2013-09-24

Android පස්වන "උපන්දිනය" සමරන වගයි!!!!

  එය වසර 5කට පමන පෙර දිනයක වූවාය. එය HTC G1 ලෙසට නම් කෙරුනු  QWERTY keyboard එකක හා  navigation. Back, home හා menu බටනයන්ගෙන් සමන්විත තරමින් කුඩා ස්පර්ශක මිත්‍ර ස්ක්‍රීනයක්ද සමග පැමින තිබූ  ප්‍රථම  Android ජංගම දුරකථනය විය.වර්ෂය 2008 විය. අද බිලියනය ඉක්මවන භාවිතාවක් ඇති වඩාත්ම ජනංප්‍රිය ජංගම මෙහෙයුම් පද්ධතිය බවට පත්ව ඇත. තම සමාන්තර තරගකරුවන් වූ Apple මෙන්ම Microsoft ඉක්මවා සිටින අතර තම මීලග සංස්කරනය ලෙසට Android 4.4 KitKat පැමිනෙන්නට නියමිත බවට නිවේදනය වී ඇත. එදා පලමු නිකුතුවේ තිරය 320x480 වූ අතර 528 MHzක මයික්‍රප්‍රොසෙසරයකින් හා 192 MB ‍රැම් බලයක් සහිතව පැමිනිනු මෙම නිකුතුවේ මෙහෙයුම් පද්ධතිය මුල් සංස්කරනයසැබවින්ම නිර්මනය වී තිබුනේ ඩිජිටල් කැමරාව සදහා වන බවටයි  වාර්ථා වන්නේ.
        භාවිතය අධික නිසාම වැඩිම හානිකරයන් ප්‍රමානයකද ඉලක්කය වී ඇති මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රනීත ආහාර හා බැදුනු නාමයන්ගෙන් නම්කිරීම සිරිතක්ව පවතී.  Android 4.0 Ice Cream Sandwich ,4.1 Jelly Bean වැනි ලෙසට ඒවා නම්විය.ලොවපුරා භාවිතාවන ජංගම දුරකථන වලින් සියයට 40කට ආසන්නව තවමත් Jelly Bean මෙහෙයුම පද්ධතිය භාවිතාවන අතර සියයට 30 කට ආසන්නව Gingerbrea ලෙසට නම් වන ජනංප්‍රිය Android සංස්කරන භාවිතාවන බවටයි ගනනය වන්නේ.

වඩාත් නිදහස් විසිත්තකාබර multimedia අත්දැකීමකට SteamOS ......

  Valve ආයතනය පවසා සිටින්නේ තමන් විසින් විසිත්ත කාබරයේ රූපවාහිනිය වැනි විශාල තිරයන් ඔස්සේ වීඩියෝ ක්‍රිඩා ප්‍රමුක රසවින්දනයක් ‍රැගෙන ඒම මුල්කොට ගනිමින් බිර්මානය වන  Linux-based  මෙහෙවුම් පද්ධතියක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවකි. graphics processing අතින් වැඩි අවධානයක් සහිතවන් නිර්මානය කොට ඇති මෙම නව මෙහෙයුම් පද්ධතිය multimedia භාවිතාවන් සදහා වඩාත්  උචිතව පැමිනෙනු ඇති බවටයි පවසන්නේ. නොමිලේ ලබාගත හැකි ලෙසට පැමිනෙන මෙම මෙහෙයුම් පද්ධතිය නිකුත්වන දිනයක් පිලිබදව  තවමත් සදහන් කොට නොමැති අතර මීට අමතරව  SteamOS boxes නිකුතුවක් පිලිබදවද සදහන් කොට සිටිනවා. ‍රැහැන් රහිත ආකාරයට පරිගනකයේ සිට රූපවාහිනිය දක්වා පරිගණක ක්‍රිඩාවක් ලබාදීමට හැකි වන ලෙසටද නිමවන මෙම උපකරනයන්ද සමග වඩාත් අපූර්ව multimedia අත්දැකීමක් ලබාගන්නට භාවිතාකරන්නාවෙත සහයවන දෘඩාංග පෙලක්ද සමග 2014 වසරේදී නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

