2013-01-03

ජී මේල සේවාව වින්ඩෝස් උපකරන සමග විරසකයකට.......


ගූගල් ආයතනය පසුගියදා ස්තීරවම පවසා සිටියේ මෙම ජනවාරි අවසානයේ සිට තම ජීමේල සේවාව වින්ඩෝස් ෆෝන් හා ස්මාර්ට් ෆෝන් මෙන්ම වින්ඩෝස්8  උපකරන හා සම්බන්ද කර ගැනිමට අදාල වන ප්‍රොටකෝලයන් සදහා සහය දැක්වීම  අවසන් කරන්නට තීර්නය කර ඇති බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය මේ පිලිබදව තම විමතිය ප්‍රකාශකල බවටයි සටහන් වූවේ.
                        වඩාත් හොද ඊමේල සේවාවක් සදහා තම අවුට් ලුක් සේවාව සමග එකතුවන ලෙසටයි මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ.හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් උපකරන සමග සහයෙන් කටයුතු කරනු ලබන  IMAP  ප්‍රොටකෝලය පමනක් නොව තවත් සහය දක්වන ප්‍රොකෝලයන් දෙකක් වන CalDAV   හෝ  CardDAV  ඔස්සේ තම සබදතාවය නව උපකරන සදහා තවමත් ලබාගත හැකි බැවින් ඒ පිලිබදව කල්පනාකාරී වන ලෙසයි.තවමත් ගූගල් ආයතනය මෙම පසුව කී ප්‍රොටකෝලයන් පිලිබදව කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවටයි පැවසෙන්නේ.

ඇමරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව වින්ඩෝස්8 ප්‍රමුක මෘදුකාංග භාවිතයට පිවිසෙයි....



පලවන වාර්ථා පවසන්නේ ඇමරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව පසුගියදා තම පරිගණක කටයුතු වලදී වින්ඩෝස්8 භාවිතාකිරීම සදහා තීර්නය කර ඇති බවයි.පසුගිය සිකුරාදා නිකුත්කල නිවේදනයකට අනූව ඔවුන් පවස අ සිටින්නේ තම ආයතනය දැනට පවතින හා ඉදිරියට පැමි නෙන්නට නියමිත මයික්‍රසොෆ්ට් ආයතනයේ නිෂ්පාදනයන් භාවිතාවට අදාල ඩෝලර් මිලියන 617ක වටිනාකමක් ඇති ගිවිසුම් වලට එලබි වගයි.
                 ඉදිරි වසර තුනක් සදහා වලංගුවන මෙම ගිවිසුම අනූව එරට ප්‍රධාන ආරක්ශක අංශයන්හි ඔෆ්ෆීස් 2013 , ශෙයාර් පොඉන්ට් 2013  ඇතුලු වින්ඩෝස් 8 ප්‍රධාන මෘදුකාංග භාවිතය සදහා පිවිසෙන බවත් වැඩි ආරක්ශාව හා  නවීනතම පහසුකම් මෙම මෘදුකාංග සමග පැමින තිබීම එයට හේතුව වන බවත්ය.

2013-01-02

දෑසේ චලනයෙන් පරිගණකය මෙහෙයවන යුගය ලග ලගම එමින් ඇත...



