පරිගණකය ප්‍රමුක අන්තර්ජාලය මිනිස් වර්ගය වෙත කැදවාගෙන එනු ලැබූ අපූරුතම විසඳුම වූවේ මිනිස් සබදතාවලට එරෙහිව තිබූ දුරස්ථ බව නම් ගැටලුවටයි. තවදුරටත් භූගෝලීය දුරස්ථ බව මිනිස් සබදතාවලට තීරනාත්මක සාධකයක් විය නොහැකි බවයි පිලිගැනීම වන්නේ. මෙම අපූරු විසදුම වර්නවත්කරන්නට පැමින ඇති මෘදුකාංගයක් ලෙසට ටීම් වීවර් හදුන්වා දෙන්නට පුලුවන්.
සමාන්තරව මෙම සේවාවන් සලසන බොහෝ තරගකාරී මෘදුකාංග අතර ටීම් වීවර් 8 මෘදුකාංගයට ඉදිරියෙන් සිටින්නට එහි ඇති පහසු බාගතකර ගැනීමේ හැකියාව , සරල සැකසුම් හැකියාව , ඉක්මන් සහය සේවාව ඉහලින්ම සදහන් කරන්නට පුලුවන්.පෞද්ගලික භාවිතාව සදහා නොමිළේ ලබා ගත හැකි සංස්කරනයකින් සමන්විත මෙම මෘදුකාංගය ඔස්සේ තවත් පරිගණක අන්තර් අනතර්ජාලය ඔස්සේ සම්බන්ද කර ගැනීමේ හැකියාව , වෙනත් පරිගණකයක් මෙහෙයවීමේ හැකියාව මෙන්ම එකවර පරිගණක කිහිපයක් සම්බන්ද කර ගැනීමේ හැකියව දක්වා තිබෙනවා. වින්8 සදහාද ඇප් එකක් පෙර සංස්කරනයක් ලෙසට මේ වන විට වන විට වින්ඩෝස් 8 ඇප්ස් ස්ටෝර්වෙන් ලබා ගතහැකි බවටයි ඔවුන් වැඩි දුරටත් සටහන් කරන්නේ.
http://www.teamviewer.com/en/index.aspx