මයික්රසොෆ්ට් ආයතනය තම භාවිතකරන්නන් වෙත "අවුට් ලුක්" හි බීටා මට්ටමේ පවතිද්දී තම ගිනුම් "රී නේම්" කිරීමේ අවස්ථාවක්ද ලබා දෙන ලදී. එහෙත් බොහෝ භාවිතාකරන්නන් තම යුසර් නාමය වෙනස කිරීමට උත්සාහ ගනිද්දී තමන්ගේ පෙර ඊමේල් මෙන්ම ස්කයිව් ඩ්රයිව් මත රදවතිබූ පැරනි ගොනු භාවිතාකිරීමට නොහැකිවීමේ ගැටලුවකට මුහුන දෙන්නට සිදුවූ අතර පසුව මටික්රසොෆ්ට් ආයතනය එම පහසුව තාවකාලිකව නවතා දමන්නට කටයුතු කරන ලදි. මේ වන විට මයික්රසොෆ්ට් ආයතනය එම දුර්වලතාවය විසදාදමා නැවත තම භාවිතාකරන්නන්හට තම ගිනුම් නාමය වෙනස් කිරීම හැකියාව ලබාදී ඇති අතර ආයතනය පවසන්නේ එම වෙනස නිමකර පැය විසි හතරක් ඇතුලත පැරනි ගිනුමේ වූ සියලු තොරතුරු නව ගිනුමට හුවමාරු වන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-03-30
2013-03-28
දැන් බින් සෙයුම් ප්රථිපල කාල වකවානු අනූවද පෙරීමකට ලක්කල හැක...
තම සෙවුම් ප්රථිපලවල කල් ඉකුත්වූ සබදතා පැවතීම බොහෝ විට භාවිතාකරන්නන් අතර අපහසුතාවයන් ඇති කරනු දැකිය හැකිය.මයික්රසොෆ්ට් ආයතනය පවසන්නේ තම බින් සෙයුම් යන්තරයේ ප්රථිපල පිටුව වෙත කාල වකවානු අනූව නැවත පෙරීමක් සිදුකරන්නට භාවිතාකරන්නා හට ඉඩ සැලසෙන ලෙසින් නව අංගයක් එකතුකරන්නට තමන් තීර්නය කර ඇති බවකි.මේ අනූව භාවිතාකරන්නෙකු බින් සෙවීම් යන්තර තුල යම් කාරනාවක් පිලිබද සෙවීමක් කරන විට "පසු ගියපැය විසිහතර තුල" වැනි කාල සීමා පෙරීමකට එය යටත් කිරීමේ හැකියාවද භාවිතාකලහැකි වනු ඇත. දැනට ගූගල් ආයතනය තම ප්රකට වීඩියෝ සේවාව වන යු ටියුබ් තුල භාවිතාවන අතර එහිදී යම් වීඩියෝ සෙවීමක ප්රථිපලයක් පසුගිය පැය 24 නැතිනම් පසුගිය සතිය තුල පලවුනු වැනි පෙරීමකට භාජනය කිරීමේ හැකියාව ලබාදී ඇත.
2013-03-27
බ්රිතාන්ය ස්ථාන වෙත වයිෆයි අන්ලිමිටඩ් ප්රවර්ධන සේවාවක්...
මයික්රසොෆ්ට් ආයතනයේ ඔෆ්ෆිස් 365 ප්රවර්ධන වැඩසටහන යටතේ මේ වන විටත් ලන්ඩනයේ දුම්රිය ස්ථානවල වයි ෆයි ඔස්සේ හොට්ස් පොට් පිහිටවමින් විනාඩි පහලොවක කාලයක් අන්තර්ජාලය භාවිතාකිරීමට නොමිලේ ලබා දෙමින් ඇති අවස්ථාව එලබෙන කාලයේදී අසීමිත වෙලාවක් උපංග කිහිපයක්ම ඔස්සේ වුවත් සීමරහිත බාගත කිරීම් වලට ඉඩ සලසමින් පුලුල් කිරීමට තීර්නයකර ඇති බවටයි වාර්ථා වන්නේ. භාවිතාකරන්නන් වෙත පිවිසීමේදී ඔෆ්ෆීස් 365වල වින්ඩෝස්8 හා සර්ෆේස් උපාංගවල තොරතුරු අඩංගු පිටුවකට යොමුවන අතර එතැන් සිට සාමන්ය ලෙස අන්තර්ජාලය භාවිතාකිරීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ.මයික්රසොෆ්ට් හි බ්රිතාන්ය නියෝජිතයෙකු පවසන්නේ වැඩිවෙන් ඇති මොබයිල් උපාංග භාවිතය සමග මොබයිල් ඉන්ටර්නෙට් සමග තම දෛනික අන්තර්ජාල කටයුතු වඩාත් සාර්ථකව ඉටුකරගත හැකිබව වටහාදීම තම එක් අරමුනක් ලෙසට පවසන අතර මෙම වසරේ අප්රේල් 24 සිට මෙම සීමාරහිත සේවාව ලබා ගැනීමට හැකිවනු ඇති බවටයි පවසන්නේ.