මයික්‍රසොෆ්ට් තම Surface 2 උපකරනය නිකුත් කරයි!!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට තම tablet  වල දෙවන පරම්පරාවේ නිකුතුව  සිදුකොට තිබෙනවා. ARM-powered ප්‍රොසෙසරය සමග එන Surface 2  ලෙසට නම්වන මෙම පරිගණකය පසුගියදා New York වලදී සිදුවූ බවටයි වාර්ථාවෙන්නේ. 366x768 resolution වලින්  සමන්විත අඟල් 10.6 ක ස්ක්‍රීනයක් සමග එන මෙම උපකරනය 1.7GHz quad-core Tegra 4  ප්‍රොසෙසරයකින් සමන්විත බවටයි පවසා සිටින්නේ. USB 3.0 පොර්ට් එකකකින් සම්න්විතව පැමින ඇති මෙම උපකරනය බැටරියේ එක බල ගැන්වුමකින් පැය 10 - 12 ත් අටත භාවිතකාලයක් ලබා ගන්නට හැකි වනු ඇති බවටයි වාර්ථා වන්නේ. ආයතනය පවසන්නේ පෙර සංස්කරනය හා සැසදීමේදී හතර ගුනයක් දක්වා වේගවත් බවක් ‍රැගෙන විත ඇති මෙම Tablet උපකරනය වඩාත් ඉහල මට්ටමේ apps සමග ක්‍රියාකාරීත්වයට සූදානම්ව ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
                          මයික්‍රසො‍ෆ්‍රාට් සමාගම තම  Surface 1 සදහා ඩොලර් 100ක පමන මිල අඩු කිරීමක් හදුන්වා දෙන්නට කටයුතු කල මුත් ඔවුනගේ නව Surface 2 උපකරනය ඩොලර් 449(32GB) හා ඩොලර් 559(64GB) ලෙසට මිල කොට ඇති අතර  නව උපකරනය මිලදී ගන්නන් හට SkyDrive වලින් 200GB ක අවකාශයක් දෑවසරක් සදහා නොමිලේ ලැබෙන අතර ජාත්‍යන්තර මට්ටමේ Skype දුරකථන ඇමතුම් සදහ hotspot සමග දෑවසරක නොමිළේ භාවිතාවක් ලැබෙනු ඇති. මෙම නව  Surface 2 උපකරන ඔක්තෝබර 22 සිට වෙළඳ පොල වෙත නිකුත්ව තිබෙනවා.

2013-09-23

මයික්‍රසොෆ්ට් වෙතින් එන Cortana ලෙසට නම්වන digital assistant !!!

  ඇපල් ආයතනය මෙන්ම ගූගල් ආයතනයද භාවිතාකරන්නගේ "කටහඬ" මෙහෙයුමට ප්‍රථිචාර දක්වන තාක්ශන යාන්ත්‍රනයන් මේ වන විටත් තම සේවාවන් හෝ නිෂ්පාදනයන් සමග ඉදිරිපත් කොට තිබේ. Aple වෙතින් එන Siri මෙන්ම ගූගල් සමග එන Google Now ඒවාවේ. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තමන්ද මෙවැනි digital assistant තාක්ශනයක් තමන්ගේ ප්‍රධාන සේවා හා භාන්ඩ සමග මුසුකරන්නට කටයුතුකරමින් සිටින බවකි. "Cortana" ලෙසට නම් වන මෙම අංගය ඉදිරියේදී තම Windows OS හා new Xbox One සමග ප්‍රමුකව පැමිනෙන්නට සැලසුම්ව වෙති බවකි.ආයතනය පවසන්නේ මෙම වසර අවසාන වන්නට පෙර මෙම පහසුව  Windows Phone 8  සමග අත්හදා බැලිමේ මට්ටමින් පැමිනෙන්නට නියමිත බවකි. භාෂා 44ක් සදහා සහය දක්වන මට්ටමින් දැනට සැලසුම් ව ඇති මෙම සේවාව ඇමරිකාව තුලදී මුලදී අත්හදා බැලෙන්නට නියමිත අතර 2014 වසර අවසානය වන විට අනෙකුත් රටවලටද එය මුදා හැරෙනු ඇති බවටයි පවසා සිටින්නේ. 

