2014-02-28

සුලඟ ඔස්සේ සේ පහසුවෙන් පැතිරෙන Wi-Fi වෛරසයක්!!!!

  හදාරන්නන් පිරිසක් විසින් නිකුත් කරන නවතම වාර්ථාවක්  පවසන්නේ Wi-Fi ඔස්සේ පරිගණක Virus  එකක පැතිරීම මිනිසුන් අතර ප්‍රතිශ්‍යාව පැතිරෙන්නා ආකාරයටද විය හැකි බවයි. ඔවුන් විසින් Chameleon නම් පරිගණක වෛරසය සමග කල අත්හදා බැලීමේදී හෙලිවන්නේ එය බහුලව මිනිසුන් අතර වෛරසයක් පැතිරෙන්නා සේ පහසුවෙන් හමුවන සියලු Wi-Fi මිත්‍ර උපාංග අතරට  ගමන් කරන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ WiFi AP එකක වෙතට අසාධනය වන එම වෛරසය එහි ක්‍රියාකාරීත්වයට හානියක් නොකරන මුත් එය වෙතට සම්බන්දවන Wi-Fi උපකරන ඔස්සේ අනෙකුත් Wi-Fi AP හඳුනා ගනිමින් පහසුවෙන් ඒවා වෙතට පැතිරීමට කටයුතු කරන්නේ සුලඟ ඔස්සේ පැතිරෙන මිනිස් වෛරසයක් ලෙසට බවයි. එම අත්හදා බලන්න පවසන්නේ බොහෝ විට ආරක්ශක මෘදුකාංග අන්තර්ජාලය තුල හෝ පරිගණක උපකරනය තුල හානිකරයන් හදුනා ගන්නට ක්‍රියාත්මක වන මුත් network තුල දෙසට අවධානය යොමු නොකිරීම පදනම් කොටගෙන මෙම අත්හදා බලන ආකාරයේ හානිකරය නිපදවන්නට ක්‍රියා කල බවයි. හදුනගෙන ඇති නවතම තොරතුරු ඔස්සේ මෙවන් ආකාරයේ හානිකරයක් සදහා අදාලවන ආරක්ශක උපංක්‍රම දෙසට මේ වන විට තම අවධානය යොමුවී ඇති බවටයි එම හදාරන්නන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

Boeing වෙතින් එන "self-destructive" දුරකථනය.....

  Boeing ආයතනය පවසන්නේ තමන්ගේ  'Black' නම් 'self-destruct' දුරකථනය තොරතුරු සු‍රැකීම අතින් වඩාත්ම විස්වාසනීය වනු ඇති බවය. Android මෙහෙයුම් පද්ධතියක් සමග එන මෙම දුරකථනය මොනයම් ආකාරයකට හෝ විවෘත කරන්නට තැත් දරන විටම එහිවන දත්ත හා මෘදුකාංග වැඩසටහන් ස්වංක්‍රීයව විනාශ වන ලෙසට සකසා ඇති වැඩසටහන් ඔස්සේ ස්වංක්‍රීයව විනාශ වෙමින් අදාල දුරකථනයේ සියලු තොරතුරු සු‍රැකීමට කටයුතු කරනු ඇති බවය. රාජ්‍ය මට්ටමේ රහස් තොරතුරු පිලිබදව කටයුතු කරන්නන් ඉලක්ක කරගනිමින් නිමවන ලද මෙම දුරකථනය encrypting calls වැනි පහසූන් ඔස්සේ සාමන්‍ය භාවිතාව තුලදීද තොරතුරු සු‍රැකීමට කටයුතු කරනු ඇති බවත් පෙන්වා දෙනවා.
        සාමන්‍ය iPhone එකකට වඩා මදක් විශාල මෙම දුරකථනය සමග Sim පත් දෙකක් ඔස්සේ සබදතා භාවිතයට හැකිවන අතර biometric sensors හා satellites සබඳතා මෙන්ම solar power ක්‍රියාකාරීත්වයටද සහය දක්වන ලෙසට නිමව ඇති බවට පැවසෙනවා. WCDMA, GSM සහ LTE සදහා මෙන්ම  WiFi හා Bluetooth සදහාද සහය දක්වනු ඇති බවට පැවසෙන අතර මාස 36ක දියුනු කිරීම් කාලයකින් අනතුරුව මේ වන විට නිකුත් කරන්නට සූදානම්ව ඇති බවටයි නිවේදනය වන්නේ.