වින්ඩෝස් බ්ලූ පෙර සංස්කරනයක් ජූනියේ....
වින්ඩෝස්8 දත්ත ලෝකය මත ඇති කර ඇති කැලබවීම තවමත් සංසිදී නැතුවා වුවද වින්ඩෝස් බ්ලූ නමින් මෙගා මට්ටමේ යාවත්කාලීනයක් පිලිබදව මහත් කුතුහලයක් නිර්මානය වෙමින් ඇත. පසුගිය සතියේ වින්ඩෝස් බ්ලූ වල නොනිල සංස්කරනයක් අන්තර්ජාලයට මුදා හැරීමක් සිදුවූ අතර උනන්දුවක් දක්වන්නන් අතර මහත් ප්රබෝධයක් ඇතිවෙමින් පවතී. එහි දැක්වුනු ෆයිල් මැනේජර් ඇප් මෘදුකාංගය , බහු මොනිටර භාවිතයට මිත්රවීම , ස්ටාර්ට් ස්ක්රීනය වඩාත් භාවිතාකරන්නාහට කැමති ලෙස සකසා ගැනීමේ හැකියාව මෙන්ම පහසුවෙන් ශට් ඩවුන් කිරීමේ හැකියාවන් කැපී පෙනෙමින් තිබේ. පැතිරෙන නව පුවතකට අනූව එලබෙන ජූනි මාසයේදී වින්ඩෝස් බ්ලූ වල පෙර සස්කරනයක් නිකුත්වීමට නියමිත බවටයි පැවසෙන්නේ. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් නව සංකරනය සමග මෙහෙයුම් පද්ධතිය අඟල් 7,8 මට්ටමේ ටැබ්ලට් උපාංග සදහා වඩාත් ගැලපෙන සේ සුසර වීමක් බලාපොරොත්තු විය හැකි බවකි. එසේම ඔවුන් පවසන්නේ වින්ඩෝස්8 බ්ලූ වල පෙර සංස්කරනවලදී මෙන් අනු සංස්කරනයන් කිහිපයකින් සමන්විත නොවෙනු ඇති බවයි.
සමස්ථ අන්තර්ජාලයේම වේගය බිඳවැටීමක්....
මෙම මොහොත වන විටත් අන්තර්ජාලය තුල අත්විදිමින් ඇති අවවේගී ස්වභාවය බොහෝ භාවිතාකරන්නන් සිතනා පරිදි තම අන්තර්ජාල සේවා සපයන්නන්ගේම ගැටලුවක් නොවන බවත් සමස්ථයක් ලෙස අන්තර්ජාලය තුල පවතින තත්වයක් ලෙසටයි වාර්ථා පවසන්නේ. පසුගිය සතියක කාලය තිස්සේ එක් ප්රකට සර්වරයක සිදුවෙමින් ඇති සයිබර් පහරදීමක් මෙම තත්වයට හේතුව වන්න්ට ඇති බවට මුලින් පැවසුනද එම ආයතනය පවසන්නේ මෙම ක්ශනික තත්වය තම සේවාවන් සමග කිසිදු සම්බන්දතාවයක් නැති බවකි. පසුගිය දිනවල සිට සුලබව අත්විදිමින් ඇති ස්පෑම් මට්ටමේ ඊමේල මුදාහැරීම් පිලිබදව අවධානය යොමුව ඇති අතර තවමත් මෙම වේගය අඩාල වීමට පැහැදිලි හේතුවක් නොදැක්වෙමින් ඇත.
2013-03-26
System Image Recovery පහසුව වින් බ්ලු වෙතින් ඉවතට???
වින්ඩෝස් බ්ලූ සමග පැමිනෙන්නට නියමිත බොහෝ නව අංගයන් පිලිබදව මේ වන විට කථා බහට ලක්වෙමින් තිබෙනවා. ස්ටර්ට් ස්ක්රීනය තුල සිදුවන දියුනු කිරීම් මෙන්ම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 තුල "ටැබ් සින්ක්රෝ" හැකියාව ඒ අතර කැපී පෙනෙන බවටයි පෙනෙන්නට ඇත්තේ. මේ අතර වින්ඩෝස් බ්ලූ සමග එකවර තිර කිහිපයක් සමග කටයුතුකිරීමේ හැකියාව වඩා දියුනු කිරීමක් සිදුව තිබෙනු ඇති බවටත් දැක්වෙමින් තිබෙනවා. ඒ අනූව එකවරම භාවිතාකරන්නෙකුට ඇප්ලිකේෂන දෙකක් හෝ වැඩි ප්රමානයක් පරිගණක තිර දෙකක් හෝ කිහිපයක් ඔස්සේ ක්රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි ප්රකාශ වන්නේ.