සෙයුම් යෙදුම යතුරු කරන්නට පටන් ගන්නාවාත් සමගම ප්‍රථිපල ගෙනෙන නව Bing.....

  මයික්‍රසොෆ්ට් ආයතනය ගෙවී ගිය සතියේ තම Bing සෙයුම් යන්ත්‍රය වෙතට නව Logo වක් හදුන්වාශෙන්නට කටයුතු කරන ලදී.එසේම නව සැකසුමක් තම Bing පි‍ටුවට ‍රැගෙන එන්නටද කටයුතු කරන ලදී. එසේම තම සෙවුම් යන්ත්‍රය වෙතට  Page Zero නමින් නවාංගයක් ‍රැගෙන එන්නටද කටයුතු කරමින් සිටින බවට මේ වන විට කටයුතු කරමින් සිටින බවට පවසා සිටිනවා.ඔවුන් පවසන්නේ භාවිතාකරන්නා වඩාත් නිවැරදිව තේරුම් ගනිමින් ක්ශනිකව ඔහුගේ සෙයුම් ඉලක්ක වන places හෝ  things පිලිබදව වඩාත් සංවේදීයව හා වේගවත්ව ප්‍රථිපල ලබා දෙන්නට මෙම නව ක්‍රම වේදය සහය වනු ඇති බවය." භාවිහාකරන්නා තම සෙයුම් යෙදුම යතුරුකරන්නට පටන් ගන්නා විටම නිවැරදිව ඔහුව හදුනාගෙන ප්‍රථිපල ගෙන එන්නට තම Bing algorithms හා Satori database සහයවීම සමග ස්පර්ශක මිත්‍ර නව මුහුනත සමග එන හදුන්වාදීම සමත්වනු ඇති බවයි. මයික්‍රසොෆ්ට් සමාගම තම නව අංගයේ පෙර දැක්මක් මේ වන විටත් මුදාහැර ඇති අතර ඉදිරියේදි ක්‍රමයෙන් සාමන්‍ය භාවිතාවට නිකුත්කරන්නට නියමිත බවටයි පවස සිටින්නේ.

2013-09-21

ASUS හා Acer අතර යාවීමක් ලගදීම!!!!


  තොරතුරු ලෝකය තුල මෑතකදී සිට වැඩියෙන් දිස්වන ප්‍රවනතාවයන් අතර ප්‍රකට මට්ටමේ ආයතන එකිනෙකා එක්වීම් දකින්නට පුලුවන. මයික්‍රසොෆ්ට් ආයතනය නොකියා ආයතනය අතාර් ඇතිවූ එකගතාවය මෙන්ම වෙස්ටර්න් ඩිජිටල් විසින්  Hitachi ආයතනය මිලදී ගැනීම ඒවා අතරින් කැපී පෙනෙන සිදුවීම් ලෙසට සටහන් වනවා. පැතිරෙමින් ඇති නවතම තොරතුරක් පවසන්නේ ප්‍රකර්ට පෙලේ ආයතනය දෙකක් වන  ASUS හා  Acer අතරද එවැනි එකගතාවයක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් නිර්මානය වෙමින් පවතින බවය.පරිගණක දෘඩාංග නිෂ්පාදනයේලා පිලිගත් කීර්තිනාමයන් හිමි මෙම දෙයාතනයන් එක්වීම පිලිබදව ඉගියක් ලැබී ඇත්තේ ASUS chairman වරයාගෙන බවටයි වාර්ථා පවසන්නේ.තොරතුරු ලෝකයේ දෘඩාංග නිෂ්පාදනයේ මෙන්ම මෘදුකාංග නිෂ්පාදනයේද ඩෙස්ටොප් පසුබිමේ සිට මොබයිල් ආකාරයේ භාවිතව දෙසට වේගයෙන් වෙමින් ඇති පරිවර්තනය සමග තම අනන්‍යතා තහවුරුකර ගැනීමට නම් අවශ්‍යවන ශක්තිය සදහා බොහෝ ආයතනයන් තම ස්ථවරයන් වෙනසකට සූදානම් වීම බහුලව දැකිය හැකි බවයි විචාරකයින් පවසන්නේ.

