2013 දත්ත අවකාශය මත්තට රැගෙන එනු ඇත්තේ මොන ආකාරයෙ පැහැයැක්ද හැඩයක්ද යන්න පිලිබදව අපමනක්වූ මතවාද පලවෙමින් තිබේ. 2012 තීරනාත්මකව රැගෙන ආ තක්ශනික ප්රවනතා අර්ථ දක්වන්නටත උනන්දුවෙමින් සිටී. පරිගණකය ක්ලවුඩ් සමග සම්බන්දවීම මෙන්ම කාරයක් තුල මිනිස් රියදුරෙකු තව දුරටත් අනවාර්ය සාධකයක් නොවීම මෙන්ම සෞක්‍ය විෂය තුල සම්පූනයෙන්ම සජීවීව රෝගියෙකුගේ දත්ත වාර්ථා කිරීමේ හැකියාව ආදීවූ අත්පත් කරගැනීම් ප්‍රධන කොට සලකමින් සිටී.
2013 පිලිබදව සටහන්වන අපූරු බලාපොරොත්තු අතර ඇස මත පැලද ගන්නා සියුම් කාචයක් මතට පරිගණක හැකියාවන් ඌනනයවීම වැනි උදාහරනයක් ප්‍රධාන කොට ගනිමින් දත්ත උපකරනයන් දෛනික ජීවිතයේ සරල උපකරන අතර සැගවෙමින් තවදුරටත් එය හුදු වෙනම උපකරනයක් ලෙසට නොවනු ඇත යන්න වඩාත් වර්ධනය වීම පිලිබදව අනාවැකි සේම උපකරනයෙන් උපකරනයට දත්ත ගලායාමේ හැකියාව වඩාත් සියුම් වෙමින් තවදුරටත් උපකරන හුදකලා අනන්‍යතා නොවන බව ගැන මෙන්ම ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් වනි උපකරනයක් තුලට ඊ.සී.ජී වැනි වෛද්‍ය අති වටිනා කමක් ඇති හැකියාවක් ගොනුවීම වැනි වැදගත් මට්ටමේ වෘතීය අවශ්‍යතා සරල ජංගම වීමේ ප්රවනතාවයන් ගැන අදහස් පලවෙමින් තිබෙනවා.
හුදු භෞතික උපකරන කුලකයේ සිට බුද්ධිමය හැසිරීම් දක්වන්නන්ගේ කුලකය දක්වා වේගයෙන් ස්මාර්ට් වෙමින් පවතින පරිගණකය ගමන්කිරීම ඔවුන් වඩාත් ඉස්මතු කොට පෙන්වන්නට උත්සාහ කරමින් සිටිනවා.සරලව අවසර පදයකට අනූව ඔබව හදුනා ගන්න උපකරනයේ සිට ඔබෙගේ ජීව විද්‍යාත්මක සාධක මත ඔබව හදුනා ගන්නා උපකරනයක් වීම පමනක් නොව පරිසරයේ සාධක හෝ ඔබගේ කායික මානසික දත්ත මත ප්‍රථිචාර දක්වන බුද්ධිමය සගයෙකු බවට එය පත්වීම ගැන මහත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.