2011-06-14

සයිබර් අවකාශයෙ මිය යන තරුවකි ෆේස්බුක්........

ෆේස්බුක් ආයතනය පවසන්නේ, ඔවුන් සතුව මිලියන 500 අධික සංක්‍රිය භාවිතාකරන්නන් සිටින බවකි. මෙම පිරිස අතරින් 50% දෛනිකව ෆේස්බුක් අඩවිය වෙත යන එන බවත් කියා සිටින අතරම මෙම පිරිසෙන් 2/3 ක්ම ඇමෙරිකාවෙන් පිටත වෙසෙන්නන් බවයි සටහන් වන්නේ.
    මෙම තත්වය වෙනස්වීම ඇරබී ඇති බවට තොරතුරු පලවන්නට පටන් ගෙන තිබෙනවා.ඔවුන්ගේම ගනන් හිලවු වලට අනූව පසුගිය අප්‍රේල් මාසය වනවිට අලුතෙන් පැමිනෙන්නන් මිලියන 13.9 වූ අතර එය මැයි මාසය වන විට මිලියන 11.8 දක්වා පහත වැටී ඇති බවක් සටහ් වෙනවා.ගැටලුව වන්නේ ඔවුන්ගේ සාමාන්‍ය මාසික අලුත් පැමිනෙන්නන්ගේ සංක්‍යාව මිලියන 20ක්ව  පවත්වාගෙන පැමිනෙමින් තිබීමයි. ඇමරිකානුවන් හා කැනේඩියානුවන් ක්‍රමයෙන් ෆේස්බුක් වෙතින් ඈත්වෙමින් පවතින බවට සටහන් වෙමින් පවතින අතර බ්‍රසීලය මැක්සිකොව හා තයිලන්තය තමන් වෙත ‍රැගෙන එන මාසික අමුත්තන් ගනනෙහි මද වර්ධනයක් සටහන් වෙන බවයි පැවසෙන්නේ.
                 ආරක්ශාව හා පෞද්ගලිකත්වය ෆේස්බුක් අඩවියතුල අභියෝගයට ලක්වීම  මෙම තත්වය නිර්මානය වීමේ ප්‍රධාන පසුබිම ලෙස සැලකෙන අතර, පසුගිය කාලය තුල ෆේස්බුක් ආයතනය හදුන්වාදුන්  නව ආරක්ශක ක්‍රමවේදයන් මෙම තත්වය පාලනය කරන්නට අසමත්වී ඇති බවයි සටහන් වන්නේ. පසුගියදා හදුන්වා දෙනු ලැබූ "මුහුනුවර නිර්නයකිරීමේ " තාක්ශනය යුරෝපියානු එකමුතුව තුල පවා අවධානයට ලක්වූ බවට සටහන් වෙනවා.

2011-06-13

වින් 8 තීරනාත්මක බොහෝ දේ ‍රැගෙන එන්නට සූදානම් වන බවක්...........