මයික්‍රසොෆ්ට් ආයතනය Kinetic තාක්ශනය සමග ඉදිරියෙන් ඇති පරිගණකය මෙහෙයවීමේ හැකියාව සිරුරේ චලනයන් හට භාරකරන්නට තීර්නය කරන ලදී. හදාරන්නන් පැවසුවේ සාම්ප්‍රදායිකව තැන්පත්ව පරිගණකය ඉදිරිපිට අසුන්ගෙන පරිගණකය මෙහෙයවන කාලය අවසන් වන්නට පටන්ගෙන ඇති බවකි.අද නිකුත්වන පුවතකින් පැවසෙන්නේ ඔබගේ සිරුරේ වඩාත් පහසුවෙන් චලනය කල හැකි දෑසේ හැසිරීම ඔස්සේ ඉදිරියෙන් ඇති පරිගණකය ක්‍රියාත්මක කිරීමේ කාලය වේගයෙන් උදා වෙමින් ඇති බවය. ඔවුන් පවසන්නේ Tobii REX    තාක්ශනය ඔස්සේ පරිගණකයේ  මොනිටරයේ සවිකරනු ලබන උපකරනයක් ඔස්සේ හදුනා ගන්නා ඇසේ චලනයන් වින්ඩෝස් 8 පරිගණකයක් මෙහෙයවීමට අදාල උපාංග සීමිත ප්‍රමානයක් අවසන් අත්හදා බැලීම් තත්වය යටතේ වෙළද පොලට නිකුත් කරන්නට තමන් සූදානම් වන බවයි.තවමත්  යතුරු පුවරුව හෝ මවුසය සම්පූර්නයෙන් නියෝජනය කරන්නට තරම මෙම නව උපකරනය සමත් නැති මුත් ස්ටාර්ට් ස්ක්‍රීනය , සමහර පරිගණක ක්‍රීඩා වලදී සාර්ථක මට්ටමේ පරිගණකය මෙහෙය වීමකට මෙම උපකරනය දැනට සමත්ව ඇති බවයි.දැනට ඩොලර් 995 කට මිල කොට ඇති මෙම උපකරනයන් වසර මැද භාගය වන විට සාමන්‍ය වෙළදපොලට එනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

Team Viewer මෘදුකාංගය


පරිගණකය ප්‍රමුක අන්තර්ජාලය මිනිස් වර්ගය වෙත කැදවාගෙන එනු ලැබූ අපූරුතම විසඳුම වූවේ මිනිස් සබදතාවලට එරෙහිව තිබූ දුරස්ථ බව නම් ගැටලුවටයි. තවදුරටත් භූගෝලීය දුරස්ථ බව මිනිස් සබදතාවලට තීරනාත්මක සාධකයක් විය නොහැකි බවයි පිලිගැනීම වන්නේ. මෙම අපූරු විසදුම වර්නවත්කරන්නට පැමින ඇති මෘදුකාංගයක් ලෙසට ටීම් වීවර් හදුන්වා දෙන්නට පුලුවන්.
             සමාන්තරව මෙම සේවාවන් සලසන බොහෝ තරගකාරී මෘදුකාංග අතර ටීම් වීවර් 8 මෘදුකාංගයට ඉදිරියෙන් සිටින්නට එහි ඇති පහසු බාගතකර ගැනීමේ හැකියාව , සරල සැකසුම් හැකියාව , ඉක්මන්  සහය සේවාව ඉහලින්ම සදහන් කරන්නට පුලුවන්.පෞද්ගලික භාවිතාව සදහා නොමිළේ ලබා ගත හැකි සංස්කරනයකින් සමන්විත මෙම මෘදුකාංගය ඔස්සේ තවත් පරිගණක අන්තර් අනතර්ජාලය ඔස්සේ සම්බන්ද කර ගැනීමේ හැකියාව , වෙනත් පරිගණකයක් මෙහෙයවීමේ හැකියාව මෙන්ම එකවර පරිගණක කිහිපයක් සම්බන්ද කර ගැනීමේ හැකියව දක්වා තිබෙනවා. වින්8 සදහාද  ඇප් එකක් පෙර සංස්කරනයක් ලෙසට මේ වන විට වන විට වින්ඩෝස් 8 ඇප්ස් ස්ටෝර්වෙන් ලබා ගතහැකි බවටයි   ඔවුන් වැඩි දුරටත් සටහන් කරන්නේ.

http://www.teamviewer.com/en/index.aspx

වෙබ් බ්‍රවුසර තරගයේ අලුත්ම ප්‍රථිපල මෙන්න.....



