2019-12-22

ප්‍රඥාවෙන් වඩාත් ආනන්දනීය දිගුව

ගෙවීයන සියවසේ මිනිස් වර්ගයා වඩාත් අමානන්දයට පත්කල විෂය තොරතුරු තාක්ෂණය විය යුතුය. මිහිතලය මත මිනිස් කථන්නදරයේ ආධිපත්‍ය සටහනෙහි රහස වූ මතක තබා ගැනීමේ හැකියාව, ඒවා නැවත නැවත සකසමින් වඩාත් සාර්ථක මතකයන් නිර්මාණය කර ගැනීම මෙන්ම එකි නෙකා අතර කාර්යක්ශමව සංනිවේදනය කර ගැනීමේ හැකියාව තාක්ෂණික ගත කර ගැනීම විෂයක් ලෙසට පමනක් නොව භාවිතාවක් ලෙසට මිනිස් සීමා අනන්තය දක්වාම පුළුල් කර දමා ඇත. ඔවුන් අතර වූ භෞතික පමනක් නොව ආර්ථික, දේශපාලණික, සංස්කෘතික සීමා බිඳ දමමින් එකිනෙකාව ශ්‍රව්‍ය දෘශ්‍ය ව ස්පර්ශීය සීමාවට ගෙන දමා ඇත. ප්‍රඥාවෙන් වඩාත් ආනන්දනීය දිගුව ඇරඹී ඇත. Virtual reality වල දිගුවන් අපේ දෘශ්‍ය හැකියාව අනන්තය තරම් දුරට ‍රැගෙන යමින් ඇත. Artificial intelligence වල දිගුවන් මිනිස් සිතීමේ හැකීයාවේ ආරම්භයේ සිට අදක්වා වූ පැමිනි දුර "තප්පර කිහිපයක් පමනකි " තරමට කෙටි කර දමා ඇත. මිනිස් සීමාවන් වලින් ඔබ්බෙන් වනවා යැයි සිතූ දෑ හැඳින්වූ "සිහින" නම් යෙදුමට නව අර්ථදැක්වීම සොයා යන්නට සිදුව ඇත.
 "Tharu Minisa" 
Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...