2022-03-02

මගහැරියම යුතු 20 most common passwords

Passwords නැතිනම් අවසරපදය තවමත් වලංගු පලමු ආරක්ෂක උපාංගය වේ. ඔබගේ email ගිනුමේ සිට Online Bank ගිණුම් දක්වා සමස්ථ භාවිත පරිසරයේම පලමු ආරක්ෂකයා ලෙසට තවමත් එය භාවිතාවේ. නමුත් මේ වන විට සියළුම පාහේ ප්‍රධාන පෙලේ සේවා සපයන ආයතනයන් දෙවන පෙල ආරක්ෂක යාන්ත්‍රනයක් ඔස්සේ ඔබගේ ආරක්ෂාව තහවුරු කර දෙන්නට කටයුතු කරනුද දැකිය හැක. මතක තබා ගැනීමේ පහසුවේ සිට සංක්‍යාවෙන් වැඩි ගිණුම් ප්‍රමානයක අවසර පද මතක තබාගැනීමේ අවශ්‍යතාවය ඉදිරියේ අප දුර්වල පියවරයන් වෙතට යන්නට කටයුතු කිරීමද බහුල අත්දැකීමකි. විටක සරල අවසර පද දක්වාත් තවත් විට තම දුරකථන අංකය, වාහනයේ අංකය වැනි තම පෞද්ගලික පරිසරයේ අවටින් වන පදයක් මේ සදහා යොදා ගැනීමද තවත් අනතුරකි. පහර දෙන්නන් පලමුකොට බහුල සරල අවසර පද ඔබට එරෙහිව එම ගිණුම් වලට ඇතුළුවීම සදහා යොදා ගන්නට උත්සාක කරන අතර දෙවන පියවර වන්නේ ඔබව හදාරා ඔබගේ පෞද්ගලික පරිසරය අවට වන බහුල භාවිතාවන් යොදාගනිමින් උත්සාහ කිරීමයි. පහල දැක්වෙන්නේ ලොව බහුලවම යොදාගන්නා අවසර පද 20 වේ. මේවායින් ඈත්ව සිටීම කොතරම් අවශ්‍යදැයි  ඔබට පැහැදිලි වනු ඇතැයි සිතමි.
123456
123456789
Qwerty
Password
12345
12345678
111111
1234567
123123
Qwerty123
1q2w3e
1234567890
DEFAULT
0
Abc123
654321
123321
Qwertyuiop
Iloveyou
666666

- Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...