Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-04-26
සමහරු පිරිතේ මහා බලයක් ගැන කතා කරති, සුලගේ සැගව ඇති බුදුවදන්..........
සමහරු පිරිතේ මහා බලයක් ගැන කතා කරති, සුලගේ සැගව ඇති බුදුවදන් සොයන්නට මහත්සේ උත්සාහා කරයි. බුදුන් වහන්සේගේ බලයක් ගැන කතා කරති. ඒවා ගැන අනුන්ට වටහා දෙන්නට මහත්සේ වෙහෙසෙති , විටක විශාල ලෙස මුදල්ද පවා අයකරති.තමන් තුල සැගව ඇති තමන්ට පමනක් අවදිකර ගත හැකි අපමන දහම් ශක්තිය ගැන ඔවුහු අමතක කරති. වරක් ඉන්දියාවේ යෝගී ආශ්‍රමයකදී මට හමුවූ ඇමරිකානු තරුනයෙකු වර්තමාන දහම් වියතුන් උපහාසයට ලක් කරමින් මට කිවේ" වෙලාවට ඔයගොල්ලන්ගේ බුදු හාමුදුරුවන් මීට අවුරුදු දහස් ගනනකට ඉස්ස්සල්ලා ඉපදිලා තියෙන්නේ,මේ කාලේ එහෙම ඉපදුනානම් බුදු දහම ගැන බුදුහාමුදුරුවන්ටත් අපේ දේශපාලකයොයි විද්වතුනුයි සමහර ස්වාමීන් වහන්සේලායි කියලදෙයි" කියාය.
ඔවුහු ශාන්තිවාදී මනසක් ගැන බොහෝ දේ කියති..............
ඔවුහු ශාන්තිවාදී මනසක් ගැන බොහෝ දේ කියති. සිරුර මතුපිට බොහෝ සංකේතද එල්ලා ගෙන සිටිති. සමහර විටක පිරිසක් ඉදිරියේ මහා මිහිරි හඩකින් දහම ගායනාද කරයි. පිරිසක් සමග සිටින විටදී වුවද විහාරස්තානයේ ලොකු ස්වාමීන් වහන්සේගේ පලමු පිලිගැනීමේ සිනාව ලබන්නට තරම් දක්ෂද වේ. මේවා බොහෝ දේ අපූරුය වාසනාවන්තය (භාවිත දහමට අනූව) , අවසනාවන්තම කරුන නම් ඔවුන්ගේ දහම මෙතැනින් අවසන්වේ. ජීවිතය තුලට එබී බලන අයෙකුට හැගෙන්නේ ප්‍රාතමික සංස්කෘතික විනය වත් ඔවුන් තුල නැති බවයි.
2011-04-23
සමහර විට ඔබත් මේහි එන්නෙට කැමැත්තෙන් සිටිනවා විය හැකියි.........
සමහර විට ඔබත් මේහි එන්නෙට කැමැත්තෙන් සිටිනවා විය හැකියි. ඇත්තෙන්ම එය මිනිසෙකුට තම ජීවිතයතුලදී ලැබිය හැකි අපූරුතම අත්දැකීමකි, වාසනාවන්තම අත්දැකීමකියැයි මම විස්වාශකරමි.ආශ්‍රම කදු පන්තියෙන් භාගයක උස දවසින් වැඩි හරියක් පවතින්නේ මීදුම් වලාවන් දවටා ගෙනය. බොහෝ ආගම්වල පවසන දෙව් ලොව මෙවැනි විය හැකියයි මම අනුමාන කරන්නේ අරකී අපූරු සොබා දහම සමග ආදරනීය මිනිසුන් පිරිසක් මෙහි වෙසෙන බැවිනි. මිනිස් ශිස්ඨාචාරයේ පවතින නායකයා හා යටහත් වැසියාගේ සිට සියලුදෙනාම සමාන පුර වැසියන් යන දැක්‍රම වෙදයන්ම ඉක්මවා ගිය හොදින් වැඩූ දහම් සිත නිසා මෙහි එකිනෙකා පාලනය වන්නේ ස්වංඅවබොදයකිනි. ඉතාමත්ම කලා තුරකින් අයෙක් පමනක් මෙම වැඩූ දහම් සිතමත පිහිට ගත් සමාජ ක්‍රියා වලිය විද දරා ගත නොහැකිව මෙයින් පිටව යනු දැකිය හැකියී.සරලම උදාහරනය නම් ඔබේ යම් අපහසුතාවයක් ඉදිරියේ නායක ස්වාමීන් වහන්සේ තම දානය වැලදීම පසකලා ඔබේ ආහාරය පිලියල කර දෙන්නට ඉදිරිපත් වනු ඇත. එසේ වීම උන්වහන්සේ ඉක්මවා යන්නට සිත් දෙන ක්‍රියාවක් ලෙස මෙහි කිසිවෙකු හදුනා නොගනී. ඔබට අවැසිනම් අද මෙහි පැමින හෙට මෙහි නායකයා විය හැකිය.ඊලග දිනය වන විට ඔබ වටහා ගන්නේ මෙවන් ශාන්තිමත් මනසවල් ගොන්නක් ඉදිරියේ ඔබ මොන තරම් හිස් කුනු රොදක්ද කියාය. ඉලග දිනය වන විට ඔබ මෙතැනින් පලාගිය හොත් මම ඒ ගැන පුදුම නොවෙමි.
