2012-04-08

"පියාබන කාරය" සූදානම්!!!!!


මිනිස් නිර්මණශීලීත්වයට සීමා මායිම් නොමැති බව මිනිස් වර්ගයාගේ කථාන්දරයතුල සනාතවී ඇත්තේ එක් වරක් දෙවරක් නොවේ. එක් යුගයක අපූර්ව සිහිනයක් ලෙස මිනිස් සන්තානය තුල වැජබුන දෑ තවත් යුගයක සරල දෛනික භාවිතාවන්වී ඇති අයුරු දැකගත හැකිය.
                                                   .............. ඔහු සාමාන්‍යයෙන් රාජකාරී ස්ථානය කරා ගමන් කරන්නට බොහෝ විට යොදාගනු ලැබුවේ වසර සිය දහස් ගනනක් පැරනිමුත් මිනිස්වර්ගයා වෙතට යෝධ පිම්මක්වූ  සාම්ප්‍රධායික මාවත්ය.කාර්ය බහුල අහස්මාවත ඔස්සේ තම රාජකාරී ස්ථානය වෙත අවසන් වතාවට ගොස් ඇත්තේ මීට වසර හත අටකට පමන පෙර බව මතකය.ජනංප්‍රිය අහස් මාවත් භාවිතය වැඩිවීමත් සමග නගරසභාවන් උත්සාහ කලේ ප්‍රධාන මාවත් දෙපස විසිතුරු තුරුගොමු රටා ආදියෙන් අලංකාර කරමින්  වැඩි වැඩියෙන් ජනතාව සාම්ප්‍රදායික මංමාවත් භාවිතය වෙත ආකර්ෂනය කරවා ගැනීමටය.........
                                              මෙවන් සටහන් තවදුරටත් මනෝරූපී කාරනා නොවන බව සනාත කරමින් පලවෙමින් ඇති නවතම පුවතකින් කියවෙන්නේ "පියාබන කාරය" මෙම සතියේ නිව්යෝර්ක් වල පැවැත්වීමට ප්‍රදර්ශනයක් සදහා ඉදිරිපත්කිරීමට සමාගමක් සූදානම් වෙමින් ඇති බවයි. එහෙත් කුඩා ගැටලුවක් වන්නේ මෙම කාරය පොලවෙන් අහසට පරිනාමය වූවක් වෙනුවට අහසින් පොලවට පරිනාමය වූවක් වීමය.එනම් මංමාවත් වලද ධාවනය කල හැකි කුඩා අහස් යානයක් වීමය. අහස්යානා සදහා භාවිතාවන මූලිකාංග සපුරාලීමෙන් පමනක් මෙම වාහනය භාවිතාකිරීමට සිදුවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ඩොලර් 270,000 සිට මිලකොට ඇති මෙම වාහනය එලබෙන කාලය තුලදී සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා සුදුසු මට්ටමකට වර්ධනය වනු ඇති බවට බලාපොරොත්තු පලකරමින් සිටිනවා.

2012-04-07

වින්ඩෝස් ක්ලිප්බෝඩයට විකල්පයක්....


වින්ඩෝස් භාවිතාකරන අයෙකුට ක්ලිප්බෝඩය තුලින් ලැබෙන පහසුව මහත් සේවයකි. මතක තබාගැනීමේ පහසුව ඔස්සේ පසුව වෙනත් තැනකට ඒවා කොපිකරගන්නට ඉඩ සැලැස්වීම  එම පහසුවයි.එහෙත් වරකට එකක් පමනක් වීම වැනි සීමාවන් ඉක්මවායන්නට හැකිනම් කොතරම් පහසුවක්ද යන්න සිතුන අවස්ථා අපමන විය හැකියී.එවන් ඔබ සදහා නිර්මානය වී ඇති නොමිළේ භාවිතාකලහැකි මෙම මෘදුකාංගය මෙම ලිපිනය ඔස්සේ ගොස් ඔබටත් ලබා ගතහැකිවනු ඇත.
http://siriwansa.com/Free-Software.php
(මෙම මෘදුකාංග සපයා ගැනීමේදී යම් කැපවීමක් කරන බැව්න් පසුව එන අමුත්තෙකුට බ්ලොග් ආකෘතියේ ස්වභාවය නිසා මග හැරීමට ඇති  අවස්ථා අවම කිරීමට ප්‍රධාන වෙබ් අඩවියේ මෘදුකාංග පි‍ටුවෙහි යොමු ලිපිනයන් සටහන් වන බව කරුනාවෙන් සලකන්න.)