පලවන නවතම වාර්ථා පවසන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වෙබ් බ්‍රවුසරය තවමත්  භාවිතාකරන්නන් අතර ඉතා අඩු ප්‍රථිශතයකින් භාවිතාවෙමින් පවතින බවයි. මෙම බ්‍රවුසරය පසුගිය ඔක්තෝබරයේ වින්ඩෝස්8  සමග භාවිතය සදහා මුදා හරින ලද අතර පසුව නොවැම්බර මැද භාගයේදී පෙර සංස්කරනයක් වින්ඩෝස්7 භාවිතාකරන්නන් සදහා මුදාහරිනු ලැබුවා.
                                       දත්ත ‍රැස් කරන ආයතනයක් වෙබ් අඩවි 40000 අසුරෙන් කරන ලද ගනනයකට අනූව පැවසෙන්නේ තවමත් මෙම බ්‍රවුසරය 0.89% තරම අඩු භාවිතාවක පවතින බවයි. මෙම සංක්‍යාව මීට පෙර මාසය වූ නොවැම්බරය හා සසදා බලනවිට ඉතා අල්ප වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බවටයි සටහන් වන්නේ.නොවැම්බරයේ  වාර්ථාවූ සංක්‍යාව වූවේ 0.51% පමන විය.වින්ඩෝස්7 භාවිතාකරමින් සිටින බහුතරයක මතයවී තිබුනේ එක්ස්ප්ලොරා10 හි අවසාන සංස්කරනයක් පැමිනෙන තුරු තමන් බලාපොරොත්තුවෙන් සිටින බවයි. දෙසැම්බර් මාසය වන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 හි භාවිතාව 23.44% ලෙසට ඉහලම ස්ථනය හිමිකරගෙන සිටි බවටයි එම වාර්ථා වැඩි දුරටත් පවසා සිටින්නේ.මීට අමතරව දෙසැම්බරයේදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 20.93% ක්ද  ක්‍රෝම් 23 බ්‍රවුසරය 15.75% ක්ද මොසිල්ල ෆයර්ෆොක්ස් 17 සංස්කරනය 10.31 ක භාවිතාවක්ද වාර්ථාකරමින් සිටි බවටයි සටහන් වන්නේ.
                                     කෙසේ මුත් වෙනත් ගනනය කරන ආයතනයක වාර්ථා පවසන්නේ සම්පූර්නයෙන් වෙනස් දත්තයන් වන අතර ඔවුන් පවසන්නේ ක්‍රෝම් 23 33.03% ක භාවිතාවක්ද  එක්ස්ප්ලොරා 9 බ්‍රවුසරය 17.05% ක්ද  ෆයර් ෆොක්ස් 17 බ්‍රවුසරය 12.08% ක් හිමිකර ගනිමින් තෙවන ස්ථානයේද පවතින බවයි. මෙම ආයතනදෙකෙහි ගනනයන් සදහා යොදාගන්නා ක්‍රමවේදයන් අතර ඇති වෙනස ඔස්සේ මෙසේ දෙයාකාරයක දත්ත පලවෙමින් පවතින අතර පලමු ආයතන වෙබ් අඩවි සදහා පිවිසෙන්නන් ගනනය කරන අතර දෙවන ආයතනය භාවිතාකරන්නන් වෙබ් පි‍ටු භාවිතාව සිදුවන ආකාරය අනූව තම ගනනයන් සිදුකරන බවයි වැඩි දුරටත් සටහන් වන්නේ.