නව සංස්කරනය සමග System Image Recovery උපාංගය ඉවතව ඇති බවටත් ඇක්වෙන අතර එම ස්තානයට Startup Repair උපාංගය පැමින ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. හදාරන්නන් අතර මේ පිලිබදව නොසතුටක් පලවෙන අදහස් දැක්වෙමින් ඇති අතර ඔවුන් පවසන්නේ වින්ඩෝස් බ්ලූ පියවරක් පසුපසට යාමක එම වෙනස ඔස්සේ සිදුව ඇති බවයි. ඔවුන් බලාපොරොත්තුවන්නේ නිල නිකුතුව වන විට මෙම ගැටලුකාරී ඉවත්කිරීම් නැවත එකතුවනු ඇති බවයි.
ගූගල් ආයතනය තවත් සේවාවක් අවසන් කර දමයි...
ගූගල් වෙහින් ලබාදෙමින් තිබූ තවත් වෙබ් සේවාවක් මේවන විට ඉවත්කොට ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. ගූගල් රීඩර් වසා දැමීමට ගත් තීර්නය යලි සලකා බලන මෙන් භවිතාකරන්නන් කල ඉල්ලීම වෙත තවමත් කිසිදු ප්රථිචාරයක් නොදක්වා ඇති එම ආයතනය තම ප්රථිපල පිටුවෙක දී භාවිතාකරන්නාහට අකමැති ප්රථිපල වෙබ් අඩවි දැක්වීම වලක්වන්නට සහය වෙමින් පවත්වාගෙන යමින් තිබූ සහය සෙවාවවද මේ වන විට වලක්වා ඇති බවටයි දැක්වෙන්නේ. මේ වන විට යමෙක් එම සේවාව ලබා ගැනීමට උත්සාහ කිරීමේදී දැක්වෙන්නේ තව දුරටත් එම වෙබ් අඩවිය ක්රියාත්මක නොවන බවයි. 2011 මාර්තූ මාසයේ මෙම සේවාව හදුන්වාදෙමින් ආයතනය පවසා සිටියේ තම ගූගල් සෙවුම් යන්ත්රය මත සෙවීමක යෙදෙන අයෙකුට තමන් දකින්නට රිසිනොවන ප්රථිපල සටහන් ඉවත්කරමින් වඩාත් සිත්ගන්නා සුලු වෙබ් අත්දැකීමක් ලබා ගන්නට සහය වනු පිනිස මෙම සේවාව හදුන්වා දුන් බවය. කෙසේ වෙතත් ගූගල් ක්රෝම් භාවිතාකරන අයෙකුට නම් තවමත් තම ක්රෝම් බ්රවුසරය වෙත Chrome extension ලෙසින් ඉහතකී පහසු කමට සමාන පහසුවක් ලබා දෙන සේවාවක් එක්කර ගැනිමේ හැකියාව පවතින අතර අනෙකුත් බ්රවුසර භාවිතාකරන්නන් හට ඉදිරියේදී එවන් හැකියාවක් නොමැති වනු ඇත.
2013-03-25
වින්ඩෝස් බ්ලු නොනිල සංස්කරනයක් අන්තර්ජාලයට.....
මේ වන විට මයික්රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ලෙසට සැලකෙන වින්ඩෝස් බ්ලු සංස්කරනය පිලිබදව තොරතුරු අන්තර්ජාලයවෙත නොනිල ලෙස නිකුත්වෙමින් පවතිනවා. දැනට අන්තර්ජාලය වෙතට මුදා හැර ඇති 32 බිට්, ගිගා බයිට් 2.63 අයි එස් ඔ මෘදුකාංගය ප්රංශයෙන් නිකුත්ව ඇති බවටයි දක්නට ඇත්තේ. එම නව සංස්කරනය සමග ස්ටාර්ට් මුහුනතෙහි ටයිල්ස් වල වැඩි ආකාරයෙන් භාවිතාකරන්නා හට වෙනස් කර ගැනීමේ හැකියාව පවතිබ බවත් එකවර ඇප්ස් දෙකක් එකම ඇප්ලිකේෂනයක් සදහා ක්රියාත්මක කර ගැනීමේ වැඩි දියුනුකල හැකියාවන්, නව කැල් කියුලේටරයක් , සවුන්ඩ් රෙකෝඩරයක් ආදියෙන් එය සමන්විත වන බවටයි දක්නට ඇත්තේ.
