2022-03-05

ජලයට වැ‍ටුනු Phone එක ...

ජංගම දුරකථනය වටිනා එකක් වන්නේ එහි මිළ නිසාම නොවේ. භාවිතාකරන්නෙකුගේ අපමන පෞද්ගලිකත්වයක් එය සමග වන බවට උපකල්පනය සාධාරන එකකි. සබඳතා මෙන්ම මතක සිහිවටන බොහොමයක්ද Text, Video, Image වැනි නෙක ආකාරවලට එහි විය හැක. එයට හානිවිය හැකි ආකාර සැලකීමේදී ජලයෙන් විය හැකි හානිය ඉතා ඉහලය. එවන් අවස්ථාවදී ගත හැකි විසදුම් ලෙසට bowl of rice පරිසරයක තැබීම ගැන විස්වාසයක් පවතී. හදාරන්නන් පවසන්නේ මේ හොඳ විසදුමක් නොවිය හැකි බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ එවන් පරිසරයකට බාලාපොරොත්තු වන තරම් ජලය උරා ගැනීමේ හැකියාවක් නොවන බව හා එහි වන දූවිලිමය පරිසරය හානියක් විය හැකි බවකි.
    wet Phone එකක් සදහා ගත හැකි පලමු පියවර වෙන්නේ ඉක්මනින්ම Phone off කිරීමක් වේ. එසේම paper towels හෝ microfibre cloth එකක් සමග වියළි තත්වයට ගෙනෙන්නට කටයුතු කිරීම වැදගත් ලෙසට සැලකේ. හදාරන්නන් පවසන්නේ ඊලග සුදුසුම පියවරක් වන්නේ SIM tray එක හෝ හැකිනම් battery එක ඉවත් කිරීම වේ. අනතුරුව airtight මට්ටමින් තැබීම සදහා device එක zip-loc bag බෑගයකය දැමීම හිතකර වන්නේ silica gel sachets සමග නම් වඩාත් හිතකර වන  ලෙසටය. අවසාන ලෙසට දිනතුනක් වත් පෙරකී වියලි පරිසරයේ තැබීමෙන් දුරකථනය සැලකිය යුතු මට්ටමින් වියළි තත්වයකට පැමිනෙන අතර ඉන් පසුව භාවිත්ය ගැනීම සුදුවිය හැකි බවයි හදාරන්නන්ගේ අදහස වෙන්නේ. සමහර විට දුරකඨ්යනය හොදින් ක්‍රියාත්මක වී කාලයත් සමග යලිත් ගැටළු සහගත වන්නේ නම් එහි අභ්‍යන්තරයේ corrosion process එකක් සිදුවෙමින් තිබෙනවා විය හැක. 
     ඔබේ  දුරකථනය waterproof හැකියාව සහිත එකක් වීම හොඳ පෙර සූදානමකි. උදාහරනයක් ලෙස iPhone 7  හෝ පසු සංස්කරනයක් නම් විනාඩි 30ක් දක්වා මීටර 3ක් දක්වා පරිසරයකදී පවා ජල රෝධක බවක් සහිත බවට සහතික සහිත වේ. අනෙක් කරුන මන් water-resistance බව සදහා Small cracks, high pressure water, temperature changes ආදී සාධක බල-පාන බවත් අමතක නොකල යුතුය.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...