2023-12-23

Microsoft වෙතින් Health Bot Copilot විසඳුමක්.

Microsoft නිවේදනය කරන්නේ තමන් generative AI  හැකියාව healthcare industry වෙතට අත්හදා  බැලෙන මට්ටමින්  ‍රැගෙන එන්නට සූදානම් බවයි. පසුගිය අගොස්තුවේ ඔවුන් ප්‍රකට healthcare technology company යක් ලෙසට සැලකෙන Epic  සමග මේ සදහා පලමු පියවරයන් සදහා   කටයුතු කරන බවට නිවේදනය කර තිබිනි. මේ වන විට Microsoft පවසන්නේ තමන් තවත් ඉදිරියට යමින් Azure AI Health Bot Copilot එකක් නිකුත් කරන්නට කටයුතු කරන බවකි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ තම Azure AI Health Bot Copilot එක සදහා Azure OpenAI, Azure AI Search service, Bing Custom Searc වැනි Azure OpenAI, Azure AI Search service, and Bing Custom Searc භාවිතා  කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පවසන්නේ එම ආයතනයන්ට තමන්ගේම දත්ත මත පදනම් වන  Copilots ගොඩනගා ගැනීමකට මේ ඔස්සේ අවස්ථාව ලැබෙනු ඇති බවයි.
Pubudu Siriwansa


 

2023-09-27

Google තම 25 වන සමරුවට.

ලොව ප්‍රමුකතම තොරතුරු තාක්ෂණ ආයතනය අද තම 25 වන සංවත්සරය සමරමින් සිටී. මේ බව ප්‍රකට කෑමින් ඔවුන් තම ප්‍රකට logo ව මතටද විශේෂයක් එක්කරන්නට කටයුතු කර තිබේ. මේ සදහා ඔවුන් අනිමේටඩ් කරන ලද GIF එකක් තුලදී 'Google'  යන්නේ සිට  'G25gle' යන්නක් දක්වා දක්වන්නට කටයුතු කර තිබේ. මේ බව සමරමින් නිකුත් කල නිවේදන්යකින් ඔවුන් පවසන්නේ තමන් 25 වසරකට පෙර Google Search ඇරබමින් මිලියන ගනනක් භාවිතකරන්නන් සදහා සේවය දෙන්නට කටයුතු කල බව පවසා සිටිනවා. September 4, 1998 වලදී  Larry Page හ Sergey Brin විසින් Google නම් ප්‍රකට ආයතනයට පදනම දමන ලද අතර September 27, 1998 දින Google Inc ලෙසට නිල ලෙස ප්‍රකාශයට පත්කල බව පවසා සිටිනවා. එතැන් සිට ඔවුන් තම වයාපාරය තුලට Gmail, Docs, සහ Maps ගෙනෙන්නට කටයුතු කල අතර 2006 දී YouTube මිලට ගනු ලද්දේ  $1.65 billion in ලෙසට සටහන් වෙනවා. අද වන විට Google යනු $1.65 trillion වටිනාකමක් දරන බවටයි පිලිගැනෙන්නේ.
Pubudu Siriwansa


 

2023-09-26

Gmail වල Basic HTML view 2024 අවසන්.

Google නිවේදනය කරන්නේ තම Gmil වල  Basic HTML view හැකියාව අවසන් කරන්නට 2024 වන සැලසුම්ව ඇති බවයි. මෙම Basic HTML view බහුලව internet connections වලදී මෙන්ම පැරණි උපංග සදහා වඩාත් මිත්‍ර ආකාරයක් වන අතර සමහර භාවිතා කරන්නන් Basic HTML view මත වඩාත් යැපෙන්නට කැමැත්තක් දක්වන බවටත් පිලිගැනේ. මේ අනූව Google පැහැදිලි කරන්නේ 2024 ජනවාරිවලි පසුව යමෙක් තම Gmail වලදී Basic HTML view ආකාරයෙන් කරන උත්සාහයන් Standed Vive වෙතට ස්වයංක්‍රීයව යොමුවනු ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ screen readers, slower connections, older devices හෝ browsers කාරවලදී මෙම Basic ආකාරය පහසුවක් වුවද  සමස්ථ දියුනු කිරීම් වලදී එය බාදාවක් වෙමින් ඇති බවයි.
Pubudu Siriwansa


 

සියළුම බ්‍රවුසර යාවත්කාලීන කරන්න.