වින් 8 තීරනාත්මක බොහෝ දේ ‍රැගෙන එන්නට සූදානම් වන බවක් හදාරන්නන් පවසයි. ඔවුන් පවසන්නේ වින්ඩෝස් එක්ස් පී සංස්කරනයට  විස්ටා සංස්කරනය ගෙන ආ වෙනස මෙන් නොව වින් 7 වෙත වින් 8 තීරනාත්මක වේනස් කම් කිහිපයක්ම ‍රැගෙන එන්නට සූදනම් වන බවයි.
      පරිගනකය "සීතල" අවදිකිරීමකදී වඩාත් වේගවත් වනු ඇත. වින් 8 මෙහෙයුම් පද්ධතිය ස්වංක්‍රීයව නඩත්තු කටයුතු බොහොමයක් පවත්වා ගනු ඇත."බැඩ් සෙක්ටර්" වැනි අහිතකර විය හැකි තත්වයන් ස්වංක්‍රීයව හදුනාගෙන නිවැරදි කර ගනිමින් අනගතයේ සිදු වියහැකි දත්ත අහිමිවීම් වලකන්නට කටයුතු කරනු ඇත.පරිගණකය පවත්වාගෙන යාමේදී සිදුවිය හැකි මෘදුකාංග කඩාවැටීම් අවම කරගැනීම සදහා පියවරවල් කිහිපයකින්ම සමන්විත බවයි කියවෙන්නේ. උදා හරනයක් ලෙස ඔවුන් හදුන්වන්නේ ස්වාධීන  මෙහෙයුම් මෘදුකාංගයකින් ප්‍රින්ටරය ක්‍රියාත්මක වෙනු ඇත. මොබයිල් ආකාරයේ සබදතාවයක් භාවිතාකරන විටදී වැය අවම කරගැනීම සදහා භාවිතා කරන්නාහට  පාලනයන් සදහා අවස්තාව හදුන්වා දෙනු ඇත.
     කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් ආයතනය බොහෝ විටදී මෙන් අවසාන මොහොතේදී තීරනාත්මක වෙනස් කම් සිදු කරනු ඇත. නමුත් ඒවා වින් 7 වල සිට දකින විට පැහැදිලි වෙනස්කම් වීමට බෙහෙවින්ම ඉඩ කඩ ඇති බවට, ප්‍රතම බීටා සංස්කරනයට තෙමසක කාලයකට පෙර වන විටත් නිකුත්වන පුවත් අනූව පැහැදිලි බවයි සටහන් වන්නේ.

ඔබ ෆයර් ෆොක්ස් භාවිත කරන්නෙක් නම්..........


මෙගා බයිට් 2.8 ප්‍රමානයක ඉක්මනින්ම ලබාගත යුතු කාන්ඩයේ යාවත්කාලීනයක් ලෙස වින්ඩෝස් යවත්කාලීනයන් පි‍ටුවේ එය සටහන්ව තිබෙනු ඇත. අදාල සබදතවය අවදිකල සැනින් ඔබ වෙනත් අඩවියක් කරා යොමු කරනු ඇත. ඔබ ෆයර් ෆොක්ස් භාවිත කරන්නෙක් නම් ව්‍යාජ ආරක්ශිත මෘදුකාංගයක් ලෙස සකස් කල මෘදුකාංග පහරදීමකට සිය කැමැත්තෙන් පරිගනකයේ දොරගුලු විවෘත කල අයෙකු බවට පත්වෙයි. ඉහතකී මයික්‍රසොෆ්ට් යාවත් කාලින පි‍ටුවද සකස්කල ව්‍යාජ එකක බව ඔබ වටහා ගන්නා විට ප්‍රමාද වූවා  වැඩිබව වැටහෙනු ඇත.

2011-06-12

අද පුවත්.....

ජ්‍යත්යන්තර මූල්‍ය අරමුදල සයිබර් පහරදෙන්නන්ගේ අලුත්ම ඉලක්කය බවට පත්ව ඇති බවට පුවතක් පලවෙනවා. ප්‍රහාරය සැලකිය යුතු මට්ටමක බවත්, එසේ මුත් අරමුදලේ පරිගනක  යාන්ත්‍රනය අඛන්ඩව පවත්වාගෙන යමින් පවතින බවටත් තොරතුරු සටහන් වෙනවා.

මෙහෙ යන්නේ බලාගෙනයි!!!!!!!!

කිසිවක් මෙම ප්‍රදේශයට ඉදහිටවත් යනවබව පවසන්නේම නැත. තවත් සමහරුන් නම් එවැනි ප්‍රදේශ ඇතැයි දන්නේවත් නැති බව හගවයි. පරිගණක පහරදෙන්නන් ක්‍රියාවන් පවස ඇත්තේ වෙනස් දෙයකි. සෝනි ගැටලුවෙන් පසු ඔවුන්ගේ අවදානය යොමුවී ඇත්තේ නිල් වෙබ් අඩවි වෙතටයි. මෙම වෙබ් අඩවි වෙතින් ඔවුන් සොරා ගන්නා ඊමේල් ලිපිනයන් හා අවසර පද ලොව ප්‍රධාන පෙලේ රාජ්‍ය හා ආරක්ශක අංශවල අඩවි වෙත පිවිසීමට සාර්තකව යොදා ගනිමින් සිටින බවයි සටහන් වන්නේ. ගැටලුව වඩාත් භයානක වී ඇත්තේ මෙම නිල් අඩවි වෙතින් ඔවුන් සොරාගෙන ඇති සමහර ඊමේල් ලිපිනයන් හා අවසර පද තීරනාත්මක ලෙස වැදගත් වෙබ් අඩවි වෙත කලමනාකරන මට්ටමෙන් ඇතුලුවීට අදාල ඒවා වීම බවයි  සටහන් වන්නේ.

