2022-04-30

ඉදිරියේදී Microsoft Edge සමග VPN හැකියාවක්.

  Microsoft Edge ආයතනයක් ලෙසට  Microsoft වල ජයංග්‍රහනයකි. ඔවුන් තම බ්‍රවුසරයේ පදනම Chromium වලට පැමිනීම මෙම කැපී පෙනෙන අත්පත්කර ගැනීම් සදහා ප්‍රධාන හේතුවක් ලෙසට සැලකේ. Microsoft ආයතනය තම Edge Browser ය පිලිබඳව නවතම පෙර සංස්කරනයක් සමග පවසා සිටින්නේ ඉදිරිසංස්කරනයක් සමග VPN හැකියාවක්ද ‍රැගෙන එන්නට කටයුතු කරන බවකි. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ Microsoft Edge Secure Network යනු Cloudflare සමග ‍රැගෙන එන පහසුවක් බවත් Microsoft ගිනුමක් ඔස්සේ ඇතුලු වී මාසිකව 1GB දක්වා නොමිළේ භාවිතාකල හැකි වන ලෙසට දැනට සැලසුම්ව ඇති බවයි.
Pubudu Siriwansa


 

2022-04-29

Google විසින් 190,000 malicious developers තහනම් කරයි.

Play Store වලදී Privacy සහ security ප්‍රමුක අවධානය වෙමින් ඇති බවට Google පවසනවා. ඔවුන් පසුගියදා නිවේදනය කර සිටියේ third-party call recording apps ඉවත්කරන්නට තිර්රනය කර ඇති බවකි. එසේම ඔවුන් "data safety" අංගය ඔස්සේ developers ලා වෙතට දන්වා සිටියේ user data සමග කටයුතු කිරීමේදී වඩාත් විනිවිධව කටයුතු කරන්නට වන බවයි. Google පවසන්නේ 2021 සැලකීමේදී  malicious and හා developer accounts 190,000 ඉවත්කරන්නට හටයුතු කල බවයි. එසේම 1.2 million apps ඉවත් කර දන්නට හේතු වූවේ Google Play policies ඉක්මවන්නට කටයුතු කර තිබූ නිසා බවයි. ආයතනය පැහැදිලි කරන්නේ බිලියන ගනනක harmful installs වලක්වා ලන්නට ඔස්සේ හැකිවූ බවයි. 
Pubudu Siriwansa


 

Google search results වෙතින් ඔබගේ පෞද්ගලික තොරතුරු ඉවත්කර ගන්නට.

Google search results මතට ඔබගේ පෞද්ගලික තොරතුරු පැමිනිය හැකි ක්‍රම වේද කිහිපයකි. එසේම Gogle සෙවුම් ප්‍රථිපල සමග ඔබගේ පෞද්ගලික තොරතුරු වීම ඔබට කරදරකාරීද විය හැකි ආකාර කිහිපයකි. භාවිතාකරන්නන් තම පෞද්ගලික තොරතුරු Google වෙතින් ඉවත්කර ගන්නට ගන්නා උත්සාහයන් සදහා වඩාත් නම්‍ය පහසුවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථ වෙනවා. සමහර විටක bank account details නැතිනම්  credit card numbers  දක්වාම වන වන තොරතුරු අනවශ්‍ය ලෙසට, අතපසුවකින් හෝ හානිකරන අරමුනින් වෙනත් පාර්ශයක් Google කර ඇති විටක පහත දැක්වෙන වෙබ් අඩවිය ඔස්සේ ඒවා ඉවත් කරන්නට ඉල්ලා සිටින්නට හැකි අතර දින කිහිපයක් ඇතුලත ඒවා සදහා ප්‍රථිචර දක්වන්නට එම ආයතනය සූදානම් බවට වාර්ථා වෙමින් තිබෙනවා. එසේම එම ආයතනය පවසන්නේ තෙවන පාර්ශවයක් ඔස්සේ නම් මෙම තොරතුරු පැමින ඇත්තේ අදාල පාර්ශවය වෙතට කරන ඉල්ලීමක් ඔස්සේ ඒවා ඉවත්කරගන්නට සිදුවන බවයි.
එම ලිපිනය වන්නේ https://support.google.com/websearch/troubleshooter/3111061#ts=2889054 යන්නය.
Pubudu Siriwansa


 

2022-04-25

ඔබගේ Android phone එක ‍තෝරා ගැනීමේදී ...

