2011-04-13

සමහර සැදැවල් ආශ්‍රම භූමියට ගෙන එන්නේ මහත්වූ ගුප්ත නිහඩ බවකි


සමහර සැදැවල් ආශ්‍රම භූමියට ගෙන එන්නේ මහත්වූ ගුප්ත නිහඩ බවකි.ආගන්තුකයෙකුට නම් දරා ගත නොහැකි තරම්ය.කොටින්ම කිසිදු ඉදුරෙකුට  උත්තේජනයක් නොදැනෙන තරම්ය.ආගන්තුකයෙකු මෙම තත්වය ඉදිරියේ තම මතක ගබඩාවෙ අභ්‍යන්තරය වෙත මනසින් දිවයන්නේ සිහිමද වූවෙකු ලෙසය. ඉවෙන් මෙන් මෙම තත්වයන් වටහා ගන්නා ලොකු ස්වාමීන් වහන්සේ වහ වහා සැදැ පිරිත් දේශනයක් සූදානම් කරයි. දාන ශාලාව අසබඩ ඇති විසල් නා ගස යට දැවෙන් නිමවන ලද මදක් උසින් යුත් සරල අසුන් මත කවයක ආකාරයට බොහෝදෙනා අසුන් ගනී. පිරිත් දෙසුම ආරම්භවේ. ගම් වාසීන්ට පිරිත් හඬ ඇසෙත්ම වහ වහා ආශ්‍රමය වෙත පැමින පන්දම් ආදිය සකස් කරයි. නැතිනම් නිවෙස්වල සූදානක් කර ඇති පන්දම් ආදිය ගෙනෙවිත් දැල්වීම සදහා සූදානම් කරන්නේ කිසිවෙකුගේ මෙහෙයවීමක් නිසා නොවීම  හරිම අපූරුය.ලමා ලපටීන් පවා පැමින සංවරයෙන් යුතුව තම දෙමා පියන්ට සහයවීම හෝ දේශනා කවයට ආසන්නයෙන් හිදගෙන පිරිත් හඩට සවන් දෙනයුරු දකින අප සිත් පුදුම වන සුලුය.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...