අතැති මුදලකට smart phone එකක් හදාගමු.-Google ව්‍යාපෘතියකි-

  Project Ara යනු Google වල ව්‍යාපෘතියකි. එය ඉලක්ක වන්නේ තවමත් ලොව පුරා වෙසෙන smart මට්ටමේ දුරක්ථනයක් භාවිතා නොකරන මුත් බලාපොරොත්තුවෙන් සිටින අනාගත භාවිතාකරන්නන් සදහා පහසුවෙන් බලසම්පන්න දුරකථනයක් අත්පත් කර ගැනීම සදහා සහය වීමටය. එය ක්‍රියාත්මක වන්නේ මුලින්ම ප්‍රාථමික මට්ටමේ දුරකථනයක් ඩොලර් 50ක් වැනි සුලු මුදලකට ලබා ගන්නට හැකිවීම හා අනතුරුව ඔහුට හැකි ආකාරයට වඩාත් බල සම්පන්න Camera වක් නැතිනම් වැඩි processor බලයක් එයට සම්බන්ද කිරීමේ හැකියාවක් එහි තිබීමය. modules ආකාරයට අමතර හැකියාවන් එකතුකර ගන්නට අවශ්‍ය ආකෘතියක් ලෙසට නිමවන මෙම ජංගම දුරකථනය මූලිකව මෝස්තර  තුනකින් නිම වන්නට සැලසුම් වන අතර එහි පලමු වන්න basic smartphone එකක් ලෙසට ද අනෙක mainstream device එකක් ලෙසට හා phablet එකක් ලෙසටය.
                       මෙහි නිර්මානකරුවන් පවසන්නේ දුරකථනයේ screen වල සිට processor නැතිනම් battery එක දක්වා කොටස් දුරකථනය ක්‍රියාත්මක වෙමින් තිබෙන විටකදී පවා පහසුවෙන් වෙනස් කරන්නට හැකිවන modules ලෙසට පැමිනෙන අතර භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය වීමට එය ප්‍රධාන හේතුවක් වනු ඇති බවය. Google ආයතනය දැනට සැලසුම් කර ඇති ආකාරයට එලබෙන අප්‍රේල් 15-16 පැවැත්වෙන Ara Developers Conference වලදී මෙම නිකුතුවේ පලමු සංස්කරනයක් පැමිනෙන සංවර්ධනය කරන්නන් වෙතට ඉදිරිපත් කරන්නට නියමිත අතර 2015 පලමු කාර්තුවේ පමන වෙළඳ පොලට පැමිනීමේ හැකියාවක් වනවා.

"වැඩියෙන්ම අනාරක්ශිත මෙහෙයුම් පද්ධතිය Windows 8". හදාරන්නන් පවසයි.

  හදාරන්නන් වෙතින් නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Windows මෙහෙයුම් පද්ධති තලයේ වඩාත්ම ආසාධිත බවට විවෘතව ඇති මෙහෙයුම් පද්ධතිය බවට වින්ඩෝස් 8 පත්වෙමින් ඇති බවකි. ඔවුන් යෝජනා කරමින් සිටින්නේ Windows 8 සමග IE සදහා  Flash සංයුක්තව පැමින තිබීම මෙම අනතුරුදායක බවට ප්‍රධාන හේතුව වෙමින් ඇති බවය. ඔවුන් පැහැදිලි කරන්නේ Flash දුර්වලතාවය ඔස්සේ පැමිනෙන හානියක් මේ නිසා පහසුවෙන් Windows 8 මෙහෙයුම් පද්ධතිය තුලට පැමිනීම සිදුවනු ඇති බවයි. Flash යනු බහුල භාවිතාවක් ඇති  මෘදුකාංගයක් වන අතරම මෘදුකාංග පහර දෙන්නන්ගේ බහුලතම ඉලක්කයක්ද වෙමින් තිබෙනවා.XP , Vista , Windows 7 හා Windows 8 පෙලට හැදෑරීමේදී Windows 8 සදහා අමතරව වාර්ථාවන vulnerabilities 54ම Flash සම්බන්දිතව වන අතර වැඩි දුරටත් ඔවුන් පවසන්නේ වින්ඩොස් 8 සදහා වන අමතර තර්ජන ස්වභාවයන් පසු පසද Adobe software පැවතීම දැකිය හැකි බවයි. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට Windows 8 බල පත්‍ර මිලියන 200කර අදික ප්‍රමානයක් අලවි කොට ඇති බවට වාර්ථා කල අතර වේගවත් යාවත්කාලීන නිකුත් කිරීම් ඔස්සේ වඩාත් ආකර්ශනයක් භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නට කටයුතු කරමින් සිටිනවා.