ඔබගේ Android phone එක ‍තෝරා ගැනීමේදී ලබා දෙන ප්‍රමුකතා ලයිස්තුව කුමක් විය යුතුද යන්න පිලිබදව හදාරන්නන් අවධානය යොමුකරන විට පවසන්නේ බොහෝ දෙනා ඒම දුරකථන මොඩලයන් සමග වන විශේෂතා පිලිබඳව වැඩි අවධානයක් යොමු කිරීම දක්නට ලැබෙන බවයි. ඔවුන් පෙනවා දෙන්නේ 100x zoom cameras, ultrasonic fingerprint sensors, S Pen stylus support, UWB වැනි දෑ පිලිබඳව වන කැපී පෙනෙන අවධානය වැදගත් වුවද සාමාන්‍ය දෛනික භාවිතාව සදහා නම් ඔබගේ තේරීම සදහා පලමු සාධකය විය යුත්තේ budget එක බවත් ඉන් අනතුරුව 
Camera
Screen
Battery
Software & updates
වැනි සාධක වැදගත් වනු ඇති බවයි. මෙහිදී processor හෝ RAM බලය පිලිබන්දව නොසලකා සිටීම පැහැදිලි කරන ඔවුන් පවසන්නේ මෑතකාලීන වන විට mid-range හා premium උපාංග අතර එම හැකියාවන් තව දුරටත් කැපී පෙනෙන පරතරයක් ‍රැගෙන නො-එන බවයි. කෙසේ වෙතත් 8-12GB of RAM හන්ද මට්ටමක භාවිතාවකටද, 6-8GB සැහෙන මට්ටමකද,  4GB අවම මට්ටමකද වන බවට පැහැදිලි කෙරෙනවා. එසේම storage එක සැලකිමේදී 64GB සැහෙන මට්ටමකද 128GB  හොඳ මට්ටමක ලෙසටත් ගැනෙනවා. ඒවාගේම 256-512GB හොඳම මට්ටමක බවට ද සැලකෙනවා. කෙසේ වෙතත් 8-12ඝ්භ් ඔෆ් ර්‍Aඹ් හන්ද මට්ටමක භාවිතාවකටද, 6-8ඝ්භ් සැහෙන මට්ටමකද,  4ඝ්භ් අවම මට්ටමකද වන බවට පැහැදිලි කෙරෙනවා. එසේම ස්ටොරගෙ එක සැලකිමේදී 64ඝ්භ් සැහෙන මට්ටමකද 128ඝ්භ්  හොඳ මට්ටමක ලෙසටත් ගැනෙනවා. ඒවාගේම 256-512ඝ්භ් හොඳම මට්ටමක බවට ද සැලකෙනවා.
    camera පිලිබඳව පැහැදිලි කරන ඔවුන් speed, performance,හා quality යන කාරනා ගැන වැඩි අවධානයක් යොමුකරනවා. Smartphone screen පිලිබඳව ඔවුන් පවසන්නේ 2022 වලදී බහුල පැමිනීම 6.4 - 6.8-inch අතර වන බවයි. ඔබ අත්ලෙහි පහසුවෙන් හැරවීමේ සිට ප්‍රස්ථ දෘශ්‍ය බවක් සදහා අවශ්‍ය ප්‍රමානය අතර පරතරය වැදගත් වන අතර curved screens, high refresh rates මෙන්ම maximum brightness පිලිබඳව අවධානය වැදගත් වනවා. 60Hz යනු classic rate එක වන අතර 90Hz / 120Hz  සාමාන්‍ය භාවිතාව වනවා. දුරකථනය එලිමහන් භාවිතාවේදී screen වල maximum brightness  වැදගත් වන්නේ පැහැදිලි දෘශය බවක් සදහායි. 
   Battery වලදී වැදගත් වන්නේ වැඩි කලයක් භාවිතයට එය තීරනාත්මක නිසා වනවා. විශාල බැටරියක් සමග, වේගවත්  phone charger එකක් සමගාඅදී නෙක ආකාරයට නිශ්පාදකයන් මේ සදහා විසදුම් ගෙනෙන බව පෙනෙනවා. කෙසේ වෙතත් හොඳ battery life එකක් වැදගත්ම සාධකයක් නිසා තොරා ගැනීම් වලදී ඔබගේ භාවිත මෝස්තරයට වඩාත් ගැලපෙන නිෂ්පදනයක් පිලිබඳව විස්තර වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