2011-04-17
භාවනව යනු ඔබේ මනස තුල ඇති ශාන්තිමත්ම ස්තරය කරා නැවත ඔබේ මනස ..........
"භාවනව යනු ඔබේ මනස තුල ඇති ශාන්තිමත්ම ස්තරය කරා නැවත ඔබේ මනස ගෙනයන්නට දරන ආදරනීය උත්සාහය පමනී. ඔබේ ව්‍යාකූල භාවය ඔබ සිතන්වාට වඩා මහත්සේ බරපතලය. ආපසු ගමන මෙතරම් නම් ගොඩකින් හදුන්වන තැන් රාශියක් පසුකරන්නට සිදුවන්නේ මේ නිස විය යුතුය. බිදෙන් බිද ඔබ ඒ ශාන්තිමත් බවකරා ලංවනවිට ඔබ තුලම කලබලනිසාම මග හැරී තිබූ අපූරු ශක්ති කාන්ඩ නිරාවරනය වන්නට පටන් ගනී. මෙය අප අදහන ආගම දහම පිලිබද ගැටලුවක් නොවේ. සියලු මිනිසුන්ට පොදු කාරනාවකි. සමහර විටක ඔබේ දහම සංස්කෘතිය තුල සංවිධානය වීමේදී මේ සොදුරුතම තත්වයන් මගහැරීතිබීම ඔබ අදහන දහමේ අඩුපාඩුවක් නොනු ඇත." ආශ්‍රමයට පිවිසෙන ආගන්තුක අමුත්තෙකුට මුලින්ම ලබා දෙන පත්‍රිකාවක තිබූ සටහනක කොටසකුයි ඒ.
2011-04-15
සමහර විට අපව මෙහෙයවන බැදීම්වල සියුම්කම දකින විට සිත විශ්මයෙන් නිරුත්තර වෙයි
බොහෝ කලකට පසුව යලිත් වස්දඩුරාවය ඇසෙන්නට පටන්ගති. දුක හෝ සතුට වැනි හැගීමක් උපදවන්නට ඒ අපූරු හඬ තැත් නොකරනවා වැනිය. ගනනින් ඉතාම අඩු ස්වර කිහිපයක් සමග ඔහු මවන ඒ ස්වර රටා මා තුල දිව්‍යමය හැගීමක් මවන්නට තවමත් පහව නොගිය පහත කදු බෑවුම වසා සිටින මීදුම් වලාවන් උදවු කරනවා විය යුතුය.මහත් ආසාවෙන් සිත තුල තැන්පත් නොවේ. එනමුත් හුරුකර ඇති දෙසවන නිසාවෙන්දෝ ඒ සියුම් හඬ ස්වර අතර සිතට පහන් මිහිරක් ඇති නොකරනවාත් නොවේ.දහමේ ගැබුර වැටහෙන්නේ නිතැතින්ය. සමහර විට අපව මෙහෙයවන බැදීම්වල සියුම්කම දකින විට සිත විශ්මයෙන් නිරුත්තර වෙයි.