Windows 8.1 වල update1 අප්‍රේල් 8 නිකුත්වීමේ ඉඩක්!!!!

  Windows 8.1 සදහා පැමිනෙන්නට නියමිතව ඇති update 1 නිකුතුව එලබෙන අප්‍රේල් 8 වන විට නිකුත්වන්නට බෙහෙවින් ඉඩ ඇති බවටයි නිල නොවන ආරන්චි මාර්ග හෙලිකර සිටින්නේ. එහෙත් MSDN subscribers  සදහා එය අප්‍රේල් 2 වන විට ලබා ගන්නට හැකිවනු ඇති බවටත් පැවසෙනවා. මෙම දිනය මයික්‍රස්ප්ෆ්ට් වල මාසික යාවත්කාලීනය නිකුත්වන "Patch Tuesday" වන අතර Windows XP සදහා අවසන් යාවත්කාලීනයන් පැමිනීමට ඉඩ තිබෙන දිනට ලෙසටත් බලාපොරොත්තුවන්නේ වසර 12ක සේවය අවසන් කරමින් නිල ලෙසට windows XP භාවිතයෙන් ඉවත්වීමද එම මසට යෙදී ඇති නිසාය. windows 8.1 සදහා පැමිනෙන update 1 නිකුතුව පිලිබදව මේ වන විට පැමින ඇති තොරතුරුවලට අනූව එය යලිත් පැරනි ඩෙස්ටොප් භාවිතාව දෙසට මද මිත්‍ර චලනයක් ‍රැගෙන එමින් Key Board හා Mouse හිතැති බවක් මෙහෙයුම් පද්ධතියට ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර ඒවා අතර Modern apps සබදතාවයන් පැරනි Destop Bar වල සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැරනි හුරු පුරුදු Start Menu ව නැවත පැමිනීම ඇතුලු කාරනා වනවා.

2014-02-26

Galaxy S5 නිවේදනය වේ. අප්‍රේල් 11 සිට වෙළඳ පොලට!!!!

  මාස කිහිපයක් තිස්සේ පැතිරයමින් තිබූ නොනිල තොරතුරු හමාරකරමින් Samsung ආයතනය මේ වන විට තම මීලග දුරකථනය එනම්  Galaxy S5 නිලලෙසට මීට දින කිහිපයකට පෙරදී නිවේදනය කරන ලදී. එය  5.1" ප්‍රමානයේ AMOLED screen එකකින් සමන්විතව පැමින තිබූ අතර එය 1920x1080 resolution මට්ටමේ බලැතිව ඇති බවට සදහන් වුවා. එසේම  quad core Snapdragon 801 processor - 2.5 GHz- සමග 2GB ‍රැම් බලයක් , 150Mbps LTE සබදතා හැකියාවක් , 16MP camera( fastest auto-focus) වැනි අංග වලින් සමන්විතව තිබුනා.
                                                      Samsung ආයතනයේ දියුනු කිරීමක් වන TouchWiz UI සමග වන Android 4.4.2 සමග එම ආයතනයේම KNOX security system සමග පැමින තිබීම භාවිතාකරන්නා වෙතට පහසුවක් වනු ඇති බවටයි සදහන් වූවේ.මෙම නිකුතුව සමග හදුන්වාදෙන Ultra Power Saving Mode  සමග දුරකථනයේ බල භාවිතය අවම කරමින් අවශ්‍ය විටකදී display එක black & white ආකායට පැමින වීමේ හැකියාව හා අනවශ්‍ය  features නතර කිරීම ඔස්සේ  low battery මට්ටමේ දී පවා stand by ලෙසට 24 hours සිටීමෙ හැකියාව මෙම නිකුතුව සමග වන කැපී පෙනෙන ලක්ෂන වූවා. එසේම අඩි තුනක ජල මට්ටමක පැය තුනක් අනතුරු රහිතව තිබෙන්නට වන හැකියාව සමග වන water හා dust රෝධීබව භාවිතාකරන්නෙකුගේ සිත්ගන්නා සුලු කාරනා වනවා. මීට අමතරව දිගුකාලයක් බලාපොරොත්තුවෙන් සිටි  fingerprint scanning  හැකියාව මෙන්ම heart-rate monitor හැකියාව සමග මෙම දුරකථනය වර්ණ කිහිපයකින්ම එලබෙන අප්‍රේල් 11 සිට රවල් 150ක වෙළඳ පොලට නිකුත්වන්නට නියමිත බවටයි නිවේදනය වූවේ.