Windows 11 default apps සදහා 1.5GB disk space ගනී.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 11, Windows 10, සමග එන default applications ප්‍රමානය ඉතා විශාල බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Windows 11 සමග එන default apps සදහා disk space ප්‍රමානය  1.5GB ටත් වඩා ඉහල බව්යි. භාවිතාකරන්නන් අතරින් පිරිසක් මේවා සමග කටයුතු කරන මුත් තවත් කොටසකට මේවා bloatware ආකාරයේ ඒවා වන බවටයි පවසන්නේ. හදාරන්නන් PowerShell ඇසුරෙන් මෙම ගනනය කරන්නට කටයුතු කර ඇති අතර  එම default Windows 11 apps වල විශාලත්වය අනූව පෙල ගසන්නට කටයුතු කිරීමේදී Microsoft Teams ඇප් ඒක සදහා 91MB ක ඉඩක් ගනිමින් විශාලතම ඉඩක් ලබා ගන්නා app එක එල්සට නම් කරන්නට කටයුතු කර තිබෙනවා. Folders දෙකකට ගොනුවන මෙම Apps ගොනු hidden මට්ටමේ default ව පැමින තිබෙනවා.
 Pubudu Siriwansa


 

2022-04-23

Full-screen iPhone ය iPhone 16 Pro ලෙසට පැමිනේවි.

හදාරන්නන් පවසන්නේ 2024 වන විට notch-less iPhone ය නැතිනම් Full-screen iPhoneය පැමිනෙන්නට නියමිත බවයි. Android phoneය කලකට ඉහත පසුකල මෙම ප්‍රවනතාවය තවමත් iPhoneය අත්පත් කරගෙන නොමැති අතර මෑතදී ඉදිරිපත්ව ඇති iPhone patent එකක් ඇසුරින් මෙම අනුමානය දැනට ඉදිරිපත් වෙමින් ඇත. හදාරන්නන් පවසන්නේ මෙම under-display front cameras හා under-display Face ID නිකුතුව high-end iPhone එකක් ලෙසට නිවේදනය වන්නට නියමිත බවකි. එසේම ඔවුන් අනුමාන කරන්නේ iPhone 16 Pro ලෙසට එය පැමිනෙනු ඇති බවකි. දැනට ආයතනය දියුනු කරමින් සිටින  software / hardware සීමාත් සමග මෙම අත්පත්කර ගැනීමේ ඉඩ කඩ බොහෝ බවට ඔවුන් පවසනවා.
   Pubudu Siriwansa


 

Google Messages වල දුර්වලතාවයක්.

හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ Google Messages භාවිතාවේදී භවිතාකරන්නා අදාල app එක භාවිතාව අවසන් කලද background වලින් camera ව භාවිතාව ඉදිරියට යමින් අදාල උපකරනයේ battery වැය වීම සිදුවීමේ  bug එකක් හඳුනා ගෙන ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම battery drainage වලට අමතරව phone එක අනවශ්‍ය ලෙස heat වීමේ අනතුරක්ද වන බවයි. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ Google ආයතනය දැනටමත් මෙම දුර්වලතාවය සදහා පිලිසකර කිරීමක් කර තිබුනද අදල යාවත්කාලීන දුරකථන වලට පැමිනීමේ කාල පරාසයන් වල වෙනස නිසා මෙන්ම සමහර අවස්ථාවලදී එම යාවත්කාලීනය සාර්ථක නොවීම්ද දක්නට ලැබෙන බවයි. ඔවුන් පවසන්නේ phone's settings වලින් ගොස් Google Messages සදහා camera services වලට ලැබෙන අවසරය disallow කිරිම දැනට ප්‍රායෝගින විසඳුමක් වනු ඇති බවයි.
Pubudu Siriwansa


 

2022-04-22

Android devices වල Dec 2021 වලට පෙර Security Patch සදහා අනතුරු ඇගවේ.

