2011-04-15

සමහර විට අපව මෙහෙයවන බැදීම්වල සියුම්කම දකින විට සිත විශ්මයෙන් නිරුත්තර වෙයි

බොහෝ කලකට පසුව යලිත් වස්දඩුරාවය  ඇසෙන්නට පටන්ගති. දුක හෝ සතුට වැනි  හැගීමක් උපදවන්නට ඒ අපූරු හඬ තැත් නොකරනවා වැනිය. ගනනින් ඉතාම අඩු ස්වර කිහිපයක් සමග ඔහු මවන ඒ ස්වර රටා මා තුල දිව්‍යමය හැගීමක් මවන්නට තවමත් පහව නොගිය පහත කදු බෑවුම වසා සිටින මීදුම් වලාවන් උදවු කරනවා විය යුතුය.මහත් ආසාවෙන් සිත තුල තැන්පත් නොවේ. එනමුත් හුරුකර ඇති දෙසවන නිසාවෙන්දෝ ඒ සියුම් හඬ ස්වර අතර සිතට පහන් මිහිරක් ඇති නොකරනවාත් නොවේ.දහමේ ගැබුර වැටහෙන්නේ නිතැතින්ය. සමහර විට අපව මෙහෙයවන බැදීම්වල සියුම්කම දකින විට සිත විශ්මයෙන් නිරුත්තර වෙයි.  

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...