2022-03-06

පොඳු browsers පරිසරයක් සදහා Interop 2022

දත්ත උපකරණයක වන browsers මුදුකාංගය ඉතා වැදගත් එකකි. Google, Microsoft, Apple, නැතිනම් Mozilla වැනි ආයතන වෙතින් එන මෙම මෘදුකාංග කොටසේ විවිධත්වය විටක සමස්ථ බ්‍රවුසර භාවිතාවට ගැටළුවක් වන්නේ ඒකමිතික බවක් නැති කම නැතිනම් Chrome, Edge, Safari, හෝ Firefox වැනි බ්‍රවුසර වල වන විවිධත්වය භාවිතාකරන්නන්ගේ web experience එක සදහා බලපාන නිසාවෙනි. ඒ නිසාම ඉහතකී ප්‍රධාන ආයතනයන් අතුළු සම්පත් දායිකයින් එකතුව Interop 2022 නම් interoperability benchmark නැතිනම් පොදු ප්‍රමිතයක් තනාගන්නට කටයුතු කරමින් සිටී. ඔවුන් පැහැදිලි කරන්නේ modern browsers සදහා වැදගත් වන අංග 15ක් ගැන අවධානය දෙමින් nterop 2022 නම් benchmark එක නිර්මාණය වන අතර එහිදී cascade layers, color spaces, CSS color functions, viewport units, scrolling, form controls, වැනි අංගයන් ගැන අවධානය යොමුකරමින් සිටිනවා. වඩාත් පහසු browser භාවිතාවක් developers මෙන්ම users වෙතට ගෙනෙන්නට උත්සාහ කරන Interop 2022 ව්‍යාපෘතිය වසර කිහිපයක් ඔස්සේ ඉදිරියට යන්නට නියමිත වන බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa

2022-03-05

ජලයට වැ‍ටුනු Phone එක ...

ජංගම දුරකථනය වටිනා එකක් වන්නේ එහි මිළ නිසාම නොවේ. භාවිතාකරන්නෙකුගේ අපමන පෞද්ගලිකත්වයක් එය සමග වන බවට උපකල්පනය සාධාරන එකකි. සබඳතා මෙන්ම මතක සිහිවටන බොහොමයක්ද Text, Video, Image වැනි නෙක ආකාරවලට එහි විය හැක. එයට හානිවිය හැකි ආකාර සැලකීමේදී ජලයෙන් විය හැකි හානිය ඉතා ඉහලය. එවන් අවස්ථාවදී ගත හැකි විසදුම් ලෙසට bowl of rice පරිසරයක තැබීම ගැන විස්වාසයක් පවතී. හදාරන්නන් පවසන්නේ මේ හොඳ විසදුමක් නොවිය හැකි බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ එවන් පරිසරයකට බාලාපොරොත්තු වන තරම් ජලය උරා ගැනීමේ හැකියාවක් නොවන බව හා එහි වන දූවිලිමය පරිසරය හානියක් විය හැකි බවකි.
    wet Phone එකක් සදහා ගත හැකි පලමු පියවර වෙන්නේ ඉක්මනින්ම Phone off කිරීමක් වේ. එසේම paper towels හෝ microfibre cloth එකක් සමග වියළි තත්වයට ගෙනෙන්නට කටයුතු කිරීම වැදගත් ලෙසට සැලකේ. හදාරන්නන් පවසන්නේ ඊලග සුදුසුම පියවරක් වන්නේ SIM tray එක හෝ හැකිනම් battery එක ඉවත් කිරීම වේ. අනතුරුව airtight මට්ටමින් තැබීම සදහා device එක zip-loc bag බෑගයකය දැමීම හිතකර වන්නේ silica gel sachets සමග නම් වඩාත් හිතකර වන  ලෙසටය. අවසාන ලෙසට දිනතුනක් වත් පෙරකී වියලි පරිසරයේ තැබීමෙන් දුරකථනය සැලකිය යුතු මට්ටමින් වියළි තත්වයකට පැමිනෙන අතර ඉන් පසුව භාවිත්ය ගැනීම සුදුවිය හැකි බවයි හදාරන්නන්ගේ අදහස වෙන්නේ. සමහර විට දුරකඨ්යනය හොදින් ක්‍රියාත්මක වී කාලයත් සමග යලිත් ගැටළු සහගත වන්නේ නම් එහි අභ්‍යන්තරයේ corrosion process එකක් සිදුවෙමින් තිබෙනවා විය හැක. 
     ඔබේ  දුරකථනය waterproof හැකියාව සහිත එකක් වීම හොඳ පෙර සූදානමකි. උදාහරනයක් ලෙස iPhone 7  හෝ පසු සංස්කරනයක් නම් විනාඩි 30ක් දක්වා මීටර 3ක් දක්වා පරිසරයකදී පවා ජල රෝධක බවක් සහිත බවට සහතික සහිත වේ. අනෙක් කරුන මන් water-resistance බව සදහා Small cracks, high pressure water, temperature changes ආදී සාධක බල-පාන බවත් අමතක නොකල යුතුය.
Pubudu Siriwansa