2013-03-24
නිවසේ සැලසුම නිර්මාණය කරදෙන මෘදුකාංගයක්
ඔබගේ නිවසේ අභ්යන්තර සැකසුම පිලිබදව තවමත් ඔබ සැහීමකට පත් නොවූවෙකු විය හැක නැතිනම් ගොඩනගමින් සිටින ඔබගේ අනගත නිවහනෙහි අභ්යන්තර සැකසුම පිලිබදව මේ දිනවල සැලසුම් කරන්නෙකුද විය හැක.මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ ඒ සදහා නොමිළේම වීම සිත්ගන්නා සුලු කරුනක් වනු ඇත. නිවසේ මූලික සැලසුමක් නිර්මානය කර ගැනීම ගෘහභාන්ඩ සැකසුම ආදිය මෙන්ම දැනට ඇති සැලසුමක ගෘහභාන්ඩ සැලසුම ආදී විවිධ ලෙසින් මෙම මෘදුකාංග ඔස්සේ ද්විමාන මෙන්ම ත්රිමානව ලබා ගැනීමේ හැකියාව ඇත.
http://www.siriwansa.com/SOFTWARE.phpසාමන්ය භාෂාවෙන් පරිගණකය මෙහෙයවීම වැඩි ඈතක නොවනු ඇත....
මයික්රසොෆ්ට් ආයතනය මෙම මස මුල් භාගයේදී පැවති මාධ්යහමුවකදී ඉදිරිපත්කල නව මෘදු උපාංග අතර ප්රකට spreadsheet මෘදුකාංගය සදහා සාමන්ය භාෂාවෙක් දෙන උපදෙස් මෘදුකාංගය තුල ක්රියාත්මකවන අයුරු දැක්වෙන ලදී. එහිදී භාවිතාකරන්නා තම දෛනික භාෂාවේ ස්වරූපයන් සටහන් කල උපදෙන් කිහිපයක්ම එම මෘදුකාංගය විසින් සාර්තකව අනුගමනය කරන අයුරු දැක්වුනු අතර අනාගතයේදී භාවිතාකරන්නෙකුට සාර්ථකව සාමන්ය විවහාරයේ එන ආකාරයට ලබාදෙන උපදෙස් පරිගණකය විසින් අනුගමනය කරනු ඇති බවට වන බලාපොරොත්තුව වඩාත් තහවුරුවීමක් එයින් දැක්වෙන බවයි පිලිගැනෙන්නේ.උදා හරනයක් ලෙසට අනගත ව්යාපාරිකයා තම පරිගණකය වෙත "මූලික වැටුපට අතිකාලදීමනා එකතුකර අවසාන එකතුව දක්වන්න" වැනි විධානයකින් පසුව පරිගණකය ස්වංක්රීයව එම විධානය පරිවර්තනය කර ගනිමින් එය නිවැරදිව ඉටුකර දෙන දිනය වැඩි ඈතක නොවන බවට පෙන්වා දෙමින් සිටිනවා.
වින්ඩෝස් 8 ඇප් ස්ටෝර්ව 50000 ඉක්මවයි
මීට සති කිහිපයකට පෙර පලවූ වාර්ථා පවසා සිටියේ වින්ඩෝස් ඇප්ස් ස්ටෝර්ව තුල පවතින ඇප්ස් සංක්යාව 44680ක් බවය. එම වාර්ථාවට අනූව වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝර්ව තුල ඇප්ස් සංක්යාව වැඩිම මහත් මන්දගාමිව සිදුවන බවත් පවසා තිබුනා.තම ඇප්ස් ස්ටෝර්ව තුල ඇති ඇප්ස් සංක්යව පිලිබදව මයික්රසොෆ්ට් ආයතනයන් නිල ලෙස ප්රකාශයක් සිදු නොවුනද ඇප්ස් ස්ටෝර්වේ තත්වය පිලිබද නිරන්තරයෙන් අවධානයයෙන් සිටින ආයතනයක් පවසන්නේ මේ වන විට එහි භාවිතාකරන්නන් හට ලබාගත හැකිව ඇති ඇප්ස් සංක්යාව 50304ක් ලෙසට ත්මන්ට ගනනය වන බවයි.කෙසේ වෙතත් මෙසේ සංක්යත්මකව වැඩිවීම කෙසේ වෙතත් ගුනාත්මකව එහි පවතින ඇප්ස් පිලිබදව ප්රශ්න කරන්නන් පවසන්නේ එක්තරා ක්රීඩාවට සම්බන්ද ආයතනයක් එක් එක් ක්රිඩා කන්ඩායමට වශයෙන් ඇප්ස් 400ක් පමන මේවන විට නිකුත්කර ඇති බවය. මයික්රසොෆ්ට් ආයතනය පසුගියදා පවසා සිටියේ වින්ඩෝස්8 සමග පැමින ඇති සියලුම තම ඇප්ස් සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින බවකි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්රධායික අනන්යතාවය මහත් න...










