2024-02-18

iOS 18 අනුමාන කිරීම්.

පසුගිය වසර 10 සැලකීමේදී සෑම සැ
ප්තැම්බරයකදීම නව iOS නිකුතුවක් පැමිනීම සිදුව තිබේ. මේ අනූව උපකල්පණය වන්නේ මෙම සැප්තැම්බරයේදී ද නව නිකුතුවක් එනම් iOS 18 වල පැමිනීම සිදුවෙනු ඇති බවය. එය බොහෝ විට iPhone 15 වල සිට iPhone SE දක්වා සහය දක්වනු ඇති බවට උපකල්පනය කල හැක. එනමුත් නිර්මාණය වෙමින් ඇති නව ප්‍රවනතා සමග සැකීමේදී  AI මිත්‍ර නවාංග සදහා මෙම උපංග පෙලම අසමත් වීම තුල නව මෙහෙයුම් පද්ධති ය සදහා සහය දක්වන්නට මෙම නිකුතූන් අතරින් සමහර ඒවා අසමත් වනු ඇත. දැනටමත් පලව ඇති අනුමාන වලට අනූව iOS 18 යනු සාපේක්ෂව විශාලතම නිකුතුවක් වීමේ බලාපොරොත්තුව ඉහලින්ම වේ. 
    Apple විසින් generative AI දෙසට දක්වන ප්‍රවනතාවය තවමත් කැපී පෙනෙන මට්ටමේ නොවුනද නව නිකුතුව තුල Siri සමග “Generative AI” බව සංයුත්ත වීම ඉහලිම වන බලාපොරොත්තුවකි. Siri පමනක් නොව සමස්ථ මෙහෙයුම් පද්ධතිය තුලටම හැකි හැම ආකාරයෙන්ම AI බව සංයුත්ත කරන්නට ඔවුන් කටයුතු කරනු ඇත. දැනටමත් ආයතනය එලබෙන නිකුතූන් සමග Rich Communication Services (RCS) සහය වන බවට පවසා ඇති අතර එය පහසු messaging හැකියාවක් ගෙනෙනු ඇත. උදාහරණයක් ලෙස ඔබගේ  message වලට ලබන්නාට ලැබුනු බව කියවූ බව වැනි තහවුරු කිරීම්  වනු ඇත. එපමනක් නොව Apple වල Vision Pro  සංයුත්ත වීම සමග වඩාත් සුනම්‍ය බවක් එය ‍රැගෙන ඒනු ඇත.
Pubudu Siriwansa

www.Pariganakaya.Com 

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...