 

යුද්ධය හා තාක්ෂණය

යුද්ධය සුන්දර අත්දැකීමක් නොවන බව පැහැදිලිය. කොතැනක කිනම් හේතුවක් මත වුවද එකිනෙකා විනාශකර ගැනීම සමස්ථ මිනිස් කථාන්දරයටම කරන අවමානයකි. තත්වය එසේ වුවද විටින් ටිට තවමත් තැනින් තැන ගැ‍ටුම් ඇතිවීම සිදුවේ. මෑතකාලීන අර්බුධයදක් කෙමෙන් මෝරමින් තිබේ. අද වන විට ඔනෑම ගැටළුවක තීරනාත්මක සාධකයක් නොවන්නට තොරතුරු තාක්ෂණයට තව දුරටත් නොහැකිය. එය එතරම් ජීවිත  මට්ටමේ සිට රාජ්‍ය අර්ථ දක්වාම පැතිර සිටී. මේ නිසාම Russian / Ukraine ගැටළුවේදීද නෙක ආකාරයෙන් එය මැදිහත් වන ආකාරය වාර්ථා වෙමින් ඇත. විටක සමහ සේවා ආයතනයන් තම සේවාවන් අඩ්ගාල රටවලට නතරකර දමන බව නිවේදනය කරන්නේ එම සේවා ඔස්සේ තව කෙකුගේ ඉලක්ක පැහැදිලි කරගැනීම සදහා සහය වන නිසාය. තවත් විටක සමහර සේවාවන් නතර කරන බවට නිවේදනය කරන්නේ අනෙකාට එරෙහිව වැරදි මත පතුරන්නට  ඒවා භාවිතාකරන නිසා වෙනි. කෙසේ වෙතත් වැදගත්ම සත්‍යයයක් හෙලි වෙමින් ඇත. එලබෙන යුගයේ මිනිස් ගැටළු ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ භාවිතාවන් වෙතට තීරනාත්මක ලෙසටම ඌනනය වෙමින් තිබෙන බවය. අන්තර්ජාලයේ සිට චන්ද්‍රිකාව දක්වා නෙක තාක්ෂණයන් විටින් විට මාතෘකා වෙමින් මිනිස් වර්ගයාට දෙමින් සිටින පණිවිඬය නම් වසර සිය දහසකට පෙර මෙන් එකිනෙකා අතර ගැ‍ටුම කුඩා ප්‍රදේශයකට සීමාවන කුඩා පිරිසකට සීමාවන තීරනාත්මක කාරනාවකට වඩා විටක සමස්ථ මානව වර්ගයාටම බලපාන ක්ෂණික මෙන්ම තීරනාත්මක එකක් වීම දිනෙන් දින පැහැදිලි වෙමින් ඇති බවය. එපමනක් නොව ප්‍රාථමික මිනිසා මෙන් නොව බලසම්පන්න මිනිසා ගැටළු විසදා ගැනීමේදී සිහිබුද්ධියට මීටවඩා ඉඩ දීම වැදගත් වනු ඇති බවය.
Pubudu Siriwansa


 

2022-03-04

අන්තර්ජාලය මත සබුද්ධිකවීමේ අවශ්‍යතාවය.