2011-06-11

IPv6

ඉන්ටර්නෙට් ප්‍රොටොකෝල් වී.6 හි විසිහතර පැයක් පුරා පැවති අත්හදා බැලීමේ උත්සාහය සාර්තක බවට කරුනු පලවෙනවා. ෆේස්බුක්  යාහු, ගූගල් ආදී ප්‍රධාන පෙලේ වෙබ් ප්‍රමුකයන්ගේ සහයෝගයෙන් ජුනි 8 වනිදා පැවති මම සාර්තක අත්හදා බැලීමේදී සැලකියයුතු මට්ටමක ගැටලුවක් ඇති නොවුනු බවත් ඉදිරියේදීත් මෙම කටයුත්තට සහය දෙන්නට සූදානම් බව පවසා සිටින බවත් සටහන්ව තිබෙනවා. ෆේස්බුක් ආයතනය පවසාඇත්තේ මිලියනයකට අදික භාවිතා කරන්නන් ප්‍රමානයක්  IPv6 ඔස්සේ තම වෙබ් අඩවිය වෙත පිවිස ඇති බවත් මෙම නව භවිතාව කෙරෙහි ධනාත්මක දැක්මත් තමන් සතු බවත් කියා සිටිනවා.

සුපුරුදු ලෙස ඔවුහු මේවරද සමාව ඉල්ලා ඇත...

ෆේස්බුක් හි නවතම හදුන්වා දීමත් සමග මේවරද පවසා තිබුනේ "මුහුනුවර නිර්නය කිරීමේ" ක්‍රම වේදය තුල මීටවඩා භාවිතා කරන්නන්ගේ පෞද්ගලිකත්වය ආරක්ශා කරගැනීම සදහා අවස්තාව සලසා දිය යුතුව තිබූ බව තමන් පිලිගන්නා බවයි. මේ සිදුවීම විග්‍රහ කරන විචාරකයෙකු පවසන්නේ පසුගිය වසර 5 තුල කිහිප වරක්ම ෆේස්බුක් ආයතනය  තම සුපුරුදු නොසැලකිල්ල  පලමුව සිදුකරන අතර අනතුරුව සමාව ඉල්ලන්නට රුසියන්ව සිටින බවයි. 2006 වසරේ දී "නිවුස් ෆීඩ්" අංගය හදුන්වාදීමෙන් අනතුරුවද ,යලිත් 2007 වසරේ නව අංගයක් හදුන්වා දීමත් සමග මෙන්ම  2010 වසරේදීද මෙලෙස භාවිතාකරන්නන්ගෙන් සමාව ඉල්ලීම් සිදුවී ඇති බවට කරුනු සොයා ගත ඇති බවයි.

2011-06-10

20 හැවිරිදි පරිගනක කාර්මික ශිල්පියෙකු පසුගියදා අත්වඩංගුවට ගැනුනේ..............