@facebook.com ඊමේල් සේවාව අත්හැර දමන්නට තීර්නය වේ!!!!

  Facebook ආයතනය 2010දී ආරම්බ කරන ලද @facebook.com ඊමේල් සේවාව අත්හැර දමන්නට තීර්නය කොට ඇති බවටයි නිවේදනය වන්නේ. තම අඩවිය භාවිතාකරන්නන් හට වඩාත් පහසුවෙන් තොරතුරු හුවමාරුව සදහා සහය වන අරමුනින් අරබන ලද මෙම සේවාව වසර කිහිපයකින් අනතුරුවද එතරම්ම ජනංප්‍රිය අංගයක් නොවීම මෙම තීර්නයට හේතුවාක් බවටයි ඔවුන් පවසන්නේ. එලබෙන මාර්තුවේ සිට ක්‍රියාත්මක වන්නට නියමිත මෙම පියවර සදහා හේතුවන්නට ඇත්තේ සමාන්තර අනෙකුත් web-based email සේවාවන් සමග සැලකීමේදී එතරම් අංග මෙම සේවාව සමග නොවීම ලෙසට පෙනෙන්නට ඇති අතර ඒනිසාම භාවිතාකරන්නන් තුල එම බාවිතාවට ඇති අඩු පෙලබවීම සිදුවන්නට ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. එසේම mobile instant messaging වැනි විකල්පයන් සමග සැසදීමේදී මෙම භාවිතාව අඩු ජනංප්‍රියත්වයක් ලබන්නට ඇති බවටයි පිලි ගැනෙන්නේ. Facebook සමාගම මෑතකදී මිලදී ගන්නා ලද WhatsApp  වැනි පහසූන් සමග voice calls මට්ටමේ පවා තොරතුරු හුවමාරුවක් භාවිතාකරන්නන් වෙතට ගෙන එනු ඇති බවටයි බලාපොරොත්තු පල වෙමින් ඇත්තේ.

Office 2013 සදහා පලමු service pack නිකුතුව සිදුවේ...

 Microsoft සමාගම තම Office 2013 සදහා  වන පලමු  service pack නිකුතුව නිවේදනය කර සිටිනවා. එම නිකුතුව x86 හා x64 ලෙසට ලබා ගන්නට හැකිවන අතර භාවිතාකරන්නා ස්ථපනය සදහා තොරා ගන්නා ආකාරය අනූව 643 හෝ 774 MB  ලෙසට වනු ඇති බවටයි පවසන්නේ. පෙර දී සිදුවූ ආකාරයටම මෙම නිකුතුව Office සදහා පෙරදී සිදුවූ සියලු යාවත්කාලීන්ගෙන් සමන්විත වන අතර නව නිකුතුව සමග වැඩි දියනු කරන ලද ආරක්ශක හා මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වයන් භාවිතාකරන්නා වෙතට ගෙන විත් ඇති බවටයි නිවේදනය වන්නේ. පහත දක්වෙන සබදතා ඔස්සේ පිවිසීමෙන් එම නිකුතුවන්ගේ ඔබගේ භවිතාවෙමින් ඇති ස්ංස්කරනයට අදාල ගොනුව ලබා ගන්නට හැකි වනු ඇත.

2014-02-23

Windows 8.1 සදහා වන update 1 නිල ලෙසට නිවේදනය වේ!!!!

  Microsoft ආයතනය මේ වන විට windows 8.1 සදහා බලාපොරොත්තුවෙන් සිටින update 1 පැමිනීම නිල ලෙසට නිවේදනය කර සිටිනවා. එම ආයතනය මෙම නිකුතුව spring update ලෙසට නම් කරමින් එම නිවේදනය නිකුත්කර තිබෙනවා. වින්ඩෝස් 8.1 වෙතට පැමිනෙන වෙනස්කම් කිහිපයක් පිලිබදව මෙම යාවත්කාලීනය සම්බන්දයෙන් මේ වන විටත් තොරතුරු පැවසෙමින් ඇති අතර ඒ අතර Modern app සදහා title bar ඒකක් මෙන්ම Modern apps මෘදුකාංග task bar වෙතට pin කිරීමේ හැකියාව මෙන්ම  jumplist  පැමිනීම ආදිය වනවා. "this spring" වලදී නිකුතුවට සැරසෙන මෙම යාවත්කාලීනය keyboard & mouse භාවිතාකරන්නන් සදහා Modern apps වලට  වැඩි පහසුකම් ‍රැගෙන එනු ඇති බවටයි නිවේදනය වන්නේ. එසේම මෙම යවත්කාලීනය Windows Update ඔස්සේ ලබා ගන්නට හැකිවන බවටයි ආයතනය පවසා සිටින්නේ. මීට අමතරව Power හා Search icon සදහා දියුනු කිරීම් මෙන්ම තවත් අමතර පහසූන් කිහිපයක්ම වන බවට එම නිවේදනය පවසනවා.
                                     මෙම යාවත්කාලීනය සදහා අවශ්‍ය වන දෘඩාංග මට්ටම 1GB ‍රැම් බලයක් හා 16GB ගබඩා පහසුවක් ලෙසට පැවසෙන අතර අඩුමිලැති උපාංග නිෂ්පාදනය කරන්නන් සදහා මෙහෙයුම් පද්ධතියේ මිල අඩු කිරීම් ලෙසට 70% ක පහසුවක් මේ වන විටත් මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර තිබෙනවා. අදාල නිකුතුවේ දිනය ඉශිරියේ නිවේදනය වන්නට නියමිත අතර එය බොහෝ විට එලබෙන අප්‍රේල් වලට යෙදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