Vade නම් cybersecurity firm වෙතින් පැමිනෙන පුවතක් පවසන්නේ Facebook අප සිතනා අතරම්ම විස්වාසනීය තැනක්ද නොවිය හැකි බවකි. ප්‍රධාන පෙලේ අනන්‍යතා සහිත නාමයන් සදහා ව්‍යාජ මෙහෙයවීමක් සහිත පේජයන් එහි බොහොමයක් වන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. phishing pages ඔස්සේ පැමිනෙන්නන්ගේ තොරතුරු සොරා ගැනීම බහුල බවටත් ඔවුන් පවසනවා. Amazon, DHL, Netflix, LinkedIn නැතිනම් Apple වැනි ප්‍රකට ආයතනයන් සදහා පවා මෙම ව්‍යාජයන් පවත්වන පහර දෙන්නන් ඒ ඒ කාලානුරූපව තම භාවිතාවන් වෙනස් කරන්නට දක්ශ බවටත් පැහැදිලි කරනවා.
     හදාරන්නන් පැන්වා දෙන්නේ phishing attacks වලින් දහයෙන් අටක්ම සිදුවන්නේ weekdays වල බවයි. එසේම සතියේ දින  සැලකීමේදී Monday සහ Thursday දිනයන් Facebook භාවිතාව ඉලක්කවීමේ ප්‍රවනතාවයක් මෙන්ම Thursday සහ Friday දිනයන් Microsoft භාවිතාකරන්නන් ඉලක්කවන ප්‍රවනතාවයක් ඔවුන් පෙන්වා දෙනවා. අන්තර්ජාලය මත හැසිරීම සබුද්ධික නොවන ඔනෑම අවස්ථාවක භාවිතාකරන්නෙකු ගොදුරක්වීමේ ප්‍රවනතාවය පැහැදිලි කරන්නට බොහෝ හදාරන්නන් කැමතිවන බවයි පෙනෙන්නට තිබෙන්නේ. Facebook බහුල භාවිතාවක් වීම තුල මෙන්ම භාවිතාකරන්නන් වඩාත් විවෘත වන්නට කැමති වන තැනක් වීම තුල හානිකරන්නන්ගේද බහුල අවධානයක් දිනාගන්නා බව පැහැදිලි වෙනවා.
Pubudu Siriwansa


 

Microsoft Edge 99 සමග දියුනු කිරීම් ‍රැසක්.

Microsoft Edge 99 ද මේ වන විට නිවේදනය කර ඇත. ආයතනය පැහැදිලි කරන්නේ තම Edge සමග multiple profiles වලදී ඒ ඒ ගිනුම් වලට අදාලව websites සදහා custom lists සැදීමේ හැකියාව වන බවයි. එසේ කිරීමේන් අනතුරුව Edge සමග අදාල  website එක විවෘත කිරීමේදී ස්වක්‍රීයවම preferred profile සමග ඒවා විවෘත වන්නට නියමිත බවයි. ආයතනය පවසන්නේ ඉදිරි සංස්කරන සමග PDF documents සමග කටයුතු කිරීම වඩාත් පහසු කරනවා සේම, PasswordManagerBlocklist සමග අවශ්‍ය domains සමග Autofill හැකියාව disable කරන්නටද හැකිවන බව පවසනවා. මීට අමතරව custom primary passwords සමග unauthorized users ලාගෙන් saved passwords අවභාවිතාවට එරෙහිව අමතර ආරක්ශක ලේයරයක් ගෙනෙන්නට කටයුතු කරන බවට පවසනවා.මේත් සමග තවත් දියුනු කිරීම් රාශියක් දැනට වන  Stable version එක වන  99.0.1150.30 සංස්කරනය ඔස්සේ ලබන්නට හැකි අතර බ්‍රවුසරයේ දකුණු ඉහල කෙරවලේ වන three-dotted menu එකෙන් පිවිස Help and feedback > About Microsoft Edge ඔස්සේ මෙම සංස්කරනය වෙතට ඔබගේ update ලබා ගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa

