2024-02-19

AI chatbot සමග පෞද්ගලික තොරතුරු හුවමාරුව පරිස්සමෙන්.

Kaspersky වල ප්‍රමුකයෙකු පවසන්නේ ඔබ ChatGPT වැනි Chatbots සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී වීම වැදගත් බවයි. ඔබට වඩාත් සංකිර්න හෝ විසල් ඉලක්ක සපුරා ගන්නට එය සහය වුවද ඒ සදහා ඔබ ලබා දෙන තොරතුරු පිලිබඳව සැලකිලිමත් වීම වැදගත් බව පැහැදිලි කෙරෙනවා. ඔබගේ කාරනාව ඉ‍ටුකර ගැනීම සදහා Chatbots වෙතට ලබා දෙන තොරතුරු මෙන්ම ඔබ එය සමග කරන සංවාද හෝ ලිපි නැතිනම් වෙනත් පෞද්ගලික ගොනු ගබඩා කර ගැනීම ඔස්සේ පසු කාලිනව ඔබ ආශ්‍රිත වෙනත් මත අදහස් නිර්මණයට එයට අවස්ථාව තිබීම මෙන්ම එම යාන්ත්‍රන පසුපසින් සිටින මිනිස් දෑත් වලට ඒවා පත්වීමේ අවධානම මෙහිදී පැහැදිලි කෙරෙනවා.මිනිසා තවමත් නොදන්නා සීමා පවුරු කරා chatbot වල ගමන් මග තවමත් පැහැදිලි නොවීම තුල පෞද්ගලික කාරනා පිලිබඳව සැලකිලි මත් වීම වැද්ගත් බවටයි ලැබෙන උපදෙස වන්නේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2024-02-18

iOS 18 අනුමාන කිරීම්.

පසුගිය වසර 10 සැලකීමේදී සෑම සැ
ප්තැම්බරයකදීම නව iOS නිකුතුවක් පැමිනීම සිදුව තිබේ. මේ අනූව උපකල්පණය වන්නේ මෙම සැප්තැම්බරයේදී ද නව නිකුතුවක් එනම් iOS 18 වල පැමිනීම සිදුවෙනු ඇති බවය. එය බොහෝ විට iPhone 15 වල සිට iPhone SE දක්වා සහය දක්වනු ඇති බවට උපකල්පනය කල හැක. එනමුත් නිර්මාණය වෙමින් ඇති නව ප්‍රවනතා සමග සැකීමේදී  AI මිත්‍ර නවාංග සදහා මෙම උපංග පෙලම අසමත් වීම තුල නව මෙහෙයුම් පද්ධති ය සදහා සහය දක්වන්නට මෙම නිකුතූන් අතරින් සමහර ඒවා අසමත් වනු ඇත. දැනටමත් පලව ඇති අනුමාන වලට අනූව iOS 18 යනු සාපේක්ෂව විශාලතම නිකුතුවක් වීමේ බලාපොරොත්තුව ඉහලින්ම වේ. 
    Apple විසින් generative AI දෙසට දක්වන ප්‍රවනතාවය තවමත් කැපී පෙනෙන මට්ටමේ නොවුනද නව නිකුතුව තුල Siri සමග “Generative AI” බව සංයුත්ත වීම ඉහලිම වන බලාපොරොත්තුවකි. Siri පමනක් නොව සමස්ථ මෙහෙයුම් පද්ධතිය තුලටම හැකි හැම ආකාරයෙන්ම AI බව සංයුත්ත කරන්නට ඔවුන් කටයුතු කරනු ඇත. දැනටමත් ආයතනය එලබෙන නිකුතූන් සමග Rich Communication Services (RCS) සහය වන බවට පවසා ඇති අතර එය පහසු messaging හැකියාවක් ගෙනෙනු ඇත. උදාහරණයක් ලෙස ඔබගේ  message වලට ලබන්නාට ලැබුනු බව කියවූ බව වැනි තහවුරු කිරීම්  වනු ඇත. එපමනක් නොව Apple වල Vision Pro  සංයුත්ත වීම සමග වඩාත් සුනම්‍ය බවක් එය ‍රැගෙන ඒනු ඇත.
Pubudu Siriwansa

www.Pariganakaya.Com 

 

Generative AI ඔස්සේ ව්‍යාජත්වයට වැටක් සූදානම්.