2013-09-20

Internet Explorer 11 බ්‍රවුසරය 30%ක වැඩි වේගයක් සමග පැමිනෙනු ඇත....

  මයික්‍රසොෆ්ට් සමාගම තම සෙයුම් යන්ත්‍රයේ මීලග සංස්කරනය වන Internet Explorer 11 හි පෙර සංස්කරනයක් windows 7 සදහා නිකුත් කොට තිබෙනවා.ඒ සමග මයික්‍රසොෆ්ට් සමාගම තම නව සෙයුම් යන්ත්‍රයේ නව සංස්කරනය පිලිබදව තොරතුරු කිහිපයක්ද හෙලි කොට තිබෙනවා.ඔවුන් පවසා සිටින්නේ තම නව සෙයුම් යන්ත්‍ර සංස්කරනය windows 7 සමග අනෙකුත් බ්‍රවුසරයන්ට වඩා 30% කින් වේගවත්ව ක්‍රියාත්මක වන බවයි. එසේම තම පෙර සංස්කරනය වන Internet Explorer 10 ට වඩා 9ම ගුනයක වේගයකින් වෙබ් පි‍ටුවක් ලබාගන්නට හැකි වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. මෙම නව ප්‍රවනතාවය පි‍ටුපස ඇති තාක්ශනික පසුබිම internal JavaScript engine එකක බවටයි වැඩි දුරටත් හෙලි කර සිටියේ. එසේම පවතින වෙබ් ප්‍රමිතීන් සමග වඩාත් හොඳින් ක්‍රියාකරනවා සේම new web standards සමගද හොඳින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය තාක්ශනික දියුනු කිරීම් මෙම නව බ්‍රවුසරය සමග වන බවටයි දක්වා සිටින්නේ. keyboard, mouse, pen හා touch සමගද එකසේ හොඳින් ක්‍රියාත්මක වීමට හැකිවන සේ නව සංස්කරනය දියුනු කර ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ. කෙසේ වෙතත් තවමත්  Internet Explorer 11 හි වින්ඩෝස් 7 සදහා වන අවසන් සංස්කරනයක් නිකුත් කරන්නට නියමිතව නොමැති මුත් එම බෙන ඔක්තෝබර 18 වැඩ්නි දාට යෙදී ඇති වින්ඩෝස් 8.1 නිකුතුව සමග  Internet Explorer 11 පැමිනෙන්නට නියමිත බවටයි දැක්වෙන්නේ.

Steve Ballmer යනු සාර්ථක CEO කෙනෙකු බව......

  මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධන විධායකයාගේ සමු ගැනීමට දින නියමව ඇති අතර තවමත් ඒ සදහා ස්ථීර නාම යෝජනවක් නැති බවයි පෙනෙන්නට ඇත්තේ. සමුගැනිමට නියමිත CEO වන Steve Ballmer ගේ සේවය  පිලිබදව නෙක ආකාරයෙන් විචාරනය වෙමින් පවතින අතර සමහරුන් ගේ මතය වන්නේ මෙතෙක් ඔවුන් දු‍ටු නරකතම CEO ලෙසට Steve Ballmer නම් කරන්නට හැකි බවයි.මෙම දිනවල මයික්‍රසොෆ්ට් ආයතනයේ වාර්ෂික ප්‍රධාන පෙලේ හමුවක් පැවතෙමින් ඇති අතර එහිදීද මේ පිලිබදව අදහස් පලවෙමින් තිබෙනවා.
                          එහිදී ඉදිරිපත්වුනු එක් සටහනක්  පැහැදිලිව සනාත කර සිටියේ Steve Ballmer ගේ CEO තනතුර ආයතනය දෙසට අවාසි සහගත ලෙස දක්නට නොහැකි බවයි. ගෙවුනු කාලය තුල මයික්‍රසොෆ්ට් ආයතනයේ මෙන්ම සමාන්තර අනෙකුත් ආයතනයන් සැලකීමේදී මයික්‍රසොෆ්ට් ආයතනය සැලකිය යුතු මට්ටමක වන බවටයි එයින් පැහැදිලිව තිබුනේ. සමන්තර ආයතන හයක ආර්ථික වාර්තා සමග මයික්‍රසොෆ්ට් ආයතනය හොඳ තරගකාරී මට්ටමක වන බවටයි එයින් පැවසී තිබුනේ. පසුගිය වසර සැලකීමේදී මයික්‍රසොෆ්ට් ආයතනය ඇපල් ආයතනයට පමනක් දෙවනි වන ආදායම් තත්වයක් උපයා ඇති බවටයි Steve Ballmer එම හමුවේදී පවසා තිබුනේ.එතුමා වැඩි දුරටත් පවසා තිබුනේ තම ආයතනය මේ වන විට මොබයිල් වෙළඳ පොල වෙත පිවිසීමේ අභියෝගය සමග වන බවයි.
                                 සමස්තයක් ලෙසට පෙනෙන්නට ඇත්තේ Steve Ballmer විසින් ආයතනය වෙතට ගෙනවිත් ඇති නව යෝජනාවන් ඔස්සේ ආයතනයේ ඉදිරි ගමන යනු ඇති බවට කිසිදු තර්කයක් නොමැති බවත් ආයතනය හමුවේ ඇති අභියෝගය වන්නේ ඔහුගේ දැක්ම හොඳින් හදුනා ගෙන එය ඉදිරියට ගෙනයන්නට සමත් සුදුස්සෙකු තොරා ගැනීම බවයි.

iOS 7 වල දුර්වලතාවයක් හදුනා ගැනේ. පිලිසකර හැකි ඉක්මනින් ඇපල් පවසයි!!

  ඇපල් වෙතින් ඔවුනගේ නවතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන iOS 7 මේවන විට නිකුත්ව ඇති අතර නව මෙහෙයුම් පද්ධතියේ lock screen ඔස්සේ අනවසරව පිවිසීමට හැකියාවක් ලබාදෙන දුර්වලතාවයක් මේ වන විට හදුනා ගෙන ඇති බවත් හා ඒ සදහා පිලිසකර යාවත්කාලීනයක් ඉක්මනින් නිකුත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවත් පවසා සිටිනවා. එම දුර්වලතාවය ඔස්සේ දුරකථනය Lock ස්ක්‍රීනය සමග තිබුනද එහි Control Center  වෙත පිවිසීමට හැකි වන බවටයි එම දුර්වලතාවය හදුනාගත් 36 වියැති තාක්ශන ලෝලියා ප්‍රකාශකර සිටින්නේ.ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ මෙම දුර්වලතාවය ඔස්සේ දුරකථනයේ clock feature හා photo appවෙත පිවිස කැමති ආකාරයක වෙනස්කම් ලබාදෙන්නට තමන්ට හැකිවූ බවයි.වඩාත්ම අනතුරුදායක තත්වය ලෙසට ඔහු පලකර සිටින්නේ ඉහත දැක්වෙන දුර්වලතා ඔස්සේ එහි හිමිකරුගේ email හෝ social networking ගිනුම් වෙත පිවිසීමට හැකියාව බවයි අවධාරනය වන්නේ.

