2011-06-13

වින් 8 තීරනාත්මක බොහෝ දේ ‍රැගෙන එන්නට සූදානම් වන බවක්...........

වින් 8 තීරනාත්මක බොහෝ දේ ‍රැගෙන එන්නට සූදානම් වන බවක් හදාරන්නන් පවසයි. ඔවුන් පවසන්නේ වින්ඩෝස් එක්ස් පී සංස්කරනයට  විස්ටා සංස්කරනය ගෙන ආ වෙනස මෙන් නොව වින් 7 වෙත වින් 8 තීරනාත්මක වේනස් කම් කිහිපයක්ම ‍රැගෙන එන්නට සූදනම් වන බවයි.
      පරිගනකය "සීතල" අවදිකිරීමකදී වඩාත් වේගවත් වනු ඇත. වින් 8 මෙහෙයුම් පද්ධතිය ස්වංක්‍රීයව නඩත්තු කටයුතු බොහොමයක් පවත්වා ගනු ඇත."බැඩ් සෙක්ටර්" වැනි අහිතකර විය හැකි තත්වයන් ස්වංක්‍රීයව හදුනාගෙන නිවැරදි කර ගනිමින් අනගතයේ සිදු වියහැකි දත්ත අහිමිවීම් වලකන්නට කටයුතු කරනු ඇත.පරිගණකය පවත්වාගෙන යාමේදී සිදුවිය හැකි මෘදුකාංග කඩාවැටීම් අවම කරගැනීම සදහා පියවරවල් කිහිපයකින්ම සමන්විත බවයි කියවෙන්නේ. උදා හරනයක් ලෙස ඔවුන් හදුන්වන්නේ ස්වාධීන  මෙහෙයුම් මෘදුකාංගයකින් ප්‍රින්ටරය ක්‍රියාත්මක වෙනු ඇත. මොබයිල් ආකාරයේ සබදතාවයක් භාවිතාකරන විටදී වැය අවම කරගැනීම සදහා භාවිතා කරන්නාහට  පාලනයන් සදහා අවස්තාව හදුන්වා දෙනු ඇත.
     කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් ආයතනය බොහෝ විටදී මෙන් අවසාන මොහොතේදී තීරනාත්මක වෙනස් කම් සිදු කරනු ඇත. නමුත් ඒවා වින් 7 වල සිට දකින විට පැහැදිලි වෙනස්කම් වීමට බෙහෙවින්ම ඉඩ කඩ ඇති බවට, ප්‍රතම බීටා සංස්කරනයට තෙමසක කාලයකට පෙර වන විටත් නිකුත්වන පුවත් අනූව පැහැදිලි බවයි සටහන් වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...