හුදු භෞතික උපකරන කුලකයේ සිට බුද්ධිමය හැසිරීම් දක්වන්නන්ගේ කුලකය දක්වා



2013 දත්ත අවකාශය මත්තට ‍රැගෙන එනු ඇත්තේ මොන ආකාරයෙ පැහැයැක්ද හැඩයක්ද යන්න පිලිබදව අපමනක්වූ මතවාද පලවෙමින් තිබේ. 2012 තීරනාත්මකව ‍රැගෙන ආ තක්ශනික ප්‍රවනතා අර්ථ දක්වන්නටත උනන්දුවෙමින් සිටී. පරිගණකය ක්ලවුඩ් සමග සම්බන්දවීම මෙන්ම කාරයක් තුල මිනිස් රියදුරෙකු තව දුරටත් අනවාර්ය සාධකයක් නොවීම මෙන්ම  සෞක්‍ය විෂය තුල සම්පූනයෙන්ම සජීවීව රෝගියෙකුගේ දත්ත වාර්ථා කිරීමේ හැකියාව ආදීවූ අත්පත් කරගැනීම් ප්‍රධන කොට සලකමින් සිටී.
                                          2013 පිලිබදව සටහන්වන අපූරු බලාපොරොත්තු අතර ඇස මත පැලද ගන්නා සියුම් කාචයක් මතට පරිගණක හැකියාවන් ඌනනයවීම වැනි උදාහරනයක් ප්‍රධාන කොට ගනිමින් දත්ත උපකරනයන් දෛනික ජීවිතයේ සරල උපකරන අතර සැගවෙමින්  තවදුරටත් එය හුදු වෙනම උපකරනයක් ලෙසට නොවනු ඇත යන්න වඩාත් වර්ධනය වීම පිලිබදව අනාවැකි සේම උපකරනයෙන් උපකරනයට දත්ත ගලායාමේ හැකියාව වඩාත් සියුම් වෙමින් තවදුරටත් උපකරන හුදකලා අනන්‍යතා නොවන බව ගැන මෙන්ම ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් වනි උපකරනයක් තුලට ඊ.සී.ජී වැනි වෛද්‍ය අති වටිනා කමක් ඇති හැකියාවක් ගොනුවීම වැනි වැදගත් මට්ටමේ වෘතීය අවශ්‍යතා සරල ජංගම වීමේ ප්‍රවනතාවයන් ගැන අදහස් පලවෙමින් තිබෙනවා.
                                              හුදු භෞතික උපකරන කුලකයේ සිට බුද්ධිමය හැසිරීම් දක්වන්නන්ගේ කුලකය දක්වා වේගයෙන් ස්මාර්ට් වෙමින් පවතින පරිගණකය ගමන්කිරීම ඔවුන් වඩාත් ඉස්මතු කොට පෙන්වන්නට උත්සාහ කරමින් සිටිනවා.සරලව අවසර පදයකට අනූව ඔබව හදුනා ගන්න උපකරනයේ සිට ඔබෙගේ ජීව විද්‍යාත්මක සාධක මත ඔබව හදුනා ගන්නා උපකරනයක් වීම පමනක් නොව පරිසරයේ සාධක හෝ ඔබගේ කායික මානසික දත්ත මත ප්‍රථිචාර දක්වන බුද්ධිමය සගයෙකු බවට එය පත්වීම ගැන මහත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.

මීලග උබුන්‍ටු සංස්කරනය ස්පර්ශක තිර මිත්‍ර වින්8 වගේ එකක් වනු ඇත.....


උබුන්‍ටු නම් නිදහස් මෘදුකාංග මෙහෙයුම් පද්ධති වල මීලග සංස්කරනය ස්පර්ශක තිර ම්ත්‍ර බහුදත්ත උපාංග අතර පහසුවෙන් දත්ත ගොනු හුවමාරුකරගත හැකි මට්ටමේ එකක් වනු ඇති බවටයි තොරතුරු පැවසෙන්නේ. ජංගම දුරකථනයේ සිට "සුපර්" මට්ටමේ පරිගණකය දක්වා එකම මෙහෙයුම් පද්ධතියක් යටතේ ක්ලවුඩ් තාක්ශනය ඔස්සේ එකිනෙකයාවන වින්ඩෝස්8 ආකෘතිය මීලග උබුන්‍ටු සංස්කරනය සමග නුදුරු අනාගතයේදීම එලි දකිනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

2013-01-01

අපූරු DJ අත්දැකීමකට මෘදුකාංගයක්


මෙම මෘදුකාංගයත් සමග DJ අත්දැකිමක් ඔබටත් ලබා ගත හැකිවනු ඇති බවයි එහි නිර්මානකරුවන් පවසන්නේ. නොමිලේ භාවිතා කල හැකි මෙම මෘදුකාංගය වෘතීය මට්ටමේ DJ ක්‍රියාකාරකම් රාශියක් ඔබ වෙත ගෙනෙන්නට සමත් වන අතර සමහර ක්‍රියාකාරකම් සදහා පමනක් මිලදී ගන්නා සංස්කරනය වෙතට යාමට සිදුවෙනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම මෘදුකාංගය මෙන්ම සමහර අනෙකුත් මෘදුකාංග ස්ථාපනයේදී කස්ටම් ආකාරයේ ස්ථාපන අවස්තාව ඔබ තොරාගත යුතුවන අතර ප්‍රධාන මෘදුකාංගය සමග ස්ථාපනය වීමට අවසර ඉල්ලාසිටින ටූල් බාරයන් සදහා අවසර නොදී සිටීමට කල්පනා කාරී විය යුතු බව මතක්කරනු කැමැත්තෙමි.

