පලවන නවතම වාර්ථා පවසන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වෙබ් බ්රවුසරය තවමත් භාවිතාකරන්නන් අතර ඉතා අඩු ප්රථිශතයකින් භාවිතාවෙමින් පවතින බවයි. මෙම බ්රවුසරය පසුගිය ඔක්තෝබරයේ වින්ඩෝස්8 සමග භාවිතය සදහා මුදා හරින ලද අතර පසුව නොවැම්බර මැද භාගයේදී පෙර සංස්කරනයක් වින්ඩෝස්7 භාවිතාකරන්නන් සදහා මුදාහරිනු ලැබුවා.
දත්ත රැස් කරන ආයතනයක් වෙබ් අඩවි 40000 අසුරෙන් කරන ලද ගනනයකට අනූව පැවසෙන්නේ තවමත් මෙම බ්රවුසරය 0.89% තරම අඩු භාවිතාවක පවතින බවයි. මෙම සංක්යාව මීට පෙර මාසය වූ නොවැම්බරය හා සසදා බලනවිට ඉතා අල්ප වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බවටයි සටහන් වන්නේ.නොවැම්බරයේ වාර්ථාවූ සංක්යාව වූවේ 0.51% පමන විය.වින්ඩෝස්7 භාවිතාකරමින් සිටින බහුතරයක මතයවී තිබුනේ එක්ස්ප්ලොරා10 හි අවසාන සංස්කරනයක් පැමිනෙන තුරු තමන් බලාපොරොත්තුවෙන් සිටින බවයි. දෙසැම්බර් මාසය වන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 හි භාවිතාව 23.44% ලෙසට ඉහලම ස්ථනය හිමිකරගෙන සිටි බවටයි එම වාර්ථා වැඩි දුරටත් පවසා සිටින්නේ.මීට අමතරව දෙසැම්බරයේදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 20.93% ක්ද ක්රෝම් 23 බ්රවුසරය 15.75% ක්ද මොසිල්ල ෆයර්ෆොක්ස් 17 සංස්කරනය 10.31 ක භාවිතාවක්ද වාර්ථාකරමින් සිටි බවටයි සටහන් වන්නේ.
කෙසේ මුත් වෙනත් ගනනය කරන ආයතනයක වාර්ථා පවසන්නේ සම්පූර්නයෙන් වෙනස් දත්තයන් වන අතර ඔවුන් පවසන්නේ ක්රෝම් 23 33.03% ක භාවිතාවක්ද එක්ස්ප්ලොරා 9 බ්රවුසරය 17.05% ක්ද ෆයර් ෆොක්ස් 17 බ්රවුසරය 12.08% ක් හිමිකර ගනිමින් තෙවන ස්ථානයේද පවතින බවයි. මෙම ආයතනදෙකෙහි ගනනයන් සදහා යොදාගන්නා ක්රමවේදයන් අතර ඇති වෙනස ඔස්සේ මෙසේ දෙයාකාරයක දත්ත පලවෙමින් පවතින අතර පලමු ආයතන වෙබ් අඩවි සදහා පිවිසෙන්නන් ගනනය කරන අතර දෙවන ආයතනය භාවිතාකරන්නන් වෙබ් පිටු භාවිතාව සිදුවන ආකාරය අනූව තම ගනනයන් සිදුකරන බවයි වැඩි දුරටත් සටහන් වන්නේ.