2019-12-31

"කෘතීම බුද්ධි" අවකාශය..

එලබෙන දිනයකදී ඔබගේ හොඳම මිතුරා ඔබගේ භාවමය තේරීමක් නොවන්නට කටයුතු සිදුවෙන් ඇත. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ වටා ඉදිවෙමින් ඇති "කෘතීම බුද්ධි" අවකාශය එය ඉටුකරනු ඇත.
මේ ගැන ඔබට විස්සෝප වන්නට ඔබට අවස්ථාවක් නොලැබෙන්නේ එම තේරීම වඩාත් සාර්ථක එකක් වීමට වඩාත් ඉඩ අති නිසාය.
- Pubudu Siriwansa

2019-12-29

මිනිස් කථාන්දරය...

ප්‍රාතමික මිනිස් සත්වයාගේ හැගීම් පද්ධතිය මත ඉදිවූ සුවිසල් අවකාශය සංස්කෘතිය වන විට ඒ මත ඉදිවූ එහි තාර්කික සංස්කරනය විද්‍යාත්මක දේශපාලනය වේ. අප ක්‍රමයෙන් පිවිසෙමින් සිටින්නේ මෙහි තාක්ෂණික සංස්කරනය නොහොත් යාන්ත්‍රික අවකාශය වෙතටය.
'Tharu Minisa"
- Pubudu Siriwansa

2019-12-27

එලබෙන යූගයේදී ...

එලබෙන යූගයේදී තොරතුරු තාක්ෂන අවකාශය ඔබගේ දිවියට මැදිහත් වීමට නියමිතව ඇත්තේ හුදු තොරතුරු ගබඩා කරන්නෙකු ලෙසට හෝ සංනිවේදනය කර දෙන්නෙකු පමනක් ලෙසට නොවනු ඇත. බුද්ධිමත් හැසිරීමක් ඔස්සේ ඔබගේ දත්ත හා සංනිවේදන අවකාශ වලට අවසර දෙන ප්‍රමානය ඔස්සේ කරුනු හදාරමින් වඩාත් "බුද්ධිමත්" සහයක් ගෙනෙන්නට එය කඩිනමින් සූදානම් වෙමින් සිටී. උදාහරනයක් ලෙසට ඔබේ ආයතනයෙන් ඔබට  ලැබෙන ඊමේලයක් හදාරමින් එහි අඩංගු කරුනු සම්බන්දිත පෙර ලැබුනු ඊමේල ඔස්සේ විමසමින් පමනක් නොව දුරකථනයට ලැබී ඇති මැසේජස් ඔස්සේද විමසමින් එපමනක් නොව සමහර විටක සම්බන්ධිත සමාජ ජලා ගිනුම්ද විමසමින් වඩා බුද්ධිමය සහයක් ඔබට ගෙන ඒමට කටයුතු සූදානම් වෙමින් තිබේ.
    අප පසුකරමින් සිටින්නේ තොරතුරු උපාංග ජීවිතය අවට පරිසරයේ සැගව යන යුගය වන අතර එලබෙමින් ඇත්තේ තොරතුරු තාක්ෂණ භාවිතාවන් ජීවිතය අවට සැගව යන යුගය ලෙසට මේ පැමිනෙන ප්‍රවනතාවය අපට වටහා ගන්නට හැකි වනු ඇත.
- Pubudu Siriwansa

2019-12-26

ප්‍රබෝදය

"අප හමුවීමෙන් පසුව ජීවිතය මත සටහන් වූ ප්‍රබෝදය අපමනකි. එය වචන කරන්නට වෑයම් කිරීම තරම් නිෂ්පල උත්සාහකට මම කවරදාකවත් ඇතුලු නොවන්නට වග බලාගමි. වෙළඳපොල විසින් ජිවිතය රැගෙන යන්නට පෙර තිබූ ජීවිත සාමය තුල එය විඳගන්නට මම වඩාත් කැමැත්තෙමි". සියවස් සියගනනක මිනිස් බුද්ධියේ අග්‍රපලය වූ ටීටාව වෙතින් මෙවන් සිය පෞද්ගලික සටහනක් මිනිස් වර්ගයා කවරදාකවත් බලා පොරොත්තු නොවන්නට ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2019-12-22