Generative artificial intelligence (AI) ලොව පුරා ජීවිතයන් මතට ගෙන එමින් ඇති වෙනස්කම් රාශියකි. එහි වන ශක්‍යතාවයට එක් උදාරනයක් වන්නේ කුඩා මෙහෙයුමකින් ඉතාම සතය සේ හැගෙන  text, images නැතිනම් video වැනි ගොනු නිර්මාණයට පහසුවෙන් හැකිවීමය. OpenAI, Meta ප්‍රමුක තාක්ෂණ යෝධයන් 20 ක් පමන මේ වන විට එකගතාවයකට පිවිස ඇති බව කියවෙන්නේ මින් ඇති විය හැකි දුර්විපාක වලට එරෙහිව කටයුතු කිරීමේදී සහයෝගයෙන් කටයුතු කරන්නට එකගවීමෙනි. මෙම වසර තුල ලොවපුරා වැසියන්ගෙන් අඩක් පමන මැතිවරණ වලට සහභාගී වනට නියමිතව ඇති බැවින් මෙහි වැදගත් කම අවධාරණය වෙමින් ඇත. පැහැදිලි කෙරෙමින් ඇත්තේ OpenAI, Microsoft (MSFT.O), Adobe (ADBE.O) වැනි භාවිතාවන් සමග ව්‍යාජ content නිර්මාණය වන්නටත් Meta Platforms (META.O), opens new tab, TikTok, X, වැනි සමාජජාලා platforms වල මේවා හුවමාරුවීම වලක්වා ගැනීමටත් මේ ඔස්සේ උත්සාහ කරනු ඇත.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

ChatGPT ඔබව මතක තබා ගන්නට සූදනම්.

OpenAI පවසන්නේ  ChatGPT වඩාත් පෞද්ගලික සහය සදහා සූදනම් බවයි. එනම් ඔවුන් විසින්  ChatGPT වෙතට හඳුන්වා දෙන personal memory feature අංගය ඔස්සේ භාවිතා කරන්නාගේ යම් රු චි අරුචිකම් ප්‍රමානයක් මතක තබා ගන්නට සමත් වන බවයි. එනම් පසුව භාවිතා කරන්නෙකු සමග කටයුතු කරන විට භාවිතාකරන්නා ගැන යම් ඩැණුම් ප්‍රමානයකින් කටයුතු කරන්නට මෙම personal memory අංගය සහය වනු ඇති බවයි. කෙසේ වෙතත් භාවිතාකරන්නෙකුට අවශ්‍ය පරිදි ChatGPT වෙතින් මෙම මතක තැන්පතුවන් කොටසක් හෝ සම්පූර්ණයෙන් ඉවත්කර දමන්නට පහසුවෙන් හැකි වන අතර OpenAI පැහැදිලි කරන්නේ වඩාත් සංවේධී කරුණු තැන්පත් කර ගැනීමේදී වඩාත් සැලකිලි මත් වන්නට සැකසුම් සූදානම් බවයි.
Pubudu Siriwansa


 

OneDrive භාවිතය පහසු කරවයි.

Microsoft විසින් තම  OneDrive මතදී තැන්පත් වන හා හුවමාරු වන ගොනුවල අනන්‍යතාවය සදහා නවාංගයක් ගෙනෙන්නට එම ආයතනය කටයුතු කර තිබෙනවා. එ අනූව නිතරම තමන් සමග ගොනු හුවමාරු කරන්නන් ගේ ඡායාරූපයක් සමග දක්වන්නට සැලසුම් කර ඇති අතර ඒ ඔස්සේ පහසුවෙන් අදාල ගොනු සමග කටයුතු කිරීමේ පහසුවක් ගෙනැවිත් තිබෙනවා. Microsoft වල OneDrive සදහා OneDrive resdesign වයාපෘතිය යටතේ පැමිනෙන නව අංගයක් ලෙසට මෙය හැඳින්වෙන අතර පෙබරවාරි මාසය අවසන් වන විට සියළුම භාවිතාකරන්නන් සදහා එය මුදා අහැරෙන්නට නියමිතව තිබෙනවා. ආයතනය පවසන්නේ මීට අමතරව file types පහසුවෙන් හඳුනා ගන්නට සහය වීම මෙන්ම ගොණු සමග පහසුවෙන් කටයුතු කරන්නට සහය වන්නට කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa


 

2024-02-17

Android 15 වල developer preview එකක් නිකුත් වේ.

