2023-08-06

Threads වලට search සහ web version ලගදීම..

Meta වල CEO වරයා වන Mark Zuckerberg පවසන්නේ ප්‍රකට Threads වලට විශාල පිරිසකගේ ඉල්ලීම් වන desktop මිත්‍ර සංස්කරණය හා search හැකියාව එක්කරන්නට ඉදිරිසති කිහිපය තුලදී තමන් සූදානම් වන බවකි. Threads යනු මෑතකාලයේදී භාවිතයට පැමිනි Twitter වලට විකල්පයක ලෙසට පිලිගැනෙන මහත් ජනංප්‍රියතාවයක් හිමි කරගත් නිකුතුවක් වන අතර නිකුත්ව පලමු සතිය වන විට මහත් භාවිතාකරන්නන් පිරිසක් කැඳවා ගන්නට සමත්වූ සමාජජාලවකි. එහෙත් පසුව ක්‍රමයෙන් එම මහත් භාවිතාව අඩුවෙමින් පැවතින බවටයි වාර්ථාවූවේ. දැනට Threads වල desktop වලින් භාවිත හැකියාවක් තිබුනද ඉතා සීමිත අතර නිකුතුවට නියමිත නව සංස්කරණය සමග එක හැකියාව පුළුල් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...