http://siriwansa.com/SOFTWARE.php

Linux Mint 14 නිදහස් මෘදුකාංගමය මෙහෙයුම් පද්ධතිය


මයික්‍රසොෆ්ට් හෝ ඇපල් ආයතනවල මෙහෙයුම් පද්ධති යනු පරිගණක මෙහෙයුම් පද්ධති සදහා වන එකම තේරුම් අවස්තාවල් නොවේ. නිදහස් මෘදුකාංග මෙහෙයුම් පද්ධතියනු ඒ සදහා වන හොදම විකල්පයකි.නොමිළේ ලබාගෙන භාවිතාකල හැකි මෙම මෙහෙයුම් පද්ධති අලුත්ම සංස්කරන ලොව ජනංප්‍රිය මෙහෙයුම් පද්ධති සමග බෙහෙවින් සමානව ක්‍රියාත්මක වන බවටයි විචාරක අදහස වන්නේ.එම මෙහෙයුම් පද්ධති අතර උබුන්‍ටු 12, ලිනක්ස් මින්ට් 14 ජනංප්‍රියව පවතිනවා.ගෙවිගිය වසරේ නොවැම්බර මස භාවිතයට මුදා හැරුනු ලිනක්ස් මින්ට් 14 සංස්කරනය සුපුරුදු ලෙස නාඩියා නම් කාන්තා නාමයකින් හැදින්වෙනවා.......
www.siriwansa.com

අනවශ්‍ය මෘදුකාංග සම්පූර්නයෙන් ඉවත්කර ගැනීමට සහයවන මෘදුකාංගයක්......

 
බොහෝ විට ඔබ පරිගණකයේ ස්ථාපනය කර ගන්නා මෘදුකාංග ඔබට අවශ්‍ය විටකදී ඔබ සිතන තරම් පහසුවෙන් අස්ථාපනය කර ගත නොහැකි වීම නොදන්නා කාරනයක් විය හැක.ආරක්ශක මෘදුකාංග ස්පයි වෙයාර් ඉවත්කරන්නට යොදා ගන්නා මෘදුකාංග මෙන්ම දත්ත ගොනු බෙදා හදා ගැනීම සදහා යොදාගන්නා මෘදුකාංග ආදිය අස්ථාපනය කරන විට යම් යම් ගොනු මෙන්ම රෙජිස්ට්‍රි  සැකසුම් තබා යන අතර පසුව ඒවා කරදරකාරී වන අවස්ථාද අත්දැක තිබෙන්නට පුලුවන. පහත දැක්වෙන නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංගය ඔස්සේ ඔබට පහසුවෙන් පෙරකී මෘදුකාංග සම්පූර්නයෙන් පාහේ ඉවත් කර ගන්නට  උදවු වන බවටයි පවසා සිටින්නේ.

http://www.siriwansa.com/SOFTWARE.php

ෆේස්බුක් හි "මිඩ්නයිට් ඩිලිවර්ය්" සුබපැතීමේ මෘදු උපාංගයේ ගැටලුව විසදමින් පවතින බවට.....


මයික්‍රසොෆ්ට් ආයතනය නව වසර උදාවත් සමග භාවිතාකරන්නන්හට තම මිතුරන් වෙත මධ්‍යම රාත්‍රියේ පෙර සැලසුම් කොට සුබ පැතුම් යවන්නට හැකියාව ලබා දෙමින් මෙම වසරේ හදුන්වාදුන් "මිඩ් නයිට් ඩිලිවරි"  මෘදු උපාංගය  මත හදුනා ගත් දුර්වලතාවයක් නිවැරදි කරමින් පවතින බවටයි නිවේදනය වන්නේ.පසුගියදා ෆේස්බුක් හි ප්‍රධානී ගේ සහොදරියක විසින්  තම ෆේස්බුක් ගිනුම මතට සීමීතව දැකීමේ හැකියාවට යටත්ව නංවන ලද පවුලේ හමුවකදී ගන්නා ලද ඡායාරූපයක් බාහිර ෆේස්බුක් භාවිතාකරන්නෙකු විසින් ‍ටුවිටර් ඔස්සේ  ප්‍රසිද්ධ කිරීමත් සමග ඇතිවූ ගැටලුව විසින් කියාපාන ලද්දේ ෆේස්බුක්හි සමහර ආරක්ශක සැකසුම් වල සංකීර්න භාවය බවටයි විචාරකයින් පවසා සිටින්නේ.
https://www.facebookstories.com/midnightdelivery

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...