2022-03-02

මගහැරියම යුතු 20 most common passwords

Passwords නැතිනම් අවසරපදය තවමත් වලංගු පලමු ආරක්ෂක උපාංගය වේ. ඔබගේ email ගිනුමේ සිට Online Bank ගිණුම් දක්වා සමස්ථ භාවිත පරිසරයේම පලමු ආරක්ෂකයා ලෙසට තවමත් එය භාවිතාවේ. නමුත් මේ වන විට සියළුම පාහේ ප්‍රධාන පෙලේ සේවා සපයන ආයතනයන් දෙවන පෙල ආරක්ෂක යාන්ත්‍රනයක් ඔස්සේ ඔබගේ ආරක්ෂාව තහවුරු කර දෙන්නට කටයුතු කරනුද දැකිය හැක. මතක තබා ගැනීමේ පහසුවේ සිට සංක්‍යාවෙන් වැඩි ගිණුම් ප්‍රමානයක අවසර පද මතක තබාගැනීමේ අවශ්‍යතාවය ඉදිරියේ අප දුර්වල පියවරයන් වෙතට යන්නට කටයුතු කිරීමද බහුල අත්දැකීමකි. විටක සරල අවසර පද දක්වාත් තවත් විට තම දුරකථන අංකය, වාහනයේ අංකය වැනි තම පෞද්ගලික පරිසරයේ අවටින් වන පදයක් මේ සදහා යොදා ගැනීමද තවත් අනතුරකි. පහර දෙන්නන් පලමුකොට බහුල සරල අවසර පද ඔබට එරෙහිව එම ගිණුම් වලට ඇතුළුවීම සදහා යොදා ගන්නට උත්සාක කරන අතර දෙවන පියවර වන්නේ ඔබව හදාරා ඔබගේ පෞද්ගලික පරිසරය අවට වන බහුල භාවිතාවන් යොදාගනිමින් උත්සාහ කිරීමයි. පහල දැක්වෙන්නේ ලොව බහුලවම යොදාගන්නා අවසර පද 20 වේ. මේවායින් ඈත්ව සිටීම කොතරම් අවශ්‍යදැයි  ඔබට පැහැදිලි වනු ඇතැයි සිතමි.
123456
123456789
Qwerty
Password
12345
12345678
111111
1234567
123123
Qwerty123
1q2w3e
1234567890
DEFAULT
0
Abc123
654321
123321
Qwertyuiop
Iloveyou
666666

- Pubudu Siriwansa


 

කලබල පරිසරය cyber-crime ලාගේ ද හිතකර අවස්ථාවක් විය හැකියි.

හදාරන්නන් උපදෙස් දෙමින් සිටින්නේ, නොන්නාදුනන email මකා දමන්නට කටයුතු කිරීම හිතකර වනු ඇත, සැකසහිත email attachments විවෘත කිරීම වැලකින්න, හැකිනම් password manager  එකක් හරහා ගිනුම් සදහා සංකීර්න  මෙන්ම එකිනෙකින් වෙන්වූ password  තබා ගන්නට කටයුතු කරන්න, විස්වාසනීය නැති වෙබ් අඩවි හරහා software බාගත කිරීම් වලින් වලකින්න, pirated software / paid software for 'free.'  වැනි මෘදුකාංග උගුල් වලින් ඈත්ව සිටින්න, ලෙසටයි. සාමන්‍යයෙන් ලොවතුල කලබලකාරී වාතාවරනයන් නිර්මාණය වන විට cyber-crime professionalsවඩාත් සංක්‍රියවීම සාමාන්‍යයෙන් සිදුවෙන්නක්. coronavirus pandemic කාලයේදීද ලොවපුරා සයිබර් පහරදීන් බහුලවිමක් දක්නට ලැබුනා සේම නිර්මාණය වෙමින් ඇති යුධ වාතාවරනයද සයිබර් පහර දෙන්නන් හට අවස්ථාවක් වීම බලාපොරොත්තු විය හැකි බව ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා.හැකි හැම විටම two-factor authentication වැනි දෙවන තලයේ ආරක්ශක පියවරක් හරහා සුරක්ෂිත වීම වැදගත් විය හැකි බවටයි සාමාන්‍ය මතය වෙමින් ඇත්තේ.
PUBUDU SIRIWANSA


 

Instagram වල auto-generated captions හැකියාව.