වැදගත් වන්නේ උපකරණ නොව දත්ත ගොනු පමනයි යන්න


.................තොරතුරු අවකාශයේ චලනයන් අප සාමාන්‍යයෙන් සිතනවාට වඩා සංකීර්න ලෙසට අපට බලපාන බවයි අප වටහා ගත යුත්තේ.ඒවා හුදු තාක්ශනික සිදුවීම් පමනක්ය නැතිනම් ගනනයන් හා දත්ත ගබඩා කිරීම් පමනක්ය යන නොසලකා හැරීම සමාජීයව අපට අත්පත් කරගන්නට බොහොමයක් ප්‍රතිලාබ කලතබා ගැනීමක් ලෙසටයි වැටහෙන්නේ.
                                                   ස්මාර්ට් දුරකථනය පැමින් ඇති මුත් එය භාවිතාකරන්නට ස්මාර්ට් භාවිතාකරන්නෙකු නොපැමිනීම විටක එය සමාජීය අවභාවිතවක් නිර්මාණය කරන්නක් බවට තේරුම් ගත යුතුයි."මේවා හුදු වෙළද  භාණ්ඩ පමනක් නොවේ.සමහර විටක අප අත්පත් නොකර ගත්තද සමහරක් සාම්ප්‍රධායික සමාජ චලනයන් වෙත මේවා ‍රැගෙන එන්නේ යෝධ ඉදිරි පියවරවල් විය හැකියි". ප්‍රකට විද්වතෙක් වරක් ප්‍රකාශකර සිටියේ මෙම අර්ථයෙන් විය හැකියි.
                                                 වින්8 ගැන පලවන මතවාද රාශියක් අප පසුගිය කාලයේදී හදාරනු ලැබුවා. ඇත්තෙන්ම ඒ වෙළද භාණ්ඩයක් වන බව ඇත්තමුත් මොහොතකට ඉන් ඉදිරියට ගොස් සලකා බලමු. වෙනස් භාවිතාවන් රාශියක් එය ‍රැගෙන විත් ඇති බව අපට නොසලකා හැරිය හැකිද? මම දකිනවා වෙළදමය බව ඉක්මවාගිය , බරපතල ආර්ථික වටිනාකම් නොසලකා හැරිය හැකි දත්ත භාවිතාවන් වලට අනාගත මගපෙන්වීමක් වින් 8 සමග පැමින තිබෙන බව. උපකරන අනන්‍යතාවයෙන් මිදී භාවිතාකරන්නාගේ අනන්‍යතාවය ඉස්මතුවන්නට ඉඩ හැරීමම සාර්ථක පියවරක් ලෙසටයි සිතන්නට පුලුවන් වන්නේ.
                                                              එක් මෙහෙයුම් පද්ධතියකට සියලු දත්ත උපකරන ගොනු කරගන්නට හැකිවීම මා දකින්නේ වෙන් වෙන්ව මුත් එකට යාව තිබූ විශාල ක්‍රීඩා පිටියක තේරුමක් නැතිව වැජබෙමින් තිබූ සීමා පවුරු කඩා බිද දැමීමක් වගෙයි.වැදගත් වන්නේ උපකරණ නොව දත්ත ගොනු පමනයි යන්න වැඩි ප්‍රවනතාවයකින් මතුපිටට පැමිනෙමින් තිබීම අනාගත දත්ත සමාජයකට හොද පෙරනිමිත්තක් ලෙසට  මම මහත් සතුටින් සිතනවා.........
(නන්නාදුනන දේශකයාගේ  සටහන්)

2012-04-06

නන්නාදුනන කන්ඩායමෙන් චීනය වෙත ප්‍රහාරයක්......