සියලුම ප්‍රධාන පෙලේ බ්‍රවුසර නිකුතූන් සදහා යාවත්කාලීන පෙලක් නිකුත්ව ඇති බවට ප්‍රකාශ වනවා. මින් ප්‍රධානතම අවධානයක් ලැබෙන්නේ Google විසින් නුකුත් කරන ලද  image format එකක් ලෙසට සැලකෙන  libwebp වල වන දුරවලතාවයන් ඉලක්ක වෙමින් පහර දෙන්නන් විසින් දියත්කරන ප්‍රහාර වන අතර ඉහත කී මෘදුකාංගය ආශ්‍රිතවන බ්‍රවුසර මෙන්ම වෙනත් මෘදුභාවිතාවන සදහා වැඩියෙන්ම මෙම අනතුරු ඇගවීම අදාල වන නිසා මෙම පිලිසකර ලබා ගැනීම වැදගත් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

2023-09-20

41 වසර සමරන emoticons

මිහිමත මිනිස් සංනිවේදන හැකියාවේ තීරනාත්මක හැරවුමක් තොරතුරු තාක්ෂණය විසින් සටහන් කර හා කරමින් සිටී. එය ඔවුන්ගේ භාෂා හැකියාවේ සිට ඉහලට විහිදෙමින් තිබේ. එපමනකුඳු නොවේ තම හැගීම් සංකේවත් කරන්නටද ඔවුන් එය භාවිතාකරමින් සිටී. අද වන විට විධිමත් එලෙක්ට්‍රොනික සංනිවේදනයන් තුලදී පව emojis භාවිතාව සිදුවෙනු දැකිය හැකිවීමෙන් මේ බව වඩාත් සනාත වේ. මීට පෙර මිනිසුන් ඉලේක්ට්‍රොනික සංවාද තුල තම emotions ප්‍රකාශ කරන්නට භාවිතාකල text characters කාන්ඩ භාවිතයට පැමින 41 වසරක් සම්පූර්ණ වෙමින් පවතී. ඒ September 19, 1982 වලදී Scott E. Fahlman විසින් Carnegie Mellon University වලදී කල ප්‍රථම භාවිතාවත් සමග බවටයි පිලි ගැනෙන්නේ. 
Pubudu Siriwansa


 

2023-08-06

Edge විසින් ඔබේ වෙබ් සැරිය ගැන තොරතුරු තැන්පත්කර ගැනීම.

Microsoft විසින් තම Edge සදහා දක්වන්නේ මහත් අවධානයකි. ඔවුන් තම බ්‍රවුසරය සමග වන අත්දැකීම් වඩාත් ආකර්ෂණීය කරන්නට නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටී. Startup Boost ඔස්සේ  Edge වලට ක්ශනික ආරම්භයක් ගෙනෙන්නට,  text rendering ඔස්සේ වඩාත් හොඳ fonts හැකියාවක් ආදිය දියුනු කිරීම් මැතදී වාර්ථා විය. කෙසේ වෙතත් ඔවුන්ගේ සමහර අංගයන් සමග වන වන හැසිරීම් පිලිබඳව හදාරන්නන්ගේ විවෙචනද පැමිනෙමින් ඇති අතර ඒවා අතර ඔබ බ්‍රවුසරය මත විවෘත කරන සෑම image එකකම තොරතුරු තැන්පත්වීම විය. මේ වන විට එවන් නව අංගයක් ගැන හදාරන්නන්ගේ අවධානය යොමුවෙමින් ඇති අතර එනම් ඔබ Edge තුල විවෘත කරන සෑම page එකකම screenshots එකක්ම ස්වංක්‍රීයව තැන්පත්වීම දැක්විය හැක. කෙසේ වෙතත් පැහැදිලි කෙරෙන්නේ මේවා භවිතාකරන්නන් සදහා වඩාත් පහසු වෙබ් අත්දැකීමක් සදහා මිස ඔවුන්ගේ privacy, encryption තොරතුරු ‍රැස්කර ගැනීම සදහා නොවන බවකි.
Pubudu Siriwansa


 

Threads වලට search සහ web version ලගදීම..

Meta වල CEO වරයා වන Mark Zuckerberg පවසන්නේ ප්‍රකට Threads වලට විශාල පිරිසකගේ ඉල්ලීම් වන desktop මිත්‍ර සංස්කරණය හා search හැකියාව එක්කරන්නට ඉදිරිසති කිහිපය තුලදී තමන් සූදානම් වන බවකි. Threads යනු මෑතකාලයේදී භාවිතයට පැමිනි Twitter වලට විකල්පයක ලෙසට පිලිගැනෙන මහත් ජනංප්‍රියතාවයක් හිමි කරගත් නිකුතුවක් වන අතර නිකුත්ව පලමු සතිය වන විට මහත් භාවිතාකරන්නන් පිරිසක් කැඳවා ගන්නට සමත්වූ සමාජජාලවකි. එහෙත් පසුව ක්‍රමයෙන් එම මහත් භාවිතාව අඩුවෙමින් පැවතින බවටයි වාර්ථාවූවේ. දැනට Threads වල desktop වලින් භාවිත හැකියාවක් තිබුනද ඉතා සීමිත අතර නිකුතුවට නියමිත නව සංස්කරණය සමග එක හැකියාව පුළුල් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

