2013-01-02

දෑසේ චලනයෙන් පරිගණකය මෙහෙයවන යුගය ලග ලගම එමින් ඇත...



මයික්‍රසොෆ්ට් ආයතනය Kinetic තාක්ශනය සමග ඉදිරියෙන් ඇති පරිගණකය මෙහෙයවීමේ හැකියාව සිරුරේ චලනයන් හට භාරකරන්නට තීර්නය කරන ලදී. හදාරන්නන් පැවසුවේ සාම්ප්‍රදායිකව තැන්පත්ව පරිගණකය ඉදිරිපිට අසුන්ගෙන පරිගණකය මෙහෙයවන කාලය අවසන් වන්නට පටන්ගෙන ඇති බවකි.අද නිකුත්වන පුවතකින් පැවසෙන්නේ ඔබගේ සිරුරේ වඩාත් පහසුවෙන් චලනය කල හැකි දෑසේ හැසිරීම ඔස්සේ ඉදිරියෙන් ඇති පරිගණකය ක්‍රියාත්මක කිරීමේ කාලය වේගයෙන් උදා වෙමින් ඇති බවය. ඔවුන් පවසන්නේ Tobii REX    තාක්ශනය ඔස්සේ පරිගණකයේ  මොනිටරයේ සවිකරනු ලබන උපකරනයක් ඔස්සේ හදුනා ගන්නා ඇසේ චලනයන් වින්ඩෝස් 8 පරිගණකයක් මෙහෙයවීමට අදාල උපාංග සීමිත ප්‍රමානයක් අවසන් අත්හදා බැලීම් තත්වය යටතේ වෙළද පොලට නිකුත් කරන්නට තමන් සූදානම් වන බවයි.තවමත්  යතුරු පුවරුව හෝ මවුසය සම්පූර්නයෙන් නියෝජනය කරන්නට තරම මෙම නව උපකරනය සමත් නැති මුත් ස්ටාර්ට් ස්ක්‍රීනය , සමහර පරිගණක ක්‍රීඩා වලදී සාර්ථක මට්ටමේ පරිගණකය මෙහෙය වීමකට මෙම උපකරනය දැනට සමත්ව ඇති බවයි.දැනට ඩොලර් 995 කට මිල කොට ඇති මෙම උපකරනයන් වසර මැද භාගය වන විට සාමන්‍ය වෙළදපොලට එනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...