පලවන නවතම වාර්ථා පවසන්නේ ප්‍රකට "නන්නාදුනන පහර දෙන්නන්ගේ කන්ඩායම" පසුගිය දින කිහිපය තුලදීම චීන සයිබර් අවකාශය දෙසට යොමුකර ඇති බවකි.සියගනනක් වන චීන වෙබ් අඩවි වෙතට එල්ල කර ඇති ප්‍රහාරයන් අතර රජයේ ප්‍රාදේශීය මට්ටමේ වෙබ් අඩවිද පවතින බවටයි පැවසෙන්නේ. එම වෙබ් අඩවි මතට  ප්‍රහාරකයන්ගේ ප්‍රකාශයක්ද අඩංගු කොට ඇති අතර දෙයාකාර වූ එම ප්‍රකාශ අතර චීන රජය වෙත හා චීන ජනතාව වෙතද වෙන වෙනම සටහන් තිබූ බවටයි පැවසීනේ. වැඩිදුරටත් පැවසෙන්නේ එරට ජනතාව වෙතට වූ පනිවිඬය සමග එරට "ග්‍රේට් ෆයර්වෝලයෙන්" මගහැර යාමට අදාල ක්‍රමවේද මෙන්ම සබදතාද තිබූ බවයි.

ස්පෑම් පතුරවන්නන්ට එරෙහිව ‍ටුවිටර් නීතිය හමුවට.....



‍ටුවිටර් ආයතනය ස්පෑම් ආකාරයේ හානිකරයන් පතුරවන්නන් හා ඒ සදහා  සහය වන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිස ඇති බවටයි කියවෙන්නේ.වෙළද නාමයන් වෙත බලහත් ලෙස අවදානය ලබාදීමට මෙන්ම  අනතුරු දායක වෙබ් අඩවි වෙත යොමුකරවා ගැනීම වැනි කාරනා සදහා බෙහෙවින් යොදාගනිමින් සිටින මෙම අහිතකර ක්‍රම වේදයන් අන්තර්ජාලය තුල සැලකිය යුතු ප්‍රමානයක හුවමාරූන් ප්‍රතිශතයන් හිමිකර ගෙන සිටින බවටයි සටහන් වන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ ඇමරිකානු අධිකරනයේ අවධානය ලබා ගැනීම සමග බොහෝ දුරකට තත්වය පාලනය කරන්නට තමන්ට හැකිවනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු වන බවයි.  

2012-04-05

නිරන්තරයෙන් අලුත්වන පරිගණක තොරතුරු අඩවිය .....


සම්ප්‍රධායික රූපවාහිනී ආකෘතිය වෙනස්වේ.
PayPal  කුඩා ව්‍යාපාර වෙතට සහය වෙමින්.....
වෙනස් සමාජ ජාලා අත්දැකිමකට.....
ගූගල් ග්ලාසස් ගැන වීඩියෝවක්..


ආදී තොරතුරු බොහොමයක් ගෙන නිරන්තරයෙන් අලුත්වන පරිගණක තොරතුරු අඩවිය ඔබගේ සැපමිනීම බලාපොරොත්තුවෙන් සිටින බවයි.

2012-04-04

බිට්ඩිපෙන්ඩර් වෙතින් "මොබයිල් සිකියුරිටි මෘදුකාංගයක්"...


ඇන්ඩ්‍රොයිඩ් ආකාරයේ දුරකථන භාවිතා කරන්නන් සදහා බිට්ඩිපෙන්ඩර් වෙතින් නිකුත්වී ඇති "මොබයිල් සිකියුරිටි ඇප්" මෘදුකාංගය නොමිළේ හා මිළදීගත යුතු ලෙස ලෙසින් ලබා ගැනීමට හැකි බවයි පැවසෙන්නේ.මෙහි නොමිළේ ලබාදෙන සංස්කරනය ක්ලවුඩ් ආකරයේ මැල්වෙයාර් ස්කෑනරයකින් සමන්විත වන අතර අනවසර භාවිතාවන් වලින් වලකන්නට ආදී වන පහසුකම් වලින් සමන්විත වන බවටයි පැවසෙන්නේ.
                   මුදල් ගෙවන සංස්කරනය සමග දුරකථනය අස්ථාන ගතවීමකදී සිම්පත ඉවත්කොට මෙම මෘදු කොටස අක්‍රිය කරන්නට උත්සාහ කලද එලාමය අක්‍රිය කරවන්නට හැකිවන්නේ ඔබට පමනක් වන සේවාවන් සමග එවන් අස්ථාන ගත වීමකදී ඔබගේ වැදගත් තොරතුරු මකාදමන්නට ආදී බොහෝ  සේවාවන් මෙම සංස්කරන සමග වන බවටයි පැවසෙන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගත හැකි වනු ඇත.

http://www.bitdefender.com/solutions/mobile-security-android.html

"මැක්" භාවිතයේ අනාරක්ශිත බව වින්ඩෝස් ඉක්මවයා යමින් පවතියි.......


