන්විතව ඇති බවක් නොදැනුනද අප දන්නා හඳුනන සංස්කෘතීන් වසර සිය දහස් ගනනක් ඔස්සේ වර්ධනය වෙමින් තිබුනද හඳුනා ගෙන නැති වඩාත් පහසු මිනිස් මිත්‍ර ස්වභාවයන් ගෙන් ඒවා සමන්විතව තිබීමය.
                                                     ස්වභාවික දැ වලින් නිමව තිබුනද නිදි යහන සුවපහසු බවක් ගෙනේ. නිඳි යහනේ දකුනු ඇලයටවී ඔබ්බෙන් වන කවුලුව තුලින් බැලූ විට පෙනෙන්නේ කඳු බෑවුමට පහලින් වන විශාල වගා බිම් යායය. ඊටත් දුරින් පෙනෙන්නේ ආශ්‍රම කඳු යායය. කඳු බෑවුමේ තැනින් තැන පෙනෙන නිවෙස් වල ආලෝක සිලු මෙන්ම වගා බිම් වලද තැනින් තැන වන තාවකාලික නිවෙස් වල දැල්වෙන ගිනි මැලයන් මෙන්ම ඇතින් දිලෙන තරු කැට පරිද්දින් පෙනෙන ආශ්‍රම භූමියේ පහන් සිලු සියල්ල එකව මැවෙන්නේ අසිරිමත් දසුනකි. එයට එකවන ඈතින් ඉදහිට ඇසෙන රාත්‍රී මිත්‍ර වන සතෙකුගේ හඬවල් එක්වන විට අත්දැකීම වඩාත් සිත්ගන්නා සුලු වේ. ඔවූහුගේ දු දරුවන් රටේ ප්‍රධාන අධ්‍යාපනයෙන් ඉවත් කර දැමීමක් නොමැත. නමුත් ඔවුන් රටේ අධ්‍යාපනයට පිවිසෙන්නට පෙර තම ප්‍රාදේශීය දැන මුතුකම් වලින් පරිනතවේ. සම්මත අධ්‍යා පනයට අනූව සිතන විටදී "පෙර පාසැල් දරුවන්" හා "පරිනතබව "  එකට නොගැලපෙන වදන් දෙකක් ලෙසට හැගෙනු ඇත. සත්‍යනම් මෙහිතී ඒවා එසේ වෙයි. තමන්ගේ අනන්‍ය බව මේ දරුවන් තමන්ගේ ද්විතීක අධ්‍යාපනයට පෙර හඳුනා ගනි. එය පදනමව ලොකයේ අධ්‍යාපනයට පිවිසෙන ඔවුන් තුලට පැමිනෙන  බාහිර දැනුමට පදනම දෙදරවා නැගී සිටින්නට නොහැකි වේ. සමහර විටක ඔබ වැරදිය. මා මෙ අකියන පෙර අධ්‍යාපනය  බිය ගැන්වීමක් නැතිනම් වෙන යම් ආකාරයක අනිසි මනස් ගත කිරීමක් නොවේ. එය වඩා පුලුල් අවබෝදයකි. අපගේ සුවිශේෂී දැනිම් කාරනාපවා ඔවුනගේ ප්‍රාතමික ආභාශයන් ඉදිරියේ යෝධයන්වී හදාරන්නන්ගේ මනස් අත්පත්කරගන්නට අසමත්වේ. වරක් ප්‍රකට විද්වතෙකු කල ප්‍රකාශයක් සිතට නැගේ. "බොහෝ විට දැනුම ගොඩ නගන්නේත් වෙනස්කරන්නෙත් විද්වතුන්ට අයිති සම්මත් ඇදුම් පැලඳුම් පැලඳ ගත් සහතික කල දැනුම ඇත්තන් විසින්ම නොවේ".
Pubudu Siriwansa

2014-05-13

වින් 8 සදහා වින්8.1 update කිරීම ජූනි 10ට පෙර නොලැබුන හොත් ඉදිරි update නොලැබී යනු ඇත.....

  Microsoft සමාගම නිවේදනය කර සිටින්නේ තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධති Windows 8.1 වෙතට update කිරීම සදහා වූ කාලය තවත් දින 30කින් දිගු කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. ආයතනය windows 8.1 නිකුතුවේදී පවසා සිටියේ මෙම මැයි 13ට පෙර වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධති නව අනි සංස්කරනය වෙතට update නොකල හොත් ඉදිරියට එම මෙහෙයුම් පද්ධති සදහා යාවත්කාලීන නොලැබීමක් සිදුවනු ඇති බවයි. මෙම නව තිර්නයත් සමග වින්ඩෝස් 8 භාවිතාකරන්නන් හට තම මෙහෙයුම් පද්ධති වින්ඩෝස් 8.1 වෙතට ඉහල නැවීමේ කාලය ජූනි 10 තෙක් දීර්ග වනු ඇති බවටයි දැක්වෙන්නේ. තම පරිගණකයන් හට මෙලෙස අඛංඩව යාවතාකාලීන නොකඩවා ලැබීමේ පහසුව වඩාත් ආරක්ශාකාරී පරිගණක භාවිතාවකට වැදගත් වන අතර විශේෂයෙන් මෙහෙයුම් පද්ධතිය වෙගවත් සංස්කරන නිකූතුන් රාමුවක් යටතේ තිබෙන විටදී වඩාත් වැදගත් වනු ඇති බවටයි හදාරන්නන්ගේ අදහස වන්නේ. enterprise මට්ටමේ මෙහෙයුම් පද්ධති සංස්කරන සදහා මෙම කාල සීමාව එල බෙන අගෝස්තු 12 දක්වා පෙර දක්වා තිබුන අතර එම දින වකවානු වල වෙනසක් මේ දක්වා එම ආයතනය දක්වා නොමැත.