20 හැවිරිදි පරිගනක කාර්මික ශිල්පියෙකු පසුගියදා අත්වඩංගුවට ගැනුනේ තමන් වෙත අලුත්වැයාවන් සදහා ‍රැගෙන එන පරිගණක වෙත "ස්පයි වෙයාර්" කාන්ඩයේ මෘදුකාංග තැන්පත් කරමින්  තම ගනුදෙනු කරුවන්ගේ වෙබ් කෑම් තුලින් අනවසරයෙන් ඔවුන්ගේපෞද්ගලික ජීවිතවල එබී බලන්නට උත්සාහ කිරීම යටතේ බව සටහන් වෙනවා. වෙස්වල ගත් පොලිස් නිලධාරියෙකු තම පරිගනකය අලුත්වැඩියා කිරීමසදහා යැයි අගවමින් ඉහතකී පුද්ගලයාගේ සේවා සපයන ස්තානයට ඇතුලු වී ඇති අතර, නිලධාරියා නිරීක්ශනය කර ඇත්තේ කාර්මිකයා භෞතිකව පරිගනකය පරීක්ශා කරන බව හගවමින් ඉහතකී ආකාරයේ හානිකර මෘදුකාංගයක්  තම පරිගණකය වෙත තැන්පත් කරනු පැහැදිලිවම දැක ගත හැකිවූ බවයි.
      වැඩිදුරටත් සොයා බැලීමේදී හෙලිවී ඇත්තේ අදාල භාවිතා කරන්නා විශේෂයෙන්ම කාන්තාවක් නම් දුරස්තව මෙහෙවමින් ඇගේ ඡායාරූ ගෙන ඒවා නොයෙකුත් ආකාරයෙන් වෙනස් කම් කරමින් තම පරිගණකයේ තැන්පත් කර ගන්නා බවයි. මෙසේ ගබඩා කරගෙන තිබූ ඡයාරූ සියගනනක් නීතිය ඉදිරියට ගෙනෙන්නට තමන් සමත්වූ බවයි පොලිස් නිලධාරියා පවසා තිබුනේ.

යලිත් ගැටලුව මතු පිටට පැමින ඇත.........

යලිත් ගැටලුව මතු පිටට පැමින ඇත.ඒ ෆේස්බුක්හි නවතම හදුන්වාදීම සමගයි. එක් කෝනයකදී අපට දැකිය හැක්කේ මිනිස් සබදතා වඩාත් තහවුරු කරමින් වඩාත් වර්නවත් කරන්නට ඔවුන් ගන්නා ආදරනීය උත්සාහයක් ලෙසටය. අනිත් කෝනයේදී පෙනෙන්නේ මිනිස් සබදතා වර්නවත්කරනා ලෙස පෙනීසිටිමින්  එහි යන එන්නාගේ හැකිනම් යට ඇදුමේ සිට කරුනු හදාරමින් වෙලදලෝකයට මහත්සේ දත්ත සපයන පහත් ව්‍යාපාරික සටකපටයෙකු ලෙසය. පලමු කෝනයෙන් වන දැක්ම විදගන්නන් නැතුවාම නොවේ. නමුත් දෙවන කෝනයෙන් වන දැක්මට අතිබහුතරයක් කැමැත්ත අකමැත්ත පලකරන්නට අවස්තාවක් නොදීම සහභාගී කරවාගෙන ඇත.

අද පුවත්

*****ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි හදුනාගෙන ඇති අතිශය සැලකිය යුතු මට්ටමේ දුර්වලතා දෙකකට ඇතුලු මයික්‍රොසොෆ්ට් මෘදුකාංග වල පවතින දුර්වලතා 16 ඉලක්කකරගමින් මේවර යාවත්කාලීනයන් නිකුත්කරන්නට නියමිත බවත්, එය මෙමස 14 වන විට නිකුත් කරන්නට නියමිත බවත් පලවෙනවා.

*****පසුගියදාක නිකුත්වූ එක්සත් ජාතීන්ගේ නිවේදනයකට අනූව කියවෙන්නේ අන්තර්ජාලයෙන් යමෙක් ඈත්කරතැබීමට කරන උත්සාහය යනු මිනිස් අයිතියක් උල්ලංගනයකිරීමක් ලෙස ජාත්‍යන්තර නීතියට අනූව සැලකෙන බවයි. මෙම නිවේදනයට අනූව ප්‍රංශය හා එක්සත් රාජධානිය පසුගියදා සම්මත කරගත් නීතීන් කිහිපයක් ගැන ප්‍රශ්න කර ඇති බවයි සටහන් වෙන්නේ. පසුගිය දිනක වාර්ථාවී තිබුනේ සිරියානු රජය විසින් දේශපාලනික නොසන්සුන්තාවය පාලනය කිරීමට යැයි කියමින් එරට අන්තර්ජාල භාවිතයෙන් 2/3 අඩපන කරතුබූ බවයි.

