2012-04-03

ෆේස්බුක් වෙතින් සෙයුම් යන්ත්‍රයක්..........


ගෙවී ගිය සතියේ පලවූ වාර්ථා අතර ප්‍රධාන තැනක් ගත් පුවතක් වූවේ ෆේස්බුක් ආයතනය තම සෙයුම් යන්ත්‍රයක් නිර්මානය කරගැනිමේ වියාපෘතියකට අතගසා ඇති බවයි.මේ වන විට 24 කින් සමන්විත කන්ඩායමක් කලින් ගූගල් ආයතනයේ සේවයකල ඉන්ජිනේරුවරයෙකුගෙ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින බවටයි පැවසෙන්නේ.ෆේස්බුක් අඩවියේ යාවත්කාලීනයන් පලකිරීම් සෙයුම් යන්ත්‍රයකදී පහසුවෙන් ලබාගතහැකි බවට පත්කිරීම මෙන්ම තවත් දෙසකින් ෆේස්බුක් අඩවියෙන් ඉවතට නොයා තම සෙයුම් කටයුතු කරගෙන යාමට භාවිතාක්‍රන්නා පෙලබවීම තම අරමුන වී ඇති බවටයි පැවසෙන්නේ.
                                          අන්තර්ජාලය තුල තවමත් ප්‍රධානතම අංගය වන සෙයුම් යන්ත්‍ර භාවිතයතුල ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පවතින ගූගල් ආධිපත්‍යට සාර්ථක විකල්පයක් වෙමින්  ෆේස්බුක් තම අනසක අන්තර්ජාලයතුල වඩාත් තහවුරු කර ගැනීම ඔවුනගේ අරමුන විය වනුඇති බවට විචාරක මත පලවෙමින් පවතිද්දී ගූගල්+ සමාජ ජාලය වෙතින් එල්ල වෙමින් ඇති අභියෝගයන් තරමක දුරකට හෝ සමතුලිත කර ගන්නටත් මෙම උත්සාහය සහයක් වනු ඇති බවටයි සටහන් වන්නේ.
                                              පලවෙමින් පවතින තවත් මතයකට අනූව තවත් ගූගල් ආකාරයේ සෙයුම්යන්ත්‍රයක් ෆේස්බුක් වෙතින් භාවිතකරන්නන් බලා පොරොත්තු නොවනු ඇති බවත් තම තරගය වඩාත් සාර්ථක වන්නට නම් වෙනස ආකාරයක ගොඩනැගීමක අවශ්‍යතාවය ෆවස්බුක් ආයතනය වටහා ගත යුතු බවටයි තවත් මත පලකරන්නන් කොටසකගේ මතය වී ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...