2011-04-14
"වචන බොහෝ දැ සීමකරයි"
දහම විවිධ නාම ලකුනු යටතේ නෙක සංස්කෘතීන් තුල සංස්කරනයන් ලෙස අනන්‍යවන හැටි දකින විට පුදුම සිතේ. තම සංස්කෘතිය තුල නිර්මානයවන කතාන්දර නිර්මාන ඔස්සේ නැවත මිනිසුන දහම සොයන්නට සිදුවීම මොනතරම් අවාසනාවන්තදැයි මම සිතමි. මෙම ආශ්‍රමයට කොඩියක් නැතිනම් නාමයක් වැනි අනන්‍යතා හිමි කර ගන්නට උත්සාහ නොකරසිටීම ආයාසයකින් සිදුවූවක් නොවන බව ගබඩා භාරකරු මට පැහැදිලි කර දුන්නාය. මෙහි පවතින දහම සියලු සත්වයන්ට පොදු ආදරනීය දහමකි. මෙහි එන කිසිවෙකුගෙන් ඔබෙ ආගම ජාතිය කුමක්දැයි විමසීමක් ඇතුලු වීමේ කූපනය තුලදී නොවිමසයි.අනිත් අතින් මෙහි සිදුවන බොහෝ දැ වචනයෙන් විස්තර කරන්නට අතිශය අපහසුය. "වචන බොහෝ දැ සීමකරයි" අප සමග සිටින ටිබෙට් ජාතික මහතා විස්තර කලදේ නැවත නැවත නොකිය යුතුයැයි මම සිතමි.
2011-04-13
සමහර සැදැවල් ආශ්‍රම භූමියට ගෙන එන්නේ මහත්වූ ගුප්ත නිහඩ බවකි
සමහර සැදැවල් ආශ්‍රම භූමියට ගෙන එන්නේ මහත්වූ ගුප්ත නිහඩ බවකි.ආගන්තුකයෙකුට නම් දරා ගත නොහැකි තරම්ය.කොටින්ම කිසිදු ඉදුරෙකුට උත්තේජනයක් නොදැනෙන තරම්ය.ආගන්තුකයෙකු මෙම තත්වය ඉදිරියේ තම මතක ගබඩාවෙ අභ්‍යන්තරය වෙත මනසින් දිවයන්නේ සිහිමද වූවෙකු ලෙසය. ඉවෙන් මෙන් මෙම තත්වයන් වටහා ගන්නා ලොකු ස්වාමීන් වහන්සේ වහ වහා සැදැ පිරිත් දේශනයක් සූදානම් කරයි. දාන ශාලාව අසබඩ ඇති විසල් නා ගස යට දැවෙන් නිමවන ලද මදක් උසින් යුත් සරල අසුන් මත කවයක ආකාරයට බොහෝදෙනා අසුන් ගනී. පිරිත් දෙසුම ආරම්භවේ. ගම් වාසීන්ට පිරිත් හඬ ඇසෙත්ම වහ වහා ආශ්‍රමය වෙත පැමින පන්දම් ආදිය සකස් කරයි. නැතිනම් නිවෙස්වල සූදානක් කර ඇති පන්දම් ආදිය ගෙනෙවිත් දැල්වීම සදහා සූදානම් කරන්නේ කිසිවෙකුගේ මෙහෙයවීමක් නිසා නොවීම හරිම අපූරුය.ලමා ලපටීන් පවා පැමින සංවරයෙන් යුතුව තම දෙමා පියන්ට සහයවීම හෝ දේශනා කවයට ආසන්නයෙන් හිදගෙන පිරිත් හඩට සවන් දෙනයුරු දකින අප සිත් පුදුම වන සුලුය.
2011-04-04
"වචන ඔබ සිතනවාට වඩා බලහත්කාරයෙන් ඔබ තුලට කඩාවදී"
මා ජීවිතකාලයම පුරා බලාපොරොත්තුවෙන් සිටි අපූරු මිනිසෙක් ආශ්‍රමයට මීට දින දෙකකට පෙර සැපැමිනියාය. එතුමන් ටිබෙට් ජාතික සෙන් බුදුදහමට අනූව භාවනා යෝගීව කල්ගෙවනා මහත්මයෙකි. ජර්මේනියේ පැවති දහම් හමුවකට සහභාගීවී ආපසු යන අතරතුර එතුමා සේවය කල ඉන්දියානු විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන තිබූ නිවාඩු කාලය කාලය ඉතිරව ඇති බැවින් අප සමග කෙටි කාලයක් ගතකරන්නට තීර්නය කොට මෙහි පැමින තිබිනි.ඊයේ සැදැවේ දහවල අහර වෙලාවෙන් පසුව ආශ්‍රම කදුමුදුනත් අතරින් වැටී ඇති කුඩා අතුරු මාවත ඔස්සේ බටහිර බැවුමෙන් ගලා බසින විශාල ගංගාව සැදැවට තම හිරුකිරන සමග මවන අසිරිය නරබන්නට යන්නට ආරාධා කලෙමි.