හදුනා ගත් Flash player plugin දුර්වලතාවයට පිලිසකර නිකුත්වේ

  Adobe ආයතනය ගෙවී ගිය දින කිහිපයකට පෙර තමන්ගේ  Flash player plugin වල හදුනාගත් දුර්වලතාවයක් සදහා හෝරා කිහිපයක් තුලදී පිලිසකර නිකුත්කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වූවා. serious vulnerability මට්ටමේ එම හදුනා ගැනීම සයිබර් ආරක්ශක සමාගමක් විසින් හෙලිකිරීමෙන් අනතුරුව මෙම පිලිසකර වීම සිදුවූ බවටයි වාර්ථ වූවේ. එම ආයතනය මෙම හානිකර බව ප්‍රසිද්ධ කරමින් හෙලිකර සිටියේ  zero-day exploit ආකාරයේ මෙම හානිය පහර දෙන්නන් විසින් වෙබ් අඩවි කරා පැමිනෙන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව තිබූ බවයි. ඔවුන් එම පැමින්න්නන් code-injection සමග exploit serve වෙතට හරවා යවන්නට කටයුතු කර ඇති බවටයි සටහන් වන්නේ.
                                     මෙම හානිකර බව Windows XP, Windows 7 , Java 1.6 හා Microsoft Office 2007 හෝ 2010 භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකව ඇති බවත් විශේෂයෙන්ම යාවත්කාලීනයන් රහිතව මෙම භාවිතාවන් සිදුවන පරිගණක ඔවුනගේ පහසු ඉලක්කවෙමින් තිබු බවටත් පවසා සිටියා. Adobe ආයතනය එම යාවත්කාලීනයන් නිකුත් කරමින් පවසා සිටින්නේ Flash player භාවිතාකරන්නන් අතර automatic updates අක්‍රියකර ඇති භාවිතකරන්නන් තම අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවයි.

Google Play වල apps 12.3%ක්ම හානිකර සහිතයි!!!!-හැදෑරීම් වාර්ථාවක් පවසයි-

  Google වල ප්‍රධානතම විධායකයෙකු පවසා සිටියේ තම Google Play වල ඇති apps ඇපල්හි iOS apps වලට වඩා ආරක්ශිත බවින් වැඩි බවකි. එහෙත් හදාරන්නන් පිරිසක් වෙතින් පලවන නවතම වාර්ථාවකට අනූව පසුගිය දැවසර සැලකීමේදී Google Play store  වල වන හානිකර සහිත බව තීරනාත්මකව වැඩිවී ඇති බවකි සටහන් වන්නේ. ඔවුනගේ වාර්ථා හෙලි කරන්නේ 2011 වසර සැලකිමේදී Google Play store වල හානිකර සහිත apps 11000 හදුනා ගන්නට හැකිවූ අතර 2013 වාන් විට හැදෑරීමේදී එම ප්‍රමානය 42000 තරම් වන ලෙසට ඉහල ගොස් ඇති බවකි. එසේම ඔවුන් හෙලි කරන්නේ Google ආයතනයට මෙම හානිකරයන් ගෙන් 60%ක් 2011දී ඉවත්කරන්නට හැකි වුවද 2013 වන විට එම ප්‍රමානය 23% දක්වා අඩු ප්‍රථිශතයක් දක්වා වාන් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. එම වාර්ථාවට අනූව සමස්තයක් ලෙසට Google play වල වන apps වලින් 12.3 ක්ම හානිකර බව සහිත බවටයි හෙලි වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...