2023-08-04

Google Results වලින් ඔබේ තොරතුරු ඉවත්ව තබාගන්නට නව ටූලයක්

Google පවසන්නේ තමන් Search results අතරින් යම්කෙනෙකුට තම තොරතුරු ඉවත්කර ගන්නට සහය වන නව ටූලයක් ගෙනෙන්නට සූදානම් බවයි. මෑතකාලීනව සැලකීමේදී Google ආයතනය වැඩි වැඩියෙන් තම සෙවුම් ප්‍රථිපල මතට තොරතුරු ගෙන එන්නට AI මූලික යාන්ත්‍රන හඳුන්වා දෙනවා සේම යම් භාවිතාකරන්නෙකුට Google Search වලින් තම personal phone number, home address, email වැනි තොරතුරු ඉවත්කරගන්නට සහය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මින් පෙරදී අයෙකුට එවනි තොරතුරු ඉවත්කරගන්නට ඉල්ලුම් කිරීම තරමක සංකීර්න කාරනයක්ව පැවතියද දැන් "Results about you" ඔස්සේ මේ ඉල්ලීම පහසුවෙන් කලහැකි වනු ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.මෙම අංගය US වල සිට ක්‍රමයෙන් මුදා හැරෙන අංගයක් වන අතර Google වල "SafeSearch system" ඔස්සේද අයෙකුට තම පෞද්ගලිකත්වය  Google Result වලින් ඉවත්ව තබාගන්නට මේ වන විට හැකිව තිබෙනවා.
Pubudu Siriwansa


 

2023-08-03

Meta වෙතින් AI මිත්‍ර text ආකාරයෙන් sound generation හැකියාවක්

Meta නිවේදනය කරන්නේ තම AudioCraft ඔස්සේ original music, sound effects, audio content වැනිදෑ generate කල හැකි open-source ආකාරයේ artificial intelligence පද්ධතියක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පැය දහස් ගනනක audio data නෙක AI models වලින් සුසැදි  text prompts ආකාරයට අවධිකරවා ගත හැකි ගොඩ නැගීමක් බවයි, වැඩි දුරටත් පවසන්නේ MusicGen ඔස්සේ instrumental music නිර්මාණය සදහා text prompts ආකාරයට mood, instruments, tempoවැනි තොරතුරු දිය හැකි අතර AudioGen සමග sound effects ලබා ගන්නට text descriptions එකක් ඔස්සේ හැකි වන බවත් EnCodec ඔස්සේ සංගීත ආකෘති නිර්මාණය කරගන්නට හැකි බවත් පවසා සිටිනවා. 
Pubudu Siriwansa


 

2023-08-01

Google වල "tracker" API එකට විරෝධය.

Google විසින් අලුතින් හඳුන්වා දෙන්නට සූදානම් වෙමින් සිටින Web Environment Integrity API එක පිලිබඳව web companies මෙන්ම developers පමනක් නොව හදාරන්නන්ගේ දැඩි විරෝදය එල්ල වෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ. Google වල මෙම නව API එක ඔස්සේ websites වලට භාවිතාකරන්නන්ගේ operating system, browser හා අනෙකුත් software තොරතුරු ඔස්සේ browser environment වල විස්වසනීය භාවය විමසන්නට හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. විරෝධතාවය දක්වන්නන් පෙන්වා දෙන්නේ මේ ඔස්සේ open web වල සමහර මූලික ලන්ෂණ පවා ඉක්මවා යමින් හානිකර ඒකාධිපතීත්වයක් ගෙනෙන්න්ට  හැකි බවයි. කෙසේ වෙතත් Google දෙසින් පැවසෙන්නේ මේ ඔස්සේ  social media bot වල අයුතු හැසිරීම්, copyrights වල ඉක්මවා යාම් මෙන්ම financial transactions වල ආරක්ශිත බව තහවුරු කෙරෙන බවයි.
Pubudu Siriwansa


 

Apple වල Screen Time ගැටළුවට ඉක්මනින් විසඳුම්

ඔබ Apple වල Screen Time නම් parental controls හැකියාව භාවිතාකරන්නෙක් නම් හා  iOS 16.5 වලදී එම හැකියාවේ ගැටළුකාරී බව අත්විඳින්නෙක් නම් iOS 17 beta දක්වාම එම ගැළුව විසඳී නැති මුත් ඉක්මනින්ම එම පිලිසකර කරන්නට Apple ආයතනය කටයුතු කරන බව ඔවුන් නිවේදනය කර සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ Apple devices භාවිතාකරන දෙමාපියන්ට තම දරුවන්හට ඒවා භාවිතාවට අදාලව කාලසීමා පෙර සැකසුම් කර තබන්නට හැකි වන අතර හඳුනා ගෙන ඇති ගැටළුව වන්නේ මෙම සැකසුම් කාලසීමාවන් නිසිපරිදි ක්‍රියාත්මක නොවීම ලෙසටයි. මෙම ගැටළුව බහුමව අත්විඳින්නක් ලෙසට පැහැදිලි කෙරෙන අතර ඉක්මනින්ම පිලිසකර කිරීමක් නිකුත්කරන බව බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...