සයිබර් පුරවැසියා බිහිවී ඇත. සයිබර් අවකාශය තුල තම නියෝජනය පවත්වාගෙන ගියද බොහෝ විට තම භෞතික සීමාවතවමත් පවතින්නේ ගිගා බයිට් 80 සිට ටෙරා බයිට් කිහිපයක් වන තම පරිගනකයේ ඉඩ සීමාවේ පමනී. මුල්ම යුගවලදී මෙම සීමාව සැහුන බව සැබවි. වර්තමානයේ තත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතී.සාමාන්‍ය සරල භාවිතා කරන්නෙකුට පවා ඉහත ඉඩකඩ යනු තම මූලික කාරනා සදහා පමනකටවත් නොසැහෙන බව පිලිගැනෙමින් පවතින කාරනාවකි. තවත් අතකින් තම සයිබර් ජීවිතය හුදු පෞද්ගලික පරිගනකයට සීමා වන්නට සිදුවීමේ අහිතකර බව අත්විදින්නට වන තවත් අත්දැකීමකි, කුඩා කාර්මික ගැටලුවකදී පවා සංක්‍රීය පුරවැසි භාවය අනතුරකට ලක්වීම ලෙස දැක් විය හැක.
සයිබර් අවකාශයේ නියමුවන් මීට අපූරු පිලිතුරක් රැගෙන විත් ඇත. ඒ ක්ලවුඩ් තාක්ශනයයි. පෞද්ගලික පරිගනකයේ ධාරිතා සීමවන් තව දුරටත් පාලනය නොකරනු ඇත. බොහෝ දුරට පෞද්ගල භාවිතය සදහා නම් නොමිලේ සැහෙන ප්‍රමානයක ඉඩකඩක් අත්කර ගැනීමේ හැකියාව මේ වන විටත් බොහෝ ආයතන විසින් උදාකරදී ඇත. අනිත් අතින් ඔබ නිදහස්ය. විස්වාසනීය ඔනෑම පරිගනකයකින් ඔබේ සයිබර් පුරවැසිබව භාවිතා කරන්නට හැකියාව උදා වී ඇත.
කාරනය මින් නොනැවතී පරිගනකයේ ක්‍රියා හැකියා සීමාවද බොහෝ සෙයින් පුලුල් වී ඇත. සයිබර් අවකාශය තුලදී වෙනදා පරිගනකයේ තැන්පත් කරගෙන ඔබ භාවිතාකල බොහෝ ක්‍රියා කාරකම් සදහා අවස්තාව උදා කරදී ඇත. මෘදුකාංග පහරදෙන්නන්ටද ඉලක්ක බොහෝ බැරෑරුම් කරමින් ක්ලවුඩ් ආකාරයේ දත්තගබඩාවක් ඇසුරු කරමින් පවතින ප්‍රතිවෛරස ගනනාවක් බිහිවී ඇත. කාරනාව නොනැවතී ඉදිරියට යමින් පවතී.තවත් අපූරු දෑ රැගෙන හෙට හිරුපායනු ඇත. ඔබේ නිවස මග තොට අපිරිසිදු නොකරනවා මෙන්ම සයිබර් අවකාශය අසත්‍ය අනන්‍යතාවල සිට නෙක අපවිත්‍ර දැවලින් දූෂනය වන්නට ඉඩනොදී "සයිබර් මහත්මයෙකු " ලෙස මේ අපූරත්වය තවත් වර්නවත් කරන්නට ඔබටත් සහය විය හැක.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...