ප්‍රඥාවෙන් වඩාත් ආනන්දනීය දිගුව

ගෙවීයන සියවසේ මිනිස් වර්ගයා වඩාත් අමානන්දයට පත්කල විෂය තොරතුරු තාක්ෂණය විය යුතුය. මිහිතලය මත මිනිස් කථන්නදරයේ ආධිපත්‍ය සටහනෙහි රහස වූ මතක තබා ගැනීමේ හැකියාව, ඒවා නැවත නැවත සකසමින් වඩාත් සාර්ථක මතකයන් නිර්මාණය කර ගැනීම මෙන්ම එකි නෙකා අතර කාර්යක්ශමව සංනිවේදනය කර ගැනීමේ හැකියාව තාක්ෂණික ගත කර ගැනීම විෂයක් ලෙසට පමනක් නොව භාවිතාවක් ලෙසට මිනිස් සීමා අනන්තය දක්වාම පුළුල් කර දමා ඇත. ඔවුන් අතර වූ භෞතික පමනක් නොව ආර්ථික, දේශපාලණික, සංස්කෘතික සීමා බිඳ දමමින් එකිනෙකාව ශ්‍රව්‍ය දෘශ්‍ය ව ස්පර්ශීය සීමාවට ගෙන දමා ඇත. ප්‍රඥාවෙන් වඩාත් ආනන්දනීය දිගුව ඇරඹී ඇත. Virtual reality වල දිගුවන් අපේ දෘශ්‍ය හැකියාව අනන්තය තරම් දුරට ‍රැගෙන යමින් ඇත. Artificial intelligence වල දිගුවන් මිනිස් සිතීමේ හැකීයාවේ ආරම්භයේ සිට අදක්වා වූ පැමිනි දුර "තප්පර කිහිපයක් පමනකි " තරමට කෙටි කර දමා ඇත. මිනිස් සීමාවන් වලින් ඔබ්බෙන් වනවා යැයි සිතූ දෑ හැඳින්වූ "සිහින" නම් යෙදුමට නව අර්ථදැක්වීම සොයා යන්නට සිදුව ඇත.
 "Tharu Minisa" 
Pubudu Siriwansa

2019-12-21

දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා ..

දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය. තවත් වැදගත් සාධයක්ද ඇත. එහි බොහෝ සේවාවන් ‍රැගෙන එන්නේ වෙළඳ ආයතනයන් වීමය. ඒවා විසින්ද තම වෙළඳ අරමුනු වෙනුවෙන් දත්ත ‍රැස්කර තබා ගැනීම ඒවා භාවිතාකිරීම සම්පූනයෙන් කිසි දිනක අවසන් නොකරනු ඇති බවය. තවත් සාධකයක් වන්නේ මේ සුවිසල් අවකාශයේ සාමය බිඳින්නන්ගෙන්ද අඩුවක් නොවීමය. විවිධ අරමුනු වෙනුවෙන් එහි සාමය බිඳින්නට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ගෙනවිත් ඇති නව අවකාශ ආකෘතිය සාම්ප්‍රදායික වෙනත් ආකෘති සමගද නිරන්තරයෙන් ගැටමින් ඇත. දේශපාලනික යාන්ත්‍රන එයින් මුල් තැනක් ගනී. දත්ත අවකාශය ගෙනවිත් ඇති නිදහස් ආකෘතිය හුදකලාවක් නොවේ. දේශපාලනික ආකෘතිය නොරුස්සන බොහෝ නිදහස එයට කරදරයක් වන අවස්ථා ඔවුන් සමනය කර ගන්නේ එය පාලනය කිරීමෙනි.
- Pubudu Siriwansa

2019-12-20

දැනුම තවදුරටත් අගමික නොවීම .

දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්‍යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්‍රික බව සිරුර තුලට, සිරුර මතුපිටට පමනක් නොව ජීවිතය අවට වසා ගැනීම ඇරබීමත් සමග ක්‍රමයෙන් මිනිසා මත තවමත් වලංගු පාලක ධූරයෙන් ජීවවිද්‍යාත්මක සාධකය තක්ෂනික සාධකය සමග සම තත්වයට පැමිනීම සිදුවේ. මිනිස් වර්ගයා තම ශක්ති ප්‍රභවයන් ලෙසට වඩාත් පිරිසුදු මූලයන් දෙසට දැන් දැන් අවධානය යොමුකරමින් සිටින අතර තම අනාගත ජිවිත සාධකය අකංඩව ගලායන්නට නම් තම පරිසරය සමග අදට වඩා පුලුල් එකගතාවයක් අනිවාර්ය බවට එකග වෙමින් සිටී.
- Pubudu Siriwansa

2019-12-19

ප්‍රාථමික තරු අළු සෙලවුමක්..

