2022-03-04

අන්තර්ජාලය මත සබුද්ධිකවීමේ අවශ්‍යතාවය.

Vade නම් cybersecurity firm වෙතින් පැමිනෙන පුවතක් පවසන්නේ Facebook අප සිතනා අතරම්ම විස්වාසනීය තැනක්ද නොවිය හැකි බවකි. ප්‍රධාන පෙලේ අනන්‍යතා සහිත නාමයන් සදහා ව්‍යාජ මෙහෙයවීමක් සහිත පේජයන් එහි බොහොමයක් වන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. phishing pages ඔස්සේ පැමිනෙන්නන්ගේ තොරතුරු සොරා ගැනීම බහුල බවටත් ඔවුන් පවසනවා. Amazon, DHL, Netflix, LinkedIn නැතිනම් Apple වැනි ප්‍රකට ආයතනයන් සදහා පවා මෙම ව්‍යාජයන් පවත්වන පහර දෙන්නන් ඒ ඒ කාලානුරූපව තම භාවිතාවන් වෙනස් කරන්නට දක්ශ බවටත් පැහැදිලි කරනවා.
     හදාරන්නන් පැන්වා දෙන්නේ phishing attacks වලින් දහයෙන් අටක්ම සිදුවන්නේ weekdays වල බවයි. එසේම සතියේ දින  සැලකීමේදී Monday සහ Thursday දිනයන් Facebook භාවිතාව ඉලක්කවීමේ ප්‍රවනතාවයක් මෙන්ම Thursday සහ Friday දිනයන් Microsoft භාවිතාකරන්නන් ඉලක්කවන ප්‍රවනතාවයක් ඔවුන් පෙන්වා දෙනවා. අන්තර්ජාලය මත හැසිරීම සබුද්ධික නොවන ඔනෑම අවස්ථාවක භාවිතාකරන්නෙකු ගොදුරක්වීමේ ප්‍රවනතාවය පැහැදිලි කරන්නට බොහෝ හදාරන්නන් කැමතිවන බවයි පෙනෙන්නට තිබෙන්නේ. Facebook බහුල භාවිතාවක් වීම තුල මෙන්ම භාවිතාකරන්නන් වඩාත් විවෘත වන්නට කැමති වන තැනක් වීම තුල හානිකරන්නන්ගේද බහුල අවධානයක් දිනාගන්නා බව පැහැදිලි වෙනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...