2023-08-04

Google Results වලින් ඔබේ තොරතුරු ඉවත්ව තබාගන්නට නව ටූලයක්

Google පවසන්නේ තමන් Search results අතරින් යම්කෙනෙකුට තම තොරතුරු ඉවත්කර ගන්නට සහය වන නව ටූලයක් ගෙනෙන්නට සූදානම් බවයි. මෑතකාලීනව සැලකීමේදී Google ආයතනය වැඩි වැඩියෙන් තම සෙවුම් ප්‍රථිපල මතට තොරතුරු ගෙන එන්නට AI මූලික යාන්ත්‍රන හඳුන්වා දෙනවා සේම යම් භාවිතාකරන්නෙකුට Google Search වලින් තම personal phone number, home address, email වැනි තොරතුරු ඉවත්කරගන්නට සහය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මින් පෙරදී අයෙකුට එවනි තොරතුරු ඉවත්කරගන්නට ඉල්ලුම් කිරීම තරමක සංකීර්න කාරනයක්ව පැවතියද දැන් "Results about you" ඔස්සේ මේ ඉල්ලීම පහසුවෙන් කලහැකි වනු ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.මෙම අංගය US වල සිට ක්‍රමයෙන් මුදා හැරෙන අංගයක් වන අතර Google වල "SafeSearch system" ඔස්සේද අයෙකුට තම පෞද්ගලිකත්වය  Google Result වලින් ඉවත්ව තබාගන්නට මේ වන විට හැකිව තිබෙනවා.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...