Google ආයතනය තම  Android 15 වල ප්‍රථම developer preview එක නිකුත් අර තිබෙනවා. එම ආයතනය අවධාරණය කරන්නේ මෙම නිකුතුව සමග ප්‍රධාන දියුනු කිරීම් තුනක් වන බවයි. ඒ අතර security හා privacy වල දියුනු කිරීම්, අනෙකෙකු සමග device වල screen බෙදා හද ගැනීමකදී අවශය කොටසක් පමනක් තොරා ගැනීමේ හැකියාවක් පිලිබඳව කථාබස් කරන අතර Android Dynamic Performance Framework (ADPF) ඔස්සේ උපකරණය මත ධාවනය වන App වලට වැඩි performance එකක් ගෙනෙන්නට හැකි වන බව පවසනවා. එසේම Google පවසන්නේ උපාංගයේ කැමරාව භාවිතයට වැඩි දියුනු කිරිම්  රාශියක් Android 15 සමග වන්නට නියමිත බවයි. තවමත් සීමිත උපාංග පරාසයකට වන නිකුතුවක් වන මෙම developer preview නිකුතුවෙන් අනතුරුව දෙවන නිකුතුවකින් පසුව පලමු public beta version  එක පැමිනීමක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Android 15 වල අවසාන  public version එක පැමිනීම 2024  අවසාන භාගයේ සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa
ww.Pariganakaya.com


 

2024-02-16

Chrome 122 නවාංග කිහිපයක්ම සමග.

Google ආයතනය තම Google Chrome වල ප්‍රථම නිකුතුව 2008 දී කල අතර ආරම්භයේදී එහි වූ කුඩා බව් අහා අඩු සම්පත් භාවිතය නිසා බොහෝ දෙනාගේ කැමැත්ත දිනා ගත් භාවිතාවක් විය. එහෙත් අද වන විට එය speed, resource management, stability වැනි ලක්ෂණ අතින් ඉදිරියෙන් සිටිනවා සේම විශාල තොරතුරු ගොනුවක හිමිත්වය සමග භාවිතාකරන්නන් හට වඩාත් සේවයක් සදහා සූදානමින් සිටින්නකි. Chrome 122 ජනවාරි මාසයේ දී පමන beta channel නැතිනම් පෙර සංස්කරණයක් ලෙසට නිකුත් කරන්නට Google කටයුතු කල අතර February 14, 2024 වන විට එහි stable නැතිනම් අවසන් සංස්කරණය නිකුත් කරන්නට මේ වන විට කටයුතු කර තිබේ. Chrome 122 සමග පැමින ඇති නව ප්‍රවනතා අතර මිට පෙර Chrome iOS වල වූ වෙනත් උපාංගයක වූ browsing session එකක් ඉදිරියට ගෙන යාමේ හැකියාව desktop version වලටද ‍රැගෙන විත් තිබේ.එසේම Chrome 122 සමග වඩාත් AI මිත්‍ර බව ‍රැගෙන විත් ඇති අතර එය භාවිතාකරන්නෙකුට browser theme වල සිට ගැබුරු භාවිතාවන් දක්වා සංයුත්ත වෙමින් තිබේ. Chrome 122 වලදී පැහැදිලි වම භාවිතකරන්නන් හට පවසන්නේ තමන් භාවිතාව පිලිබඳව දත්ත රඳවා නොගත්තද වෙබ් අඩවි විසින් භාවිතාවෙ දත්ත රඳවා ගැනීම් වලට ඉඩ ඇති බවකි.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2024-02-03

'Synergia' යටතේ හානිකර සර්වර 1300ක් බිඳ දමයි.