2014-05-12

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය.....(3)

  කෙමෙන් දැඩිවන අඳුර පිලිසඳරට පාවඩක් සේය. අප කාගේත් ජීවිතයේ හමුව ඇති බොහෝ පිලිසඳරවල් නිමේශයන් නිමේශයට කැදවාගෙන යන්නේ වෙහෙස වෙතටය. එසේ නොවන අවස්ථාවන් කලාතුරකින් ගමුවේ. මේ එවැන්නකි.විටක ඔවුනගේ මුතුන් මිත්තන් ගැන තොරතුරුය. තව විටක වර්ථමාන සිදුවීමක්ය. අපූර්වතම දේනම් ඒවා සියල්ල සමග හුයක් මෙන් ගලායන නිමිත්තය. භාෂාව සංකේථ පද්ධතියකි. ප්‍රත්‍යක්ශතා , හැගීම් වැනි විවිධ දේ ඒවා ජීවිතයට සම්බන්ද කරයි. විටක ආසන්න ප්‍රදේශ දෙකක වෙසෙන්නන් අතර පවා මේ අතර ඇත්තේ මහත් පරස්පර තාවයකි. විටක එම සංවාදයන් සංස්කෘතික වැනි කාරනා දෙසට යොමුවන විට එම පරතරය වඩ වඩාත් දැනෙන්නට ගනී. පුදුමයකි, මේතැනදී එවන්නක් නොහැගේ. භාෂාව අභිනය ඉක්මවා ගිය සංවාදයක් මේ පෙනෙන දකින අපගේ සංවාදයට යටින් තිබෙන්නාක් වැනිය. මා වැනි ඉතා දුර බැහැර ප්‍රදේශයකින් පැමිනි අයෙකුට මෙසේ දැනීම සිත තුල විමතියක් ඇතිකරවයි.
               මා පෙර කී අසුන් වල තවත් රහසක් වෙයි. එනම් ඒවා සකස් කර ඇත්තේ දෙයාකාරයකට අසුන් ගන්නටය.එක් ආකාරයක් නම් තමා සමග අසුන්ගෙන සිටින සගයන් සමග පහසුවෙන් සංවාදයක යෙදෙන්නට හැකි වන අයුරිනි. අනිත් ආකාරයනම් එම අසුන් වල හාන්සිවන කොටස වෙනස් කිරීමෙන් පහසුවෙන් දිගා වී අහස් කුස දෙස බලන්නට හැකි වන ලෙසටය. බොහෝ දිනයන්හි පැහැදිලි අහස් කුසක් පැමිනෙන මෙම කඳුයායේ සිටින අයෙකුට විශාල කෝනයක් දක්වා දිවෙන අහස් පරාසයක් දැක ගන්නට හැකිය. ක්‍රමයෙන් පිලිසඳර නිහඬ වෙමින් අහස් කුස දෙසට තම අවධානය යොමුවීම සිදුවේ. කුඩා දරුවෙක්යු පවා නිහඬව මවු ඇකයේ සිට පවා ඒ නිහඬ අභ්‍යාසයට එකගවීම සිත් පුදුම කරවන අත් දැකීමකි. එය සමහර විටක භාවනාවක් වැන්නක් විය හැක. තවත් විටක පරම්පරාවෙන් පරම්පරාවට පැමින  ඇති අධ්‍යාත්මික බැදියාවක් විය හැක.
           පෙර පැමිනි විටක දී මා මෙන්ම ආසියාතික පරිසරයකින් පැමින සිට ගබඩා භාරකරු ගම්මුන්ගේ මේ අපූරු ස්වභාවයන් පැහැදිලිකර දෙන්නට උත්සාහ කර තිබිනි. ඔවුන් දැඩි පුද්ගලත්වයකින් හෙබි අය නොවූවාය. මට සිලි‍ටු බවක් ඇති ඔවුනගේ අධ්‍යාත්මයට සමීප වීම ඉතා පහසුය. නමුත් කලපනා කාරී විය යුත්තේ අනවශ්‍ය පිවිසීම් වලට උත්සාහ නොකිරීමටය. ඔවුන් කලහාකාරී නොවෙයි. ආක්‍රමනශීලී හැසිරීම් නොපෙන්වනවා සේම ඉතා සංවේදීව ආගන්තුකයාව ගැනීමට කටයුතු කරයි. ගබඩාකරුගේ ආශ්‍රමයේ ගෙවී ගිය විසි වසරකට ආසන්න කාලය තුල මේ සංහිදියාව ආගන්තුකයෙකු විසින් ඉක්මවා ගිය එක් අවස්ථාවක් මට විස්තර කර තිබිනි. යුරෝපීය හැඩි දැඩි පුද්ගලයෙකු වූ ඔහු මෙසේ රාත්‍රියකදී ආගන්තුකයෙකුව සිටින අතර අනවශ්‍ය කලහාකාරී හැසිරීමක් පිලිබදව ඒ සිද්ධිය විය. දෑතේ ඇගිලි තුඩු වල ඉතා සරල හැසිරවීමකින් යෝධයෙකු බඳු ඔහුව අඩපන කොට ආගන්තුක කුටියේ නිදී යහන වෙතට ගෙන ග්ෆොස් දමන්නට නිවැස් හිමියා කටයුතු කොට තිබිනි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...