Instagram යනු Facebook හිමිත්වයක් දරන social media platform  එකක් ලෙසට ප්‍රකටය. Instagram පවසන්නේ දැන් තම videos සදහා auto-generated captions පහසුව හිමි බවකි. අවශ්‍ය නම් භාවිතාකරන්නන් හට disable කිරීමේ හැකියාවට යටත්ව පැමිනෙන මෙම පහසුව audio muted ආකාරයට නරබන අයට මහත් සහනයක් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.කලක සිට බලාපොරොත්තුවූ මෙම අංගය ඔස්සේ භාෂා 17ක් එනම් English, Spanish, Portuguese, French, Arabic, Vietnamese, Italian, German, Turkish, Russian, Thai, Tagalog, Urdu, Malay, Hindi, Indonesian, හා Japanese වලින් දැනට subtitles පැමිනෙන අතර ඒවා videos වෙතට embedව පැමිනෙන අතර ඒවා creators වෙතට මහත් පහසුවක් වනු ඇති බවටද බලාපොරොත්තු වෙනවා. භාවිතාකරන්නන් හට අවශ්‍යනම් advanced settings ඔස්සේ ගොස් “Show captions” තේරීම ඔස්සේ මෙම හැකියාව on / off කරන්නට හැකිවන අතර grammatical මෙන්ම transcripts දුර්වලතා බහුල භාවිතාව ඔස්සේ ඉක්මනින්ම සැකසෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා.
Pubudu Siriwansa


 

2021 best anti-virus solutions වල Windows Defender නැත.

AV-TEST වල October 2021  සහ December 2021  සදහා full marks ගනිමින් ඉදිරියෙන් සිටින්නට Windows Defender නැතිනම් Microsoft සමාගමේ ආරක්ශක මෘදුකාංගය සමත්වූ බවට වාර්ථාවල කියවිනි. 2021 දෙවන භාගයට අයිතිව සිදුවුනු මෙම වාර්ථා වීම බොහෝ අවධානය දිනා ගන්නටද එම මෘදුකාංගය සමත්විනි. කරුණු එසේ වූ නමුත් AV-TEST වල 2021 වසර සදහා best anti-virus solutions වාර්ථාවේදී සලකනු ලබන එකදු categoryය කින් වත් ඉදිරියෙන් සිටින්නට එම මෘදුකාංග අසමත්ව තිබෙනවා. එම තේරීම සදහා යොදා ගන්නා ප්‍රධාන අංගයන් වන්නේ Best Protection
Best Performance
Best Usability ලෙසට වේ. 
පහත දැක්වෙන්නේ එම අංගයන් වලදී ජයංග්‍රහනය කරන්නට සමත්වූ මෘදුකාංග වේ.
Best Protection-
Bitdefender
Kaspersky
Norton 360

Best Performance-
ESET
G DATA
Kaspersky
Norton 360
PC Matic
Protected.net Total AV

Best Usability-
Avira
ESET
Pubudu Siriwansa


 

2022-03-01

TikTok ද YouTube දෙසට පියවරක්.

YouTube සමග සැසදීමේදී TikTok බහුල භාවිත්යක්ව ඉදිරියට පැමිනෙන්නේ ultra-short video-sharing platform එකක් ලෙසටය. මෙම viral social media platform එක මේ වන විට ක්‍රමයෙන් 10 minutes දක්වා වන longer-form content කරා ගමන් කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.පසුගිය කාලයේ ලොව පුරා ජනංප්‍රිය වූ මෙම TikTok ආකාරයේ සේවාවන් ‍රැගත් තවත් අවකාශ රාශියක්ද වූ අතර ඒ අතරින්  Reels, Shorts,නැතිනම් Spotlight වැනි සේවාවන් ඉහලට පැමිනෙන ලදී. කෙසේ වෙතත් මේ වන විට TikTok තම අනන්‍යතාවයේ ස්වරූපය වෙනස් කරමින් YouTube ස්වරූපය දෙසට චලනය වන්නට කටයුතු කරන බවටයි විචාරය වන්නේ.
Pubudu Siriwansa


 

Windows 11 භාවිතය ක්‍රමයෙන් ඉහලට.

AdDuplex පවසන්නේ ලොවපුරා Windows 11 භාවිතය 20% සීමාවටපැමින ඇති බවකි. එනම් මේ වන විට සැම Windows පරිගනක වලින් පහෙන් එකක් windows 11 ධාවනය වන මට්ටමේ පවතින බවටයි ගනනය වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරන්නේ Windows 11 21H2 නොහොත් Windows 11 වල public version එකේ භාවිතය 19.3% ක පවතින බවට හා සියළුම preview builds එනම් පෙර සංස්කරන භාවිතය 0.3% ක වන බවයි. Windows 11 වල Insiders භාවිත මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවටද කරුණු හෙලි වෙමින් තිබෙනවා. එන ජනවාරි වන විට 0.4%. ක පැවිති භාවිතය පෙබරවාරි වන විට  0.1  කින් පහලට පැමින තිබෙනවා.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...