පරිගණක ආසාදනයන් වැඩි ප්‍රමානයකට වග කිව යුතු වන්නේ භාවිතාකරන්නන්ගේ නොසැලකිල්ල බවයි හදාරන්නන් ගේ මතය වන්නේ. ඔවුන් බොහෝ විට ආරක්ශක මෘදුකාංගයක් වෙත දක්වන්නේ නොසැලකිල්ලක්. "සමහර භාවිතාකරන්නන් විස්වාස කරමින් සිටිනවා අහිතකර යැයි සම්මත වෙබ් අඩවි වෙත ගොඩනොවීමම පමනක් ඔවුන් ගේ ආරක්ශාව තහවුරු කරන සහතිකයක් බව.තවත් විටක ඉතාම නොසැලකිලිමත් ලෙස ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කරගත් පමනින් ගැටලු අහවර ලෙසට ඔවුන් විස්වාස කරන්නට පටන් ගන්නවා." හදාරන්නන් පවසමින් සිටිනවා."මෘදුකාංග ආයතන තම මෘදුකාංග සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීමේ ප්‍රධානතම හේතූන් අතර පසුව සොයා ගන්නා ඒවායේ දුර්වලතා සමනය කිරීමේ අවශ්‍යතාවය පවතිනවා.වැදගත්ම කාරනයක් තමා නොසැලකිලිමත්ව පවත්වාගෙන යන ඔබගේ පරිගණකය ආසාධිතවීමත් සමග සමහර විටක ඔබගේ පරිගණකයෙන් පහර දෙන්නන් ලබා ගන්නා සමහර තොරතුරු ඉතාම විධිමත් ලෙස පවත්වාගෙන යන පරිගණක වෙත අනවසර ලෙස පිවිසෙන්නට පහර දෙන්නෙකුට සහයක් සපයන බව. ඒ කියන්නේ තාක්ෂනික මට්ටමෙන් ඉහලදී අර කී භාවිතාකරන්නාගේ විස්වාසය දිනාගැනීම වැනි ක්‍රමයකින් ඔහු ලවා අනාරක්ශිත  ඊමේලයක් විවෘතකර ගැනීම වැනි කාරනාවක් වෙන්නට පුලුවන්........"
                                                                               මෙම කතාබහේදී එම දේශකයා වැඩිදුරටත් පවසා සිටියේ එලබෙමින් ඇති නව ප්‍රවනතාවයක් වන්නේ කලකට පෙර සාපේක්ශව ආරක්ශිතයි සිතාසිටි "ඔ.එස් එක්ස්" වෙත එල්ල වෙමින් ඇති අනාරක්ශිත බව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට වඩා වේගයෙන් ඉහල යමින් පවතින බවයි.

2012-04-03

අමතක වන බව අමතක කරන්නට සහය වන්නෙක්.......

සමහරෙකුට නිතර අමතක වේ. එපමනක් නොව අමතකවන දෑ මතක කරගන්නට යොදාගත් දෑහි අර්තයද අමතක වේ. ඔබටත් මෙවන් අවස්ථාවක්  නො එලබීතිබෙන්නට සහය වන වෙබ් සේවාවක් හදුන්වාදී තිබේ.ඔබ ඊමේල් පිලිබදව සබදතාවයට ප්‍රිය කරන්නෙක් නම් මෙම සේවාව වඩාත් ඔබට ගැලපෙනු ඇත. ඊ මේලයක් මෙම අඩවියට යොමු කිරීම තුලින් , එක් වරක් ,කාලපරතරයකට වරක්  ආදීලෙස අදාල අදාල පනිවිඬය ඔබට ලබා ගන්නට හැකි වන අතර තවත් ඊ මේලයක් මගින් එම සේවා අවසන් කරන්නටද හැකි වන බවයි සටහන් වන්නේ.අමතර තිරතුරු ලබා දෙමින් නිර්මානය කර ගන්නා ගිනුම් වලින් තොරව හුදු ඊමේලයක් සමග මෙම සේවය ආරම්භකර ගැනීමට හැකිවීම ඔබට වැඩි පහසුවක් වනු ඇත.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම අඩවිය වෙත ඔබට පිවිසෙනු හැකි වනු ඇත.

http://followupthen.com/

ෆේස්බුක් වෙතින් සෙයුම් යන්ත්‍රයක්..........