'Synergia' නමින් වන ජාත්‍යන්තර නීති සම්මුතිය යටතේ Command and control servers (C2) 1300 ක් මේ වන විට බිඳ දමන්නට කටයුතු කර ඇති බවටයි වාර්ථා වන්නේ. මේවා භාවිතා කරමින්  පහර දෙන්නන් විසින් තම malware පැතිරවීමටත් ඒවා පාලණය මෙන්ම ආසාධිත උපාංග වලින් දට්ත සොරා ගැනීමටත් කටයුතු කොට ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම වඩාත් බලගතු පහරදීම් සදහා මෙම ආසාධිත servers හැකියාවන් යොදගන්නා අවස්ථාද වූ බවට කියවෙනවා. මෙම Synergia මෙහෙයුම  යටතේ 2023 සැප්තැම්බර්, ඔක්තෝබර කාලය තුල මෙම මෙහෙයුම් කර ඇති අතර රටවල් 55 ක නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් 60ක සහය ලබා ගෙන ඇති බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් පවසන්නේ ransomware වලට සම්බන්දිත IP ලිපින, malware, phishing campaigns වැනි ආකාරවලට හඳුනාගැනීම් කල බවයි. මෙම servers අතර බහූතරයක් Europe වලින්ද තවත් සැලකිය යුතු ප්‍රමානයක් Singapore, Hong Kong වලින් හමුවූ බවටද වාර්ථා වෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Meta ද AI තරගය තුල බව.

Meta හි CEO වරයා Mark Zuckerberg පවසන්නේ තම ආයතනයද AI businesses වල වැඩි ප්‍රමුකතාවයක් දිනා ගැනීම සදහා තරග කරමින් සිටින බවකි. ඔහු පැහැදිලි කරන්නේ Meta විසින් Facebook සහ Instagram ඔස්සේ විශාල data ප්‍රමානයක් access කරන බවයි. මෙය වඩා සාර්ථක AI models එකක් සදහා වැඩි videos / images දත්ත ගොනුවක් නිර්මාණය කරන බවත් එය පොදු crawl data ගොනුවලට වඩා වැඩි ප්‍රමානයක් බවයි.Zuckerberg වැඩි දුරටත් පවසන්නේ මේ වන විටත් Meta විසින් AI පදනම් වන products සහ services පෙලක් සදහා සූදානම් වෙමින් සිටින බවයි. ඒ අනූව මේ වන විටත් Meta විසින් AI image generator එකක් මෙන්ම large language models පමනක් නොව AI GPUs නිකුතුවක් ගැනද කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Windows 11 වල මෙම වසරට නියමිත නිකුතූන්

Windows 11 වලට මේ වසරට නියමිහ නිකුතූන් ගැන මේ වන විට යම් යම් කරුණු හෙලි වෙමින් තිබෙනවා. බලාපොරොත්තු වන ප්‍රධාන නිකුතූන් දෙකක් වන අතර පලමු ඒක වන “Moment 5” නිකුතුව පෙබරවාරි හෝ මාර්තුවලත් Windows 11 Version 24H2 නිකුතුව වසර අවසාන භාගයෙත් බලාපොරොත්තු වෙමින් තිබෙනවා.වැඩි දුර විස්තර තවමත් නිල ලෙසට නිකුත් නොකලද Windows 11 Version 24H2 නිකුතුව විශාල එකක් වන බවටත් එය වඩාත් AI-centric update එකක් වනු ඇති බවටත් තොරතුරු අනුමාන වෙමින් තිබෙනවා. මේ වන විටත් Microsoft ආයතනය මීලග මෙහෙයුම් පද්ධති දිසාව “AI PCs” ලෙසටත් අවම Ram අවශ්‍යතාව 16GB වනු ඇති බවටත් ඉගිකොට තිබෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2023-12-23

Microsoft වෙතින් Health Bot Copilot විසඳුමක්.

Microsoft නිවේදනය කරන්නේ තමන් generative AI  හැකියාව healthcare industry වෙතට අත්හදා  බැලෙන මට්ටමින්  ‍රැගෙන එන්නට සූදානම් බවයි. පසුගිය අගොස්තුවේ ඔවුන් ප්‍රකට healthcare technology company යක් ලෙසට සැලකෙන Epic  සමග මේ සදහා පලමු පියවරයන් සදහා   කටයුතු කරන බවට නිවේදනය කර තිබිනි. මේ වන විට Microsoft පවසන්නේ තමන් තවත් ඉදිරියට යමින් Azure AI Health Bot Copilot එකක් නිකුත් කරන්නට කටයුතු කරන බවකි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ තම Azure AI Health Bot Copilot එක සදහා Azure OpenAI, Azure AI Search service, Bing Custom Searc වැනි Azure OpenAI, Azure AI Search service, and Bing Custom Searc භාවිතා  කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පවසන්නේ එම ආයතනයන්ට තමන්ගේම දත්ත මත පදනම් වන  Copilots ගොඩනගා ගැනීමකට මේ ඔස්සේ අවස්ථාව ලැබෙනු ඇති බවයි.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...