අනතුරු ඇගවීමකින් කියවෙන්නේ Android devices වල Security Patch සංස්කරන Dec 2021 ට පෙර නම් තිබෙන්නේ ඇපල් වල Lossless Audio Codec (ALAC) සක්‍රිය මට්ටමේ වන විට security risk එකක වන බවයි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මිලියන ගනනක් වන  Android devices වල සංයුත්තව ඇත්තේ MediaTek නැතිනම් Qualcomm chipset නම් “Out-of-Bounds” ආකාරයේ security vulnerability විවෘතව ඇති බවයි. ALAC යනු Apple Lossless ලෙසට නම් වන Apple විසින් හඳුන්වා දුන් audio format  එකක් වන අතර එහි open-source සංස්කරනයක් වන අතර 2011 පසුව යාවත්කාලීන නොවූ ලෙසට භාවිතා වෙමින් ඇති Qualcomm සහ MediaTek සදහා මෙම අනතුර වන බවට පැහැදිලි කෙරෙනවා. හදාරන්නන් පවසන්නේ Android devices සමහ Security Patch සංස්කරන December 2021 වල වත් තිබීම වැදගත් බවයි. ඔබගේ Android උපකරනටේ Settings > Android version i> Security Patch version වෙතට පිවිස එහි වන අවසාන සංස්කරනය ඔබට දැන ගන්නට හැකි වනු ඇත.
Pubudu Sieiwansa


 

Google විසින් call recording apps අක්‍රියකිරිය කිරීමේ සූදානමක.

Google පවසන්නේ තම Android සදහා Play Store වේ වන call recording සදහා භාවිතාවන third-party apps වල ක්‍රියාකාරීතවය අවසන් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ May 11 දායින් පසුව Accessibility APIs දෙසින් අවසන් කරන්නට සූදනම් බවයි. වැඩි දුරටත් පවසන්නේ  Google's policies වලට එරෙහිව යන බවක් පෙන්වමින් බොහෝ මෘදුකාංග සංවර්ධකයින් මේවා භවිතාව මෙම තිරනයට හේතුව බවයි. කෙසේ නමුත් Google Pixel / Xiaomi සමග වන  native ආකාරයට එන call recording apps සදහා මෙම සීමා වීම බල නොපාන බවයි.
Pubudu Siriwansa

2022-04-18

ආරක්ශිත තොරතුරු දිවියකට. (02)

සයිබර් අවකාශයේදී ඔබ වින්දිතයෙකු වීම දෙයාකාර විය හැක. එක් අතකින් තාක්ෂණිකව ඒවායේම වන දුර්වලතා ඔස්සේ සේම එම තක්ෂණ භාවිතාව තුලදී ඔබ අතින් වන දුර්වලතා මේවාට හේතු විය හැක. පලමු කොටම ඔබගේ තොරතුරු උපාංග ඒ මොහොතට ආසන්නම යාවත්කාලීනය තෙක් යාවත්කාලීනව තබා ගන්නට හැම විටම කටයුතු කල යුතුය. එම යාවත්කාලීන විසින් එක් දෙසකින් ඔබගේ උපකරණයේ ක්‍රියාත්මක වන අදාල මෘදුකාංග වල හඳුනාගෙන ඇති දුර්වලතා පිලිසකර කරන්නට කටයුතු කරනු ඇත. තවත් අතකින් ඒවා එම මෘදුකාංග සදහා වැඩි දියුනු කිරීම් සදහා කටයුතු කරනු ඇත. 
     අනක් ආකාරය වන්නේ ඔබව නොමග යවමින් නැති නම් රවටමින්  හෝ නොදැනුවත්වම  ඔබගේ තොරතුරු භාවිතාවෙන් සිදුවිය හැක. පලමු කොටම ඔබේ ජීවිතය අවට වන තොරතුරු ඔබගේ රහස්‍ය අවසර පද ආකාරයට යොද ගැනීම වැනි දුර්වලතා ඔස්සේ සිදුවිය හැක. ඔබගේ උපන්දිනය, දුරකථන අංකය වැනි දේ ඒවා අතර වේ. අනක් අතින් බහුල සරල භාවිතාවන් යොද අගැනීමද අනතුරු දායකය. උදාහරනයක් ලෙසට 123456 වැනි සරල යෙදුම් නොකල යුතුය. ඔබගේ අනන්‍යතාවයේ සුරක්ෂිත බව සදහා සංකීර්න අවසර පදයක අවශ්‍යතාවයට ඔබට එකග වන්නට සිදුවන අතර සමහර ආරක්ශක මෘදුකාංග සමග මෙන්ම කෙ;ලින්ම මේ සදහා සහය වන මෘදුකාංග භාවිතාකල හැක. එසේම එකම අවසර පදය නැවත නැවත යොදා ගැනීම වැනි දුර්වලතා නොකරන්නට ද වග බලා ගත යුතුය.
Pubudu Siriwansa
#siriwansa


