ෆේස්බුක් ආයතනය පවසන්නේ, ඔවුන් සතුව මිලියන 500 අධික සංක්‍රිය භාවිතාකරන්නන් සිටින බවකි. මෙම පිරිස අතරින් 50% දෛනිකව ෆේස්බුක් අඩවිය වෙත යන එන බවත් කියා සිටින අතරම මෙම පිරිසෙන් 2/3 ක්ම ඇමෙරිකාවෙන් පිටත වෙසෙන්නන් බවයි සටහන් වන්නේ.
මෙම තත්වය වෙනස්වීම ඇරබී ඇති බවට තොරතුරු පලවන්නට පටන් ගෙන තිබෙනවා.ඔවුන්ගේම ගනන් හිලවු වලට අනූව පසුගිය අප්‍රේල් මාසය වනවිට අලුතෙන් පැමිනෙන්නන් මිලියන 13.9 වූ අතර එය මැයි මාසය වන විට මිලියන 11.8 දක්වා පහත වැටී ඇති බවක් සටහ් වෙනවා.ගැටලුව වන්නේ ඔවුන්ගේ සාමාන්‍ය මාසික අලුත් පැමිනෙන්නන්ගේ සංක්‍යාව මිලියන 20ක්ව පවත්වාගෙන පැමිනෙමින් තිබීමයි. ඇමරිකානුවන් හා කැනේඩියානුවන් ක්‍රමයෙන් ෆේස්බුක් වෙතින් ඈත්වෙමින් පවතින බවට සටහන් වෙමින් පවතින අතර බ්‍රසීලය මැක්සිකොව හා තයිලන්තය තමන් වෙත රැගෙන එන මාසික අමුත්තන් ගනනෙහි මද වර්ධනයක් සටහන් වෙන බවයි පැවසෙන්නේ.
ආරක්ශාව හා පෞද්ගලිකත්වය ෆේස්බුක් අඩවියතුල අභියෝගයට ලක්වීම මෙම තත්වය නිර්මානය වීමේ ප්‍රධාන පසුබිම ලෙස සැලකෙන අතර, පසුගිය කාලය තුල ෆේස්බුක් ආයතනය හදුන්වාදුන් නව ආරක්ශක ක්‍රමවේදයන් මෙම තත්වය පාලනය කරන්නට අසමත්වී ඇති බවයි සටහන් වන්නේ. පසුගියදා හදුන්වා දෙනු ලැබූ "මුහුනුවර නිර්නයකිරීමේ " තාක්ශනය යුරෝපියානු එකමුතුව තුල පවා අවධානයට ලක්වූ බවට සටහන් වෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...