2019-12-21

දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා ..

දත්ත ලෝකය විසින් අර්ථ දක්වන මිනිසා කෙමෙන් රූපවාහිනිය ප්‍රමුක පෙර මාධ්‍ය විසින් නිර්මානය කරන ලද මිනිසාව අභිබවමින් සිටී. ගෙනවිත් ඇති සුවපහසුව අපමනකි. ගැටලුව වන්නේ එම සුව පහසුව සදහා හුවමාරුකර ගන්නට වන්නේ ඔබගේ සැබෑ ජීවිතය ආශ්‍රිත දත්තයන් වීමය. තවත් වැදගත් සාධයක්ද ඇත. එහි බොහෝ සේවාවන් ‍රැගෙන එන්නේ වෙළඳ ආයතනයන් වීමය. ඒවා විසින්ද තම වෙළඳ අරමුනු වෙනුවෙන් දත්ත ‍රැස්කර තබා ගැනීම ඒවා භාවිතාකිරීම සම්පූනයෙන් කිසි දිනක අවසන් නොකරනු ඇති බවය. තවත් සාධකයක් වන්නේ මේ සුවිසල් අවකාශයේ සාමය බිඳින්නන්ගෙන්ද අඩුවක් නොවීමය. විවිධ අරමුනු වෙනුවෙන් එහි සාමය බිඳින්නට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ගෙනවිත් ඇති නව අවකාශ ආකෘතිය සාම්ප්‍රදායික වෙනත් ආකෘති සමගද නිරන්තරයෙන් ගැටමින් ඇත. දේශපාලනික යාන්ත්‍රන එයින් මුල් තැනක් ගනී. දත්ත අවකාශය ගෙනවිත් ඇති නිදහස් ආකෘතිය හුදකලාවක් නොවේ. දේශපාලනික ආකෘතිය නොරුස්සන බොහෝ නිදහස එයට කරදරයක් වන අවස්ථා ඔවුන් සමනය කර ගන්නේ එය පාලනය කිරීමෙනි.
- Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...