අප බොහෝ දුරක් ඇවිද ගියෙමු. වෙනදා මා මෙවන් සක්මනකදී රස විදින අපමනක් වූ සොබා දහමේ අසිරිමත් දෑ අද නොදැක්කේ ඇයිදැයි මතකයට නැගුනේ ගමන අවසාන කොට බොහෝ වෙලාවකට පසුවය.මා පවසන්නට යන දෙය සමහර විටක ඔබට නොවැටහීම හෝ වරදවා වැටහීම නොවන්නට හැකි උපරිම උත්සාහ දරන බවටත් ඉන් පසුවත් ඔබට නෝවැහටීම සිදුවන්නේ නම් ඒ ගැන කනගාටුව පලකරමින් මම හැකි උපරිම උත්සාහයෙන් එය වචන වලට පෙරලන්නට උත්සාහ කරමි. වචනයේ ශබ්දය හෝ සංකේත ගොන්නට ඉහලින් පවතින අර්ත එකගත්වය එසේත් නැතිනම් වචනයක ව්‍යුහයේ උපරිතලය හා ඉන් ඔබ්බට පැතිරෙන සමාජීය හා පෞද්ගලික අර්තයන් එකිනෙක හමුවෙන අවකාශය අපූරුවට ඔහු මට පැහැදිලි කර දුන්නාය. විසිතුරු බුදු දහමත් නිරුවත් බුදු දහමත් අතර වෙනස පලමු වර මට හැගෙන්නට පටන් ගත්තාය.සෙන් දහමේ හිහඩ බව තුල සැගව ඇති ඇති අපමන අර්තයන් මාහට වැටහෙන්නට පටන් ගත්තාය.
අප බොහෝ දුරක් ඇවිද ගියෙමු. වෙනදා මා මෙවන් සක්මනකදී රස විදින අපමනක් වූ සොබා දහමේ අසිරිමත් දෑ අද නොදැක්කේ ඇයිදැයි මතකයට නැගුනේ ගමන අවසාන කොට බොහෝ වෙලාවකට පසුවය.මා පවසන්නට යන දෙය සමහර විටක ඔබට නොවැටහීම හෝ වරදවා වැටහීම නොවන්නට හැකි උපරිම උත්සාහ දරන බවටත් ඉන් පසුවත් ඔබට නෝවැහටීම සිදුවන්නේ නම් ඒ ගැන කනගාටුව පලකරමින් මම හැකි උපරිම උත්සාහයෙන් එය වචන වලට පෙරලන්නට උත්සාහ කරමි. වචනයේ ශබ්දය හෝ සංකේත ගොන්නට ඉහලින් පවතින අර්ත එකගත්වය එසේත් නැතිනම් වචනයක ව්‍යුහයේ උපරිතලය හා ඉන් ඔබ්බට පැතිරෙන සමාජීය හා පෞද්ගලික අර්තයන් එකිනෙක හමුවෙන අවකාශය අපූරුවට ඔහු මට පැහැදිලි කර දුන්නාය. විසිතුරු බුදු දහමත් නිරුවත් බුදු දහමත් අතර වෙනස පලමු වර මට හැගෙන්නට පටන් ගත්තාය.සෙන් දහමේ හිහඩ බව තුල සැගව ඇති ඇති අපමන අර්තයන් මාහට වැටහෙන්නට පටන් ගත්තාය.
සෑම උදැසනකම අලුත්වන සයිබර් තොරතුරු බ්ලොගය...............
තොරතුරු අවකාශයේ මොහොතින් මොහොත මැවෙනවිසිතුරු පුවත් රැගෙන සෑම උදැසනකම අලුත්වන සයිබර් තොරතුරු බ්ලොගය...............
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...