2011-06-09

"සයිබර් මහත්මයෙකු " ලෙස මේ අපූරත්වය තවත් වර්නවත් කරන්නට ඔබටත් සහය....

සයිබර් පුරවැසියා බිහිවී ඇත. සයිබර් අවකාශය තුල තම නියෝජනය පවත්වාගෙන ගියද බොහෝ විට තම භෞතික සීමාවතවමත් පවතින්නේ  ගිගා බයිට් 80 සිට ටෙරා බයිට් කිහිපයක් වන තම පරිගනකයේ ඉඩ සීමාවේ පමනී. මුල්ම යුගවලදී මෙම සීමාව සැහුන බව සැබවි. වර්තමානයේ තත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතී.සාමාන්‍ය සරල භාවිතා කරන්නෙකුට පවා ඉහත ඉඩකඩ යනු තම මූලික කාරනා සදහා පමනකටවත් නොසැහෙන බව පිලිගැනෙමින් පවතින කාරනාවකි. තවත් අතකින්  තම සයිබර් ජීවිතය හුදු පෞද්ගලික පරිගනකයට සීමා වන්නට සිදුවීමේ අහිතකර බව අත්විදින්නට වන තවත් අත්දැකීමකි, කුඩා කාර්මික ගැටලුවකදී පවා සංක්‍රීය පුරවැසි භාවය අනතුරකට ලක්වීම ලෙස දැක් විය හැක.
         සයිබර් අවකාශයේ නියමුවන් මීට අපූරු පිලිතුරක් ‍රැගෙන විත් ඇත.  ඒ ක්ලවුඩ් තාක්ශනයයි. පෞද්ගලික පරිගනකයේ ධාරිතා සීමවන් තව දුරටත් පාලනය නොකරනු ඇත. බොහෝ දුරට පෞද්ගල භාවිතය සදහා නම් නොමිලේ සැහෙන ප්‍රමානයක ඉඩකඩක් අත්කර ගැනීමේ හැකියාව මේ වන විටත් බොහෝ ආයතන විසින් උදාකරදී ඇත. අනිත් අතින් ඔබ නිදහස්ය.  විස්වාසනීය ඔනෑම පරිගනකයකින් ඔබේ සයිබර් පුරවැසිබව භාවිතා කරන්නට හැකියාව උදා වී ඇත.
      කාරනය මින් නොනැවතී පරිගනකයේ ක්‍රියා හැකියා සීමාවද බොහෝ සෙයින් පුලුල් වී ඇත. සයිබර් අවකාශය තුලදී වෙනදා පරිගනකයේ තැන්පත් කරගෙන ඔබ භාවිතාකල බොහෝ   ක්‍රියා කාරකම් සදහා අවස්තාව උදා කරදී ඇත. මෘදුකාංග පහරදෙන්නන්ටද ඉලක්ක බොහෝ බැරෑරුම් කරමින් ක්ලවුඩ් ආකාරයේ දත්තගබඩාවක් ඇසුරු කරමින් පවතින ප්‍රතිවෛරස ගනනාවක් බිහිවී ඇත. කාරනාව නොනැවතී ඉදිරියට යමින් පවතී.තවත් අපූරු දෑ ‍රැගෙන හෙට හිරුපායනු ඇත. ඔබේ නිවස මග තොට අපිරිසිදු නොකරනවා මෙන්ම සයිබර් අවකාශය අසත්‍ය අනන්‍යතාවල සිට නෙක අපවිත්‍ර දැවලින්  දූෂනය වන්නට ඉඩනොදී "සයිබර් මහත්මයෙකු " ලෙස මේ අපූරත්වය තවත් වර්නවත් කරන්නට ඔබටත්  සහය විය හැක.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...