2020-07-08

මනස් සක්මන්

නගර උද්‍යානයේ පහන් කනු අතර වන අසුන් වල හිඳ මැදියම් රැයද පසුවනතෙක් නෙක විෂය රටා අතර තෙරක් සීමාවක් නැතිව අප දෙබසින් ඇවිදගිය දුර අපමනකි. ජීවයේ සම්භවයේ සිට බුද්ධියේ සම්භවය තෙක් අපමන නෙක ජීවරටා පිලිබඳව ඒ මනස් සක්මන් අදටද මහත් ප්‍රබෝදයක් උපදවයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-07

පින්සළ

මා හැමවිටකම පාහේ තාක්ෂණයට "පින්සළ" වන්නට මිස "පින්සළ් පහර" වන්නට ඉඩ නොතැබුවේ යැයි විස්වාස කරමි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

කොරෝනාව..

කොරෝනාව විසුරුවන ලද සමාජ ඒකක අතර සාම්ප්‍රධායික සම්බන්දතාවයන් සදහා එක් ප්‍රධානතම විසඳුමක් වන්නේ වඩාත් ඩිජිටල්කරනය වූ සමාජ ආකෘතියකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-06

විශ්ව ගම්මානය

කෙනෙකුට අනූව විශ්ව ගම්මානය මිය ගොසිනි. නමුත් සත්‍යනම් ඔබ මොහොතින් මොහොත වඩාත් විශ්ව පුරවැසියෙකු වෙමින් සිටීමය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

නිර්වචන..

පැරණි නිර්වචන ඔස්සේ අළුත් තත්වයන් කියවීම අර්බුධකාරී වන අයුරු නවයුගයේ ගැටළුවකි.
"Tharu zMinusa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-05

කුරහන් තලපයක වටිනාකම

ගෝලීයකරනය ඔස්සේ අපට ගලාගෙන ආපු KFC හැකියාවෙන් සියයට දශම එකකවත් හැකියාවක් අපට තිබුනේ නැහැ කුරහන් තලපයක වටිනාකම ලෝකයට කියන්න. අපිට අවශ්‍ය උනෙත් නැහැ එහෙම කරන්න. අපි උත්සාහ කලෙත් නැහැ එහෙම කරන්න. ඒත් අවසානයේ අපි ගෝලීයකරනයට බැන බැන ඉන්නවා. අපිට හැකිවිය යුතුයි මේ ප්‍රවනතා අපේ වටිනාකම් අනූවත් ප්‍රමිතිගත කරගන්න. අපි තීරනය කලයුතුයු මේ ප්‍රවනතා ඉදිරියේ අපි හැකිලෙනවද? මුනුනදී ජයගන්නවාද කියන එක.
- Pubudu Siriwansa
#siriwansa

2020-07-03

සැබෑ භෞතිකය

ගැටළුවේ භාවාත්මක නැතිනම් කුතුහලාත්මක අවදිය පසුකරමින් එහි සැබෑ භෞතිකය වෙතට අප පිවිසෙමින් ඇත. ගැටළුව විසින් අපිලිවෙල කර දමන ලද ආර්ථික දේහයේ ප්‍රථිපල ලෝක මට්ටමින් මෙන්ම රාජ්‍ය මට්ටමින් අපට නුදුරේදීම හමුවීමට නියමිත වෙමින් ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

ඩිජිටල්කරනය..

අද වනවිට බොහොමයක්ම පාහේ බැංකු කටයුතු එම ආයතන ගොඩ නැගිල්ලෙන් පිටතට පැමින ATM හා CDMA යන්ත්‍රවලට ඌනනය වී ඇතුවා පමනක් නොව මොබයිල් ඇප් එකක් හරහා ස්මාට් දුරකථනයට සංයුත්තව සරල භාවතාකරන්නාගේ අත්ලට පැමින ඇත. එපමනක් නොව ආයතන තුල දෛනිකව ඉබමොබ චලනය වන ටොන් ගනනක හෞතික ලිපිද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනිකවී නෙට්වර්ක් අතර විදුලි වේගයෙන් චලනය වෙමින් ඇත. ක්‍රමයෙන් මේ ඩිජිටල්කරනය හා මුසුවෙමින් ඇති නෙක AI තාක්ෂණයන් විසින් හෙට දිනයේදී වඩාත් බුද්ධිමත් භාවිතාවක් මිනිසාට පොරොන්දු වෙමින්ද ඇත.
- Pubudu Siriwansa
#siriwansa

2020-07-02

නැවතුම් කුටියේ..

එම හැදෑරුම් ආයතනයෙන් ලැබුනු කුඩා නැවතුම් කුටියේ ප්‍රධාන මාවත දෙසට වූ කවුළුව අසලින් හැදෑරුම් මේසය සකසා ගතිමි. සමහර අඳුරු රාත්‍රියන් වලදී කුටියට ඔබ්බෙන් වූ මාවත් පහන් කනුවේ ආලෝකයෙන් අපිලිවෙලකට අදුරු මැකෙන අවට වන තුරු ගොමු මවන අපමන ගුප්ත රටාවල රසයන් අතර සිත අතහැර හොරා ගනන් ගතව ගියයුරු අදටත් අපමන රසැති මතකයකි.
"Tharu Minisa"
- pubudu Siriwansa
#siriwansa

ඩිජිටල්කරනය..

තව දුරටත් ඩිජිටල්කරනය ඔබට තෝරාගැනීමක් ලෙස නොවනු ඇත. එය එලබෙන යුගයේ සංස්කෘතික ස්වභාවයයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-07-01

මිනිස් විංඥානය

මිනිස් විංඥානය සංකීර්නයකි. මේ සංකීර්නය අවිංඥානික භාවමය සංකේථයකට ඌනනය කරනවාද, නැතිනම් සවිංඥානික විශ්ලේෂනයකට ලක් කරනවාද යන්න අපගේ තීරනයකි.
“Tharu Minisa”
- Pubudu Siriwansa
#siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...