මයික්‍රසොෆ්ට් සදහා common app platform එකක් සැකසෙනු ඇත..

  මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධති අතර එකම interface style එකක් ගෙන එන්නට වින්ඩෝස් 8 සමග කටයුතු කොට තිබුනා. එය ඔවුනගේ Windows, Windows Phone හා  Xbox මෙහෙයුම් පද්ධති සංස්කරන සමග දක්නට ලැබුනා.පලවන නවතම වාර්ථා පවසන්නේ එම ආයතන තමන්ගේ සියලු මෙහෙයුම් පද්ධති සදහා පොදු app ecosystem එකක අවශ්‍යතාවය දෙසට මේ වන විට වැඩියෙන් අවදානය යොමුකරමින් සිටින බවකි. ආයතනය ලගදීම මෙම common app platform එකක සදහා කටයුතු අරබන්නට සූදනම් වන බවයි හෙලිවී තිබෙන්නේ.ආයතනය තුල වෙන වෙනම ක්‍රියාත්මක වෙමින් තිබූ කොටස් එකම තලයකට ගෙනෙමින් එක් ආයතනයක් ලෙසට එක් පොදු ඉලක්කයක් සදහා තම තම කොටස්වල කටයුතු කිරීමේ නව වැඩ පිලිවල යටතේ මෙම කටයුත්ත වඩාත් පහසුවනු ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.පොදු එකම developer APIs සමග සියලු උපාංග වලට පොදු apps ගෙන එන්නට ගන්නා උත්සාහය භාවිතාකරන්නන් දෙසින් සැලකීමේදී ඉමහත් පහසුවක් වනු ඇති බවටයි විචාරනය වන්නේ.ආයතනය මෙහිදී පවසා ඇත්තේ වෙන වෙනම උපාංග ඔස්සේ ඒවාට ආවේනික වූ පහසු හැසිරීම් භාවිතාකරන්නාට ගෙනෙන ගමන්ම ඒවා අතර පහසුවෙන් පොදු පරිහරනයක් ගෙන ඒම තම අරමුනව ඇති බවයි.

cloud-based භාවිතාවට සාර්තක ප්‍රතිචාර - Office 365 Home Premium-

  පසුගිය ජනවාරියේ මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රකට Office හි  cloud-based ආකාරයේ භාවිතාවක් හදුන්වා දෙන්නට කටයුතු කරන ලද අතර වාර්ශිකව ඩොලර් 99කට එම සේවාව ලබාගන්නට භාවිතාකරන්නෙකුට හැකිවන ලෙසට නිකුත්ව තිබිනි. පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනයේ වාර්ෂික සමාලෝචනයකදී හෙලිවූ තොරතුරු පවසා සිටියේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය අතරවන කාලයතුලදී එම  Office 365 Home Premium සේවාව සදහා පැමිනි භාවිතාකරන්නන් සංක්‍යාව මිලියන එක ඉක්මවා තිබෙන බවයි. එම සංක්‍යා සැලකීමේදී එම මෘදුකාංගයේ alone software සංස්කරනයට වඩා වැඩි ජනංප්‍රියතාවයක් ඉක්මනින් එක් කරගන්නට හැකිවෙමින් ටිබෙන බවටයි විචාරකයින් පවසන්නේ.
            පසුගිය කලයේදී ආයතන බොහොමයක සේම මයික්‍රසොෆ්ට් ආයතනයද තම සේවාවන් සදහ  cloud-based සංස්කරන හදූන්වාදීමට වැඩි උනන්දුවක් දක්වන්නට කටයුතු කරන ලද අතර හෙලි වෙමින් පවතින සංක්‍යාලේඛන පවසන්නේ එම ප්‍රවනතාවයන් හොඳින් වර්ධනය වෙමින් ඇති බවකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...