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් “එය එය විසින්ම ” පාලනය කර ගැනීමේ අයිතිය ‍රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.
මෙවන් විසිතුරු මෙන්ම විස්මිත විෂයක් සමග කටයුතු කරන්නට හැකිවීමම අපූර්ව අවස්ථාවක් ලැබීමකි. මෙම විෂය ආරම්භවන හුදු දෘඩතලයේ සිට මිනිස් වර්ගයා වෙතටවන තීරනාත්මක ආගමික දේශපලනික මෙන්ම ආර්ථික තලයන් දක්වාම විහිද යන්නට එය සමත්ව ඇත. හුදු සරල ගනනයක සිට සමස්ථ මිනිස් වර්ගය වෙතටම එක නිමේශයකින් බලපෑම් කරන්නට හැකි ශක්‍යතාවයක් දක්වා එහි අත්පත්කර ගැනීම් ලබන්නට සමත් වෙනත් විෂයක් වේදෑයි සැක සහිතය.
– Pubudu Siriwansa  

2019-12-18

ඔබට ඔබව සොයා ගූගල් කරන්නට ..

ඔබ ගූගල් ඔස්සේ යමක් සොයන විට ගූගල් ඒ සෙවුම ඔස්සේ ඔබව සොයයි. එපමනක් නොව ඔබව ගොඩනගයි. එලබෙන දිනයකදී ඔබටත් වඩා ඔබව දන්නා සගයා වන්නේ මේ පිටපත වනු ඇත. ඒ දිනයේදී ඔබට ඔබව සොයා ගූගල් කරන්නට සිදුවනු ඇත.
- Pubudu Siriwansa

2019-12-17

නිර්මාණය වෙමීන් ඇති දෙවන ඔබ ..

ඔබව සර්වර් ගතවීම තව දුරටත් ඔබේ කැමැත්ත මතම සිදුවන්නක් නොවේ. ඔබ අතැති ස්මාර්ට් දුරකථනයේ සිට නෙක ආකාර සම්බන්ධිත පලඳන උපකරන වල සිට ඔබ වටා පෙල ගැසෙන අපමනක් සම්බන්දිත උපාංග නෙක අකාර වලින් ඔබව හැදෑරීම මගහල නොහැකි සත්‍යයක් වෙමින් ඇත. මෙසේ නිර්මාණය වෙමීන් ඇති දෙවන ඔබ, ඔබව ඉක්මවා යන දිනය වැඩි ඈතක නොවේ.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2019-12-16

ප්‍රඥාවෙන් වඩාත් ආනන්දනීය දිගුව

ගෙවීයන සියවසේ මිනිස් වර්ගයා වඩාත් අමානන්දයට පත්කල විෂය තොරතුරු තාක්ෂණය විය යුතුය. මිහිතලය මත මිනිස් කථන්නදරයේ ආධිපත්‍ය සටහනෙහි රහස වූ මතක තබා ගැනීමේ හැකියාව, ඒවා නැවත නැවත සකසමින් වඩාත් සාර්ථක මතකයන් නිර්මාණය කර ගැනීම මෙන්ම එකි නෙකා අතර කාර්යක්ශමව සංනිවේදනය කර ගැනීමේ හැකියාව තාක්ෂණික ගත කර ගැනීම විෂයක් ලෙසට පමනක් නොව භාවිතාවක් ලෙසට මිනිස් සීමා අනන්තය දක්වාම පුළුල් කර දමා ඇත. ඔවුන් අතර වූ භෞතික පමනක් නොව ආර්ථික, දේශපාලණික, සංස්කෘතික සීමා බිඳ දමමින් එකිනෙකාව ශ්‍රව්‍ය දෘශ්‍ය ව ස්පර්ශීය සීමාවට ගෙන දමා ඇත. ප්‍රඥාවෙන් වඩාත් ආනන්දනීය දිගුව ඇරඹී ඇත. Virtual reality වල දිගුවන් අපේ දෘශ්‍ය හැකියාව අනන්තය තරම් දුරට ‍රැගෙන යමින් ඇත. Artificial intelligence වල දිගුවන් මිනිස් සිතීමේ හැකීයාවේ ආරම්භයේ සිට අදක්වා වූ පැමිනි දුර "තප්පර කිහිපයක් පමනකි " තරමට කෙටි කර දමා ඇත. මිනිස් සීමාවන් වලින් ඔබ්බෙන් වනවා යැයි සිතූ දෑ හැඳින්වූ "සිහින" නම් යෙදුමට නව අර්ථදැක්වීම සොයා යන්නට සිදුව ඇත. 
"Tharu Minisa" 
Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...