ගෙවී ගිය සතියේ පලවූ වාර්ථා අතර ප්‍රධාන තැනක් ගත් පුවතක් වූවේ ෆේස්බුක් ආයතනය තම සෙයුම් යන්ත්‍රයක් නිර්මානය කරගැනිමේ වියාපෘතියකට අතගසා ඇති බවයි.මේ වන විට 24 කින් සමන්විත කන්ඩායමක් කලින් ගූගල් ආයතනයේ සේවයකල ඉන්ජිනේරුවරයෙකුගෙ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින බවටයි පැවසෙන්නේ.ෆේස්බුක් අඩවියේ යාවත්කාලීනයන් පලකිරීම් සෙයුම් යන්ත්‍රයකදී පහසුවෙන් ලබාගතහැකි බවට පත්කිරීම මෙන්ම තවත් දෙසකින් ෆේස්බුක් අඩවියෙන් ඉවතට නොයා තම සෙයුම් කටයුතු කරගෙන යාමට භාවිතාක්‍රන්නා පෙලබවීම තම අරමුන වී ඇති බවටයි පැවසෙන්නේ.
                                          අන්තර්ජාලය තුල තවමත් ප්‍රධානතම අංගය වන සෙයුම් යන්ත්‍ර භාවිතයතුල ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පවතින ගූගල් ආධිපත්‍යට සාර්ථක විකල්පයක් වෙමින්  ෆේස්බුක් තම අනසක අන්තර්ජාලයතුල වඩාත් තහවුරු කර ගැනීම ඔවුනගේ අරමුන විය වනුඇති බවට විචාරක මත පලවෙමින් පවතිද්දී ගූගල්+ සමාජ ජාලය වෙතින් එල්ල වෙමින් ඇති අභියෝගයන් තරමක දුරකට හෝ සමතුලිත කර ගන්නටත් මෙම උත්සාහය සහයක් වනු ඇති බවටයි සටහන් වන්නේ.
                                              පලවෙමින් පවතින තවත් මතයකට අනූව තවත් ගූගල් ආකාරයේ සෙයුම්යන්ත්‍රයක් ෆේස්බුක් වෙතින් භාවිතකරන්නන් බලා පොරොත්තු නොවනු ඇති බවත් තම තරගය වඩාත් සාර්ථක වන්නට නම් වෙනස ආකාරයක ගොඩනැගීමක අවශ්‍යතාවය ෆවස්බුක් ආයතනය වටහා ගත යුතු බවටයි තවත් මත පලකරන්නන් කොටසකගේ මතය වී ඇත්තේ.

2012-04-02

පරිසරයේ ආලෝකතත්වය අනූව පරිගණක මුහුනත සකසන මෘදුකාංගය.......


ඔබ දිගුකාලිනව පරිගණකය භාවිතාකරන්නෙක් නම් පරිගණක තිරයේ වන  සියුම් ආලෝක සැකසුම් ඔබගේ දෑසමතට යම් ප්‍රමනයක බලපෑමක් වන බව හදාරන්නන්ගේ මතයකි. දහවල පරිසරයේ ආලෝක තත්වය මතට සැකසෙන පරිගණක මුහුනතවල් රාත්‍රියේ ඔබවෙත අපහසුතාවයන් ‍රැගෙන ඒම බොහෝ විට දැකිය හැකි බවයි ඔවුනගේ මතය වන්නේ. පරිසරයේ මෙම වෙනස්කම් අනූව වෙනස් වෙමින් දෑසට වන අපහසුව අවම කිරීම මෙම මෘදුකාංගයේ අරමුන බවටයි ඔවුන් පවසන්නේ.
මෙම සබදතාවය ඔස්සේ ප්‍රධාන අඩවියෙන් එම මෘදුකාංගය ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...