 

2022-04-10

ආරක්ශිත තොරතුරු දිවියකට. (01)

හදාරන්නන් පවසන්නෙ ඔබට antivirus නැතිනම් malware protection apps එකක් අවශ්‍යම නොවන බවයි. අද වන විට බහුල භාවිතාවන් වන Windows මෙන්ම Android නවතම සංස්කරන සමග ආරක්ශිත බව සංයුත්තව එවන්නට ඔවුන් කටයුතු කරමින් සිටිනවා පමනක් නොව භාවිතාකරන්නෙකුට අවශ්‍ය වන මෙහෙයුම් පද්ධතියෙන් ඔබ්බට වන කාරනා සදහා අවශ්‍ය අමතර Apps සදහා ඔවුන්ගේම Apps Stores පවත්වා ගෙන යාමටත් ඒවා සදහා ප්‍රමිතීන් පවත්වා ගෙන යමින් හොඳ මට්ටමක තබා ගන්නටත් කටයුතු කරනු දැකිය හැකියි.කලාතුරකින් මේවා අතරද ගැටලු පැමිනුනද භාවිතා කරන්නන් අවශ්‍ය App එකක් බාගත කරගන්නට පෙර ඒවා පිලිබඳව වන Reviews පිලිබඳව අවධානය යොමුකිරිම අමතර ආරක්ශිත පියවරක් වනු ඇති. ඔබගේ උපකරනයේ වන මෙහෙයුම් පද්ධතිය සදහා අදාල ආයතනයන් නිකුත් කර ඇති අවසාන Update ඒක දක්වාම යාවත්කාලීන කර තබා ගැනීමත්, අමතර ධාවනය වන Apps සදහා ද නිකුත්කර ඇති අවසාන යාවත්කාලීනය දක්වා ලබා ගෙන තිබීමත්, භාවිතානොකරන Apps අස්ථාපනයට කටයුතු කිරීමත්, අදාල Stores වලින් හැරෙන්නට බාහිර මූලාංශ්‍ර ඔස්සේ එන මෘදුකාංග කොටස් ස්ථාපනයෙන් වැලකී සිටීමත් වැදගත් වනු ඇති. 
     දෙවන තලයේදී සැලකිය යුතු කාරනා අතර Email හෝ Text ආකාරවලට පැමිනෙන Link සංක්‍රිය කිරීමත් ඒවා ගෙනෙන බාගතකිරීම් මග හරින්නට කටයුතු කිරීමත් වැදගත් වනු ඇත. එවැනි අවිස්වාශ බැදියාවන් ඔස්සේ ඉදිරියට යාම මෙන්ම සංවර්ධකයන් විසින් නියමිතව යාවත්කාලීන නොකරන ර්මෘදුකාංග කොටස්ද හානිකරයන් ලෙසට ක්‍රියාත්මක වීම බහුලව දැකිය හැකිය.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...